දිල්ලිය ඇතුළු උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල අපිරිසිඳු වාතය ආශ්වාස කිරීම හේතුවෙන් ආයු අපේක්ෂාව වසර 9 කින් අඩු වේ. මෙය වෙනස් කළ හැක්කේ දැඩි ප්‍රතිපත්තිමය වෙනස්කම් හා ක්‍රියාමාර්ග තුළින්ම පමණකි.

නව වාර්තාවක් හෙළි කරන පරිදි, කලාපයේ වායු දූෂණය අවම කිරීම සඳහා රැඩිකල් පියවර නොගතහොත් දකුණු ආසියාවේ වෙසෙන බිලියන දෙකකට ආසන්න ජනතාවගේ ජීවිතය තව වසර පහකින් දීර්ඝ කර ගත හැකිය.

චිකාගෝ විශ්ව විද්‍යාලයේ බලශක්ති ප්‍රතිපත්ති ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද වායු ගුණාත්මා ජීවිත දර්ශකයේ (AQLI – Air Quality Life Index) 2020 වාර්ෂික වාර්තාව අනුව වායු දූෂණය, කොවිඩ් 19 වසංගතයටත් වඩා දරුණු තත්වයක් වන අතර මෙම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට සඳහා ශක්තිමත් සහ තිරසාර ප්‍රතිපත්ති මාලාවක් අවශ්‍ය වේ.

ගෝලීය වශයෙන්, පිරිසිඳු වාතය පසුගිය දශක දෙක තුළ සාමන්‍ය ආයු අපේක්ෂාව වසර දෙකකින් අඩු කර ඇති අතර සමහර රටවල් එය සමතුලිත කරගෙන ඇතත් බොහෝමයක් ඔ රටවල් වල තත්වය නරක අතට හැරෙමින් පවතින බව මෙම වාර්තාව තවදුරටත් පවසයි.

ආර්ථික විද්‍යාඥයකු හා EPIC, AQLI හි සම නිර්මාතෘ වන මයිකල් ග්‍රීන්ස්ටන් ඒ පිළිබඳව දරන්නේ මෙවැනි අදහසකි.

“කොරෝනා වෛරසයේ තර්ජනය බරපතලයි. එය අවධානය දිනා ගැනීමට තරම් සුදුසු තරම් බරපතලයි. ඒ සමාන ශක්තියක් අවධානයක් වායු දූෂණය වෙනුවෙනුත් යෙදුවොත් ලෝකයේ ජීවත් වෙන බිලියන ගණන් ජනතාවට සෞඛ්‍ය සම්පන්න දිගු ජීවිත ගත කරන්න පුළුවන් වේවි.”

මෙම වායු ගැටළුව නිසා වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ දකුණු ආසියාවේ රටවල් ය. පාකිස්තානය, ඉන්දියාව, නේපාලය හා බංග්ලාදේශය යන රටවල්වල පසුගිය දශක දෙක තුළ වායු දූෂණය 44% කින් ඉහළ ගොස් තිබේ. ගෝලීය ජනගහනයෙන් හතරෙන් එකක් පමණ මෙම රටවල් හතර තුළ ජීවත් වන අතර දූෂණය හේතුවෙන් අහිමි ව ඇති ජීවිත කාලය 60% කි.

