පුංචි ඔයාලට හිතන්න පුළුවන්ද හැම ගහකටම තියෙන සමානකම මොකද්ද කියලා? එයාලා සතුන් වගේ නෙමෙයි. හැම ගහක්ම වැවෙන්නෙ එක තැනකට සවි වෙලා. එයාලා තමන්ට ඕනෙ කරන කෑ ආහාර එයාලගෙ පත්‍ර තුළම නිපදවගන්නවා. මේ ආහාර සුක්‍රෝස් කියලා තමයි හඳුන්වන්නෙ.

මේ ක්‍රියාවලිය හඳින්වන්නෙ.ප්‍රභාසංස්ලේෂණය කියලා. ඒ සඳහා එයාලා අවට වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුවයි හිරු එළියයි යොදාගන්නවා. මෙන්න මේ ක්‍රියාවලියෙදි තමයි අපිට හුස්ම ගන්න ඕන කරන ඔක්සිජන් වායුව නිපදවෙන්නෙත්.

ප්‍රභාසංස්ලේෂණය. ඡායාරූපය: ZooFari, Public domain, via Wikimedia Commons
ප්‍රභාසංස්ලේෂණය. ඡායාරූපය: At09kg, Wattcle, NefronusAt09kg: originalWattcle: vector graphicsNefronus: redoing the vector graphics, CC BY-SA 4.0 https://creativecommons.org/licenses/by-sa/4.0, via Wikimedia Commons


ඒ වගේම ඒ පත්‍ර උරාගන්න හිරු එළියේ ශක්ති ප්‍රමාණය අනුව තමයි පත්‍රවල පාට තීරණය වෙන්නෙ. ගොඩක් පත්‍ර වලට පොදු පාට වෙන්නෙ කොළ. ඒ ක්ලෝරෆීල් කියන වර්ණකය නිසා.


සමහර ගස් බීජ දරනවා. සමහර ගස් වල එහෙම වෙන්නෙ නැහැ. බීජ දරන ගස් වල මුල් පොළව යටට යනකම් තියෙනවා. මේ මුල් වතුරත් පෝෂ්‍ය පදාර්ථත් උරාගන්නවා. මේ පෝෂ්‍ය පදාර්ථ ගස් දිගේ ඉහළට ගමන් කරලා ගහ වැඩෙන්න උදව් කරනවා.