• 1986 දී ශ්‍රී ලංකාව, ස්වදේශික නිල් මානෙල් මලක් ජාතික පුෂ්පය ලෙස නම් කරන ලදී. නමුත් නිල ප්‍රකාශනයේ වැරදීමකින්, එහි පල වුයේ දම් මානෙල් ලෙස හඳුන්වන දම් වර්ණයෙන් යුත් මානෙල් විශේෂයකි.
  • සත්‍ය ශාක විශේෂය කුමක්දැයි පිලිබඳ විද්‍යාත්මක ප්‍රජාවගේ සම්මුතිය නොතකමින් සහ එම වැරැද්ද නිවැරදි කිරීමට රජය ගත් උත්සාහයන් නොතකමින් වැරදි අනන්‍යතාවයකින් යුතු සුබපැතුම් පත්, තැපැල් මුද්දර සහ පාසල් පෙළපොත් ජනාධිපති විසින් නිකුත් කරන ලදී.
  • 2017 අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ නිල් සහ වයලට් මානෙල් මල් ස්වභාවිකව දෙමුහුන් වන අතර, ඒවා විසුරුවා හැරීමේ උත්සාහයන් තවදුරටත් සංකීර්ණ වන බැවින්, නව ජාතික මලක් තෝරා ගැනීමට පෙළඹවිය යුතු බවයි.
  • ඊට රෝස සහ තද රතු පාට වෙසක් ඕකිඩ් (Dendrobium maccarthiae), බිනර (Exacum trinervium) සහ මහ රත්මල් (Rhododendron arboreum zeylanicum) ඇතුළු නෙත් සිත් ඇදගන්නා මල් විශේෂ කිහිපයක් යෝජනා කර ඇත.

1986 දී ශ්‍රී ලංකාවේ පාසල් සිසුවියක් වන දීප්ති යකන්දාවල විසින් බෞද්ධ දින දර්ශනයේ උතුම්ම දිනය වන වෙසක් උත්සවය වෙනුවෙන් රටේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වෙත සුබපැතුම් පතක් එවා ඇත. හිටපු සහ වර්තමාන ජනාධිපතිවරුන් ඊට කාරුණිකව ප්‍රතිචාර දක්වා ඇති අතර, මෙහිදී වයලට් පාට මානෙල් මල්වල පින්තූරයක් සහිත කාඩ්පතක් ඇයට ආපසු ලැබිණි.

මෙම විශේෂිත මල ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ ඊට මාස කිහිපයකට පෙරය. එමෙන්ම දීප්තිට ජනාධිපතිවරයා විසින් එවන ලද නිල කාඩ්පතේ, වැරදි මලක් ඇතැයිද ඇය කිසි දිනක සිතුවේ නැත.

නමුත් එය ජනාධිපති සුබපැතුම් පතක් පමණක් නොවේ. රජයේ පුවත්පත්, තැපැල් මුද්දර, පාසල් පෙළපොත්හි, වසර ගණනාවක් පුරා සිංහලෙන් නිල් මානෙල් ලෙස සහ දෙමළෙන් නීලෝත්පලම් ලෙස හැඳින්විය.

එය වර්තමානය දක්වා වේගයෙන් ඉදිරියට ඇදුනු අතර, දැන් ප්‍රමුඛ පෙළේ ශාක වර්ග විද්‍යාඥවරියක් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වන දීප්ති යකන්දාවල දශක ගණනාවක් තිස්සේ පවතින වරදක් නිවැරදි කිරීමේ ව්‍යාපාරයක් මෙහෙයවයි.

1970 දශකයේ මුල් භාගයේදී විසිතුරු ශාකයක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් වයලට් පැහැ මානෙල් මල පසුව ජාතික පුෂ්පය ලෙස වරදවා ප්‍රවර්ධනය කරන ලදී. ඡායාරූපය: ප්‍රදීප් රජතේව/ මොන්ගාබේ

‘සැබෑ’ ජාතික පුෂ්පය

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය 1986 පෙබරවාරි මාසයේදී එහි ජාතික වෘක්ෂය වන නා ගස (Mesua ferrea) ප්‍රකාශයට පත් කරන ලදී. නමුත් තේරීම් කමිටුව සිය වාර්තාවට නිල් මානෙල් මලෙහි රූපයක් ඇතුළත් කිරීම මග හැරියේ එය Nymphaea stellata ලෙස පමණක් විස්තර කරමිනි.

ජාතික පුෂ්පය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව මහජනතාවට ප්‍රථම වරට අසන්නට ලැබුණේ එම වසරේ මාර්තු 1 වැනිදා රජයේ සිංහල දිනපතා පුවත්පතක පළ වූ ලිපියකිනි. වැරැද්ද වූයේ එතනයි. ලිපිය සමඟ ඇති ඡායාරූපය නිල් මානෙල් මල නොව එය වයලට් එකකි. එය 1970 දශකයේ මුල් භාගයේදී විසිතුරු ශාකයක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇතැයි විශ්වාස කෙරෙන දෙමුහුන් මානෙල් විශේෂයකි.

