උතුරු අර්ධගෝලයේ ගිම්හානය ආරම්භ වූවා පමණි. එහෙත් ලෝකයේ බොහෝ රටවල් දැඩි තාප තරංගවල ගිලී සිටිති. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් මෙම තත්වය ‘අසාමාන්‍ය හා භයානක’ තත්වයක් ලෙස හඳුන්වා ඇති අතර මෙය බටහිර කැනඩාව සහ වයඹදිග එක්සත් ජනපදය පුරා සති තුනකට වැඩි කාලයක් තිස්සේ පවතිනු ඇති බවද පවසා ඇත.

මෙය පෘථිවියේ ඇති සීතලම භූගෝලීය කලාප වන අතර උණුසුම් වීම සහතික කිරීම සඳහා මිනිසුන් තම වාසස්ථාන සැලසුම් කර ඇත. ජුනි මාසයේ මෙම කලාපයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 20-30 අතර විය.

නමුත් මේ වනවිට එය අඛණ්ඩව ඉහළ ගොස් 45°C ට වඩා භයානක මට්ටමකට ළඟා වී ඇති අතර රාත්‍රී කාලයේ අවම සාමාන්‍ය උෂ්ණත්වය, දිවා කාලයේ උපරිම සාමාන්‍යය උෂ්ණත්වයට වඩා ඉහළ මට්ටමක පවතින බැවින් තාපයන් යථා තත්ත්වයට පත්වීමේ කාලය ඉතා අඩුය.

කලාප කිහිපයක හදිසි මරණ වැඩිවීමක් වාර්තා විය. විශේෂයෙන් ඒ අතර වැඩිහිටි මරණ වැඩි විය. ලැව්ගිණි ඇතිවීම, දුමිරිය කේබල් උණු වීම, මහජන උපයෝගිතා බිඳවැටීම සහ විදුලිබල ජාල බිඳ වැටම්ද ඒ අතර විය. කැනඩාවේ අධික උණුසුම නිසා අවම වශයෙන් 500ක් පමණ දෙනා දැනටමත් මිය ගොස් ඇත. එක්සත් ජනපදයේ ඔරිගන් සහ වොෂිංටන්හි තවත් 200ක් පමණ මියගොස් තිබේ. මෙම සංඛ්‍යා තවදුරටත් ඉහළ යා හැක.

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා පළාතේ, පැසිෆික් වෙරළ තීරයේ, හිමෙන් වැසුණු කඳු මුදුන් සහ ග්ලැසියර කෙත්වතු සඳහා ප්‍රසිද්ධව ඇති අතර, ජුනි 29 වනදා දක්වා ලයිටන් ගම්මානයේ අඛණ්ඩව දින තුනක් තාප වාර්තා කඩා වැටෙමින් පැවතුනි. ඉන් එය පෘථිවියේ උණුසුම්ම ස්ථානයක් බවට පත්විය.

එදින උෂ්ණත්වය විශ්මය ජනක ලෙස 49.6 °C දක්වා ළඟා විය. ගංගා දෙකක එකතුවක් මත පිහිටි මෙම සුන්දර කඳුකර ගම්මානයේ තත්වය තේරුම් ගැනීමට පෙර, ලැව් ගින්නක් විසින් සෑම නිවසක්ම සහ ගොඩනැගිල්ලක්ම විනාශ කළේය. වාර්තා වූ මරණ දෙකක් සමඟ, පදිංචිකරුවන් 250 දෙනෙකුගෙන් යුත් ගම්මානය දැන් පාළුවට ගොස් ඇත.

දැන් ලිටන්වලින් සියයට 90ක් පමණ පිළිස්සී ඇති බව එම ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බ්‍රැඩ් විස් සමාජ මාධ්‍යවල ලියා තිබේ. ලැව්ගිනි සිදුවීම් 240 කට අධික ප්‍රමාණයක් එම පළාතේ වාර්තා වී ඇති අතර ඒවායින් බොහොමයක් තවද දැවෙමින් පවතී.

“එය බ්‍රිතාන්‍ය කොලොම්බියා පළාතේ, රොකී කඳුකරයේ, ග්ලැසියර ජාතික වනෝද්‍යානයේ නිවහනක් වන නමුත් මැද පෙරදිග [බටහිර ආසියාවේ] හෝ උතුරු අප්‍රිකාවට වඩා සාමාන්‍ය උෂ්ණත්වයක් පෙන්වයි” WMO හි ප්‍රකාශක ක්ලෙයාර් නුලිස් පැවසීය.

