ජෛව හායනයට ලක්විය හැකි යැයි ලේබල් කර ඇති සනීපාරක්ෂක තුවා වසර කිහිපයකින් දිරාපත් විය හැකි නමුත් ඒවා කොම්පෝස්ට් කළ නොහැක.

ඉන්දියානුවන් ඔසප් වීම ගැන සිතන ආකාරය මෑත වසරවලදී වෙනස් වී ඇත. රෙගුලාසි, මාර්ගෝපදේශ, අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් මෙන්ම ඔසප් නිෂ්පාදනද, කාන්තාවන්ට හොඳින් සේවය කිරීම සඳහා අඛණ්ඩව යාවත්කාලීන වෙමින් පවතී.

බොහෝ කාන්තාවන් menstruation cup සහ නැවත භාවිතා කළ හැකි කපු සනීපාරක්ෂක තුවා තෝරා ගන්නා අතර ඒවා පාරිසරික බලපෑමක් ඇති නොකරයි. එබැවින්ම දැන් දැන් සුලු පිරිසක් ‘ජෛව හායනයට ලක්විය හැකි’ සනීපාරක්ෂක තුවා තෝරා ගැනීමට පටන් ගෙන ඇත. කෙසේ වෙතත්, මෙම ජෛව හායනයට ලක්විය හැකි තුවා කෙතරම් තිරසාරද යන්න පිළිබඳව යම් විවාදයක් පවතී.

ඉවත දැමිය හැකි ඕනෑම සනීපාරක්ෂක තුවායක් පරිසරයට හානිකර වන්නේ මන්දැයි තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ. අපද්‍රව්‍ය උත්පාදනය, ප්‍රතිකාර කිරීම සහ බැහැර කිරීමේ ක්‍රමවේදයන් හැර සනීපාරක්ෂක තුවායක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී ජනනය වන කාබන් විමෝචනය සහ එහි ක්‍රියාකාරී ආයු කාලය සලකා බැලිය යුතුය.

කෙසේ වෙතත්, අප නැවත භාවිතා කළ හැකි නිෂ්පාදනයක් භාවිතා කරන විට, එහි දිගු ආයු කාලය හේතුවෙන් භාවිතයේ විමෝචනයේ අගය ප්‍රශස්ත කළ හැක. අප කුණු කසළ නිෂ්පාදනය සහ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අඩු කරනු ලබයි. එපමණක් නොව ඔසප් කෝප්ප, නැවත භාවිත කළ හැකි රෙදි සහ ඔසප් ​යට ඇඳුම් වැනි නිෂ්පාදන සඳහා වියදම් වන්නේද අඩු මුදලකි.

නැවත භාවිතා කළ හැකි ඔසප් කෝප්ප සහ කපු තුවා ඉවත දැමිය හැකි සනීපාරක්ෂක තුවා වලට වඩා දිගු ආයු කාලයක් ඇති අතර, මෙම නිෂ්පාදන කාලයත් සමග ජනනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණයට සෘජුවම බලපායි.

ජෛව හායනයට ලක්කල හැකි සනීපාරක්ෂක තුවා කොම්පෝස්ට් කළ හැකි සනීපාරක්ෂක තුවා හා සමාන නොවන්නේ ඇයි?

නිෂ්පාදනද්‍රව්‍යයභාවිතය
සනීපාරක්ෂක තුවා සහ ටැම්පොන්Super Adsorbent Polymers (SAP) සහ ප්ලාස්ටික්එක් වරක්
රෙදි මත පදනම් වූ සනීපාරක්ෂක තුවාරෙදි සහ හෙම්ප් (ශාක ද්‍රව්‍ය)නැවත භාවිතා කළ හැකි – වසර 1 සිට 2 දක්වා
සිලකන් ඔසප් කප්වෛද්‍ය ශ්‍රේණීයේ සිලිකන්නැවත භාවිතා කළ හැකි – අවුරුදු 5 සිට 10 දක්වා
කොම්පෝස්ට් කළ හැකි/ ජෛව හායනයට ලක්විය හැකි සනීපාරක්ෂක තුවාකපු, ලී පල්ප, කෙසෙල් කෙඳි, උක් වැනි ස්වභාවික අමුද්‍රව්‍ය – සමහර අවස්ථාවලදී ජෛව ප්ලාස්ටික් ස්ථරයක් සහිත කාබනික කපුඑක වරක්
මූලාශ්‍රය: WaterAid සහ MHAI (ඉන්දියාවේ ආර්තව සනීපාරක්ෂක සන්ධානය)

ජෛව හායනයට ලක්වන දේ කොම්පෝස්ට් කළ හැකි දේට සමාන නොවන බවද අප තේරුම් ගත යුතුය. නමුත් කොම්පෝස්ට් කළ හැකි සියලුම ද්‍රව්‍ය ජෛව හායනයට ලක්වේ.

