නව අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර ඇති පරිදි, ලොව පුරා ගස් විශේෂ 9,200 කට අධික සංඛ්‍යාවක් තවමත් නිශ්චිතව සොයාගෙන නැත. දන්නා සහ නොදන්නා ගස් විශේෂවල සමස්ත ගෝලීය සංඛ්‍යාව 73,000කට ආසන්න විය හැකිය.

සියලුම ගස් විශේෂවලින් දළ වශයෙන් 43% ක් දකුණු ඇමරිකාවේ සොයා ගත හැකි අතර, පිළිවලින් යුරේසියාවෙන් 22%ද අප්‍රිකාවෙන් 16%ක්ද උතුරු ඇමරිකාවෙන් 15%ක් සහ ඕෂනියාවෙන් 11%ක්ද සොයාගත හැක.

2017 අධ්‍යයනයකින් පෘථිවියේ ගස් විශේෂ 60,065 ක් ඇති බව ඇස්තමේන්තු කර ඇත. වැඩි වශයෙන් සංකේන්ද්‍රණය වී ඇත්තේ බ්‍රසීලය, කොලොම්බියාව සහ ඉන්දුනීසියාවේ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

වර්තමාන අධ්‍යයනයෙන් “තවමත් නොදන්නා (සොයා නොගත්) විශේෂ කීපයක් ඇස්තමේන්තු කර ඇත. මීට පෙර කිසිවෙකු එය කිරීමට උත්සාහ කර නැත, ”එක්සත් ජනපදයේ මිචිගන් විශ්ව විද්‍යාලයේ වන පරිසර විද්‍යාඥ පීටර් රීච් ඩවුන් ටු අර්ත් වෙත පැවසීය. ඔහු මෙම අධ්‍යයනය සඳහා ලොව පුරා සිටින විද්‍යාඥයන් 150ක් සමඟ සහයෝගයෙන් කටයුතු කළේය.

වන විනාශය, ආක්‍රමණශීලී පළිබෝධ, රෝග පැතිරීම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ගස් විශේෂ, තර්ජනයට ලක්ව ඇත. ගෝලීය ශාක ඇස්තමේන්තු වාර්තාවට අනුව ගස් විශේෂවලින් 30%ක් පමණ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර අවම වශයෙන් ගස් විශේෂ 142ක් පමණ විනාශ වී ඇත.

“ශාක විවිධත්වයේ වටිනාකම අවබෝධ කර ගැනීම සඳහා එය නැති වීමට පෙර එහි ඇති ප්‍රථම ස්ථානය කුමක්දැයි දැන ගැනීම අවශ්‍ය වේ.” ඔහු පැවසීය.

අධ්‍යයනය දත්ත ‘Global Forest Biodiversity Initiative’ සහ ‘TreeChange’ මූලාශ්‍ර දත්ත වලින් ලබා ගනී.

ඒකාබද්ධ දත්ත පෙන්නුම් කළේ දන්නා ගස් විශේෂ 64,088 ක් පෘථිවියේ පවතින බවයි. “ලෝකයේ ගස් විශේෂ ගණනය කිරීම, ලෝකය පුරා කොටස් විසිරී ඇති ප්‍රහේලිකාවක් වැනිය.” යනුවෙන් එක්සත් ජනපදයේ පර්ඩියු විශ්ව විද්‍යාලයේ ජින්ජිං ලියාං සහ ගෝලීය වනාන්තර ජෛව විවිධත්ව මුලපිරීමේ සම්බන්ධීකාරක පැවසීය.

කණ්ඩායම අනුමාන කළේ දත්ත තවමත් සොයාගෙන නොමැති ගස් විශේෂ පිළිබඳ තොරතුරු සැඟවිය හැකි බවයි.

දත්ත කට්ටල සංඛ්‍යානමය මෙවලම් සමඟ ඒකාබද්ධ කිරීමෙන්, කණ්ඩායම ලොව පුරා සොයා නොගත් ගස් විශේෂ ගණන ගණනය කළේය. කෘත්‍රිම බුද්ධිය සහ සුපිරි පරිගණක විද්‍යාඥයින්ට දත්ත විශ්ලේෂණය කිරීමට උපකාර විය.

මෙම ක්‍රමය යෝජනා කළේ ගස් විශේෂ 9,186ක් සොයා ගැනීමට බලා සිටින බවයි. මෙයින් 3,926 දකුණු ඇමරිකාවේ, 2,485 උතුරු ඇමරිකාවේ, 2,193 යුරේසියාවේ, 1,555 ඕෂනියාවේ සහ 1,434 අප්‍රිකාවේ විය හැකිය.

මිනිසා විසින් ඇති කරන පීඩනය අසමාන ලෙස දුර්ලභ විශේෂවලට තර්ජනය කරයි. සොයා නොගත් ජීවී විශේෂවලින් දළ වශයෙන් 43% ක් පමණ දකුණු ඇමරිකාවේ පවතින බව සලකන විට, මහාද්වීපයේ වනාන්තර සංරක්ෂණයට ප්‍රමුඛත්වය දී ඇති බව රීච් පැවසීය.

අනෙකුත් රටා ද කැපී පෙනුණි. නිදසුනක් වශයෙන්, නිවර්තන සහ උපනිවර්තන තෙත් වනාන්තර දැනටමත් දන්නා සියලුම ගස් විශේෂවලින් අඩක් හෝ තුනෙන් දෙකක් පමණ සත්කාරකත්වය දරයි.

