• ශ්‍රී ලංකාවේ ඉහල යමින් පවතින ආර්ථික අර්බුදය, පරිසරයට සහ ජෛව විවිධත්ව සංරක්ෂණයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරන බවට විශේෂඥයින් අනතුරු අඟවයි.
  • උග්‍ර ඉන්ධන හිඟය හමුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තම මුර සංචාර වාහන සඳහා ඉන්ධන ලබා ගැනීම සලාකනය කිරීමට සිදුවන අතර, ජාතික වනෝද්‍යාන තුල සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායමද නැතිව ගොස් ඇත.
  • ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අහස උසට නැඟීම, දර සඳහා නීතිවිරෝධී ලෙස දැව කැපීම, මස් සඳහා දඩයම් කිරීම සහ වැලි ගොඩදැමීම වැනි පාරිසරික අපරාධවලට මංමුලා සහගත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවක් තල්ලු කළ හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති.
  • මෙම අර්බුදය, වෙහෙස මහන්සි වී උපයාගත් ජයග්‍රහණ අවලංගු කිරීමට සහ විමෝචනය අඩු කිරීමට, වන විනාශය අවසන් කිරීම සහ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම වැනි අනාගත කැපවීම් වලට, වල කැපීමේ මාර්ග වේ.

ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් ගැසී සිටින වාහන අතරේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ලකුණ සහිත වාහනද ඇත. ඔවුන් පොම්පය වෙත පැමිණීමට පෙර පැය තුනක් හෝ හතරක් පොලිම්ව සිටිනු ඇත. ඔවුන් වාසනාවන්ත නම් ඉන්ධන ලැබෙනු ඇත. නැතහොත් හිස් අතින් ආපසු යාමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානවල මුර සංචාරය කිරීම ඔවුන්ගේ කාර්යය වන අතර එම SUV රථ සඳහා වගකිව යුතු රේන්ජර්වරුන්, 1948 රට නිදහස ලැබීමෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙන මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් අතරද වේ. ඉන්ධන අර්බුදය අතරේ පැය ගණන් විදුලිය විසන්ධි කිරීම දෛනිකව සිදු වේ. ඒ හැරුනුකොට ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන්ද අහස උසට නැඟෙමින් තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, අර්බුදයෙන් පැන නැගුණු එක් ප්‍රශ්නයක් නම් ඊළඟට තම වාහන පුරවා ගැනීමට හැකි වන්නේ කවදාද යන අවිනිශ්චිතතාවයි. එනිසාම දැන් මුර සංචාර සීමා කිරීමට සිදුව ඇත.

“අපි උත්සාහ කරන්නේ ආරක්‍ෂිත ප්‍රදේශ තුළ මුර සංචාර අඩු කිරීමට නොවේ. නමුත් රටේ ඉන්ධන හිඟයක් පවතින විට අපි බෙහෙවින් අසරණයි,” DWC ප්‍රධානී චන්දන සූරියබණ්ඩාර පැවසීය. දැනට, එය එහි සේවකයින්ට ලබාදෙන ඉන්ධන සලාකනය කරයි. සූරියබණ්ඩාර පැවසුවේ “අපි අපේ අරමුදල් යොදවා දේවල් කරගෙන යාමට උත්සාහ කරනවා.”

DWC හි ආදායමෙන් වැඩි ප්‍රමාණයක් පැමිණෙන්නේ එය කළමනාකරණය කරන ජාතික වනෝද්‍යානවල සංචාරක ආදායම් මගිනි. නමුත් ඉන්ධන හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය මුලුමනින්ම පාහේ බිඳවැටී ඇත.

දිවයිනේ ආර්ථික අර්බුදය තවදුරටත් ගැඹුරු වන විට ඉන්ධන සඳහා දිගු පෝලිම් ශ්‍රී ලංකාව පුරා සුලභ දසුනක් වී තිබේ. ඡායාරූපය: තාරක දිල්ෂාන්/මොන්ගාබේ

කප්පාදු කරනු ලබන පර්යේෂණ

“ආර්ථික අර්බුදයකදී සාමාන්‍යයෙන් කප්පාදු කරනු ලබන්නේ පර්යේෂණ හා සංරක්ෂණ ක්‍රියාකාරකම් වන අතර මෙම වැදගත් කාර්යය අත්හැරීමට රජයේ සංරක්ෂණ ආයතනවලට ඉක්මනින්ම පීඩනය එනු ඇත” DWC හි අධ්‍යක්ෂ ජනරාල් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය සරත් කොටගම පැවසීය. 