ලෝකයේ වඩාත්ම දූෂණය වී ඇති රට ලෙස නම් දරා ඇත්තේ බංග්ලාදේශයයි. ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් නියම කර ඇති අංශුමය වායු දූෂණ ප්‍රමිතීන් පවා අභිබවා ඇති බංගලාදේශයේ මිලියන 161 ක ජනතාවක් වාසය කරයි. එහි අයහපත් ප්‍රතිඵලයක් වශයෙන් ආයු අපේක්ෂාව වසර 6.2 කින් අඩුවන බැව් EPIC වාර්තාව පවසයි.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ ප්‍රමිතීන් සපුරාලන ආකාරය අනුව අපේක්ෂිත ආයු කාලය නිර්ණය කිරීමේ ක්‍රියාවලිය සැලකීමෙදී වායුවේ ගුණාත්මකභාවය අතින් දෙවැනියට නරකම රටවන ඉන්දියාවේ ආයු අපේක්ෂාව වසර 5.2 කින් අඩු වේ. ඉන්දියාවේ ජාතික ප්‍රමිතීන් (ලෝක සෞඛ්‍යය සංවිධානයේ ප්‍රමිතීන්ට වඩා අඩුවෙන්) සපුරා තිබුණ ද, ආයු අපේක්ෂාව තවත් වසර 2.3 කින් දිගු වන බැව් වාර්තාව පවසයි.

භයානක තත්වය

ඉන්දියාවේ සමහර ප්‍රදේශවල තත්වය ඉතා භයානකය. මිලියන 250 කට ආසන්න පදිංචිකරුවන් පීඩාවට පත්වන දූෂිතම අගනුවර වන දිල්ලියේ වායු දූෂණය, මිනිස් ආයු කාලය වසර 9.4 කින් හා උත්තර් ප්‍රදේශයේ ආයු කාලය වසර 8.6 කින් කෙටි කර ඇති බැව් වාර්තාව පැහැදිළි කරයි.

ඉන්දියාවේ ජනගහනයෙන් හතරෙන් එකක් වෙනත් කිසිදු රටක වාර්තා නොවූ පරිසර දූෂණයට නිරාවරණය වී ඇති අතර, වර්තමානයේ පවතින මෙම දූෂණ මට්ටම දිගටම පැවතුනහොත්, උතුරු ඉන්දියාවේ මිලියන 248 ක පදිංචිකරුවන්ගේ ආයු කාලයෙන් වසර අටකට ත් වඩා වැඩියෙන් අතුරුදහන් ව යනු ඇත.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ මාර්ගෝපදේශ සපුරාලීම වෙනුවෙන් සිය දූෂණය අවම කළ හොත් දිල්ලියේ ජනතාවට අවුරුදු 9.4 ක ආයු කාලයක් එකතු වීමට ඉඩ ඇති අතර, වායු දූෂණ මට්ටම් ඉන්දියාවේ ජාතික ප්‍රමිතීන්ට අනුකූල නම් අවුරුදු 6.5 ක් ද එකතු කර ගත හැක.

විශාලතම ඉන්දියානු නගර දහයේ 2018 PM2.5 සාන්ද්‍රණය, WHO මාර්ගෝපදේශයන්ට අනුව අවම කිරීමෙන් සිදුවන විභව වාසිය (මූලාශ්‍රය : EPIC) / The Third Pole

කාලයත් සමඟ අංශුමය දූෂණය (Particulate Pollution) ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇහි බැව් EPIC වාර්තාව අවධාරණය කරයි. 1998 සිට ඉන්දියාවේ සාමාන්‍ය අංශු දූෂණය 42% කින් ඉහළ ගොස් ඇති අතර එම කාලය තුළදී සාමන්‍ය පදිංචිකරුවකුගේ ජීවිතයෙන් වසර 1.8 ක ප්‍රමාණයක් අඩු වී ඇත.

මෑත වසරවලදී ඉන්දියාවේ පරිසර දූෂණය බරපතල ගැටළුවක් ලෙස පිළිගැනීමට පටන් ගෙන තිබේ. 2019 වසරේදී ෆෙඩරල් රජය විසින් ජාතික පිරිසිඳු වායු වැඩසටහන (NCAP- National Clean Air Programme) ප්‍රකාශයට පත් කරන ලද අතර එය 2024 වන විට 2017 මට්ටමට සාපේක්ෂව අංශු දූෂණය 20%-30% කින් අඩු කිරීම අරමුණු කර ගෙන තිබේ.

