• IUCN රතු ලැයිස්තුවේ, තර්ජනයට ලක් වූ විශේෂ අතරේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සමනල විශේෂයක් ලෙස මොනාක් ලැයිස්තුගත කර ඇත. ඉන් අදහස් කෙරෙන්නේ සැලකිය යුතු මැදිහත් වීමකින් තොරව මෙම විශේෂය වඳ වී යාමට ඉඩ ඇති බවය.
  • කැලිෆෝනියාවේ සහ මෙක්සිකෝවේ ශීත ඍතුවේ ස්ථානීය ගණන් බැලීම්වලට අනුව, 1980 ගණන්වල සිට සංක්‍රමණික සමනලුන්ගේ සංඛ්‍යාව 95%කට වඩා අඩු වී ඇත.
  • පරම්පරා කිහිපයක් පුරා, කිලෝමීටර් 6,400 (සැතපුම් 4,000) වඩා සංක්‍රමණය කරන මෙම ආකර්ෂණීය සංක්‍රමණිකයන්ගේ පරිහානියට ප්‍රසිද්ධ වී ඇත්තේ වාසස්ථාන අහිමි වීම, වල් නාශක සහ පළිබෝධනාශක භාවිතය, මෙක්සිකෝවේ ශීත ඍතුවේ ස්ථානගත වීම, නාගරික සංවර්ධනය සහ නියඟයයි.
  • කිරි පැලෑටි වගා කිරීම, පළිබෝධනාශක අවම කිරීම සහ සමනලුන් සඳහා ශීත කාලයේ ස්ථාන ආරක්ෂා කිරීම මෙම විශේෂය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර බව විශේෂඥයෝ පවසති.

විශේෂවල සංරක්ෂණ තත්ත්වය පිළිබඳ ගෝලීය අධිකාරියක් වන ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) විසින් සංකේතාත්මක මොනාක් සමනලයා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ලෙසට ලැයිස්තුගත කර ඇත. ඉන් අදහස් වන්නේ සැලකිය යුතු මැදිහත් වීමකින් තොරව මෙම විශේෂය වඳ වී යාමට ඉඩ ඇති බවයි.

IUCN රතු ලැයිස්තුවේ තර්ජනයට ලක් වූ විශේෂවල සංක්‍රමණික සමනලුන් (Danaus plexippus plexippus) ලෙස මොවුන් නම් කිරීම පුදුමයක් නොවේ. 1980 ගණන්වල සිට මොවුන්ගේ සංඛ්‍යාව 95%කට වඩා පහත වැටී ඇත. විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාස, වාසස්ථාන අහිමි වීම සහ වල් නාශක සහ පළිබෝධනාශක භාවිතය මෙම පාඩුවේ නියමුවන් බවයි.

“ඔවුන්ගේ සංඛ්‍යාව මෙතරම් පහත වැටෙනු දැකීම කණගාටුවට කරුණකි. එබැවින් ඔවුන්ට උපකාර කළ හැකි ඕනෑම දෙයක් මා සතුටට පත් කරයි. මෙම තනතුර ඔවුන්ට උපකාරී වනු ඇතැයි මම සිතමි,” විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ, සමනල ගහනයන් පිළිබඳ දශක තුනකට වැඩි කාලයක් අධ්‍යයනය කර ඇති සංරක්ෂණ ජීව විද්‍යාඥ කරින් ඔබෙසර් නිව් යෝර්ක් ටයිම්ස් වෙත පැවසීය.

උතුරු ඇමරිකාවේ සංක්‍රමණික සමනලුන්ගේ ගහනයක් දෙකක් ඇත. දෙකම කිලෝමීටර් 6,400 (සැතපුම් 4,000) දක්වා විහිදෙන, සිත් ඇදගන්නා සුළු ගොඩබිම් චාරිකා සඳහා ප්‍රසිද්ධය. ඔවුන් නැගෙනහිර ශීත කාලය මෙක්සිකෝවේ ගත කරන අතර, බටහිර ශීත කාලය කැලිෆෝනියාවේ ගත කරති. වසන්තයේ දී, සියලුම ගහනයන් උතුරට, සමහරක් කැනඩාව දක්වා සංක්රමණය කරයි. මෙම සංක්‍රමණ චක්‍රය සැතපුම් දහස් ගණනක් ආවරණය වන අතර ඊට පරම්පරා තුනක් හෝ හතරක් ගත වේ. ඔවුන්ගේ ජනගහන ඇස්තමේන්තු ගනු ලබන්නේ ශීත ඍතුවේ දී ය.