වැරැද්ද එතනින් එලියට ආවා. ප්‍රකාශය සිහිපත් කරන තැපැල් මුද්දරයක ද වැරදි මලක් ඇතුළත් විය. පාසල් පෙළපොත් වල දම් පැහැති මානෙල් මල් Nymphaea stellata ලෙස හඳුනාගෙන ඇත. ඒවගේම ජනාධිපතිතුමා වෙසක් සුබපැතුම් පත් එවූ මලද එය විය.

1986 දී සමරු මුද්දරයේ ජාතික පුෂ්පය ලෙස මෙම වැරදි මලේ රූපය ඇතුළත් විය. ඡායාරූපය: දීප්ති යකන්දාවල/මොන්ගාබේ

කෙසේ වෙතත්, සෑම කෙනෙකුම එය වැරදියට වටහා ගත්තේ නැත. මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික ඇට්ලස් හි 1988 සංස්කරණය, නිවැරදි සුදු මානෙල් වල රූපය රැගෙන ගියේය. නමුත් අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන දිගින් දිගටම වැරදි, වයලට් රූපය භාවිතා කරමින්, වැරදි අනන්‍යතාවය සමාජය තුළට ගෙන ගියේය. ආක්‍රමණශීලී විශේෂයක් වන වයලට් මල විශාල හා පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති අතර එම නිසාම දුර්ලභ සුදු මල වඩා පහසුවෙන් හඳුනාගත හැකිය.

මේ අතර දීප්ති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යාව හැදෑරීමට ගොස් සිටියාය. ඇය නිරන්තරයෙන් ප්‍රකාශයට පත් කළේ, අද ඇය උද්භිද විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කලද ආපසු යාමට පෙර U.K. හි විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් බවය. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ඇයගේ සැමියා වන කපිල යකන්දාවල සමඟ එක්ව 2010 දී පමණ ඇය ජාතික පුෂ්පයේ සැබෑ අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නය බලධාරීන් සමඟ මතු කිරීමට පටන් ගත්තාය. නිල් මානෙල් සඳහා විද්‍යාත්මක නාමය Nymphaea stellata නොව  Nymphaea nouchali බවත් ඔවුන් යෝජනා කළහ.

1986 දී සමරු මුද්දරයේ ජාතික පුෂ්පය ලෙස මෙම වැරදි මලේ රූපය ඇතුළත් විය. ඡායාරූපය: දීප්ති යකන්දාවල/මොන්ගාබේ 

නිවැරදි කිරීම සඳහා කැඳවුම් කරයි

2011 දී පරිසර අමාත්‍යාංශය විසින් ව්‍යාකූලත්වය ඉවත් කිරීම සඳහා කමිටුවක් කැඳවන ලදී. එය නිකුත් කළ නිර්දේශ අතර අමාත්‍යාංශය විසින් නිවැරදි මල ප්‍රචාරණය කර ප්‍රචලිත කිරීම සහ රජයේ සියලුම දෙපාර්තමේන්තු විසින් නිවැරදි රූපය භාවිතා කිරීම සහතික කිරීම ද සිදුවිය. නමුත් රජය 2015 දී නිර්දේශ අනුමත කළත් වැරදි අනන්‍යතාව දිගටම පවතී. මෑත සතිවලදී, මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන ලෙස මහජන ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPA) පරිසර අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

මේ අතර, යකන්දාවල මානෙල් මල නොකඩවා අධ්‍යයනය කළ අතර, වයලට් ප්‍රභේදය සහ දේශීය නිල් පැහැය දෙමුහුන් කරන බව සොයා ගත්හ. ඔවුන් වයලට් ආක්‍රමණිකයා ‘Nymphaea × erangae’ ලෙස නම් කළාය. ස්වදේශික Nymphaea nouchali සහ ‘Nymphaea × erangae’ අතර අතරමැදි ලක්ෂණ සහිත මානෙල් ගහනය ඔවුන් විසින් සොයා ගැනීමෙන් මෙම ශාක පවුල තුළ ස්වභාවික දෙමුහුන්කරණය සුලභ බව පෙන්නුම් කළේය. තවද, දේශීය විශේෂයේ අද්විතීය ජානමය අනන්‍යතාවය සංරක්ෂණය කිරීමේ වැදගත්කමද ඉස්මතු කළේය.

දිගින් දිගටම මහජනතාවට වැරදි මලක රූප පෙන්වුවද විද්‍යා ප්‍රජාව එම වැරැද්ද දැන සිටි බව ශාක උද්භිත විද්‍යාඥයෙකු වන මැග්ඩන් ජයසූරිය පවසයි. 1988 සිතියම වෙනුවෙන් නිවැරදි මල හඳුනාගත් එකම නිල අවස්ථාවට වගකිව යුත්තේ ජයසූරියයි 

1988 දී මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද “ජාතික ඇට්ලස්”, විද්‍යාත්මක ප්‍රජාවගේ එකඟතාවයට අනුකූලව නිවැරදි මලෙහි රූපය දරයි. ඡායාරූපය: පින්තුර මාලක රුද්‍රිගු/මොන්ගාබේ 

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උද්භිද විද්යාඥ එල්.කේ. සේනාරත්න, මෙම ගැටළුව කලින්ම හඳුනාගත් තවත් අයෙකි. 1986 දී වැරදි මලේ පළමු පින්තූරය පළ වූ සැණින් ඔහුගේ පියා වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය බී.ඒ. අබේවික්‍රමද එම වරද පෙන්වා දුන්නේය. 

