සොෆියා: කොහොමද යාළුවනේ? ශාක සමඟ කතා බහක් වැඩසටහන මෙහෙයවන මම සොෆියා… මේ පාර අපි ඔයාලා හමුවට ගෙනල්ලා ඉන්නවා උණ බම්බු යාළුවො කීප දෙනෙක්…

Image Credit – https://kids.mongabay.com

අපි මුලින්ම කතා කරන්නෙ චීනයේ ලූ උණ බම්බුව එක්ක. කෝ…? ලූ අද මෙතන ඉන්න ඕනෙනෙ. මට එයාව පේන්නෙ නෑ. එයා එන්න පරක්කු වෙයිද දන්නෙ නෑ…

(එකපාරටම ලූ, උණ බම්බුවක් විදියට එකපාරටම බිමෙන් මතු වුණා)

ලූ: කොහොමද සොෆියා! මම පරක්කු වුණෙ නම් නෑ ! මම හැමදාම හිටියෙ මෙතන! අපේ ජාතියෙ උණ බම්බු පැළවෙන්නෙ විශේෂ භූගත කඳක් කියලා කියන රයිසෝමයකින්. දන්නවද දැන්, මම රයිසෝමයක්! රයිසෝමයකින් අපට ගොඩක් උණ ගස් ඇති කරන්න පුළුවන්. ඔන්න සොෆී මම ඔයාටයි මේ යාළුවො ඔක්කොටමයි පේන්න ඒක දැන් කරලා පෙන්වන්නම්!


Image Credit – https://kids.mongabay.com

ලූ 2 (එක පාරටම ලූ උණ බම්බුවේ තවත් අලුත් ගසක් පොළවෙන් උඩට මතුවුණා.): කොහොමද!

Lou 3 ඔන්න ආයෙ දෙවෙනි බම්බුවකුත් පොළවෙන් එළියට මතු වුණා.): නී හාඕ (මැන්ඩරින් භාෂාවෙන් ආයුබෝවන්)

සොෆියා: වාව් ලූ… ඔයාගෙ උණ බම්බු පුදුම වේගෙන් පැතිරෙනවා… ඔයාටත් පුළුවන්ද එච්චර වේගෙකින් වැඩෙන්න?

ලූ: ඔයා හිතන්නෙ අපිට වේගයෙන් වැඩෙන්න පුළුවන් කියලද? මේක බලන්නකෝ එහෙනම්!

Image Credit – https://kids.mongabay.com

සොෆියා: වාව්! ඔයා කොහොමද එහෙම දෙයක් කළේ?

ලූ: මම සාමාන්‍ය ජීවිතේදි ටිකක් වේගයෙන් වැඩෙන්න විශේෂ ප්‍රයෝග භාවිතා කරනවා… ඒත් සමහර උණ බම්බු වලට පැය 24 කින් අඩි 3 (මි.මී. 900)ක් වෙනකම් වැඩෙන්න පුළුවන්! අපි තමයි පෘථිවියේ වේගයෙන්ම වැඩෙන ශාක විශේෂය… ඒ විතරක් නෙමෙයි, අපේ සමහර අයට අඩි 90 (මීටර් 30) වෙනකම් වැඩෙන්න පුළුවන්…

සොෆියා: ඒක නම් හරිම සිත් ඇදගන්නා සුළුයි! උණ බම්බු කියන්නෙ ගස් වර්ගයක්ද?

ලූ: නෑ!

ලූ 2: ළඟකවත් නෑ !

ලූ 3: උණ බම්බු කියලා කියන්නෙ තණකොළ වර්ගයක්!

සොෆියා: මොනවා? මම කවදාවත් එහෙම දෙයක් අනුමාන කරන්නෙවත් නෑ! එතකොට උණ බම්බු ජීවත් වන්නේ කොහේද?

ලූ: යුරෝපයයි ඇන්ටාක්ටිකාවයි ඇරෙන්න හැම මහාද්වීපයකම ආවේණික උණ බම්බු විශේෂ ඉන්නවා. ඒත් මිනිස්සු අපිව ලෝකෙ පුරා හඳුන්වලා දීලා තියෙනවා…
මිනිඅසු උණ බම්බු වලින් එක එක දේවල හදනවා. ගොඩනැගිලි, ඇඳුම් පැළඳුම්, ආහාර… සොෆියා මොනාහරි දෙයක් ඉල්ලන්න, අපට ගොඩක් දුරට ඒක ඔයාට දෙන්න පුළුවන් වෙයි! අපේ උණ බම්බු වර්ග දාහකට වඩා තියෙනවා. අපට සම්පූර්ණ වනාන්තර පරිසර පද්ධති නිර්මාණය කරන්නත් පුළුවන්.

Image Credit – https://kids.mongabay.com

සොෆියා: අද දවසෙ අපිත් එක්ක එකතු වෙලා ඔයාලට කරන්න පුළුවන් පුදුමාකාර දේවල් ගැන අපි එක්ක කතා කිරීම ගැන ඔයාට ගොඩක් ස්තූතියි. ඉතින් අපි ඇවිල්ලා ඉන්නෙ ශාක සමඟ කතා බහක් වැඩසටහනේ අවසානෙට.

ලූ: ඔයා එක්ක කතා කරන්න ලැබුණ එක ලොකු සතුටක්!

ලූ 2: අපව මෙතන්ට ගෙන්වීම ගැන බොහොම ස්තූතියි!

ලූ 3: පරිස්සමෙන් ඉන්න!

Mongabay Kids හි පල වූ SOFIA TALKS WITH LOU BAMBOO නම් වැඩසටහනඇසුරෙනි.