ඉඩම් මංකොල්ලකෑම් සහ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් වැඩිවීමට තුඩු දෙන ඔවුන්ගේ මෙහෙයුම් සහ අධීක්‍ෂණය අඩු කිරීමට සංරක්ෂණ ආයතනවලට බල කෙරෙන බැවින් අවස්ථාවාදය වැඩි වනු ඇතැයි තමා බිය වන බව කොටගම පැවසීය.

අධික උද්ධමනය පරිසරයට බරක් වීමත් සමඟ තවත් මිනිසුන් ජීවත්වීම සඳහා මංමුලා සහගත ක්‍රියාවන්ට තල්ලු කිරීමට තර්ජනය කරන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ (CEJ) නිර්මාතෘ, පරිසර විද්‍යාඥයෙකු සහ සංරක්ෂණකරුවෙකු වන හේමන්ත විතානගේ පැවසීය.

“මිනිසුන් අමතර ආදායම් මාර්ග සොයා ගැනීමට උත්සාහ කරන අතර ස්වභාවධර්මය ගැන සැලකිල්ලක් නොදක්වයි. බොහෝ දෙනෙක් ස්වභාවික සම්පත් වෙත යොමු විය හැකිය” ඔහු පැවසීය. එහි ප්‍රතිඵලයක් ලෙස දඩයම් කිරීම, වැලි ගොඩදැමීම, වනාන්තර එළි පෙහෙළි කිරීම ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත.

විතානගේ මොන්ගාබී වෙත පැවසුවේ ආර්ථික අර්බුදය එක රැයකින් ඇති වූවක් නොවන බවත්, රජයේ දූෂණය, වැරදි කළමනාකරණය සහ මූල්‍ය විනය නොමැතිකම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ ගොඩනැගුණු බවයි.

“පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ පරිසරය දැඩි පීඩනයකට ලක් වූ බව අමතක නොකළ යුතුයි” ඔහු පැවසීය. “මේ අර්බුදය බොහෝ විට නිර්මාණය වුණේ දේශපාලකයන්ගේ උවමනාවට. උදාහරණයක් ලෙස බඩඉරිඟු වැනි සමහර භෝග ආනයනය නතර කිරීමේ අරමුණින් රජය විශාල වනාන්තර ඉඩම් ප්‍රමාණයක් කෘෂිකාර්මික කටයුතු සඳහා නිදහස් කළේය. බරපතළ ලෙස වැරදි ලෙස සැලසුම් කළ යෝජිත ව්‍යාපෘතිද ඒ අතර තිබුණා.”

ඉවුම් පිහුම් සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් හිඟය මධ්‍යයේ දර සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ නීති විරෝධී දැව කැපීම් ඉහළ ගොස් ඇත. ඡායාරූපය: ‘DWC අපේ පිටුව ෆේස් බුක් පිටුව’/මොන්ගාබේ

තවද “අනෙකුත් රාජ්‍ය වනාන්තර” (OSF) ලෙස හැඳින්වෙන අනාරක්ෂිත වනාන්තර, ප්‍රාදේශීය බලධාරීන්ට පැවරීමද සිදුවන බව විතානගේ පැවසීය. මෙම මුලපිරීමේ ප්‍රකාශිත අරමුණ කෘෂිකර්මාන්තය සහ සංවර්ධනය නංවාලීම, නමුත් එය පරිසරයට සැලකිය යුතු පිරිවැයක් දැරූ බවද ඔහු පැවසීය.

“ආර්ථික අර්බුදය උග්‍ර වන විට සහ ස්වභාවික සම්පත් කොල්ලකෑම උග්‍ර වෙමින් අනාගතයේ දී මෙම තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇත” විතානගේ පැවසීය.

ආර්ථික අර්බුදය පාරිසරික බලපෑම් තක්සේරු කිරීම් වැනි පාරිසරික ආරක්ෂණ ක්‍රම කෙරෙහි ද බලපානු ඇතැයි මීට පෙර IUCN හි විශේෂ පැවැත්ම පිළිබඳ කොමිසමේ නියෝජ්‍ය සභාපති ලෙස කටයුතු කළ වර්ග විද්‍යාඥයකු සහ ස්වභාව විද්‍යාඥයකු වන රොහාන් පෙතියාගොඩ මහතා පැවසීය.

“උදාහරණයක් ලෙස, අපගේ විදුලි අවශ්‍යතාව අනුව, අනාගත බලාගාර සඳහා පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය අතීතයේ දී මෙන් දැඩි නොවනු ඇත” පෙතියාගොඩ මොන්ගාබේ වෙත පැවසීය. “වැඩි වැඩියෙන් මිනිසුන් ඉන්ධන සඳහා දර වෙත යොමු වනු ඇත. එය වන විනාශයේ අනුපාතය කෙරෙහි බලපෑම් ඇති කරයි.”