“කෙසේ වෙතත්, නමුත් වැරදි ලෙස හඳුනාගත් වයලට් පැහැ නිල් මානෙල්  අපගේ අඩු වර්ණවත් බවින් යුතු නිල් මානෙල් මලට වඩා වැඩියෙන් කැපී පෙනෙන බව ඔප්පු විය,” ඇය පවසයි. 

“පරිසර අමාත්‍යාංශයේ කමිටුවේ නිර්දේශ, බිහිරි කන්වලට ඇසුණු දෙයක් මෙන් මෙන් වී ඇති නිසා තවමත් වැරදි මලක් ජාතික පුෂ්පය ලෙස දිගටම සැලකිලි ලබනු ඇත.”

ජාතික පුෂ්පය තෝරා ගත් 1986 කමිටුව එම තේරීම සඳහා ආවේණිකත්වය (විශේෂය ශ්‍රී ලංකාවේ පමණක් ද යන්න), උපයෝගිතා වටිනාකම, ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම, පෙනුම, ව්‍යාප්තිය සහ සංස්කෘතික වැදගත්කම සහිත ප්‍රතිනිෂ්පාදනය වැනි නිර්ණායක කිහිපයක් භාවිතා කළේය. තවත් කොන්දේසියක් වූයේ තෝරාගත් මල වෙනත් රටක මලක් නොවිය යුතු බවයි. මෙම මානෙල් වල සුදු ප්‍රභේදය 1971 දී බංග්ලාදේශයේ ජාතික පුෂ්පය ලෙස සම්මත කර තිබූ බැවින්, Nymphaea nouchali මතභේදයකින් ඉවත් කළ යුතුව තිබුණි.

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය සම්බන්ධයෙන් පවතින සියලු ව්‍යාකූලත්වයන් හමුවේ, පැහැදිලිව හඳුනාගත හැකි සහ ප්‍රතික්ෂේප කළ නොහැකි ලෙස ශ්‍රී ලංකාවට අනන්‍ය වූ නව මලක් තෝරා ගැනීම වඩාත් සුදුසු බව, වරද නිවැරදි කිරීමට පියවර නිර්දේශ කළ කමිටුවේ 2011 වසරේ සාමාජිකත්වය දැරූ ප්‍රවීණ පරිසරවේදී නීතීඥ සහ ස්වභාව විද්‍යාඥ ජගත් ගුණවර්ධන මහතා පවසයි. නව සෙවීමක් සිදු වුවහොත්, ඔහු පවසන පරිදි, දැනටමත් ප්‍රියතම විශේෂයක් තිබේ. එනම් සුදු-රෝස සහ තද රතු පාටැති ආවේණික මලක් වන වෙසක් ඕකිඩ් (Dendrobium maccarthiae) ය.

දේශීය නිල් මානෙල් මල් පොකුරක්. ඡායාරූපය: සංජීව පූපසිංහ/ මොන්ගාබේ

‘Flora Sri Lanka’ වෙබ් අඩවියේ නිර්මාතෘ ප්‍රදීප් රජතේවා පවසන්නේ, “ජාතික පුෂ්පය යන සංකල්පය’ සංයුක්ත නොවිය යුතු බැවින්, පවතින ජාතික පුෂ්පයෙහි ව්‍යාකූල හඳුනාගැනීමක් තිබේ නම්, නව ජාතික පුෂ්පයක් තෝරාගැනීමට අප පසුබට නොවිය යුතුය යන්නය. ඔහු පෙන්වා දෙන්නේ 1991 දී ශ්‍රී ලංකාව සිය ජාතික ක්‍රීඩාව එල්ලේ නමින් හැඳින්වුවද, එය බේස්බෝල් ක්‍රීඩාවට සමාන බැවින් වොලිබෝල් දක්වා වෙනස් කළ බවයි.

ශ්‍රී ලංකාව සඳහා නව ජාතික පුෂ්පයක් තෝරා ගැනීමට ඕනෑ තරම් මල් තිබෙන බව රජතේවා පවසයි. ඒ අතර ආවේණික බිනර (Exacum trinervium macranthum), මහ රත්මල් (Rhododendron arboreum zeylanicum) සහ රන් දෝතලු (Loxococcus rupicola) ප්‍රධාන තෝරාගැනීම් විය යුතු බව රජතේවා පවසයි.

Malaka Rodrigo විසින් Mongabay වෙත ලියන ලද The curious case of the Sri Lankan national flower that wasn’t නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.