• අද ලන්ඩන් නුවර උත්සවයකදී ‘ලිනේන්’ පදක්කම ඉතිහාසයේ පළමු ශ්‍රී ලාංකිකයාට ප්‍රදානය කරන ලදී: 1888 සිට, එම පදක්කම වාර්ෂිකව උද්භිද විද්‍යාඥයෙකුට හෝ සත්ත්ව විද්‍යාඥයෙකුට පිරිනමනු ලැබේ.
  • ඇල්ෆ්‍රඩ් වොලස්ගේ සිට ස්ටීවන් ජේ ගෝල්ඩ් දක්වා ජයග්‍රාහී විද්‍යාඥයින්ගේ ලැයිස්තුව දිගුය. එහෙත් සත්ත්ව විද්‍යා අංශයේ 2022 ගෞරවාදරයට පාත්‍ර වූයේ වචනයේ පරිසමාප්තීය විද්‍යාඥයකු පමණක් නොවන ශ්‍රී ලාංකික කතුවරයකු, අධ්‍යාපනඥයකු සහ වර්ගීකරණ විද්‍යාඥයකුදද වන රොහාන් පෙතියාගොඩය. එතුමා IUCN හි විශේෂ පැවැත්ම පිළිබඳ කොමිසමේ නියෝජ්‍ය සභාපති ලෙස සේවය කළේය.
  • “ඔහුගේ නිමැවුම් සහ උත්ප්‍රේරක බලපෑම හරහා ශ්‍රී ලංකාවේ සහ ඉන් ඔබ්බෙහි ජෛව විවිධත්ව පර්යේෂණ කෙරෙහි කළ බලපෑම අධිතක්සේරු කළ නොහැක” යනුවෙන් සම්මාන කමිටුව ලියා ඇති අතර, මෙය එසේ වන්නේ මන්දැයි මෙම විවරණයේ කතුවරයා පැහැදිලි කරයි.
  • මෙම ලිපිය විවරණයකි. ප්‍රකාශිත අදහස් කර්තෘගේ අදහස් මිස මොන්ගාබේ අදහස් නොවේ.

‘ලිනේන්’ පදක්කම් ලාභීන්ගේ ඉතිහාසය දෙස බලන විට ඩාවින්ගේ සිට ස්වභාවික ඉතිහාසය, වර්ගීකරණය සහ ස්වභාව සංරක්ෂණය පිළිබඳ ඉතිහාසය දැකගත හැකිය.

මෙම පදක්කම නොබෙල් ත්‍යාගයේ කක්ෂයක් පෙන්වයි. එනම් එය 1973 සිට ප්‍රසිද්ධ ස්වභාව විද්‍යාඥයින් කිහිප දෙනෙකු වන නිකො ටින්බර්ජෙන්, කාර්ල් වොන් ෆ්රිස්ච් සහ කොනාර්ඩ් ලොරෙන්ස් සමඟ (සාම ත්‍යාග කාණ්ඩයේ අය හැර)  ජාත්‍යන්තර සහ මානව කේන්ද්‍රීයව කටයුතු කරන බැවිනි. ඔවුන් වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් අතර, මෙය ස්වභාවධර්මය අවබෝධ කර ගැනීම මානව සුභසාධනයට දායක විය හැකි බව පිළිගැනීමක් විය. නමුත් යම් ආකාරයකින් ලිනියානු පදක්කම ස්වභාව විද්‍යාඥයින් සඳහා වන නොබෙල් ත්‍යාගය ලෙස සැලකිය හැකිය.

ලිනියානු පදක්කම් ත්‍යාග හිමි අය අතරේ, රිචඩ් ඕවන් (“ඩයිනෝසෝරයන්” නිර්මාණය කළ), ඇල්ෆ්‍රඩ් වොලස් සහ ඩාවින්ගේ ආරක්ෂකයින් වන ජෝසෆ් හූකර්, තෝමස් හක්ස්ලි වැනි ජෛව විවිධත්ව ටයිටන්වරුන් සහ උද්භිද විද්‍යාවේ පියෙකු වන ඇල්ෆොන්ස් ද කැන්ඩෝල් යන අයද සිටී. ඒ අතරේ ජීව විද්‍යාඥයින්ට ඓතිහාසිකව අමතක නොවන ඇල්බට් ගන්තර්, අර්නස්ට් හේක්ල්, විලී හෙනිග්, ස්ටෙපන් ජේ ගෞල්ඩ්,   අර්නස්ට් මේයර්, ඇල්ෆ්‍රෙඩ් රෝමෙර්, විලියම් ස්ටිඅර්න් ඩී අර්චි තොම්සන් සහ ඩෙරෙක් යාල්ඩන් චරිත ද ඇත:

මෙම පදක්කම කිසි විටෙක ජාත්‍යන්තර සම්මානයක් ලෙස සංකල්පනය නොකළ නමුත්, දේවල් නම් කිරීම, ගෝලීය ගවේෂණය, පරිණාමය, පෘථිවි ඉතිහාසය සහ වර්ගීකරණය තුළ මුල් බැස ඇති ලින්නියන් සංගමයේ සාමාජිකත්වයේ ප්‍රවේශය පිළිබිඹු කරයි. වෙනත් තැන්වල ඇති ඕනෑම සම්මානයකට වඩා, විශේෂයෙන්ම එක්සත් ජනපදය තුල එය ඓතිහාසික පෙළපතකින් සමරනු ලබන නම් වලින්ම කැපී පෙනේ. පදක්කම්ලාභීන්ගේ සංචාර, අදහස් සහ තර්ක පමණක් නොව, ශාක, සතුන් සහ ඔවුන්ට පවරා ඇති කණ්ඩායම් ද එහි නම් කර ඇත.

1991 දී ප්‍රකාශයට පත් කරන ලද රොහාන් පෙතියාගොඩගේ “ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන්” කෘතියේ කවරය. ඡායාරූපය: මොන්ගාබේ

ත්‍යාගය දිනා ගැනීම සඳහා ලීනියන් සමාජය සමඟ සම්බන්ධ වීමට කිසි විටෙක අවශ්‍ය වූයේ නැත. නමුත්, සියලුම පදක්කම් මෙන්ම පවතින ස්වභාවවාදී ප්‍රජාව විසින් සපයන ලද සොයාගැනීම් සහ බලපෑම්වලට ස්තූතිවන්ත වන්නට, සමාජය සම්බන්ධව නාමයෝජනා පැන නැගී ඇත.

2022 දී ලීනියන් සංගමයේ සත්වෝද්‍යාන පදක්කම ශ්‍රී ලංකාවේ රොහාන් පෙතියාගොඩ වෙත ලැබී ඇත. එය දිවයිනේ පළමුවැන්නා නියෝජනය කරන අතර, සමහර විට ආසියාවෙන් දෙවන ත්‍යාගලාභියාද විය හැකිය. අතීතයේ දී ශ්‍රී ලංකාව සහ ආසියාව යන දෙකම ලිනියානු පදක්කම් සහ ජෛව විවිධත්ව ගවේෂණයේ විෂය පථය යටතට පත් විය. ඇල්ෆ්‍රඩ් රසල් වොලස් වැඩිපුරම සම්බන්ධ වූයේ මැලේ දූපත් සමූහය සමඟයි. ජෝසප් හූකර් හිමාලය සමඟ දැඩි ලෙස සම්බන්ධ වූ අතර අර්නස්ට් හේකල් ශ්‍රී ලංකාවේ කාලය ගත කළේ අදාළ භූගෝලීය චාරිකා අතරතුරයි.

20 වැනි සියවසේ ලිනියානු පදක්කම් දිනාගැනීමේ වැඩි අවධානයක්, ඊට පෙර යුගයට අයත් යැයි පෙනෙන දේවල් නම් කිරීමට වඩා ශාස්ත්‍රීය පරිණාමීය සහ වර්ගීකරණ විද්‍යාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ බවක් පෙනෙන්නට තිබූ හෙයින්, සියවසකට වැඩි කාලයකට පසු පෙතියාගොඩ. ආසියානු ක්ෂේත්‍රයකින් සුදුසුකම් ලැබුවේ කෙසේද?  ලීනියන් සමාජයෙහි හුදු සාමාජිකයෙකු ලෙස, මා වැනි අයට සම්මාන ලැබෙන්නේ කෙසේද යන්න ගැන කිසිවක් පැවසිය නොහැක. නමුත් කෙනෙකුට අපේක්ෂකයින් නම් කළ හැකිය.