ඊට වෙනස්ව, නිවර්තන සහ උපනිවර්තන වියළි වනාන්තරවල සොයා නොගත් ගස් විශේෂ විශාල සංඛ්‍යාවකින් පැවතීමට වැඩි ඉඩක් ඇති බව පර්යේෂකයෝ අධ්‍යයනයේ දී පැවසූහ.

ලාභ නොලබන සංවිධානයක් වන Nature Conservation Foundation හි වනජීවී විද්‍යාඥයෙකු වන ටී. ආර්.ශංකර් රාමන් මෙම අධ්‍යයනයට සම්බන්ධ නොවීය. ඔහු ඩවුන් ටු අර්ත් හට මෙසේ පැවසීය.

ලොව පුරා ගස් විශේෂ 9,000 කට අධික ප්‍රමාණයක් සොයා නොගත් බවට ඔවුන්ගේ ඇස්තමේන්තුව, විශේෂයෙන් නිවර්තන තෙත් සහ වියළි වනාන්තර ජෛව ප්‍රදේශවල, එතරම් පුදුමයක් නොවේ. ජීව විද්‍යාඥයින් තවමත් මෙම කලාපවල නව ගස් විශේෂ විස්තර කරමින් සිටිති. නිවර්තන වනාන්තරවල විශාල ප්‍රදේශ අදටත් දුර්වල ලෙස සමීක්ෂණය කර හෝ අධ්‍යයනය කර ඇත.

තවත් කනස්සල්ලක් වන්නේ මෙම ප්‍රදේශ විශාල සංවර්ධන ව්‍යාපෘතිවල තර්ජනයට ලක්ව තිබීම බව ඔහු පැවසීය. ඉන්දියාව එවැනි ව්‍යාපෘති රැසකට මග සලසමින් සිටී.

නිදසුනක් ලෙස, අන්දමන් සහ නිකොබාර් දූපත් වල නිවර්තන දූපතක් වන මහා නිකොබාර් හි හෙක්ටයාර 16,610 ක වරායක්, ගුවන් තොටුපලක්, නගර සහ බලාගාරයක් පිහිටුවීමට රජය යෝජනා කර ඇත.

මහා නිකොබාර් හෙක්ටයාර 103,870 ක අද්විතීය හා තර්ජනයට ලක් වූ නිවර්තන සදාහරිත වනාන්තර පරිසර පද්ධති ආවරණය කරයි.

“අරුනාචල් ප්‍රදේශ්හි අනෙකුත් විශාල වේලි සහ හස්ඩිඕ එරෑන්ඩ් (චත්තිස්ගාර් හි වනාන්තරයක්) වැනි ස්ථානවල පතල් කැණීම් මගින් මෙම වටිනා වනාන්තර විනාශ කිරීමට ඉඩ ඇත්තේ ඒවායේ විශාල ගස් සහ අනෙකුත් ජෛව විවිධත්වයන්න් නිසි ලෙස ලේඛනගත කිරීමට පෙරය.” රමන් පැවසීය.

රාමන් පවසන පරිදි ඉන්දියාවේ ගස් විශේෂ 2,000-2,600 ක් පවතින බව ගණන් බලා ඇත. පත්‍රිකාවට සමාන විශ්ලේෂණයක් සිදු කිරීමෙන් අපට ඉන්දියාවේ සොයා නොගත් ගස් විශේෂ පිළිබඳ තක්සේරුවක් ලබා ගත හැකි බව ඔහු පැවසීය.

නමුත් එය පුළුල් ලෙස බෙදා නොගැනීම නිසා දත්ත රැස් කිරීම අභියෝගයක් විය හැකිය. කෙසේ වෙතත්, පුරවැසි විද්‍යා ප්‍රයත්නයන්ට උපකාර කළ හැකි බව ඔහු පැවසීය.

වෘත්තීය නොවන විද්‍යාඥයින් සම්බන්ධ කර ගන්නා පුරවැසි විද්‍යාව, පෘථිවි ක්‍රියාවලි, පරිසර පද්ධති සහ ජෛව විවිධත්වය පිළිබඳ දත්ත රැස් කිරීමේ ජනප්‍රිය මාධ්‍යයක් ලෙස මතු වී ඇත.

එක්සත් ජනපදයේ පුරවැසි විද්‍යා යෙදුමක් වන ට්‍රීස්නැප්සිස්, ගස් ලෝලීන්ට වන පරිසරවේදීන් හා සම්බන්ධ වීමට වේදිකාවක් සපයා ඇත. ඉන්දියාවේ, ඉන්දියානු ජෛව විවිධත්ව ද්වාරය සහ iNaturalist වැනි පුරවැසි විද්‍යා ප්‍රයත්නයන් ඉන්දියාව පුරා විශේෂ සිතියම්ගත කිරීමට විද්‍යාඥයින්ට උපකාර වන බව රාමන් පැවසීය.

“ඉන්දියාවේ එවැනි වැදගත් අධ්‍යයනයන් සිදුකිරීමට හැකිවන පරිදි අපට වඩාත් විවෘත දත්ත බෙදාගැනීම සහ විවෘත ප්‍රවේශ දත්ත කට්ටල අවශ්‍ය වේ” යනුවෙන් රමන් පැවසීය. “මෙය අපගේ විද්‍යාව පොහොසත් කරන අතර අපගේ වනාන්තර සහ ගස් විවිධත්වය සංරක්ෂණයට උපකාරී වනු ඇත” ඔහු තවදුරටත් පැවසීය.

Rohini Krishnamurthy විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද The earth likely holds more than 9,000 undiscovered tree species; and they are in danger නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.