• ඉන්දු පැසිෆික් කලාපයේ රටවල් හතරක බොහෝ ධීවර කුටුම්භ සඳහා කොරල්පරවලට වඩා මුහුදු තෘණ බිම් තෝරාගෙන ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වේ.
  • කාම්බෝජයේ, ටැන්සානියාවේ, ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ ධීවරයින් මුහුදු තෘණබිම් හඳුනාගෙන ඇත්තේ කොරල්පරවලට වඩා පහසුවෙන් ප්‍රවේශ විය හැකි, බොහෝ විට බෝට්ටුවක් අවශ්‍ය නොවන සහ දැල් වැනි උපකරණ වලට හානි වීම අඩු ස්ථාන බවටය.
  • කෙසේ වෙතත් ලොව පුරා මුහුදු තෘණ හා කොරල්පර, නිවර්තන වැසි වනාන්තර විනාශ වීමට වඩා ප්‍රතිවිරුද්ධ අනුපාතයකින් විනාශ වෙමින් පවතී. සෑම වසරකම ඊට අදාළ භූමි ප්‍රදේශයන්ගෙන් 7% ක් පමණ අහිමි වේ.
  • මෙම අධ්‍යයනය මගින්, සමුද්‍ර වාසස්ථාන ගැන හොඳින් දැනුවත් කොට කළමණාකරණය කිරීම, සාගර ජීවීන් සහ ඒවා මත යැපෙන මිනිසුන් සඳහා ඔවුන්ගේ තිරසාර බව සහතික කිරීම සඳහා කරුණු ඉදිරිපත් කිරීමද සිදුවේ.

ඉන්දු-පැසිෆික් රටවල් හතරක බොහෝ ධීවර කුටුම්භ සඳහා මුහුදු තෘණ තණබිම් තෝරා ගැනීමේ අවදානම, මෙම සමුද්‍ර වාසස්ථාන පිළිබඳ මීට වඩා හොඳ, දැනුවත් කළමණාකරණයක් ඉල්ලා සිටින බව පෙන්නුම් කරයි. 

කාම්බෝජය, ටැන්සානියාව, ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව යන නිවර්තන රටවල් හතරක වෙරළබඩ ගම්මාන 147 ක කුඩා පරිමාණ ධීවරයින් මූලික වශයෙන්, මුහුදු තෘණබිම් මත යැපෙන බව සොයා ගන්නා ලදී. මෙම වාසස්ථාන, විශ්වාසදායක, සුදුසු, හුරුපුරුදු සහ ප්‍රවේශ විය හැකි බවේ පහසුව හේතුකොටගෙන මේ තත්වයට පත්ව ඇත. සාගර හා වෙරළ කළමනාකරණ සඟරාවේ ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනය සඳහන් කළේ, මෙම සොයා ගැනීම කුඩා පරිමාණ ධීවර කර්මාන්තය පිළිබඳ සාමාන්‍ය සංජානනය ගැන නැවත සිතා බැලීමට පොළඹවන බවයි.

නිදසුනක් වශයෙන් ‘කොරල්පර, කඩොලාන, සාගරය, මඩ සහ පාෂාණ වැනි අනෙකුත් වාසස්ථානවලට වඩා මුහුදු තෘණ බිම්හි මසුන් ඇල්ලීම සම්භන්ධයෙන් අපි බහුතරයක් අකැමැතිය.’ යනුවෙන් පරිසර විද්‍යා පරිසර හා ශාක විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු වන ප්‍රධාන කර්තෘ බෙන්ජමින් ජෝන්ස් ස්ටොක්හෝම් විශ්ව විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඉන්දුනීසියාවේ බාලි ප්‍රදේශයේ ධීවරයෙක් බෝට්ටුවක් නොමැතිව මසුන් අල්ලන අයුරු. ඡායාරූපය: බෙන්ජමින් ජෝන්ස්/ මොන්ගාබේ 

“මෙය පුදුමයට කරුණක් වූයේ බොහෝ මිනිසුන් කොරල්පර ධීවර කර්මාන්තය, ප්‍රධාන නිවර්තන කලාපීය කුඩා පරිමාණ ධීවර කර්මාන්තය ලෙස සැලකුවද අප පෙන්නුම් කරන, ඇත්ත වශයෙන්ම ගෘහාශ්‍රිත මුහුදු තෘණ බිම් මෙම ධීවර කර්මාන්තයට භාවිතයට ගැනීම නිසාවෙනි” ජෝන්ස් වැඩිදුරටත් පැවසීය.