මෙම අඩුවීම සාක්ෂාත් කරගෙන පවත්වාගෙන යන්නේ නම් ඉන්දියාවේ සෞඛ්‍යය විශාල වශයෙන් වැඩි දියුණු වනු නැව් AQLI වාර්තාව පවසයි. රටපුරා සිදු කරන 25% ක අඩු කිරීමෙන් ඉන්දියාවේ ආයු අපේක්ෂාව වසර 1.6 කි හා දිල්ලියේ පදිංචිකරුවන්ගෙ ආයු අපේක්ෂාව වසර 3.1 කින් ඉහළ යනු ඇති නව EPIC පවසයි.

AQLI යනුවෙන් හැඳින්වෙන්නේ දූෂ්‍ය දර්ශකයක් වන අතර, එය අංශුන් මඟින් ඇති කරන වායු දූෂණය, ආයු අපේක්ෂාව සම්බන්ධයෙන් වන බලපෑම පෙන්නුම් කරයි. ග්‍රීන්ස්ටෝන් සහ ඔහුගේ EPIC කණ්ඩායම විසින් වැඩිදියුණු කරන ලද AQLI ව්‍යුත්පන්න කර ඇත්තේ වායු දූෂණයට දිගු කාලීනව නිරාවරණය වීම සහ ආයු අපේක්ෂාව අතර ඇති සම්බන්ධතාවය ප්‍රමාණාත්මක කිරීමට දායක වන මෑත කාලීන පර්යේෂණ වලින් ය.

වායු දූෂණය, හෘදය, පෙනහළු සහ අනෙකුත් ඉන්ද්‍රියයන්ට මාරාන්තික බලපෑමක් ඇති කරන අතර ක්ෂය රෝගය හා ඒඩ්ස් වැඩි බෝවන රෝග වලටත් වඩා එමෙන්ම චර්යාත්මක ඝාතකයන් වන දුම් පානය හා යුද්ධයටත් වඩා ආයු අපේක්ෂාවට බලපෑම් එල්ල කරන බව වාර්තාව ගෙන හැර දක්වයි.

පරිසර දූෂණයට එරෙහි යුද්ධයක් ආරම්භ වූ දා සිට ලෝකයේ දූෂණය අවම කිරීම සඳහා යොදා ඇති ප්‍රයන්තයෙන් හතරෙන් තුනක් ම චීනයෙන් පැමිණ ඇති බව වාර්තාව පවසයි. චීනය, වසර පහක් තුළ සිය දූෂණය 40% කින් අඩු කරගෙන ඇති අතර එම අඩුවීම තිරසාර නම් එමඟින් අපේක්ෂිත ආයු කාලයට වසර දෙකක් එකතු වන බැව් වාර්තාව තවදුරටත් පවසයි.

වසර පහක් තුළ චීනය සිය ආර්ථිකය අඛණ්ඩව වර්ධනය කර ගනිමින් දූෂණය අවම කළත් ඒ සඳහා දශක කිහිපයක් ගත කළ එක්සත් ජනපදය හා යුරෝපයේ ඇති වූයේ අවපාතයකි.

“යථාර්ථය මෙයයි. කිසිදු  වෙඩි පහරකින් වායු දූෂණය සමනය කරන්න බෑ.. විසඳුම තියෙන්නෙ ශක්තිමත් රාජ්‍ය ප්‍රතිපත්තියක් තුළ.”

ග්‍රීන්ස්ටෝන් පවසා ඇත.

මෙම ලිපිය මුලින් ප්‍රකාශයට පත් කර ඇත්තේ Third Pole හි හවුල්කාර වෙබ් අඩවියක් වන India Climate Dialog විසිනි. එහි කළමනාකාර කර්තෘ ලෙස මෙම ලිපිය ලියූ සෞම්‍ය සර්කාර් මහතා කටයුතු කරයි.

Soumya Sarkar විසින් The Third Pole වෙත ලියන ලද Air pollution robs people of over five years of life in South Asia නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.