අයෝධ්‍යා කිරිඇල්ල විසිනි

ජීවයේ පැවැත්ම සඳහා වඩාත්ම වැදගත් අංග අතරින් එකක් ලෙස ජලය හැඳින්විය හැක.ජලය යනු සීමිත සම්පතක් වන අතර, එය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් නුදුරු අනාගතයේ දී උග්‍ර ජල හිඟයක් ඇතිවීමේ අවකාශයක් පවතී. එමනිසා ඉදිරියේදී ඇති විය හැකි ජල අර්බුදය මඟහරවා ගැනීම සඳහා කළ හැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ නාස්තිය වළකා ගෙන, පරිභෝජනය අවම කරගනිමින් ජලය රැකගැනීමයි. ඒ සඳහා ගෘහස්ථව කළ හැකි දේවල් කිහිපයක් මෙලෙස හඳුන්වා දිය හැක.

1. වැසිකිළියේ කාන්දුවීම් ඇත්දැයි පරීක්ෂා කිරීම.

වැසිකිළි බඳුනට ආහාර වර්ණක බින්දු කිහිපයක් දමන්න. සෝදා යැවීමෙන් තොරව, බඳුන වර්ණ ගැන්වීම පටන් ගනී නම්, ඉන් හැඟවෙන්නේ එහි විශාල ජල කාන්දුවක් ඇති බවයි.

2. වැසිකිළිය අළු බඳුනක් හෝ අපද්‍රව්‍ය  දමන බඳුනක් ලෙස භාවිතා කිරීමෙන් වැළකීම.

 ඉවත දමන සෑම සිගරට් කොටයක්ම, සෑම වැසිකිළි කඩදාසියක්ම සේදී යාමට ජලය ගැලුම් පහක් පමණ වැයවේ.

3. ද්විත්ව සොදා හැරීම් සහිත (dual flush) වැසිකිළි බඳුන් සවි කිරීම.

මෙමඟින් අවශ්‍ය කාර්යය කර ගැනීමට ප්‍රමාණවත් ලෙස විශාල හෝ කුඩා බොත්තම තද කිරීමෙන් අනවශ්‍ය ලෙස ජලය අපතේ යාම වලක්වා ගත හැක.

4. ජල සුරැකීමේ ෂවර් හෙඩ් හෝ ප්‍රවාහ සීමා සවි කිරීම

මිනිත්තුවක් තුළ අවම ජල ගලා යාමක්  සහිත ෂවර් හෙඩ් තෝරාගැනීමෙන් හෝ ප්‍රවාහ සීමා යෙදීමෙන් ස්නානයේදී ජල පරිභෝජනය   විනාඩියකට ගැලුම් පහක්  පමණ අඩු කරයි. මෙම උපාංග ස්ථාපනය කිරීමට පහසු වන අතර,  ස්නානයේ  පිරිසිදු හා ප්‍රබෝධමත්බහාවයට හානියක් සිදුවන්නේ නැත.

5.  බේසමක ස්නානය කිරීම

අර්ධ වශයෙන් පුරවන ලද  බේසමක් (ටබ් එකක්) අන් සියල්ලට වඩා අඩු ජලය භාවිතා කරයි.

6.  දත් මදින අතරතුර ජල කරාම වසා දැමීම

දත්මැදීමට පෙර,  බුරුසුව තෙත් කර  මුඛය සේදීම සඳහා වතුර වීදුරුවක් පුරවන්න.

7. රැවුල කපන අතරතුර ජල කරාම වසා දැමීම

රේසරය සේදිය හැකි උණුසුම් ජලය අඟල් කිහිපයකින් බේසමේ පතුල පුරවන්න.

8. කාන්දුවීම්  සඳහා කරාම සහ පයිප්ප පරීක්ෂා කිරීම.

9. අවම ජල භාවිතයක් සහිත කරාම භාවිත කිරීම.

කුඩා ජල බිඳුවකින් පවා දිනකට ජලය ගැලුම් 50ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අපතේ යා හැක.

