• කීර්තිමත් විද්‍යාඥයෙකු හා පාරිසරික උපදේශකයෙකුවන ජේන් ගුඩාල්, 2021 වර්ෂය සඳහා වූ ටෙම්ප්ලේටන් ත්‍යාගයවන ඩොලර් මිලියන 1.5ක සම්මානයක් දිනාගත් අතර, එය “විද්‍යාවේ බලය උපයෝගී කරගනිමින් විශ්වයේ සහ මානව වර්ගයාගේ ගැඹුරුතම ප්‍රශ්න සහ එහි අරමුණු ගවේෂණය කිරීමට” ඇඟයීමක් වේ.
  • ඩෙස්මන්ඩ් ටුටු සහ දලයි ලාමා ඇතුළු කීර්තිමත් ජයග්‍රාහකයන්ගේ ලැයිස්තුවට ඇතුලත්වන ගුඩාල්ට මෙම සම්මානය හිමි වන්නේ ඇයගේ “විද්‍යාත්මක හා අධ්‍යාත්මික කුතුහලය” වෙනුවෙන් වේ. ඇය ආගමික චරිතයක් නොවන නිසා ත්‍යාගය සඳහා තෝරාගත් අසාමාන්‍ය තේරීමක් නියෝජනය කරයි.
  • ගුඩාල්ගේ ගෞරවය ඇයට ලැබෙන්නේ, බොහෝ ආගමික නායකයින්ද  ඔවුන්ගේ ඇදහිල්ලේ කොටසක් ලෙස සොබාදහම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය ගැන වැඩියෙන් කතා කරන හෙයිනි.

අග්‍රේෂ විද්‍යාඥයවරියක්, සංරක්ෂකවරියක් සහ ලෝක ප්‍රකට පරිසරවේදියෙකුවන ජේන් ගුඩාල්, 2021 වර්ෂය සඳහා වූ ටෙම්ප්ලිටන් ත්‍යාගයවන ඩොලර් මිලියන 1.5ක සම්මානයක් දිනා ගත් අතර, එය “විද්‍යාවේ බලය උපයෝගී කරගනිමින් විශ්වයේ සහ මානව වර්ගයාගේ ගැඹුරුතම ප්‍රශ්න සහ එහි අරමුණු ගවේෂණය කිරීමට” ඇඟයීමක් වේ.

ඩෙස්මන්ඩ් ටුටු (2013) සහ දලයි ලාමා (2012) ඇතුළු කීර්තිමත් ජයග්‍රාහකයන්ගේ ලැයිස්තුවට සම්බන්ධවන ගුඩාල්ට “විද්‍යාත්මක සහ අධ්‍යාත්මික කුතුහලය” සඳහා සම්මානයක් හිමිවිය. එමඟින් සත්ව බුද්ධිය සහ අප අවට ඇති පරිසර පද්ධති සහ එහි ජීවත් වන විශේෂ සමඟ මානව වර්ගයා සම්බන්ධ වන්නේ කෙසේද යන්න පිළිබඳ නව අවබෝධයක් ලබා දුන්නේය.

“ආචාර්යය ජේන් ගුඩාල් හට සම්මාන පිරිනැමීම ගැන අපි සතුටු වෙනවා. ඇයගේ සොයාගැනීම් සත්ව බුද්ධිය පිළිබඳ ලෝකයේ දෘෂ්ටිය ගැඹුරින් වෙනස් කර ඇති අතර නිහතමානී හා උසස් ආකාරයට මානව වර්ගයා පිළිබඳ අපගේ අවබෝධය පොහොසත් කර තිබෙනවා.” යැයි ජෝන් ටෙම්ප්ලේටන් පදනමෙහි සභාපති හීතර් ටෙම්ප්ලේටන් ඩිල් ප්‍රකාශ කළේය. “අවසානයේදී මගේ සීයා ජෝන් ටෙම්ප්ලේටන්, ඔහුගේ ජීවිත කාලය තුළ ලියු සහ කථා කළ දේ පිළිබඳ නිදසුනක් ලෙස නිහතමානිකම සහ අධ්‍යාත්මික කුතුහලය සොයාගැනීම, ඇගේ ක්‍රියාවන් පෙන්නුම් කරන්නට පුළුවන්”

ජෝන් ටෙම්ප්ලේටන් යනු 1954දී විවිධාංගීකෘත අන්‍යෝන්‍ය අරමුදලක්වන ටෙම්ප්ලේටන් වර්ධන අරමුදල ආරම්භ කළ ආයෝජකයෙකු හා දානපතියෙක් වේ. ඔහුගේ ජීවිත කාලය තුළ ඔහු පුණ්‍ය කටයුතු සඳහා ඩොලර් බිලියනයකට වඩා පරිත්‍යාග කළ අතර වාර්ෂික ටෙම්ප්ලේටන් ප්‍රදානය ලබා දෙනු ලබන ජෝන් ටෙම්ප්ලේටන් පදනමද පිහිටුවන ලදී. 

