ඔන්න රෝස ගහකුයි පොල් ගහකුයි තියෙනවා. ඒ දෙකම සොබාදහමෙ නිර්මාණ..  ඒත් කොහොමද ඒ දෙක එකිනෙකින් වෙනස් වෙන්නෙ? අන්න ඒ වගෙ ප්‍රශ්න වලට උත්තර විදියට තමයි විද්‍යාඥයින්,  සොබාදහම ගැන හොඳින් තේරුම් ගන්න පුළුවන් විදියට ජීවීන්ව කොටස් වලට වෙන් කරලා තියෙන්නෙ. ඉතින් මේ විද්‍යාඥයන් ජීවී ද්‍රව්‍ය එක එක කණ්ඩායම් වලට බෙදලා තියෙන්නෙ ඒවල තියෙන සමාන ලක්ෂණ අනුව.

මෙහෙම කණ්ඩායම් වලට වෙන් කරන එක තමයි ජීවීන් වර්ගීකරණය කියලා හඳුන්වන්නෙ. පුංචි ඔයාලට වර්ගීකරණය ගැන උදාහරණ ඕන තරම් දකින්න පුළුවන්. ඔන්න හිතන්න, ඔයාලා යනවා සෙල්ලම් බඩු සාප්පුවකට. එක පැත්තක තියෙනවා බෝනික්කො, තව පැත්තක කාර්… වීඩියෝ ගේම් තියෙන්නෙ තව වෙනමම පැත්තක. එක ජාතියෙ සෙල්ලම්බඩු එක ළඟ තමා තියෙන්නෙ. ඇයි මෙහෙම තියෙන්නෙ? ඒ හඳුනාගන්න ලේසි වෙන විදියට.

ඉතින් විද්‍යාඥයින් ජීවී දේවල් ප්‍රධාන කණ්ඩායම්, එහෙම නැත්තම් රාජධානි පහකට වෙන් කරලා තියෙනවා. මෙන්න තියෙනවා ඒ රාජධානි පහ.

ශාක රාජධානිය – ප්ලාන්ටේ. ඡායාරූපය: Pixabay.com
සත්ව රාජධානිය – ඇනිමාලියා. ඡායාරූපය: Pixabay.com
දිලීර රාජධානිය – ෆන්ගස්. ඡායාරූපය: Pixabay.com
ප්‍රොටෙස්ටා රාජධානිය. ඡායාරූපය: Maulucioni, CC BY-SA 4.0: Wikimedia Commons
මොනෙරා රාජධානිය. ඡායාරූපය: Pixabay.com

ඒ වගේම මේ රාජධානි ඇතුළෙ තවත් පොඩි කණ්ඩායම් බෙදලා තියෙනවා.

ඉතින් මේ එක එක ගැන අපි ඉස්සරහට දැනගමු.