10.  සම්පූර්ණයෙන්ම පුරවා සේදිය හැකි අවස්ථාවලදී පමණක්  ස්වයංක්‍රීය පිඟන් සෝදන යන්ත්‍ර භාවිත කිරීම.

 පිඟන් සෝදන යන්ත්‍රය ධාවනය කරන සෑම අවස්ථාවකදීම, ජලය ගැලුම් 25 ක් පමණ භාවිතා වේ.

1. සම්පූර්ණයෙන්ම පුරවා සේදිය හැකි අවස්ථාවලදී පමණක්  ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රය භාවිතා කිරීම

ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රය චක්‍රයකට ජල ගැලුම් 30 සිට 35 දක්වා භාවිත කරයි.

12.  එළවළු පිරිසිදු කරන විට කරාමය වසා දැමීම.

එළවළු සේදීමේදී  පිරිසිදු ජලයෙන් පිරුණු බඳුනක් උපයෝගී කරගන්න.

13. ශීතකරණයේ පානීය ජලය බෝතලයක් තබා ගන්න

බීමට ජලය සිසිල් කිරීම සඳහා වරින් වර නළ ජලය ලබා ගැනීම මින් අවා වේ.

14.  අතින් පිඟන් සෝදන්නේ නම්, සේදීම සඳහා ජලය ගලා යාමට ඉඩ නොදීම.

 සින්ක් දෙකක් තිබේ නම්, එකක් සේදුම් වතුරෙන් පුරවන්න. ඇත්තේ එක් සින්ක් එකක් පමණක් නම්, පළමුව සේදූ පිඟන් සියල්ල පිඟන් රාක්කයකට එකතු කරන්න, ඉන්පසු ඒවා ඉසින උපකරණයකින් හෝ වතුර භාජනයකින් ඉක්මනින් සෝදා හරින්න.

15. තණකොළවලට වතුර දැමීම

නියමිත කාලසටහනට අනුව ජලය දැමීම සිසිල් කාලගුණය හෝ වර්ෂාපතනය සඳහා ඉඩ නොදෙන අතර එමඟින් ජලය දැමීමේ අවශ්‍යතාවය අඩු වේ. තණකොළ පයින් පාගා බලන්න.  පාදය චලනය කරන විට එය නැවත මතු වුවහොත් එයට ජලය අවශ්‍ය නොවේ.

එමෙන්ම  තණකොළවලට වතුර දමන විට, ජලය අවශ්‍ය තැන්වල මුල්වලට බැසීමට ප්‍රමාණවත් කාලයක් වතුර දමන්න. පෘෂ්ඨය මත හිඳින සැහැල්ලු ඉසිනක් හුදෙක් වාෂ්ප වී නාස්ති වී යයි.

16. නියඟයට ඔරොත්තු දෙන ගස් හා පැල සිටුවීම.

17. පළ වලට වතුර දැමේමේදී ඩ්‍රිපර්ස් හෝ ස්ප්‍රින්කල්ස් භාවිත කිරීම

හෝස් එකක් භාවිත කිරීමට වඩා ජලය ඉතිරි කරගත හැක.

18.  පදික වේදිකා සහ පඩිපෙළ පිරිසිදු කිරීමට කොස්සක් භාවිතා කිරීම.

හෝස් එකක් භාවිතා කිරීමෙන් ජලය ගැලුම් සිය ගණනක් අපතේ යයි.

19.  මෝටර් රථය සේදීමේදී හෝස් එක ධාවනය නොකරන්න

සබන් වතුර කෝප්පයකින්  මෝටර් රථය සබන් ගාන්න. එය සේදීම සඳහා පමණක් හෝස් භාවිතා කරන්න.

20. වැසි ජලය රැස් කිරීමේ ටැංකියක් තමා ගැනීම

මෙම ජලය, ගෙවත්තේ කටයුතු සඳහා යොදාගත හැකි අතර මෙමඟින් නළ ජලය ඉතිරි කරගත හැක.