අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.

පාරිසරික හා ආර්ථික ගැටලු සලකා බලා ගෘහස්ථ හා එළිමහන් ආලෝකකරණය සඳහා තිරසාර ප්‍රවේශයක් ලෙස ශුන්‍ය රසදිය විදුලි බල්බ හඳුනාගත හැකිය.

උෂ්ණත්වමාන, බැරෝමීටර සහ අනෙකුත් විද්‍යාත්මක උපකරණවල බහුලව දක්නට ලැබෙන රසදිය (Hg),  බැර ලෝහ ගණයට අයත් වන අතර රිදී සංක්‍රාන්ති ලෝහයක් ද වේ. සාම්ප්‍රදායික ආලෝක බල්බ බොහොමයක් අඩු පීඩන රසදිය වාෂ්ප සහිත වායුවකින් පුරවා ඇති අතර ඒ අතරින් උපරිම ලෙස රසදිය අඩංගු වන්නේ තාපදීප්ත බල්බවල (Incandescent) සහ අවම වශයෙන් අඩංගු වන්නේ ආලෝක විමෝචක ඩයෝඩ (LED) බල්බ වල බව 2012 වසරේදී ස්වභාවික සම්පත් ආරක්ෂක කවුන්සිලය (NRDC) ප්‍රකාශයට පත් කරන ලද තිරසාර වාර්තාවේ සඳහන් ව ඇත.

රසදිය, නියුරොටොක්සින් වර්ගයක් ලෙස හඳුනාගත හැකි අතර, රුධිරයේ රසදිය මට්ටම ඉහළ යාම ළමුන් ක්‍රියාකාරී වීමේ ප්‍රමාදය මෙන්ම ඔවුන් තුළ විකෘතිතා ඇති කළ හැක. එපමණක් නොව රසදිය වාෂ්පයට උග්‍ර ලෙස නිරාවරණට වීම නිසා, පපුවේ වේදනාව, හුස්ම හිරවීම, කැස්ස, රක්තපාතය මෙන්ම ඇතැම් විට  මරණයට තුඩු දෙන අන්තරාල නියුමොනිටිස් (interstitial pneumonitis) පවා ඇති විය හැක.

ප්‍රතිදීප්ත විදුලි බල්බයක් කැඩී ගිය විට එහි වාෂ්ප ඉක්මනින් පිටවන අතර එය ආශ්වාස කිරීමෙන් හෝ සම හරහා අවශෝෂණය විය හැකිය. රසදිය බොහෝ සංයෝග විෂ සහිත වන  මෙතිල් මර්කරි වැනි එහි කාබනික සංයෝග විශේෂයෙන්ම ඒ අතරට එක් කළ හැකිය. මෙම බල්බ පරිසරයට විසි කළහොත් ඉන් පිටවන රසදිය, වාතය සහ ජල දූෂණයට ඉහළ මට්ටමකට දායක වේ.

වර්තමානයේ වඩාත් ප්‍රචලිත Fluorescent බල්බ, ප්‍රතිදීප්ත විදුලි බල්බ වලට සාපේක්ෂව කාර්යක්ෂමතාවයෙන්, ආයුකාලයෙන් අඩු අතර ආර්ථික වශයෙන් ද වාසිදායකය. නමුත් එහිද එක් බල්බයක් සිය ආයු කාලය තුළදී  රසදිය මිලිග්‍රෑම් 6.5ක් පමණ විමෝචනය කරන අතර, අඩංගු රසදිය  100% ක් ම ක්ෂය වී යයි.

මෙම බලපෑම් අවම කිරීමේ උත්සාහයක් ලෙස, රසදිය අඩංගු නොවන, නව ආලෝක විමෝචක ඩයෝඩ (LED) හඳුනාගත හැකි අතර මෙම බල්බ වල ආයු කාලය සහ විදුලි කාර්යක්ෂමතාවය Florescent බල්බ වලටත් වඩා බොහෝ ගුණයකින් වැඩි වේ. එබැවින්  තිරසාර ආලෝක සැලැස්මක් සඳහා අභ්‍යන්තර සහ බාහිර අලෝකකරණ ද්විත්වය සඳහාම හොඳම ප්‍රවේශයන්ගෙන් එකක් ලෙස LED බල්බ භාවිත කිරීම හැඳින්විය හැක.