එක්සත් ජනපදයේ ග්ලාස්ගෝහි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතියේ (UNFCCC) සමුළුවට පක්ෂ සම්මේලනයේ (CoP26) 26 වැනි සැසියේදී, රටවල් 104 ක් 2030 වන විට අවම වශයෙන් 30% කින් මීතේන් විමෝචනය අඩු කිරීමට පොරොන්දු වී ඇත.
2021 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය විසින් මෙම මුලපිරීම ප්‍රකාශයට පත් කරන ලද අතර එහිදී රටවල් නවයක් පමණක් ගිවිසුමට අත්සන් කර තිබුණි. එම රටවල් අතරට ආර්ජන්ටිනාව, ඝානාව, ඉන්දුනීසියාව, ඉරාකය, ඉතාලිය, මෙක්සිකෝව සහ එක්සත් රාජධානිය ඇතුළත් විය.
දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ නවතම වාර්තාවට අනුව මීතේන් හි වසරකට 0.3%ක අඩුවීමක් කාබන් ඩයොක්සයිඩ් සඳහා ශුද්ධ-ශුන්‍යයට සමාන වේ. මෙම මට්ටම අඩු කළහොත් අමතර උණුසුමක් සිදු නොවනු ඇත.
එම ප්‍රතිඥාව ගෝලීය මීතේන් ප්‍රතිඥාව ලෙස හැඳින්වේ. මීතේන් විමෝචනයේ තුන්වන විශාලතම ප්රභවය වන ඉන්දියාව අත්සන් කරනැත. අවම වශයෙන් අප්‍රිකාවේ රටවල් 22ක් ප්‍රතිඥාවට අත්සන් කරඇත.
ගිවිසුම කුමක්ද?
සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් දෙකම මෙම ගෝලීය ප්රතිඥාවේ කොටසක් වන අතර එය ව්‍යුහගත ගිවිසුමක් නොවේ.
බ්ලූම්බර්ග් දානපතීන්, ළමා ආයෝජන අරමුදල් පදනම (CIFF) සහ ඕක් පදනම ඇතුළු ප්රමුඛ පෙළේ දානපති සංවිධාන 20කට වඩා, 2021 ඔක්තෝම්බර් මාසයේදී, මීතේන් විමෝචනය අවම කිරීම සඳහා දැනටමත් ඩොලර් මිලියන 328ක අරමුදල් ආධාර ලබා දී ඇත.
“මීතේන් දේශගුණික විපර්යාස සඳහා ප්‍රධානතම හේතුව වන අතර මීතේන් කාන්දුවීම් නැවැත්වීම සහ විමෝචනය වේගයෙන් අඩු කිරීම අත්‍යවශ්‍ය වේ” යනුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ දේශගුණ අභිලාෂයන් සහ විසඳුම් සඳහා වන විශේෂ නියෝජිත සහ නිර්මාතෘ, බ්ලූම්බර්ග් එල්පී සහ බ්ලූම්බර්ග් දානපති මයිකල් ආර් බ්ලූම්බර්ග් පැවසීය.
ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ යුරෝපීය බැංකුව, යුරෝපීය ආයෝජන බැංකුව සහ හරිත දේශගුණික අරමුදල ද ව්‍යාපෘති සඳහා තාක්ෂණික සහ මූල්‍ය ආධාර සැපයීමට එකඟ වී ඇත.
ව්‍යාපෘතිය උදව් කරන්නේ කෙසේද?
“රටවල් පොරොන්දුව අනුව ලබා දෙන්නේ නම්, 2050 වන විට උෂ්ණත්වය අවම වශයෙන් සෙල්සියස් අංශක 0.2 කින් අඩු කළ හැකිය. 2050 දේශගුණ මධ්‍යස්ථභාවයට ළඟා වීමට නම් අපට විශාල ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍යයි. නමුත් අපට 2050 එනතුරු බලා සිටිය නොහැක,” ජනාධිපති වොන් ඩර් ලේයන් ප්‍රතිඥාව එළිදැක්වීමේදී සිය කතාවේදී පැවසීය.
