මේ විශේෂාංගයෙන් සත්ව ලෝකයේ දැවැන්තයින් විසි දෙනෙක් සම්බන්ධව රසවත් තොරතුරු ගෙන ඒමට අපි සූදානම්..
ලොකුම උරගයා – කරදිය කිඹුලා
- විශාලතම පිරිමි කරදිය කිඹුලා අඩි 23 දිග සහ රාත්තල් 2,205 ක බරක් වාර්තා කර ඇත.
- ගැහැණු සතුන් වඩා කුඩා වේ. ඔවුනගේ දිග අඩි 10 පමණ වන අතර බර රාත්තල් 330 ක් පමණ වේ.
- වැඩිහිටි කරදිය කිඹුලන්ට සාමාන්‍යයෙන් දත් 66 ක් ඇති අතර එය ලෝකයේ ඕනෑම සතෙකුගේ ලොකුම දෂ්ට පීඩනයයි.
- කරදිය කිඹුලන් බහුලව දක්නට ලැබෙන්නේ වෙරළබඩ ජලයේ හෝ ගංගාවල වන අතර මොවුනට පිරිසිඳු ජලයේ හා හා බ්රැකිෂ් ජලයේ (Brackish) පිහිනීමට හැකිය.
- කරදිය කිඹුලන්ට අවුරුදු 70 කට වඩා ජීවත් විය හැකිය.
- කරදිය කිඹුලන් යනු කකුළුවන්ගේ හා මාළුන්ගේ සිට කුරුල්ලන්, කැස්බෑවන්, ඌරන්, මී හරකුන් සහ මිනිසුන් දක්වා විවිධ විශේෂයන් ගොදුරු කර ගන්නා අවස්ථාවාදී සත්ව විශේෂයකි.
ලොකුම සත්වයා – නිල් තල්මසා
- නිල් තල්මසුන් පෘථිවියේ මෙතෙක් ජීවත් වූ විශාලතම සතුන් වන අතර උපරිම දිග අඩි 110 ක් පමණ වන අතර බර රාත්තල් 330,000 පමණ වේ.
- නිල් තල්මසුන්ට සාමාන්‍යයෙන් අවුරුදු 80 ත් 90 ත් අතර කාලයක් ජීවත් විය හැකිය.
- නිල් තල්මසුන් යනු සැතපුම් 1,000 ක් ඈතින් සිටින වෙනත් නිල් තල්මසුන්ට ඇසෙන ශබ්ද නිපදවිය හැකි පෘථිවියේ ඝෝෂාකාරීම සත්ව විශේෂයයි.
- නිල් තල්මසුන්ට දිනකට රාත්තල් 12,000 ක් (මෙට්‍රික් ටොන් 5.4) පමණ ආහාරයට ගත හැකිය.
- නිල් තල්මසුන් සාමාන්‍යයෙන් පැයට සැතපුම් 5 ක් පිහිනන නමුත් කෙටි පිපිරීම් (short bursts) වලින් පැයට සැතපුම් 20 කට වඩා පිහිනිය හැකිය.
පියාඹන ලොකුම කුරුල්ලා – කොරී බස්ටර්ඩ්
- අනෙකුත් පක්ෂීන් මෙන් නොව, කෝරි බස්ටර්ඩ් හට ප්‍රීන් ග්‍රන්ථියක් (Preen gland) නොමැති අතර, ඒ වෙනුවට නිපදවෙන කුඩක් මඟින් පිරිසිඳුව සිටීමට ඉඩ සැලසේ.
- වැඩුණු පිරිමි සතකු රාත්තල් 40 ක් පමණ බරකින් හා අඩි 4 ක පමණ දිගකින් යුතු වන අතර අඩි 9ක් පමණ දිගට තටු විහිදිය හැක.
- ගැහැනු සතකු රාත්තල් 15 ක් පමණ බරකින් හා අඩි 4 ක පමණ දිගකින් යුතු වන අතර අඩි 6ක් පමණ දිගට තටු විහිදිය හැක.
- මොවුන් බොහෝ විට ඉර එළියේ සහ දූවිල්ලේ ස්නානය කරයි.
- බොහෝ කුරුල්ලන් සාමාන්‍යයෙන් ජලය පානය කරන අතර කෝරි බස්ටර්ඩ් ජලය උරා බොයි.
- සාමාන්‍යයෙන් මෙම පක්ෂීන් නිහඬ මුත් ඔවුන් පුදුමයට පත් වූ විට,ගොරෝසු ශබ්ද නිකුත් කරයි.
- මොවුන් නිතරම සීබ්රා, ඇන්ටිලොප් සහ වෙනත් සතුන්ගේ රංචු අසල දැකිය හැකිය.
ලොකුම මිරිදිය මාලුවා – බෙලුගා ස්ටර්ජන්
- මීට වසර මිලියන 200 කට පමණ පෙර පරිණාමය වූ ස්ටර්ජන් යනු දැනට ජීවත්වන අස්ථි මසුන්ගේ වඩාත් “ප්‍රාථමික” වර්ගයකි.
- වැඩුණු මාළුවකු දිගින් අඩි 20ක් පමණ වන අතර බරින් රාත්තල් 3500ක් පමණ වේ.
- මොවුන් මිනිසුන් සමඟ සම්බන්ධ වීමෙන් වැළකී සිටින බව පෙනෙන තරමක් ලැජ්ජාශීලී සත්ව විශේෂයකි.
- මොවුනගේ ජීවිත කාලය අවුරුදු 50ක් පමණ වේ.
- බෙලූගා ස්ටර්ජන් යනු අවම වශයෙන් ක්‍රි.පූ 1,100 සිට එහි බිත්තරවල ගුණාත්මකභාවය සඳහා ආහාරයක් ලෙස දඩයම් කරන ලද මාළුවෙකි.
ලොකුම මාංශ භක්ෂකයා – එලිෆන්ට් සීල්
- එලිෆන්ට් සීල් සත්වයා අවුරුද්දේ මාස නවයක් පමණ ජලයේ ගත කරයි.
- ඔවුන් විශිෂ්ට පිහිනුම් ක්‍රීඩකයින් වන නමුත් ගොඩබිම සිටියදී ගමන් කරන්නේ අමුතු ආකාරයකිනි.
- මොවුන්ගේ වැඩුණු පිරිමි සතුන් දිග අඩි 20 පමණ වන අතර බර රාත්තල් 9,000 ක් පමණ වේ ගැහැනු සත්වයා ඊට වඩා තරමක් කුඩා ය.
- පිරිමි එලිෆන්ඩ් සීල් සතුන් Bulls ලෙසත් ගැහැනු සතුන් Cows ලෙසත් හැඳින්වේ. හැඳින්වේ.
- මෙම සතුන්ව වඳ වී යන තර්ජනයට මුහුණ දෙම තෙක්ම 19 වන සියවසේ දී දඩයම් කරන ඇත.
- එලිෆන්ට් සීල් සත්වයකු වයස අවුරුදු තුනේදී වැඩිහිටියෙකු බවට පත්වේ.
Comments are closed for this post.