ගුඩාල් ත්‍යාගය සඳහා අසාමාන්‍ය තේරීමක් නියෝජනය කරන්නේ ඇය ආගමික චරිතයක් නොවන බැවිනි. ක්‍රිස්තියානි පවුලක හැදී වැඩුණු ගුඩාල්, ආගමට වඩා අධ්‍යාත්මිකය හොඳ යැයි හදුනා ගනී. එය ටැන්සානියාවේ වනාන්තරවල චිම්පන්සියන් හැදෑරීමේ අත්දැකීම් වලින් මතුවූ මතයක් බව ඇය පැවසුවාය.

“වැසි වනාන්තරයේදී සෑම විශේෂයකම අන්තර් සම්බන්ධතාවය ගැන සහ ඔවුන් එක් එක් කාර්යභාරයන් ඉටු කළ යුතු බව මම ඉගෙන ගත්තා, එහිදී ස්වාභාවික ලෝකය සමඟ ශක්තිමත් අධ්‍යාත්මික සම්බන්ධයක් මට දැනුණා.” ඇය ත්‍යාගය පිළිගැනීමේදී පැවසුවාය.

ගුඩාල්ගේ ගෞරවය ලැබෙන්නේ ඔවුන්ගේ ඇදහිල්ලේ කොටසක් ලෙස සොබාදහම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය ගැන ආගමික නායකයින් වැඩි පිරිසක් කතා කරන හෙයිනි. නිදසුනක් වශයෙන්, ෆ්‍රැන්සිස් පාප්තුමා දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සහ ලෝකයේ සම්පත් ගබඩා කිරීමේදී ආදිවාසීන් ඉටුකරන කාර්යභාරය හඳුනා ගැනීම සඳහා ප්‍රසිද්ධියේ උපදේශකයෙකු ලෙස පෙනී සිටින්නෙකු බවට පත්ව ඇති අතර, අන්තර් වැසි වනාන්තර මුලපිරීම මඟින් වනාන්තර සංරක්ෂණ කටයුතුවලට සහාය වීම සඳහා ආගම්වල නායකයින් එක්රැස් කරමින් සිටී. ගුඩාල් මෙම උත්සාහයද සම්බන්ධ වී ඇත.

ජේන් ගොම්බේ පිහිටි ඇගේ කූඩාරමේ සිය ක්ෂේත්‍ර සටහන් ලියමින්. ඡායාරූපය: ජේන් ගුඩාල් ආයතනය/හියුගෝ වැන් ලොයික්/Mongabay

ගුඩාල් පවසන්නේ ඇගේ ජීවිත කාලය තුළ දැනුවත්භාවය ඉහළ නැංවීම, සම්බන්ධතා ඇති කිරීම සහ පුළුල් පරාසයක පුද්ගලයන් සමඟ වැඩ කිරීම මඟින් මානව ස්වභාවය සහ විභවය පිළිබඳව ඇයට බොහෝ දේ ඉගැන්වූ බවයි.

“මිනිස් ස්වභාවයේ දෙපැත්ත ගැන මම තව බොහෝ දේ ඉගෙන ගෙන තිබෙනවා. එවිට නරක මිනිසුන්ට වඩා හොඳ අය සිටින බව මට ඒත්තු ගොස් තිබේනවා,” ඇය පිළිගැනීමේ ප්‍රකාශ හරහා පැවසුවාය. “කළ නොහැකි කාර්යයන් බොහොමයක් විසඳා සාර්ථක වී තිබෙනවා. අපගේ සැබෑ මානව හැකියාවන් ළඟා කර ගත හැක්කේ හිස සහ හදවත සමගියෙන් ක්‍රියා කළ විට පමණි. ”

Mongabay වෙබ් අඩවිය විසින් පල කරන ලද Jane Goodall wins Templeton Prize for work at intersection of science and spirituality නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.