අවසාදිත තැන්පතු වැඩිවීම සහ ඉඩම් පරිහරණයේ වෙනස්වීම් නිසා පසුගිය සහස්‍ර හතර තුළ පාංශු හායනය සිදුව ඇත.

අධ්‍යයනයකට අනුව වසර 4,000කට පෙර කෘෂිකර්මාන්තය සහ වන විනාශය වැනි මානව ක්‍රියාකාරකම් ගෝලීය පාංශු ඛාදනය තීව්‍ර වීමට හේතු වී ඇත.

පසෙහි කාලගුණය සහ ඛාදනය, සහස්‍ර ගණනාවක සිට, වෙනස්වන දේශගුණික රටා සහ ලෝකයේ භූගෝලීය බලපෑම් මගින් පාලනය වන බව දැන සිටි කාරණාවක් වූ අතර, නව අධ්‍යයනයට අනුව ඒ සඳහා මානව ක්‍රියාකාරකම් සහ ඉඩම් පරිහරණය වෙනස් කිරීමේ බලපා ඇති බැව් පෙනී යයි.

පාංශු ඛාදනය දේශගුණයට සහ සමාජයට සෘජු බලපෑමක් ඇති කරන අතර එය පරිසර පද්ධතිවල ඵලදායිතාව අඩු කර පෝෂක චක්‍ර වෙනස් කරයි.

අධ්‍යයනය සඳහා, ජර්මනිය පදනම් කරගත් ලාභ නොලබන මැක්ස් ප්ලාන්ක් ආයතනයේ පර්යේෂකයන් කණ්ඩායමක් රේඩියෝ කාබන් කාල නිර්ණය කිරීමේ ක්‍රම භාවිතා කර ලොව පුරා විල් 600කට වැඩි ප්‍රමාණයක අවසාදිත තැන්පතු විශ්ලේෂණය කිරීමෙන් පාංශු ඛාදනයේ තාවකාලික වෙනස්කම් වාර්තා කර තිබේ.

මෙයින් සියයට 35 ක් පමණ වසර 4,000 කට පමණ පෙර වැඩිවන අවසාදිත සමුච්චය වීමක් පෙන්නුම් කළ බව මැක්ස් ප්ලාන්ක් ජෛව රසායන විද්‍යාව පිළිබඳ ආයතනයේ කණ්ඩායම් නායක නුනෝ කාර්වාල්හයිස් පැවසීය.

එයට හේතුව තේරුම් ගැනීම සඳහා ඔවුන් පරාග පොසිල වාර්තා විශ්ලේෂණය කරමින් ශාක වල අඩුවීමක් නිරීක්ෂණය කර ඇත.

මෙහි අඩුවීම පෙන්නුම් කළේ “ඉඩම් ආවරණ වෙනස්වීම්, විශේෂයෙන් ඉඩම් නිෂ්කාශන, උදාඅරණ ලෙස කෘෂිකර්මාන්තය සහ ජනාවාස සඳහා යොදාගැනීම නිසා , එය පාංශු හායනය හා ඛාදනය වීමට හේතු විය හැකි” බව විශ්ව විද්‍යාලයේ ප්‍රංශ භූ විද්‍යාඥ ජීන්-පිලිප් ජෙනී පැවසීය.

අධ්‍යයනය කරන ලද සියලුම ජල පෝෂක ප්‍රදේශවලින් සියයට 70 ක පාංශු ඛාදනයේ ප්‍රධාන සාධකය ලෙස භූමි ආවරණයේ වෙනස්වීම් හඳුනාගෙන ඇත. මෙයින් ඇඟවෙන්නේ කාර්මීකරණය පැමිණීමට බොහෝ කලකට පෙර සිටද මානව භාවිතයන් පාංශු ඛාදනය තීව්‍ර කර ඇති බවයි.

පාංශු ඛාදනය සඳහා හේතුවක් වන විල්වල අවසාදිත සමුච්චය වීමත් සමඟ මිනිස් ජනාවාසවල සමාජ-ආර්ථික වර්ධනයන් ද සහසම්බන්ධ වේ.

උදාහරණයක් ලෙස: යුරෝපයට වඩා උතුරු ඇමරිකාවේ පාංශු ඛාදනය ප්‍රමාද වී ඇත. මන්දයත්, උතුරු ඇමරිකාවට කෘෂිකාර්මික භාවිතයන් හඳුන්වා දුන්නේ යටත් විජිතකරණයෙන් පසුවය.

“ඊට පටහැනිව, ස්ථානවලින් සියයට 23 ක පාංශු ඛාදනය අඩුවීම, විශේෂයෙන් වසර 3,000 කට පෙර රෝමානු සහ චීන අධිරාජ්‍යයන් තුළ, වැඩි ජල භාවිතය සහ ගංගා කළමනාකරණ භාවිතයන් සමඟ සම්බන්ධ විය හැකිය” යනුවෙන් අධ්‍යයනය පෙන්වා දී ඇත.

DTE කාර්යමණ්ඩලය විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Deforestation, agriculture triggered soil erosion 4,000 years ago: Study නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.