ප්‍රංශය අලුත් නීතියක් සම්මත කරගෙන තියෙනවා. ඒ මොකක්ද දන්නවද? මිනිස්සු වැඩිපුර මෝටර් රථ භාවිතා කරන එක වළක්වන්න මෝටර් රථ වෙළඳ දැන්වීම් අනිවාර්ය කරලා තියෙනවා. ගෝලීය උණුසුම පාලනය කරන්න තමයි මෙම නියාමනය ක්‍රියාත්මක කරන්නෙ. ප්‍රංශ මෝටර් රථ වෙළඳ දැන්වීම් වලට විකල්ප ප්‍රවාහන මාධ්‍යයන් දිරිගන්වන පණිවිඩ තමයි ප්‍රදර්ශනය කරන්න ඕනෙ. උදාහරණ විදියට

“කාර්පූල් කිරීම සලකා බලන්න” – ‘Consider carpooling)
‘දිනපතා භාවිතය සඳහා, පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න.’ – For day-to-day use, take public transportation.’
‘කෙටි සංචාර වලට ඇවිදීම හෝ බයිසිකල් පැදීම තෝරාගන්න.’ – ‘For short trips, opt for walking or cycling,’

මෙම තීන්දුව මුද්‍රණ, රූපවාහිනිය, ගුවන්විදුලිය සහ අන්තර්ජාලය ඇතුළු සියලුම මාධ්‍යවලට බලපෑමක් ඇති කරනවා. පුදුමය කියන්නෙ, මෝටර් රථ සමාගම් මෙම නීතිය වෙනස් කරලා භාවිතා කරන්නේ ඒක විද්‍යුත් සහ ශුන්‍ය විමෝචන වාහන ප්‍රවර්ධනයට ප්‍රතිපලදායක හින්දා. මොනවා වුණත්, ඒ වගෙ සදාචාරාත්මක ප්‍රචාරණය කියන්නෙ නිවැරදි දිශාවට තියපු එක පියවරක්…


Sanvi Madan විසින් Young Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Eco Advertising නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.