ඔහුගේ අතිවිශාල නිමැවුම් අතරින්, ආසියාවේ ජෛව විවිධත්වයේ ඉතිහාසය ඉස්මතු කරමින්, නැගෙනහිර හා බටහිර යන දෙරටේ විද්‍යාඥයන්, කලාකරුවන්, සංචාරකයින් සහ ගවේෂකයන් එකට සම්බන්ධ කිරීමට විශාල දායකත්වයක් ලබා දී ඇත. 17 වැනි ශත වර්ෂයේ පමණ පටන් ඔහු දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ ජෛව විවිධත්වය පිළිබඳ ප්‍රමෝදයට පත් වූ, ප්‍රධාන වශයෙන් බටහිර රටවල විදේශ කටයුතු පිළිබඳ සැමරුමක් ලැයිස්තුගත කර කරළියට ගෙන ආවේය. ඔහුගේ ප්‍රකාශන ආයතනය වනජීවී උරුම භාරය (WHT), කලාපයේ කැපී පෙනෙන ස්වභාවික විද්‍යාඥයින්ගේ චරිතාපදාන සහ මතක සටහන් නිර්මාණය කර ඇත. “ලිනේයස් ගේ 300 වැනි සංවත්සරය සැමරීම සඳහා පෙතියාගොඩ විසින් රචිත ‘Pearls, Spices and Green Gold’, WHT ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ වන ජීවීන් සඳහා බොහෝ කැපී පෙනෙන දායකත්වයක් සපයමින් ප්‍රසිද්ධ විය.” අර්න්ස්ට් හැක්ල් පවසයි.

පෙතියාගොඩගේ අතිවිශිෂ්ට වර්ගීකරණ නිමැවුම ශ්‍රී ලංකාවේ පමණක් නොව සිංගප්පූරුව, දකුණු සහ අග්නිදිග ආසියාවේ සමහර කොටස්, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාවේද මිතුරන් සහ ආයතන සමඟ සහයෝගීතාවයකින්, පර්යේෂණ ඔස්සේ සම්බන්ධ කර ඇත. බ්‍රිතාන්‍ය පරිණාමවාදියෙකු වන රිචඩ් ඩෝකින්ස් හට ගෞරව කරමින් නම් කල මත්ස්‍ය වර්ගයක් වන Dawkinsia දැන් ජලධරයින් අතරද ජනප්‍රිය වී ඇත.

එසේ ගෞරවයට පාත්‍ර වූ එකම විද්‍යාඥයා රිචඩ් ඩෝකින්ස් නොවේ. අනෙක් අය අතර මැලකොලොජිස්ට් ෆ්‍රෙඩ් නාග්ස් ද ඇතුළත් ය. දකුණු සහ අග්නිදිග ආසියාව දැන් උභයජීවී විවිධත්වයේ උණුසුම් ස්ථාන ලෙස හඳුනාගෙන ඇති අතර මෙම කාර්යයට ස්තූතිවන්ත වන පරිදි නව ගෙම්බන් සිය ගණනක්, නව මත්සයින් දුසිම් ගනනක් සහ උරගයින් විශාල ප්‍රමාණයක් අඛණ්ඩව පරිණාමය වෙමින් පවතී. පෙතියාගොඩගේ පළමු පොත්වලින් එකක් වන ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් සඳහා වූ විස්තීර්ණ වර්ණ මාර්ගෝපදේශකය වැඩියෙන්ම අලෙවි වූ අතර එය විශාල කාර්යය් ආරම්භ කළේය. මාර්ක් ට්වේන් බොහෝ වාරයක් ව්‍යාකූල කොට ඇල්ෆා වර්ගීකරණයේ මරණය අතිශයෝක්තියට නංවා ඇත.

මේ අතර, 1990 ගණන්වල දී අනුමත කරන ලද ජීව විද්‍යාත්මක විවිධත්වය පිළිබඳ සම්මුතිය (CBD) වනජීවී පර්යේෂණ සහ ඇල්ෆා වර්ගීකරණයට, ගෝලීය ප්‍රශ්නකාරී ප්‍රතිලාභයක් ලබා දී ඇත. එය ජාන සහ ජාන තාක්ෂණය පිළිබඳ පුද්ගලික පේටන්ට් බලපත්‍ර පිළිබඳ බියෙන් ආරම්භ වූ අතර එය අවසන් වී ඇත්තේ “ජෛව මංකොල්ලකෑම” වටා ඇති වැරදි ප්‍රබෝධයකින් ය. ජීව විද්‍යාත්මක විවිධත්වය පිළිබඳ සම්මුතියේ වර්ගීකරණයට සහ ඖෂධ අංශය වැනි කර්මාන්තවලට ශ්‍රී ලංකාවේ සහ තවත් බොහෝ රටවල විධිවිධාන පිළිබඳ ඕනෑවට වඩා අර්ථකථනය කරමින්, සැක සහිත ලෙස වනජීවී හිමිකාරිත්වය ලබා දෙන බව පෙනෙන පරිදි කෙතරම් හානියක් සිදුකර ඇත්ද යන්න අගය කිරීමට පෙතියාගොඩ, විද්‍යාත්මක ප්‍රජාවට උපකාර කර ඇත.