මොනාක් සමනලුන් මෙක්සිකෝවේ ශීත කාලය ගත කරමින්. ඡායාරූපය: රෆෙල් සැල්ඩනා/මොන්ගාබේ 

සංක්‍රමණිකයන් ගෙන් ආසන්න වශයෙන් 90% ක් පමණ නැගෙනහිර ජනගහනයට අයත් වන අතර එය දශක ගණනාවක් තිස්සේ අඩුවෙමින් පවතී. ඔවුන් මෙක්සිකානු ශීත ඍතු භූමියේ වාසය කරන ප්‍රදේශය ජනගහන ප්‍රමාණය තක්සේරු කිරීම සඳහා ප්‍රොක්සියක් ලෙස භාවිතා කරයි. මෙම ප්‍රදේශයේ ඇස්තමේන්තු මත පදනම්ව බැලූ කල, 1996 දී නැගෙනහිර මිලියන 384 ක් පමණ සිට ඇති අතර 2019 දී එය මිලියන 60 දක්වා පහත වැටී තිබුනි.

කැලිෆෝනියාවේ ශීත කාලය පසුකල බටහිර ජනගහනය පසුගිය ශීත ඍතුවේ දී දර්ශනීය නැවත පැමිණීමක් සිදු කළේය. 2021 දී සමනලුන් 247,000 කට වඩා ගණන් කරන ලද අතර, 2020 දී සමනලුන් 2,000 ක කම්පන සහගත අඩුවීමක් ඇත. කෙසේ වෙතත්, ජනගහනය තවමත් ඓතිහාසික සංඛ්‍යාවෙන් නාටකාකාර ලෙස පහත වැටී ඇත; 1997 දී සමනලුන් මිලියන 1.2 කට වඩා වාර්තා විය.

ලන්ඩනයේ සත්වෝද්‍යාන සංගමයේ පර්යේෂකයෙකු සහ IUCN සමනල විශේෂඥ කමිටුවේ සාමාජිකයෙකු වන සොපි ලොඩ්ජර්, සහ සලබ විශේෂඥ කණ්ඩායම “විශිෂ්ට සංක්‍රමණික හැසිරීම් සහ දේශීය සංස්කෘතික වැදගත්කමක් ඇති ලොව වඩාත් ප්‍රසිද්ධ සමනල විශේෂයක් මෙලෙස දැකීම ඛේදජනකයි.” නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

වගුරු ආශ්‍රිත මිල්ක්විඩ් ශාකය මල් පැණි බොන කිරිපිටිවලින් පැණි බොන මොනාක් සමනලයෙක්. ඡායාරූපය: ස්ටෙෆනි මැක්නයිට්/ෆ්ලිකර්/ මොන්ගාබේ 

එක්සත් ජනපදයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ පනත යටතේ ලැයිස්තුගත කළ යුතු නිර්ණායක සපුරාලන නමුත් මොවුන් පිළිබඳව එක්සත් ජනපද මත්ස්‍ය හා වනජීවී සේවය (USFWS) 2020 දෙසැම්බර් මාසයේදී නිවේදනය කළේ අනෙකුත් විශේෂයන් ඉහළ ප්‍රමුඛතාවයක් ගන්නා බැවින් මෙම විශේෂය එලෙස ලැයිස්තුගත නොකරන බවයි.

2022 ජූනි මාසයේදී, කැලිෆෝනියා අධිකරණයක් විසින් කෘමීන් ඇතුළු අපෘෂ්ඨවංශීන් කැලිෆෝනියා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ පනත (CESA) යටතේ ලැයිස්තුගත කළ හැකි බවට තීන්දු කළේය. එමගින් බටහිර රාජ්‍ය පුරා ලැයිස්තුගත කිරීම සඳහා දොර විවර කළ හැකිය. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ලෙස ලැයිස්තුගත කිරීම කැලිෆෝනියාවේ ඔවුන්ගේ ශීත ඍතු අඩවි සඳහා නීතිමය ආරක්ෂාවක් ලබාදෙන බව අදහස් කරයි.