තාප වාර්තා තවත් ස්ථාන කිහිපයකම අළුත් වෙමින් තිබෙන බව  WHO 2021 ජුනි සඳහා වූ සුවිශේෂී තාපය පිළිබඳ වාර්තාවේ සඳහන් කොට ඇත.

යුරෝපයේ හා රුසියාවේ තත්වයන්ද යහපත් මට්ටමක නැත. ආක්ටික් කවයට ඉහළින් පැය 24 ක අඛණ්ඩ හිරු එළියක් ලැබෙන ගිම්හාන සූර්යාලෝකයේ දිනය වන ජූනි 20වන දින, යුරෝපා සංගමයේ කොපර්නිකස් චන්ද්‍රිකාව ආක්ටික් සයිබීරියාවේ භූමියේ උෂ්ණත්වයක් 48 ° C වාර්තා කළේය.

හරියටම මීට වසරකට පෙර, කලාපයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම උෂ්ණත්වය 38 °C වාර්තා විය. ආක්ටික් කවයට මදක් ඔබ්බෙන් සයිබීරියාවේ ටයිගා වනාන්තර හරහා ලැව් ගිනි සිය ගණනක් පැතිරෙමින් තිබුණි. මොස්කව්හි සහ බටහිර රුසියාවේ කලාප කිහිපයකද උෂ්ණත්වය සෙල්සියස් 120 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ෆින්ලන්තයේ ආක්ටික් ලැප්ලන්ඩ් ප්‍රදේශයේ වාර්තාගත වූ වැඩිම උෂ්ණත්වයෙන් පසුව, එහි කාලගුණ විද්‍යා ආයතනය විසින් 1844 පසු උණුසුම්ම මාසය ලෙස 2021 ජුනි මස තහවුරු කර තිබේ. ස්වීඩනය තෙවන උණුසුම්ම මාසය ලෙස ජුනි මස ප්‍රකාශයට පත් කළේය.

කලාප කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවන හෙයින් ස්පාඤ්ඤයේ ජනතාව කෞතුකාගාර වැනි වායුසමීකරණය කරන ලද පොදු අවකාශ වෙත පැමිණියහ.

ඓතිහාසික වාර්තාවන් බිඳ දමමින් උෂ්ණත්වයක් හැරුණු විට, වර්තමාන තාප තරංග පෙර නොවූ විරූ ලෙසින් කර ඇති කරුණු කිහිපයකි. උතුරු අර්ධගෝලය පුරා එකම කාලයකදී මෙවැනි සිදුවීම් බොහොමයක් සිදුවෙමින් පැවතීම ඉන් එක් ප්‍රධාන කරුණකි.

දැඩි තාප තරංග තත්වයන් ඉතා ඉක්මනින් ආරම්භ වී තිබීම අනෙක් ප්‍රධාන කරුණ වේ. සාමාන්‍යයෙන් ජූලි මාසයේ ගිම්හාන සමය, ‘සිසිල් මාසය වන ජූලි සහ අගෝස්තු මාසවල ඉහළ උෂ්ණත්වයක් වාර්තා විය. කොපර්නිකස් චන්ද්‍රිකා දත්ත වලට අනුව මැයි මස මුලදී ආක්ටික් ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ට වඩා ඉහළ ගොස් තිබේ.

මෙම තාප තරංග තීව්‍ර පමණක් නොව, ඒවා වැඩි කාලයක් රැඳී තිබීම සම්බන්දවත් විද්‍යාඥයින් කනස්සල්ලට පත්ව සිටි. ස්ථාන කිහිපයක දී, තාප වාර්තා පුළුල් ආන්තිකයකින් බිඳ දමා ඇත. ජුනි 29 වන දින, ලිටන්හි උෂ්ණත්වය 1987 දී වාර්තා වූ පෙර උණුසුම්ම දිනට වඩා 10.5°C වැඩි විය. බටහිර කැනඩාවේ ග්‍රෑන්ඩ් ප්‍රේරීහි එම වැඩිවීම 11.2°C ද විශ්මය ජනක ය.

ඩවුන් ටු අර්ත් විසින් කරන ලද විශ්ලේෂයෙන් පෙනී යන්නේ ජුනි මාසයේදී උතුරු ඇමරිකාවේ බටහිර ප්‍රදේශවල අවම වශයෙන් නගර 44ක තාප තරංග සෑම කාලයකම උෂ්ණත්ව වාර්තා මකා දමා ඇති බවයි.

Rajit Sengupta විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Roasted North: Why record-shattering heatwaves are burning the northern hemisphere නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.