ජෝන්ස් සහ ඔහුගේ සගයන් විසින් 2012 සහ 2017 අතර 1,105 දෙනෙකු සමඟ සිදුකල සම්මුඛ සාකච්ඡා විශ්ලේෂණය කරමින්, ධීවරයින් 869ක් මුහුදු තණබිම් සහ කොරල්පර යන ප්‍රදේශවල කටයුතු කරන බවට හඳුනාගෙන ඇත. ධීවරයින්ගෙන් තුනෙන් දෙකක් පමණ මුහුදු තෘණ තණබිම් ඔවුන්ගේ මසුන් ඇල්ලීම සඳහා තනිකරම හෝ බහුවිධ විකල්පවල කොටසක් ලෙස භාවිතා කරන බවද ඔවුන් සොයා ගත්හ. ඊට අමතරව කොරල්පර, මඩ සහ වැලි වැනි උපස්ථර සහ ගැඹුරු ජල ප්‍රදේශද ඒ වටා ඇති වූ බවට පර්යේෂකයන් අනාවරණය කරගෙන ඇත.

මුහුදු තෘණ තණබිම් සඳහා ඇති මනාපය, විශාල අල්ලා ගැනීමක් සහ වැඩි මාළු ලබා ගැනීමේ අපේක්ෂාවන් ඇතුළත් බව ඔවුන් සොයා ගත්හ. බොහෝ ධීවරයින් මුහුදු තෘණබිම් කොරල්පරවලට වඩා පහසුවෙන් ප්‍රවේශ විය හැකි බවත්, බොහෝ විට බෝට්ටුවක් අවශ්‍ය නොවන බවත්, දැල් වැනි උපකරණවලට හානි කිරීමට ඇති ඉඩකඩ අඩු බවත් හඳුනාගෙන ඇත.

ධීවර කුටුම්භයන්, මුහුදු තෘණබිම් මත යැපීමට ඉන් ලැබෙන ආදායම දැඩි ලෙස බලපා ඇති බව අධ්‍යයනයෙන් හෙළි විය. මෝටර් බෝට්ටු හිමිකර ගැනීමට නොහැකි අයට සහ ස්ථිතික ධීවර වැට භාවිතා කරන අයට මුහුදු තෘණබිම් සම්පත් සපයයි.

ස්ථිතික මත්ස්‍ය වැටක්, වරක් සවි කළ පසු, සෑම දිනකම, ආම්පන්න ලබා ගත හැකි අයට විශ්වාසදායක මසුන් ලබා දෙමින් දවස පුරා මසුන් ඇල්ලීම දිගටම කරගෙන යයි. ඡායාරූපය: බෙන්ජමින් ජෝන්ස්/ මොන්ගාබේ 
ඉන්දුනීසියාවේ නොගැඹුරු මුහුදු තෘණබිමක ධීවරයෙක් මුහුදු ඉකිරියන් එකතු කරණ අයුරු. ඡායාරූපය: බෙන්ජමින් ජෝන්ස්/ මොන්ගාබේ 

මුහුදු තෘණ යනු දිය යට සපුෂ්ප ශාක වන අතර එය මුහුදු පැලෑටි සමඟ පටලවා නොගත යුතු අතර නොගැඹුරු වෙරළබඩ ජලයේ වර්ධනය වන අතර බොහෝ විශේෂවල තරුණ මසුන් සඳහා තීරණාත්මක තවාන් වාසස්ථානයක් සපයයි. ඔවුන් මුහුදු පිපිඤ්ඤා, කකුළුවන් සහ ඉස්සන් වැනි සාගර අපෘෂ්ඨවංශීන් සඳහා ද වැදගත් නිවහනකි. බොහෝ විද්වතුන් යෝජනා කරන්නේ මුහුදු තෘණ, කඩොලාන සහ කොරල්පර වාසස්ථාන සහිත සෞඛ්‍ය සම්පන්න වෙරළබඩ පරිසර පද්ධතියකට කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් ගබඩා කළ හැකි බවත්, ගොඩබිමෙන් එන අවසාදිත සහ සුන්බුන් පෙරීමටත්, වෙරළාශ්‍රිත ඝර්ෂණයෙන් ආරක්ෂා වීමටත් හැකි බවත්ය.

