තරුෂි පිටිගල විසිනි.

ගෝලීය පිය සටහන් ජාලයට අනුව, මේ වසරේ පෘථිවියට නැවත පිරවිය හැකි පුනර්ජනනීය ස්වාභාවික සම්පත් සියල්ල මානව වර්ගයා දැනටමත් භාවිතා කර ඇති දිනය ලෙස මේ වසරේ ජුලි 28 සනිටුහන් කර තිබුණි.

පෘථිවිය අතික්‍රමණ දිනය ගෝලීය පා සටහන් ජාලය විසින් ආරම්භ කරන ලද්දේ මානව වර්ගයා අපගේ ග්‍රහලෝකයේ පාරිසරික සීමාවන් තුළ ජීවත් නොවන බවට අනතුරු ඇඟවීමක් වශයෙනි. පෘථිවි අතික්‍රමණ දිනය යන්නෙන් අදහස් කරන්නේ පෘථිවියට වසරක් තුළ අලුත් කළ හැකි සියලුම ස්වභාවික සම්පත් අප භාවිතා කළ දිනයයි. 

පෘථිවි අතික්‍රමණ දිනය සංකල්පය ප්‍රථම වරට සංකල්පනය කරන ලද්දේ එක්සත් රාජධානියේ නව ආර්ථික විද්‍යා පදනමෙහි  ඇන්ඩෘ සයිමන් විසිනි, එය 2006 දී ගෝලීය පියසටහන් ජාලය සමඟ හවුල් වී ප්‍රථම ගෝලීය ‘පෘථිවි අතික්‍රමණ දිනය” දියත් කරන ලදී. ලොව විශාලතම සංරක්ෂණ සංවිධානය වන “ඩබ්ලිව්.ඩබ්ලිව් එෆ්”, 2007 වසරේ සිට පෘථිවි අතික්‍රමණ දිනය සඳහා සහභාගී වී ඇත.

ප්‍රථම පෘථිවි අතික්‍රමණ දිනය 1970 දෙසැම්බර් 30 දිනට යෙදී තිබුණි. වෙනත් වචන වලින් කිවහොත්, 1970, මිනිස් ජනගහනය බිලියන 3.7 ක් වූ විට (අද මෙන් අඩකටත් වඩා අඩුය.) මිනිසා විසින් ග්‍රහලෝකයට වසරකට ප්‍රතිජනනය කළ හැකි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කිරීමට පටන් ගත් වසර විය. 

සෑම වසරකම ආරම්භයේදී ජගත් පරිසර සංවිධාන එක්ව, එම වසරේදී මුළු වසර පුරාවටම පෘථිවියට නිපදවිය හැකි සියලු සම්පත්, මානව වර්ගයා පරිභෝජනය කොට අවසන් කරනු ලබන දිනය හා උපරිම ස්වභාවික සම්පත් ප්‍රමාණය ඇස්තමේන්තුගත කොට ඉදිරිපත් කරනු ලබයි. එම ඇස්තමේන්තුගත ස්වභාවික සම්පත් ප්‍රමාණයට අනුව එම වසරේ දින කොපමණ ප්‍රමාණයක් එම සම්පත් පරිභෝජනයට ගතවේද යන්න මගින්, පෘථිවි අතික්‍රමණ දිනය (Earth Overshoot Day) නම් වෙයි. 

ඒ අනුව 2022 වසරේ එම දිනය ජුලි මස 28 වෙනිදාට යෙදී තිබුණු අතර එයින් අදහස් වන්නේ 2022 ජුලි 28 වනවිට මුළු වසර තුල පෘථිවියේ පුනර්ජනනය කරන ස්වභාවික සම්පත් ප්‍රමාණය මානව වර්ගයා විසින් භාවිත කොට ඇති බවයි. ඒ අනුව මානවයා හට මේ වසරේ ඉදිරි දින කිහිපය ගෙවීමට සිදුවන්නේ ණය කරුවන් ලෙසටයි.

මිනිසා විසින් දැනට ස්වභාවික සම්පත් භාවිතා කරමින් සිටින්නේ පෘථිවියේ පරිසර පද්ධතිවලට ප්‍රතිනිර්මාණය කළ හැකි ප්‍රමාණයට වඩා 1.75 ගුණයක වේගයෙන් බවත් එම අගය පෘථිවි 1.75 ක් භාවිතා කිරීමට සමාන බවත් ගෝලීය පා සටහන් නම් ආයතනය සඳහන් කොට තිබුණි.

