ඉන්දියාව, අප්‍රිකානු රටවල් 5 ක වර්ෂාපතනය වැඩි වීම හේතුවෙන් බොහෝ දේදුනු දැකිය හැකි බව අධ්‍යයනයකින් හෙළි වේ.

ඊළඟ ශතවර්ෂය වන විට,  සමහර අප්‍රිකානු රටවල් සහ ඉන්දියාව ඇතුළුව ලෝකයේ බොහෝ ප්‍රදේශවලට තව තවත් දේදුනු දැකිය හැකි වනු ඇත. 

තවත් බොහෝ අයට ආලෝකමත් අහසක් දැකීමට නොහැකි වීම හෝ අඩුවෙන් දැකීම සිදු විය හැක. දේශගුණික විපර්යාස වර්ෂාපතනයට බලපාන අතර එය සෘජුවම අහසට බලපාන බැවින් වැඩිදුර සිතීමේදී එයතුල පෙනෙනා තරම් ආකර්ශනයක් නොමැත.

වැඩිවන හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් වලාකුළු ආවරණයේ සහ ද්‍රව වර්ෂාපතනයේ වෙනස්වීම්, සාමාන්‍ය ගෝලීය වාර්ෂික දේදුනු වල ශුද්ධ වැඩිවීමකට තුඩු දෙනු ඇතැයි පුරෝකථනය කර හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. 

මෙම පර්යේෂණය මෙහෙයවනු ලැබුවේ හවායි විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් විසින් වන අතර එය “ගෝලීය පාරිසරික වෙනස්වීම්” සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී.

2100 වන විට ගෝලීය වශයෙන් වසරකට දර්ශනය විය හැකි දේදුණු ප්‍රමාණය 4.0 % -4.9 % කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දේදුන්නක් යනු සාමාන්‍ය වායුගෝලීය දෘශ්‍ය සංසිද්ධියකි. එය ජල බිංදු හිරු එළිය වර්තනය කරන විට ඇති වන විවිධ වර්ණ සහිත චාපයකි. හිරු එළිය සහ වර්ෂාපතනය, එබැවින් දේදුනු සඳහා අත්‍යවශ්‍ය වේ.

අනාගතයේ සිදු විය හැකි වැඩි විමෝචන තත්ත්වයක් යටතේ ගොඩබිම් ප්‍රදේශවලින්  21-34% කට දේදුනු දින අහිමි වන අතර සියයට 66-79 % කට දේදුනු දින ලැබෙනු ඇතැයි පර්යේෂණය යෝජනා කරයි.

මධ්‍යම අප්‍රිකාව, මැඩගස්කරය සහ මධ්‍යම දකුණු ඇමරිකාව හැර, දේදුනු දින අහිමි වන ප්‍රදේශ 2100 වන විට අඩු සම්පූර්ණ වර්ෂාපතනයක් ඇති වනු ඇතැයි පුරෝකථනය කර ඇත. සියල්ලටම වැඩි වාර්ෂික වියළි දින සහ අඩු වාර්ෂික වලාකුළු ආවරණයක් ප්‍රක්ෂේපණය කර ඇත.

ඒ අනුව ඉන්දියාව දේදුනු දින ගණන වැඩි වන රටවල් අතරින් එකක් බව අධ්‍යයනය පවසයි. මාලි, නයිජර්, චැඩ්, සුඩානය සහ ඉතියෝපියාව වැනි අප්‍රිකානු රටවලට ද දේදුනු දින වැඩි වීමට ඉඩ ඇත.

දේදුනු ඇති වන උණුසුම් කලාප බොහෝ දුරට පිහිටා ඇත්තේ ඉහළ අක්ෂාංශවල හෝ ටිබෙට් සානුව වැනි ඉතා ඉහළ උන්නතාංශවල වන අතර, උනුසුම් වීම අඩු හිම සහ වැඩි වර්ෂාවකට තුඩු දෙනු ඇතැයි පුරෝකථනය කර ඇත.

දේදුනු ඇති වීමේ උණුසුම් ස්ථාන දෙකක්  ලෙස නැගෙනහිර බෝර්නියෝ සහ උතුරු ජපානය සැලකිය හැකි අතර එහි සමස්ත වර්ෂාපතනය වැඩි වන නමුත් වසරක් තුල  වැඩි වියළි දින ප්‍රමාණයක්ද දකිනු ඇත.

දේශගුණික විපර්යාස සමඟ සම්බන්ධ වන අයුරු

පොසිල ඉන්ධන දහනය වැනි මානව ක්‍රියාකාරකම් වායුගෝලය උණුසුම් කරන අතර එමඟින් වර්ෂාපතන රටාවන් සහ වර්ෂාපතන ප්‍රමාණයන් සහ වලාකුළු ආවරණය වෙනස් වේ.

මේ අනුව, දේශගුණික විපර්යාස, තෙතමනය වාෂ්පීකරණයට හා අභිසාරීතාවයට බලපෑම් කිරීමෙන් දේදුන්න සිදුවීමේ ව්‍යාප්තිය වෙනස් කරයි. මෙය වර්ෂාපතන රටා සහ වලාකුළු ආවරණය වෙනස් කරයි.

දේශගුණික විපර්යාස දේදුන්න නැරඹීමේ අවස්ථාවන්ට බලපාන්නේ කෙසේද යන්න තක්සේරු කිරීම සඳහා එක්සත් ජනපද පර්යේෂකයන් සමූහයා-මූලාශ්‍ර ඡායාරූපගත දේදුනු පිළිබඳ ගෝලීය දත්ත සමුදායක් සංවර්ධනය කරන ලදී. ඔවුන් ආනුභවික දේදුනු සිදුවීම් ආකෘතියක් ද පුහුණු කර එය වර්තමාන දේශගුණයට සහ අනාගත දේශගුණික අවස්ථා තුනට යොදා ගත්හ.

පර්යේෂකයන් විසින් 2004 පෙබරවාරි සහ දෙසැම්බර් 2013 අතර කාලය තුළ ලබාගත් වායුගෝලීය දේදුනු වල සත්‍යාපිත රූප 7,000කට වඩා වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය කරන ලදී. අධ්‍යයනයේ ඡායාරූප ඇන්ටාක්ටිකාව හැර ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැමිණ ඇත.

ග්‍රහලෝකය පුරා පිහිටි ස්ථානවල දේදුන්නක් ඇතිවීමේ වත්මන් සම්භාවිතාව ගණනය කරන ලදී. ඉන්පසු එය අනාගත දේදුනු අනුපාත ප්‍රක්ෂේපණය කිරීම සඳහා වර්ෂාපතනය, වලාකුළු ආවරණය සහ අනෙකුත් සාධකවල අපේක්ෂිත වෙනස්කම් වලට එරෙහිව මනිනු ලැබීය.

නමුත් නාගරීකරණය සහ තාක්ෂණයේ භාවිතය වැඩි වීම වැනි සමාන්තර ගෝලීය වෙනස්කම් ද දේදුනු නැරඹීමේ අවස්ථා අඩු කළ හැකිය.

දේශගුණික විපර්යාස හේතුවෙන් ස්පර්ශ කළ නොහැකි පාරිසරික ගුණාංගවල වෙනස්කම් සැලකිය යුතු විය හැකි අතර ඒවා සලකා බැලීම සහ අවම කිරීම වටින බව පර්යේෂණ යෝජනා කරයි.

Madhumita Paul විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Somewhere over the rainbow… climate impact is visible නම් ලිපියේ සිංහල පරිවර්තනයකි