‘පෙතියාගොඩ’ගේ උපුටා දැක්වීම:

“ජෛව මංකොල්ලකෑම් සම්බන්ධව මගේ තර්කය එය සිදුවිය නොහැකි බවයි. යමෙකු, කොහේ හෝ වැසි වනාන්තරයක් දෙස බලා විශාල වාණිජ වටිනාකමක් ඇති ජානයක් සොයා ගනු ඇතැයි සම්පූර්ණයෙන්ම සිතිය හැකිය. නමුත් එම පුද්ගලයාට එම ජානය සොයා ගැනීමට බැරි වීමට, අප ශ්‍රී ලංකාවේ ජීව විද්‍යාත්මක පර්යේෂණ සියල්ල වසා දමා තිබෙනවා. මේ රටේ ඕනෑම ආකාරයක ජීව විද්‍යාත්මක පර්යේෂණයක් කරන්න බලපත්‍රයක් ගන්න වෙනවා. මිනිසුන්, කොල්ලකරුවන්ගේ ජීව විද්‍යාත්මක සම්පත් වෙත යොමු වී ඇති බව විශ්වාස කරන නිසා එය විශාල ගැටලුවකි. එහි ප්‍රතිඵලයක් ලෙස බලපත්‍රයක් ලබා ගැනීම පාහේ කළ නොහැක්කකි. කෙසේ වෙතත් පාරිසරික ලොබිය විසින් පිහිටුවන ලද ජෛව මංකොල්ලකෑම් හිස්ටීරියාව, ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා අපට අවශ්‍ය පර්යේෂණවලට විශාල හානියක් සිදු කර ඇත.

දුප්පත් හෝ අඩු සම්පත් සහිත ප්‍රදේශවල වන සතුන් සම්භන්ධයෙන් වාණිජ හෝ විද්‍යාත්මක පුරසාරම් දෙඩීමට විදේශිකයන් අතර ආතතීන් සහ අන්තරායන් පවතින අතර, පෙතියාගොඩ විසින් ස්වභාවධර්ම ගවේෂණය සඳහා දේශීය හා විදේශිකයන් හවුල් ප්‍රවේශයක ඇති හොඳම වාසි ඉස්මතු කර ඇත. එය බොහෝ දේ ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලෝකයේ දිළිඳු ප්‍රදේශවලට පර්යේෂණ සහ සංරක්ෂණ ආදායම අවශ්‍ය වූ අතර වනජීවය පිළිබඳ පුළුල් ඇගයීමකට මග පාදයි. පෙතියාගොඩ අවධාරණය කිරීමට උපකාර කර ඇති පරිදි, දකුණු ආසියාවේ සමහර කොටස්වල හොට්ස්පොට්  තත්ත්වය ප්‍රකාශ කරන විට, යම් මට්ටමක දී, කලාපයේ වනජීවී නිධානයන් මුළු ලෝකයටම අයත් විය හැක. පැරිසියේ පදිංචිව සිටියදී, මොනාලිසා ලොව පුරා ප්‍රසිද්ධ වූ ආකාරයටම මෙය සිදු වේ. එසේ නොමැති නම් සිංහරාජ වනාන්තරය ජාත්‍යන්තර වැදගත්කමක් ඇති ජෛවගෝල (MAB) රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුත්තේ ඇයි?

මේ සම්බන්ධයෙන්, නැවත වරක් ඔහුගේ ප්‍රකාශන, චිත්‍රපට සහ පොඩ්කාස්ට් හරහා, වඩාත් උනන්දුවක් දක්වන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් දේශීය හා ජාත්‍යන්තර ප්‍රවීණතාවයන් නිර්මාණය කිරීමට සහ පෝෂණය කිරීමට උපකාරී වේ. වනජීවී උරුම භාරයේ සහ විද්‍යාත්මක නිමැවුම් හරහා ශ්‍රී ලංකාවේ නියෝජනය මාධව මීගස්කුඹුර, කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි සහ මොහොමඩ් බහිර් පමණක් නොව වුල්ෆ්ගැන්ග් එල්. වර්නර්, ඒ.ජේ.ජී.එච්. කොස්ටර්මන්ස් හෝ මාර්ක් එස්. ඇෂ්ටන් සහ තවත් ක්ෂේත්‍රයේ නායකයින් කිහිප දෙනකු අතින් සිදුවේ. එවැනි සහයෝගීතාවයන් සහ ජාත්‍යන්තර නිදර්ශක, ප්‍රකාශන, අදහස් සහ අරමුදල් හුවමාරු කර ගැනීම ශ්‍රී ලංකාවේ සහ තවත් එතෙර ජෛව විවිධත්වයේ පැවැත්ම සහතික කිරීම සඳහා මූලික වනු ඇත.