දේශීය මුදල් කැණීම් සහ ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් අහස උසට නැඟීමත් සමඟ සාමාන්‍ය පුරවැසියන් නීතිවිරෝධී දැව කැපීම, දඩයම් කිරීම සහ වැලි ගොඩදැමීම වැනි පාරිසරික අපරාධවලට මංමුලා සහගතව තල්ලු කරනු ඇතැයි පරිසරවේදීන් අනතුරු අඟවයි.  ඡායාරූපය: ‘DWC අපේ පිටුව ෆේස් බුක් පිටුව’/මොන්ගාබේ

පාරිසරික ජයග්‍රහණ අඩාල කිරීම 

ශ්‍රී ලංකාවේ IUCN කාර්යාලයේ ප්‍රධානී ආනන්ද මල්ලවතන්ත්‍රි පැවසුවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව අත්කර ගැනීමට වෙහෙස මහන්සි වී ඇති පාරිසරික ජයග්‍රහණ කිහිපයක් අඩපණ කරනු ඇති බවයි. මේවාට බලශක්ති කාර්යක්ෂමතාව සහ වාතයේ ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රමිතීන්, රටේ විමෝචනය අඩු කිරීමේ ඉලක්කවලට අදාළ වැඩසටහන් සහ 2030 න් පසු එහි ජෛව විවිධත්ව කැපවීම්ද ඇතුලු තවත් බොහෝ දේ අඩංගු වේ.

“මෙම ප්‍රමුඛතා තවදුරටත් ප්‍රමුඛතා න්‍යාය පත්‍රයේ නොපවතිනු ඇති අතර සමහර ජයග්‍රහණ ආපසු හැරවිය හැකිය. තවද අපගේ ඉලක්ක සහ ප්‍රමුඛතා දැඩි ලෙස වෙනස් වේ,” මල්ලවතන්ත්‍රි මොංගාබේ වෙත පැවසීය.

“ඒ අතරම, ආපදා කළමනාකරණයේදී අප පවසන පරිදි, අපි අවධානයෙන් සිටියහොත් සහ අඳුරු වලාකුළේ ඈත රිදී රේඛාවක් සොයා ගන්නේ නම්, වඩා හොඳ දේවල් ගොඩනඟා ගැනීමට අපට අවස්ථාවක් තිබේ,” ඔහු තවදුරටත් පැවසීය.

රාජ්‍ය නොවන සංවිධානයක් වන Environmental Foundation Limited (EFL) හි සභාපති එරික් වික්‍රමනායක පැවසුවේ, ශ්‍රී ලංකාවට එහි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස, සමුද්‍ර හා භෞමික සංරක්ෂණ වැඩසටහන් සමඟ සම්බන්ධ වූ ස්වෛරී ණය තුලින් ඊනියා නීල හරිත බැඳුම්කර නිකුත් කොට ප්‍රතිලාභ ලැබිය හැකි බවයි. පරිසර සංරක්ෂණ සම්මුතීන් මෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සඳහා ශ්‍රී ලංකාවට බැඳීම් කිහිපයක් තිබේ. රට මෑතකදී ජලයෙන් 30%ක් ආරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කිරීමට ප්‍රතිඥා දුන් අතර වන විනාශය අවසන් කිරීම සම්බන්ධයෙන් බොන් අභියෝගයට අත්සන් තබා ඇත. පැරිස් ගිවිසුම යටතේ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමටද එහි ඇත.

“මේ සියල්ල නීල හරිත බැඳුම්කර පදනම් කරගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා කිරීමට යොදා ගත හැකිය.” වික්‍රමනායක මොන්ගාබේට පැවසීය.

ශ්‍රී ලංකාව ආර්ථික කඩාවැටීම සමඟ පොරබදමින් සිටින විට, පාරිසරික විශේෂඥයින් පවසන්නේ සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කිරීම නැති කර නොගත යුතු බවත්, මෙම වෙහෙස මහන්සි වී උපයාගත් ජයග්‍රහණ ආපසු හැරවිය යුතු බවත්, දිගුකාලීනව විසඳුම් වලට ශ්‍රී ලංකාවේ පාරිසරික ගැටලු වඩාත් අභියෝගාත්මක වන බවත්ය.

Malaka Rodrigo විසින් Mongabay වෙත ලියන ලද Sri Lanka’s environmentalists brace for economic meltdown’s toll on nature නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.