ජෛව හායනයට ලක්විය හැකි ද්‍රව්‍ය නැවත ස්වභාවධර්මයට පැමිණ ක්‍රමක්‍රමයෙන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වුවද, සමහර විට ඒවා ඉතිරි විය හැක. අනෙක් අතට, කොම්පෝස්ට් කළ හැකි ද්‍රව්‍ය කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිතා කරයි, ඒවා පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් බැවින් ශාක සඳහාද ප්‍රයෝජනවත් වේ.

කොම්පෝස්ට් කළ හැකි ද්‍රව්‍ය මගින් අමතර ප්‍රතිලාභ ඇතිව, ජෛව හායනයද සිදුවේ. එනම්, ඒවා දිරාපත් වන විට, ශාක වර්ධනයට උපකාර වන වැදගත් පෝෂ්‍ය පදාර්ථ පසට මුදා හරිනු ඇත.

මෙම ‘ජෛව හායනයට ලක්විය හැකි’ පෑඩ් බොහොමයක් රසායනික ද්‍රව්‍යවලින් තොර සහ කොම්පෝස්ට් කළ හැකි ඒවා බව ප්‍රකාශ කරයි. බොහෝ ජෛව හායනයට ලක්වන පෑඩ් සුපිරි අවශෝෂක බහු අවයවික (SAP) සහ ලී පල්ප් ඉවත් කරයි. නමුත් සමහර ප්ලාස්ටික් ජල ආරක්ෂණය සඳහා රඳවා තබා ගනී.

ජෛව හායනයට ලක්විය හැකි, කාබනික ලෙස නම් කළ පෑඩ් වල සුදු කපු සහ ප්ලාස්ටික් ලයිනර් බ්ලීච් කර ඇත්නම් එය ඉවත දැමිය හැකි තුවා වලට වඩා හොඳ වන්නේ කෙසේද?

මෙම ‘ජෛව හායනයට ලක්විය හැකි’ සනීපාරක්ෂක තුවා සම්පූර්ණයෙන්ම කොම්පෝස්ට් නොවන බව පැවසීම වැරදි දෙයක් නොවේ.

Green the Red සංවිධානය විසින් කරන ලද අධ්‍යයනයක දී පරිසර හිතකාමී සහ කොම්පෝස්ට් කළ හැකි යැයි ලේබල් කරන ලද සනීපාරක්ෂක තුවා කිහිපයක් කොම්පෝස්ට් කර ඇත. එහි ප්‍රතිඵල පහත පරිදි විය.

සනීපාරක්ෂක තුවා සාම්පල 1: කෙසෙල් කෙඳි වලින් සෑදූ බ්ලීච් නොකළ සනීපාරක්ෂක තුවා දෙකක් කොම්පෝස්ට් කරන ලද අතර එකක් භාවිතා කල එකකි. අනෙක භාවිතා නොකල එකකි.

ඉහළ කාමර උෂ්ණත්වයකදී, රුධිරය ඇති සාම්පලය මාස 7.5 කින් දිය වී කොම්පෝස්ට් බවට පත් වූ අතර, රුධිරය නැති සාම්පලය කොම්පෝස්ට් වීමට මාස 5.5 ක් ගතවිය. 

සනීපාරක්ෂක තුවා සාම්පල 2: භාවිතා කරන ලද්දකි. මෙම පෑඩය සුදු පැහැ ගැන්වී ඇති බව පෙනුනි. එය කොම්පෝස්ට් මත දිය වීමට මාස හයකට වඩා වැඩි කාලයක් ගත විය. මන්දය යත් එහි ඉරා දැමිය නොහැකි ප්ලාස්ටික් ආලේපනයක් තිබූ බැවිනි. එය අවසානයේ කොම්පෝස්ට් ගොඩෙන් ඉවත් කරන ලදී. 

ප්‍රතිඵලවලින් පෙනී යන්නේ මෙම සනීපාරක්ෂක තුවා ජෛව හායනයට ලක්විය හැකි බවත්, ප්ලාස්ටික් ආලේපන වසර ගණනාවකින් දිරාපත් විය හැකි නමුත් ඒවා කොම්පෝස්ට් කළ නොහැකි බවත්ය.

කෙසේ වෙතත්, ඒවා අව්‍යාජ පරිසර හිතකාමී සහ තිරසාර විකල්පද යන්න තවමත් පැහැදිලි නැත. තුවාය සෑදීමට භාවිතා කරන සංරචක එය පරිසර හිතකාමී තුවායක්ද සාමාන්‍ය තුවායක්ද යන්න තීරණය කරයි.

