මෙවර ජාත්‍යන්තර සත්ත්ව දිනය “වනාන්තර සහ ජීවනෝපායන්: මිනිසුන්ගේ සහ පෘථිවියේ තිරපැවැත්ම”  (“Forests and Livelihoods: Sustaining People and Planet.”) යන තේමාව යටතේ සැමරනු ලබයි.

මෙම දිනය සැමරිම සඳහා මූලික අදහස එලිදැක්වූයේ  වර්ෂ 1925  ජර්මනියේ දී වේ. 

1931 වර්ෂයෙන් පසු ජාත්‍යන්තර සත්ත්ව දිනය වෙත ලොවපුරා අවධානය යොමු විය. මෙසේ ජාත්‍යන්තර සත්ත්ව දිනයක් නම් කිරීමට ප්‍රධාන හේතුව වූයේ ඉතා වේගයෙන් ඉහළ යන ලෝක මිනිස් ජනගහනය හමුවේ සත්ත්ව සංහතියට සිදුවන බලපෑම් , සත්ත්ව අයිතිවාසිකම් හා ඔවුන්ගේ සුබසාධනය පිළිබඳ අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වූ බැවිනි.

මේ සඳහා ඔක්තෝබර් 04 වන දින නම් කිරීමට හේතු වූයේ පරිසර විද්‍යාව සහ සත්ත්ව කරුණාව පිළිබඳ වන ශාන්තුවරයා ලෙස සැළකෙන අසීසියේ ෆ්‍රැන්සිස් ශාන්තුවරයාගේ ප්‍රසාද මංගල්‍ය මෙදිනට යෙදී තිබීම ය.