පෘථිවි අතික්‍රමණ දිනය ගණනය කරනු ලබන්නේ ජාත්‍යන්තර පර්යේෂණ සංවිධානයක් වන ගෝලීය පා සටහන් ජාලය ආයතනය වන අතර එය තීරණ ගන්නන්ට පෘථිවියේ පාරිසරික සීමාවන් තුළ ක්‍රියාත්මක වීමට සහ මානව ආර්ථිකයට උපකාර කිරීම සඳහා මෙවලම් මෙනුවක් සපයනු ලබයි. එක් එක් වසර සඳහා පෘථිවි අතික්‍රමණ දිනය තීරණය කිරීම ගෝලීය පා සටහන් ජාලය විසින් එම වසරේ මනුෂ්‍ය වර්ගයාගේ පාරිසරික පිය සටහන් සඳහා ලබා දිය හැකි දින ගණන ගණනය කරනු ලබයි.

ඇස්තමේන්තූන්ට අනුව මෙම දිනය යෙදී තිබුනේ පසුගිය සෑම වසරකදීම අවසාන කාර්තුවේ වුවත් 2019 වසරේ සහ මෙම වසරේදී එය වර්ෂය මැදට ආසන්න වීම ඉතා ඛේදජනක තත්වයකි. 2021 වර්ෂයේ මෙම දිනය ජුලි 28 දිනටත්  2020 වර්ෂයේදී එම දිනය අගෝස්තු 22 දිනටත්, 2010 වර්ෂයේ සිට 2019 දක්වා එම දිනය අගෝස්තු මාසයටත් 2000 සිට 2010 දක්වා එය අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයන් වලටත් ඊට පෙර දශකය වන 1990 සිට 2000 දක්වා එම දිනය ඔක්තෝම්බර් මාසයේත් විය. 1900ට පෙර එම දිනය නොවෙම්බර් හෝ දෙසැම්බර් ලෙස වසර අවසානයේ වීමත් විශේෂත්වයකි.

2022 වර්ෂයේ එක් පෘථිවි සීමාව තුළට අයත් වන්නේ රටවල් 60 ක් පමණි. එනම් එම රටවල් සඳහා පෘථිවි අතික්‍රමණ දිනයක් නොමැත. විශේෂත්වය වන්නේ එම රටවල් සියල්ල සංවර්ධනය වෙමින් පවතින රටවල් වීමයි.

එක්සත් රාජධානියේ මේ වසරේ පෘථිවි අතික්‍රමණ දිනය මැයි 19 දිනටත් අයර්ලන්තයේ අප්‍රේල් 21 දිනටත් නවසීලන්තයේ අප්‍රේල්  1 වන දිනටත් ඕස්ට්‍රේලියාවේ මාර්තු 23 සහ ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව: මාර්තු 13 දිනටත් ලෙස 2022 දී පහත රටවල් බොහොමයක් හි පෘථිවි අතික්‍රමණ දිනය, වසරේ මුල් භාගයේදීම සම්පුර්ණ කොට තිබුණි. 

වන විනාශය, පාංශු ඛාදනය, ජෛව විවිධත්ව හායනය සහ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය, මීතේන් විමෝචනය, වායුගෝලයේ හරිතාගාර වායූන් වැඩි වීම, දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම ගෝලීය පාරිසරික අධික වියදම්වල පිරිවැය වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතී. 

පෘථිවි අතික්‍රමණ දිනය සෑම වසරකම දින 5 ක් පසුපසට ගෙන යාමෙන් 2050 ට පෙර මානව වර්ගයාට එක් ග්‍රහලෝක ගැළපුමකට ළඟා වීමට ඉඩ සලසයි. එය “MoveTheDate” ලෙස නම් කොට ඇත. පරිසරයට හිතකර මානව ක්‍රියාකාරකම් සඳහා මාරු වීම මගින් පෘථිවි අතික්‍රමණ දිනය, වසරේ කොපමණ දින ප්‍රමාණයකට ආපසු ගෙන යා හැකිද යන්න පිළිබඳව ඇස්තමේන්තු ගත වාර්තාවක් ගෝලීය පියසටහන් ජාලයේ හි මුල පිරුමක් වන ‘පෘථිවි අතික්‍රමණ දිනය’ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.  

