නව කොරෝනා වයිරස් රෝගය (COVID-19) පැතිරයාමේදී පෙරට වඩා සත්ව විද්‍යාත්මක රෝග තේරුම් ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ මේ වනවිට විශේෂ අවධානයක් ලබාදී ඇත. අනාගතයේදී පැතිරිය හැකි වසංගත රෝගයන්හි ප්‍රභවයන් බවට පත්විය හැකි සතුන්, කුරුල්ලන් හා ගෘහාශ්‍රිත සතුන් මඟින් රෝග වළක්වා ගත හැක්කේ කෙසේදැයි සොයා බැලීමට විශේෂඥයින් අතර සම්බන්ධීකරණ ප්‍රයත්නයන්හි අවශ්‍යතාවය පිළිබඳව නව අධ්‍යයනයකින් හෙළිව තිබේ.

මෙම මැදිහත්වීම් වෛද්‍ය සහ පශු වෛද්‍යවරුන්ගේ සිට සරල චර්යාත්මක හා සමාජයීය විය හැකිය. නමුත් 2021 ජූලි 7වන දින ජීව විද්‍යාත්මක සමාලෝචනවල පළවූ අධ්‍යයනයට අනුව මෙහි රෝගකාරක මාරුවීමේ අවදානම බෙහෙවින් අඩු කරයි.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ, කොරෝනා වයිරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කළ හැකි විකල්ප 161 හඳුනාගෙන ඒවා ඒකාබද්ධ කළහ.

වන සතුන් සහ ගෘහස්ථ සතුන් යන සියලු වර්ගවල සතුන් මෙම අධ්‍යයනයට ඇතුළත් කර ඇත. පර්යේෂකයන් අවධානය යොමු කළේ රෝගකාරක බීජ, විශේෂයෙන් සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය කළ හැකි වෛරස් සහ වසංගත විභවයන් ලබා ගැනීමේ අවස්ථාව ඇතිවය.

විවිධ සම්ප්‍රේෂණ මාර්ගයන් ඔස්සේ පැතිර යා හැකි සත්ත්ව විද්‍යාත්මක රෝග අවදානම අවම කිරීම සඳහා සොයා බැලූ අතර, විසඳුම් පරිලෝකනය (විසඳුමකට පැමිණීමට දන්නා සියලු විකල්ප ලැයිස්තුගත කිරීම) භාවිතා කරන ලදී.

COVID-19හි රෝග කාරක වෛරසයවන SARS-CoV-2හි මූලාරම්භය සතෙකුගෙන් මිනිසුන්ට සත්ත්ව විද්‍යාත්මක සම්ප්‍රේෂණයක ප්‍රතිඵලයක් විය හැකිය.

සත්ව වෛරසයක් මිනිසුන්ට ආසාදනය වීමේදී විශේෂ මායිම් ඉක්මවා ගිය ආකාරය පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් ලබාගැනීම අනාගත සත්ත්ව විද්‍යාත්මක සිදුවීම් වැළැක්වීමට උපකාරී වේ. SARS-CoV-2 වෙනත් සත්ව විශේෂයකට පෙර අනුවර්තනය වී ඇත්නම්, අනාගතයේ නැවත ඉස්මතු වීමේ අවදානම පවතී.

වන සතුන්, ගෘහාශ්‍රිත සතුන් හෝ විදේශීය සුරතල් සතුන් සම්බන්ධ රෝග මාරු කිරීම පිළිබඳව අධ්‍යයනයන් කරන ලදී.

බොහෝ නැගී එන බෝවන රෝග මිනිස් නොවන අග්‍රේෂයන්, මීයන් සහ වවුලන් වැනි වන සතුන්ගෙන් ආරම්භ වූ අතර මෙම රෝග අතරමැදි සත්ව සත්කාරකයකු හරහා මිනිසුන්ට සම්ප්‍රේෂණය විය.