මුහුදු තෘණ යනු දිය යට වර්ධනය වන සපුෂ්ප ශාක වන අතර එය මුහුදු පැලෑටි සමඟ පටලවා නොගත යුතුය. නොගැඹුරු, වෙරළබඩ ජලයේ වර්ධනය වන මේවා, තරුණ මසුන් සඳහා තීරණාත්මක වර්ධන වාසස්ථාන ද වේ. තවද මුහුදු කූඩැල්ලන්, කකුළුවන් සහ ඉස්සන් වැනි සාගර අපෘෂ්ඨවංශීන් සඳහා ද වැදගත් නිවහනකි. බොහෝ ප්‍රවීණයන් යෝජනා කරන්නේ මුහුදු තෘණ, කඩොලාන සහ කොරල්පර වාසස්ථාන සහිත සෞඛ්‍ය සම්පන්න වෙරළබඩ පරිසර පද්ධතියකට කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් ගබඩා කළ හැකි බවත්, ගොඩබිමෙන් එන අවසාදිත සහ සුන්බුන් පෙරීමටත්, වෙරළාශ්‍රිත ඝර්ෂණයෙන් ආරක්ෂා වීමට හැකි බවත්ය.

කෙසේ වෙතත්, ගෝලීය ශාක හා සත්ව සංරක්ෂණ අධිකාරිය වන IUCN ආයතනයට අනුව, ලොව පුරා මුහුදු තෘණබිම් සහ කොරල්පර, නිවර්තන වැසි වනාන්තරවලට ප්‍රතිවිරුද්ධ අනුපාතයකින් අතුරුදහන් වෙමින් පවතී. දේශගුණික විපර්යාස, වෙරළාසන්න සංවර්ධනය, පරිසර දූෂණය සහ ආක්‍රමණශීලී විශේෂ පැතිරීම, මුහුදු තෘණබිම් වලට ඇති ප්‍රධානතම තර්ජන වේ.

ශ්‍රී ලංකාවේ මුහුදු තෘණ ධීවර කර්මාන්තය. ඡායාරූපය:සුසන්ත උඩගෙදර/මොන්ගාබේ 

ජෝන්ස් සහ සගයන් පවසන්නේ ඔවුන්ගේ අධ්‍යයනයෙන් අවධාරණය කරන මුහුදු තෘණබිම්, වඩා හොඳින් කළමනාකරණය කිරීම සඳහා වඩාත් ආනුභවික ගෘහස්ථ පරිමාණ දත්ත එකතුවක් අවශ්‍ය බවයි. කෙසේ වෙතත් එමගින් මෙම වාසස්ථාන ආරක්ෂා කිරීම, සාගර ජීවීන් සහ ඒවා මත යැපෙන මිනිසුන්ගේ තිරසාර බව සහතික කිරීමද සිදුකෙරෙනු ඇත.

“මිනිසුන් විවිධ හේතූන් මත මුහුදුතෘණ  භාවිතා කරයි. එබැවින් සියලුම මිනිසුන්ට, සෑම විටම, මුහුදු තෘණ සපයන සම්පත් වෙත සාධාරණ හා සමාන ප්‍රවේශයක් ඇති බව සහතික කිරීමට ඒවා ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ,”  මුහුදු තෘණ සංරක්ෂණ පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂක සහ අධ්‍යයනයේ සම කර්තෘ ලීන් කලන් අන්ස්වොර්ත් පවසයි.

Basten Gokkon විසින් Mongabay වෙත ලියන ලද Overlooked and at risk, seagrass is habitat of choice for many small-scale fishers නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.