ඒ අනුව ෆොසිල ඉන්ධන දහනයෙන් CO2 විමෝචනය 50% කින් අඩු කිරීම මගින් මෙම දිනය දින 93 කින් පසුපසට ගෙන යා හැක. එමෙන්ම පෘථිවියේ සිටින සියලුම මානව වර්ගයා මාංශ පරිභෝජනය අවම කිරීමෙන් සහ ආහාර නාස්තිය අවම කිරීම මගින් මෙම දිනය, දින 38කින් පසු පසට ගෙන ය හැක. එමෙන්ම හෙක්ටයාර මිලියන 350ක වනාන්තර නැවත ස්ථාපනය මගින් පෘථිවි අතික්‍රමණ දිනය, දින 8කින් සහ අපගේ ගොඩනැගිලිවලින් අඩක් හරිත වහලවල් වලින් ආවරණය කිරීම පෘථිවි දින 1.6 කින් පසු පසුපසටත් ගෙන යනු ඇත. ගොඩබිමට ආසන්න මුහුදේ සුළං ටර්බයින භාවිතා කිරීමෙන් 2050 වන විට පෘථිවි අතික්‍රමණ දිනය, දින 1.2 කින් සහ වෙරළ තීරයේ සුළං ටර්බයින භාවිතා කිරීම මගින් පෘථිවි අතික්‍රමණ දිනය, දින 10කින් ගෙන යනු ඇත.

ස්මාට් නගර ගොඩනැගිලි, කාර්මික ක්‍රියාවලීන් සහ විදුලිය බෙදා හැරීම සඳහා පවතින තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නා අතර බලශක්ති දැඩි ප්‍රවාහනය මත යැපීම කපා හැරේ. මෙය ලොව පුරා ක්‍රියාත්මක කළහොත් පෘථිවි අතික්‍රමණ දිනය, දින 29 කින් පසු පසට ගෙන යා හැකිය. ලොව පුරා මීතේන් විමෝචනය කරන ගල් අඟුරු පතල් 3,000 න් 50% ක් මීතේන් ග්‍රහණය කර විනාශ කිරීමේ තාක්‍ෂණය ක්‍රියාත්මක කළේ නම්, අපට පෘථිවි අතික්‍රමණ දිනය, දින 2 – 4.5 කින් පසුපසට ගෙන යා හැකිය.

වඩා හොඳ පාපැදි පහසුකම් මගින් බයිසිකල් සංචාරවල අනුපාතය සියලුම සංචාරවලින් 35% දක්වා වැඩි කළ හැකි අතර, පෘථිවි අතික්‍රමණ දිනය, දින 9 කින් පසු පසට ගෙන යා හැකි අතර ෆොසිල ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන වාහනවලින් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන වෙත මාරු වීම වාතයේ ගුණාත්මක භාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරන අතර කාබන් විමෝචනය අඩු කරයි, වත්මන් විදුලි මිශ්‍රණය යටතේ පෘථිවි අතික්‍රමණ දිනය, දින 2.5 කට වඩා වැඩි කාලයක් පසු පසට ගෙන යයි. පිරිසිදු විදුලිය සමඟ ඒකාබද්ධව, දින ගණන ඊටත් වඩා විශාල වනු ඇත. 

එමෙන්ම 50% කින් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අඩු  කළහොත්, අපට පෘථිවි අතික්‍රමණ දිනය, දින 22 කින් පසු පසට ගෙන යා හැකිය.

ප්‍රවේශමෙන් සැලසුම් කිරීම සහ නිර්භීත ක්‍රියාවන් තුළින් තිරසාරත්වය ළඟා කර ගැනීම සඳහා නගර, ශක්ති, ආහාර, ජනගහනය සහ ලෝකය යන මුලික අංශ පහක් ‘ගෝලීය පියසටහන් ජාලය’ විසින් නම් කොට ඇති අතර පුනර්ජනනීය බල ශක්ති භාවිතය මෙන්ම හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සහ වනාන්තර සංරක්ෂණය මුලික කොට ගනිමින් තිරසාරත්වයට ලඟා වීමේ අවශ්‍යතාව පිළිබඳවත් ‘ගෝලීය පියසටහන් ජාලය’ ආයතනය විසින් ප්‍රකාශ කොට ඇත.