පෘථිවියේ ජීවත් වෙන අපට සූර්යයාට වඩා වැදගත් කිසිවක් නැහැ. අපේ පෘථිවියේ ජීවය පවත්වගන්න සූර්යයා අත්‍යවශ්‍ය වෙනවා. ඒ මොකද දන්නවද? පෘථිවිය උණුසුම්ව තබා ගන්න විතරක් නෙමෙයි අපේ සියලුම පරිසර පද්ධතිවල ආහාර දාමයන් මෙහෙයවන්නෙ සූර්ය ශක්තියෙන්. සූර්යයාගේ ශක්තිය අපිට වඩාත් සෘජුව භාවිතා කරන්නත් පුළුවන්. ඒ භාවිත අතරින් විශේෂ දෙයල් විදියට අපිට ආහාර පිසින සූර්ය උඳුන් හඳුන්වන්න පුළුවන්.
බලන්න ඔයාලට තනියෙන් සූර්ය උඳුනක් හදාගෙන මේ කෑමක් හදන්න පුළුවන්ද කියලා?

ඇයි අපි සූර්ය උඳුනක් හදන්නෙ?

තිරසාර වීමට අමතරව, සූර්ය උඳුන්වල තව වාසි ගොඩක් තියෙනවා.

එය විවෘත ගිනිදැල් නිපදවන්නේ නැහැ. එය ආරක්ෂිතයි. ඕනෑම කෙනෙකුට උයන්න පුළුවන් – ඔයාලට වුණත් (ඒත් භාරකරුවෙකුගේ අධීක්ෂණය නම් අත්‍යවශ්‍යයි)!
එය අතේ ගෙන ‍යන්න පුළුවන් වගේම චාරිකා වලදී රැගෙන යන්න පුළුවන්. යන ගමන් උයන්න!
එය කරදරයකින් තොරව ආහාර පිසීමට ඉඩ සලසනවා. ආහාර ඇලැවෙන්නෙ හරි පිළිස්සෙන්නෙ හරි කලාතුරකින්
එය වායු දූෂණයක් ඇති කරන්නෙ නැහැ. ඒ වගේම පුනර්ජනනීය බලශක්තියක් භාවිතා කරනවා
ජලය පැස්ටරීකරණය කිරීමට සහ උපකරණ විෂබීජහරණය කිරීමට එය භාවිතා කරන්න පුළුවන්.

එහෙනම් දැන් ඔයාලගෙ අවස්ථාව!

අවශ්‍ය දේවල්

විශාල හතරැස් පෙට්ටියක් (අඩි 2 කට වඩා දිග)
විශාල පෙට්ටිය තුළට ගැළපෙන කුඩා චතුරස්‍රයක්
ඇලුමිනියම් තීරු(foil), පරිවරණය සඳහා පුවත්පත්
විශාල පෙට්ටියේ මුදුනේ ප්‍රමාණයේ වීදුරු පුවරුවක්
බේකින් රාක්ක
ටේප් සහ කළු තීන්ත

ක්‍රමය:

  1. කුඩා පෙට්ටියේ පතුල කළු පාට කරලා (මතක තබා ගන්න, කළු තාප ශක්තිය අවශෝෂණය කරනවා) ඇලුමිනියම් ෆොයිල් සමඟ ඇතුළත ඉතිරි පැති අලවන්න.
  2. කුඩා පෙට්ටිය විශාල පෙට්ටියේ තබන්න. ඉතා හොඳින් පෙට්ටි අතර සෑම පැත්තකින්ම අඟල් 1-2 ක පරතරයක් තබන්න. පුවත්පත් කැබලි කුඩු කර ඒවා පරතරය තුළ පුරවන්න (පරිවරණය සඳහා).
  3. ‘පරාවර්තක’ නිර්මාණය කිරීමට විශාල පෙට්ටියේ පියන ෆොයිල් වලින් ආවරණය කරන්න.
  4. වැඩිහිටියෙකුගේ උපකාරය භාවිතා කර වීදුරු පුවරුව අවශ්‍ය ප්‍රමාණයට කපා එහි පැති හතරෙන් තුනක් ටේප් භාවිතයෙන් ඉහළ මතුපිටට අලවන්න. (එය විවෘත කළ හැකි බැවින් ආහාර තබා ඉවත් කළ හැකිය) . ඔබට පිසීමට අවශ්‍ය ආහාර ග්‍රිල් එක උඩින් තබා එය පිස ගැනීමට උඳුන තුළ තබන්න (ඔබට ප්‍රමාණවත් හිරු එළිය සහිත ලස්සන ස්ථානයක් සොයා ගැනීමට වග බලා ගන්න).

 Down to Earth වෙබ් අඩවියේ The Young Environmentalist වෙත ලියන ලද Cooking with the Sun නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.