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට අනුව කාර්මික විප්ලවයෙන් පසු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් අවම වශයෙන් 30% ක් මීතේන් විමෝචනය නිසා සිදු වේ. 1980 ගණන්වල වාර්තා තබා ගැනීම ආරම්භ වූ දා සිට එය වෙනත් ඕනෑම අවස්ථාවකට වඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයට අනුව නව කොරෝනා වයිරස් රෝගය (COVID-19) පැතිරීම පාලනය කිරීම සඳහා පනවා තිබු ඇදිරි නීති සමය අතරතුර වායුගෝලීය මීතේන් වැඩි විය.
2020 දී, 2020 සඳහා වායුගෝලීය මීතේන් හි වාර්ෂික වැඩිවීම බිලියනයකට කොටස් 14.7ක් (ppb) විය, එය 1983 දී ක්රමානුකූල මිනුම් ආරම්භ වීමෙන් පසු වාර්තා වූ විශාලතම වාර්ෂික වැඩිවීම වේ.
2020 දෙසැම්බර් සඳහා මීතේන්හි ගෝලීය සාමාන්‍ය බර 1892.3 ppb විය. මෙය 2000 සිට දශක 2ක් තුළ 119 ppb හෙවත් 6%ක පමණ වැඩිවීමකි. එමෙන්ම IPCC ට අනුව මීතේන් මගින් CO2 මෙන් 86 ගුණයකින් ලෝකය උණුසුම් කරයි.
“එබැවින්, මීතේන් විමෝචනය කපා හැරීම ආසන්න කාලීන ගෝලීය උෂ්ණත්වය අඩු කිරීමට සහ සෙල්සියස් අංශක 1.5ක් පවත්වා ගැනීමට අපට කළ හැකි වඩාත්ම ඵලදායී දෙයකි. එය මේ මොහොතේ පහසුවෙන් ළඟා විය හැකි අරමුණකි.” වොන් ඩර් ලේයන් පැවසීය.
2030 වන විට මිනිසා විසින් ඇති කරන මීතේන් විමෝචනය 45% කින් අඩු කිරීම මෙම සියවසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමේ පැරිස් ගිවිසුමේ ඉලක්කය සපුරා ගැනීමේ මාවතකට ලෝකය යොමු කරනු ඇත.
සෞඛ්‍යයට උපකාර කරයි
මීතේන් ඔක්සිකරණය වීමෙන් හානිකර වායු දූෂකයක් වන බිම් මට්ටමේ ඕසෝන් (දුමාරය) සෑදීමට වගකිව යුතුය.
එබැවින් මීතේන් අඩු කිරීම මගින් අකල් මරණ 260,000ක්, ඇදුම ආශ්රිත රෝහල් සායන වාර 775,000ක්, අධික උෂ්ණය හේතුවෙන් අහිමි වූ ශ්‍රම පැය බිලියන 73ක් සහ වාර්ෂිකව ටොන් මිලියන 25ක බෝග පාඩු වළක්වා ගැනීමට උපකාරී වනු ඇති බව UNEP සහ “Climate and Clean Air” විසින් නිකුත් කරන ලද ගෝලීය මීතේන් ඇගයුම පවසයි.
මීතේන් විමෝචනය නිරීක්ෂණය කිරීම සහ ගණනය කිරීම වැදගත් බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. යුරෝපීය කොමිසමේ සහාය ඇතිව UNEP විසින් 2021 ඔක්තෝබර් 31 දින දියත් කරන ලද ස්වාධීන ජාත්‍යන්තර මීතේන් විමෝචන නිරීක්ෂණාගාරය විසින් මෙය සිදු කරනු ඇත.
Kiran Pandey විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද CoP26: 104 countries promise to cut methane emissions; What is the global pledge about? නම් ලිපියේ සිංහල පරිවර්තනයකි
Comments are closed for this post.