අවාසනාවකට දේශපාලනය, ආර්ථිකය, නීත්‍යානුකූලභාවය සහ දුර්වල ආකල්ප, අවම වශයෙන් නොදැනුවත්කම සහ ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රිකභාවයේ අසාර්ථකත්වය, ජෛව විවිධත්ව ආයතනයක් හෝ නිදර්ශකයන් නෙමැති නම් විශේෂඥතාව සහ අරමුදල් වැඩි වශයෙන් බෙදාගැනීම වැනි අභිලාෂයන් බොහොමයක් අඩාල කර ඇත. වැවිලි ආර්ථිකයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විශාල වනාන්තර ප්‍රදේශ කපා දැමූ බැවින් දැන් බොහෝ දේ අඳුරු වී ඇත. එය තේ මණ්ඩලයේ හිටපු ප්‍රධානියා ලෙස පෙතියාගොඩට ද හුරුපුරුදු දෙයක් විය හැකිය. ලීනියන් පදක්කම උද්දීපනය කිරීමට උපකාරී වනු ඇත්තේ, අනාගත විසඳුම් සෙවීමේදී ජෛව විවිධත්ව සම්භාරයක් සමගින් වාණිජ හා ව්‍යවසායයේ ඓතිහාසික උරුමය අගය කිරීමට රොහාන්ගෙන් ලැබුනු දායකත්වයයි.

“ශ්‍රී ලංකාවේ බොහෝ පරිසරවේදීන් කතා කරන්නේ නිකම්ය. එය කතා සාප්පුවකි. අද මම මෙහි කරන්නේ එයයි. නමුත් මම හිතන්නේ මෙය සාධාරණය කිරීමට මමත් යම් කාර්යයක් කරනවා. නමුත් අපගෙන් බොහෝ දෙනෙක් විද්‍යාව මත පදනම් නොවී, සත්‍ය මත පදනම් නොවන මත ප්‍රකාශ කරන අතර එය අපට විශාල හානියක් කර ඇති බවයි. ඒ වගේම, මම හිතන්නේ, ශ්‍රී ලංකාවේ පරිසරවාදය යහ මගට ගෙන ඒම සඳහා අප ආමන්ත්‍රණය කළ යුතු මූලික ප්‍රශ්නය වන්නේ යහපත් වැඩ කිරීම, පරිසරය පෝෂණය කිරීම සහ ආරක්ෂා කිරීම, වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ ප්‍රතිසාධනය කිරීම, හායනය වී ඇති භූ දර්ශන යථා තත්ත්වයට පත් කිරීම මගින් අපේ රට නැවතත් යහපත් මාවතකට ගෙන ඒමයි.

ඔහුගේ නවතම කෘතිය, එච්.සුදසිංහ සමඟින් ලියැවුණු ‘The Ecology and Biogeography of Sri Lanka’, දකුණු ආසියාවේ සත්ත්ව ඉතිහාසය ඇතුළුව අනෙකුත් ජීව විද්‍යාවන් අතර, මත්ස්‍ය දෘෂ්ටිකෝණයකින් ලියැවුනු පළමු ගැඹුරු අධ්‍යයනය වේ.

ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්ව උරුමයේ ඉරණම පිළිබඳ බරපතල සැකයන් නොතකා, ඔහුගේ කාර්යයේ උරුමය සහ ආභාසයන් ඉදිරි වසරවලදී බලපවත්වනු ඇත.

ලිනියානු පදක්කම සඳහා රොහාන් පෙතියාගොඩ තවත් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ සම-නම් කරන ලද්දේ රජිත් දිසානායක විසිනි. ඔහු ලේනුන් පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති අතර ලන්ඩනයේ බර්ක්බෙක්/ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ සේවය කරයි.

Rajith Dissanayake විසින් Mongabay වෙත ලියන ලද Sri Lankan wins Linnean Medal, the ‘Nobel Prize for naturalists’ (commentary) නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.