පලමු ලේයරය ලෙස භාවිතා කරන සිදුරු සහිත පොලිතින් හෝ වියන ලද පොලිප්‍රොපිලීන් නිසා ඒවා කපු ලෙස නිතර වරදවා වටහා ගනී. කෙසේ වෙතත්, එය කොම්පෝස්ට් කළ නොහැකි ය.

මීට අමතරව, ඒවායෙහි පොලිතීන් පිටුපස ස්ථරය සහ ඉදිරිපස ස්ථරය තුවායෙහි මුළු බරෙන් 25-30%ක් පමණ වේ.

සාමාන්‍යයෙන් සනීපාරක්ෂණ තුවායක වියළි ඉහළ පාරගම්‍ය ස්ථරයට යටින් ඇති බාධක ප්ලාස්ටික් ස්ථරය, සුපිරි අවශෝෂක බහු අවයවකය (SAP) සහ ඒවායෙහි මැලියම් කොම්පෝස්ට් කළ නොහැකි ද්‍රව්‍ය වේ. එබැවින් කුඩා ප්‍රමාණවලින් භාවිතා කරන මැලියම් හැරුණු විට, ඉතිරි සංරචක ප්රතිස්ථාපනය කළ යුතුය.

එබැවින් දීර්ඝ නිෂ්පාදක වගකීම, පද්ධතියට ඒකාබද්ධ කළ යුතුය. සනීපාරක්ෂක නිෂ්පාදන නිෂ්පාදකයින් ඔවුන්ගේ නිෂ්පාදන මගින් ජනනයවන අපද්‍රව්‍ය සඳහා වගකිව යුතුය.

එය පරිසර හිතකාමී වීමට නම්, කොම්පෝස්ට් කළ හැකි තුවා නිර්මාණය කළ යුත්තේ උණ බම්බු සහ කෙඳි හෝ ඉරිඟු පිෂ්ඨය වැනි ශාක පදනම් වූ කොම්පෝස්ට් ද්‍රව්‍ය වලින් පමණි.

ජෛව හායනයට ලක්විය හැකි යැයි ලේබල් කර ඇති තුවා ISO 17088:2021 සහතිකය යටතේ රජයේ අවසර ලත් පරීක්ෂණ පහසුකම්වලින් සමන්විත විය යුතු අතර, එය ගෝලීය කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා සුදුසු ප්ලාස්ටික් වලින් සාදන ලද නිෂ්පාදන ලෙස හඳුනාගෙන, නම් කිරීමේ ක්‍රියා පටිපාටිය අනිවාර්යය කල යුතුය.

පාරිභෝගිකයින් තමන් මිලදී ගන්නා දේ පිළිබඳවද දැනුවත් විය යුතුය. ‘ජෛව හායනයට ලක්විය හැකි’ යන යෙදුම වෙනුවට ‘කොම්පෝස්ට් කළ හැකි’ යන යෙදුම පැමිණිය යුතුය. කොම්පෝස්ට් කළ හැකි සනීපාරක්ෂක තුවා දිරාපත් වීමට සාමාන්‍යයෙන් දින 90 සිට 180 දක්වා ගත වේ.

කොම්පෝස්ට් කළ හැකි තුවා නිශ්චිත කාල රාමුවක් තුළ පසෙහි දිරාපත් විය හැකි අතර පරිසරයට කිසිදු හානියක් සිදු නොවේ. ජෛවහායනය වන සනීපාරක්ෂක තුවා සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන්ම කොම්පෝස්ට් කළ හැකි සනීපාරක්ෂක පෑඩ් නොවේ.

අධ්‍යාපනයේ ඌනතාවය සනීපාරක්‍ෂක අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ අපකීර්තියට සහ දැනුවත්භාවයේ ඌනතාවයට බලපායි. තවද පරිපාලනයද බොහෝ විට ඒවා පිටුපස ඇති විද්‍යාව සහ ඒවා බැහැර කිරීම ගැන නොදැන සිටී.

ඉන්දියාව අපගේ දිගුකාලීන ප්‍රමුඛතාවයන්ගෙන් එකක් විය යුත්තේ තොරතුරු සන්නිවේදනය, අධ්‍යාපනය (IEC), වඩාත් පරිසර හිතකාමී නිෂ්පාදන සහ ඒවායේ බැහැර කිරීමේ භාවිතයන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා අතහිත දීම නිසාය.

Shailshree Tewari විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Sanitary napkins: Why biodegradable is not the same as compostable නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.