ඉබෝලා, වවුලන්ගෙන් සෘජුව හෝ අතරමැදි ධාරකයෙකු හරහා සම්ප්‍රේෂණය වී ඇති බවට යෝජනාව ඇති අතර මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය වවුලන් විශේෂයකින් ආරම්භ වූවක් විය හැකිය. තවද ඩ්‍රොමෙඩරි ඔටුවා, කැමලස් ඩ්‍රොමඩේරියස්හි අතරමැදි සත්කාරකයකු ලෙස කටයුතු කරයි.

ජෛව විවිධත්වය විනාශ කිරීම සහ වන සතුන් සහ වන සත්ව නිෂ්පාදන සමඟ මානව අන්තර්ක්‍රියා වැඩි කිරීම සත්ව විද්‍යාත්මක රෝග ඇතිවීමේ අවස්ථාව වැඩි කරයි.

සතුන්ගෙන් මිනිසුන්ට සත්ව විද්‍යාත්මක රෝග ඉස්මතු වීම අවම කිරීම සඳහා, අධ්‍යයනය විකල්ප හතරක් දෙස බලා ඇත:

  • සැපයුම් අතුරු මිනුම් (සතුන් නිෂ්පාදනය/ ලබා ගැනීම)
  • ප්‍රවාහනය සහ විකිණීම (නියාමන හා ව්‍යවස්ථාදායක පාලනය සම්බන්ධ ගනුදෙනු මැදිහත්වීම්)
  • පරිභෝජනය පාලනය කිරීම සඳහා පියවර (ඉහළ අවදානම් නිෂ්පාදනයක් භාවිතා කරන වාර ගණන අඩු කිරීම සඳහා ඉල්ලුම් පාර්ශව මැදිහත්වීම හෝ ඉහළ අවදානම් නිෂ්පාදන වලින් ඉල්ලුම අඩු අවදානම් සහිත ස්ථාන වෙත මාරු කිරීම)
  • සුදුසු සක්‍රීය පරිසරයක් නිර්මාණය කිරීමේ පියවර (තිරසාර හා අඩු අවදානම් නිෂ්පාදන සහ සහතික කිරීම සඳහා වෙළඳපොළවල් නිර්මාණය කිරීම)

දඩයම් කිරීම, වනජීවී වෙළඳාම සහ වෙළඳපොලවල් සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහාවන ඉල්ලීම වනජීවී ගෝලීය රටාව, ධීවර හා තිරසාර නිෂ්පාදන සඳහාවන වැදගත්කම මග අරවා යයි. වෙලඳපොලවල්, බොහෝ දෙනෙකුට නැවුම් නිෂ්පාදන සඳහා වගකීමක් දැරිය හැකි ප්‍රභවයකි.

මෙම විසඳුම නීතිවිරෝධී වනජීවී වෙළඳාම කෙරෙහි විශාල බලපෑමක් එල්ල කල හැකි අතර මිනිසුන්ට වසංගත විභවයක් ඇති, නැගී එන සත්ව විද්‍යාත්මක රෝග වැළැක්වීම සඳහා ඉහළ අවදානමක් ඇති වනජීවී වෙළඳාම තහනම් කිරීම වුවද ඇතුළත් විය හැකිය.

වනජීවීන්ගෙන් මහජන සෞඛ්‍ය සහ ගෘහස්ථ සත්ව සෞඛ්‍ය තර්ජන පිළිබඳ පර්යේෂණ ජෛව විවිධත්ව අර්බුදයට සමගාමීව කටයුතු කළ යුතුය. එහිදී පාරිසරික විපර්යාසය පිළිබඳ අපගේ අවබෝධය වැඩි දියුණු කිරීම සහ මෙම රෝග මතුවීමට හේතුවන සාධක කෙරේද අවධානය යොමුකළ යුතුය.

Susan Chacko විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද COVID-19: Need to relook human relationship with wild, domestic animals, says report නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.