“අපගේ බටහිර සංගණනයේ සංඛ්‍යා අනුව, සංඛ්‍යාව සීඝ්‍ර ලෙස පහත වැටෙනු අපි දැක ඇති අතර මෙම විශේෂයට අපගේ උදව් අවශ්‍ය බව අපි දනිමු” යනුවෙන් අප්රුෂ්ඨවංශි  සංරක්ෂණ සංවිධානයේ  සර්සෙස් සොසයිටිහි විධායක අධ්‍යක්ෂ ස්කොට් බ්ලැක්, මොන්ගාබේ වෙත පැවසීය. “සංක්‍රමණික ගහනයන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති අය ලෙස ලැයිස්තුගත කිරීමට සර්සෙස් සොසයිටිහි සහය වන අතර මෙම ලැයිස්තුගත කිරීම සඳහා IUCN වෙත විශේෂඥ සමාලෝචනයකින් දායක විය.”

තෘණ බිම්, කෘෂිකර්මාන්තයට පරිවර්තනය කිරීම, වල් නාශක සහ කෘමිනාශක භාවිතය, මෙක්සිකෝවේ ශීත ඍතුවේ ස්ථානවලට සිර වීම, නාගරික සංවර්ධනය සහ නියඟය නිසා වාසස්ථාන අහිමි වීමෙන් මෙම සිදුවීම සිදුවේ.

මොනාක් දළඹුවන් මිල්ක්වීඩ් ශාක මත පෝෂණය වේ. ඡායාරූපය: බර්නාඩ් ස්කරැබ්/ ෆ්ලිකර්/ මොන්ගාබේ 

2020 දී එක්සත් ජනපද මත්ස්‍ය සහ වනජීවී සේවය විසින් ප්‍රකාශයට පත් කරන ලද විශේෂ තත්ව තක්සේරු වාර්තාවක් පැවසුවේ නැගෙනහිර ගහනය වසර 60 ක් තුළ වඳවී යාම නොවැළැක්විය හැකි ස්ථානයකට ළඟා වීමට 50-70% ක පමණ අවස්ථාවක් ඇති බවයි. බටහිර සමනලුන් සඳහා එය වසර 10 ක් ඇතුළත 60-68% ක් සහ වසර 60 ක් ඇතුළත 99% කි. මෙම ඇස්තමේන්තුවට අධික උෂ්ණත්වය වැනි ව්‍යසනකාරී සිදුවීම් ඇතුළත් නොවේ. USFWS පවසන්නේ එහි හවුල්කරුවන් සමඟ සංරක්ෂණ පියවරයන් කෙරෙහි තවදුරටත් අවධානය යොමු කරන බවයි.

“වාසනාවකට මෙන් ක්‍රියා කිරීමට තවමත් කාලය තිබේ. මිල්ක්වීඩ් සහ මල් රෝපණය කිරීමෙන් සහ මෙම සතුන් පළිබෝධනාශකවලින් ආරක්ෂා කිරීමෙන්, ගහනයන් වර්ධනයට උපකාර කිරීමට දහස් ගණනක් පුද්ගලයින් විසින් අපව දිරිමත් කරනු ලැබේ.”

““මෙම සමනලයා සහ උන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීමට බොහෝ පුද්ගලයින් සහ සංවිධාන එකතු වී ඇත. දේශීය මිල්ක්වීඩ් පැලෑටි සිටුවීමේ සිට පළිබෝධනාශක භාවිතය අවම කිරීම, ශීත ඍතුවේ ස්ථාන ආරක්ෂා කිරීම, ප්‍රජා විද්‍යාවට දායක වීම, මෙම සංකේතාත්මක කෘමියා පූර්ණ ලෙස රැක ලබා ගැනීමට අප සැමට කාර්යභාරයක් ඉටු කිරීමට ඇත. ”IUCN සමනල විශේෂඥ කමිටුවේ සාමාජික ඇනා වෝකර් සහ IUCN මොනාක් සමනල තක්සේරුවට නායකත්වය දුන් සලබ විශේෂඥ කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මුලාශ්‍ර

Walker, A., Thogmartin, W.E., Oberhauser, K.S., Pelton, E.M. & Pleasants, J.M. 2022. Danaus plexippus. The IUCN Red List of Threatened Species 2022: e.T159971A806727

Liz Kimbrough විසින් Mongabay වෙත ලියන ලද Monarch butterflies are officially endangered නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.