එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ  (UNICEF) නව වාර්තාවකට අනුව, 2050 වන විට ලෝකයේ සියලුම දරුවන් පාහේ නිතර නිතර, දරුණු තාප තරංගවලට නිරාවරණය වනු ඇත.

දැනට, මිලියන 559ක් පමණ ළමුන් වාර්ෂිකව අවම වශයෙන් අනතුරුදායක තාප තරංග 4ට හෝ 5ට පමණ නිරාවරණය වන බව ද කෝල්ඩස්ට් ඉයර් ඔෆ් රෙස්ට් ලයිෆ් වාර්තාව පවසයි.

2020 දී එය, ළමුන්ගෙන් 24%ක් (බිලියන 1.5 ක පමණ වැඩිවීමකි). නමුත් 2050 වන විට එම සංඛ්‍යාව බිලියන දෙකකට වඩා 4 ගුණයකින් වැඩි වනු ඇත.

2050 දී සෙල්සියස් අංශක 1.7ක උනුසුම් වීමක් ඇස්තමේන්තු කර ඇත. අඩු හරිතාගාර වායු විමෝචන තත්වයක් යටතේ පවා “පෘථිවියේ සිටින සෑම දරුවෙකුම පාහේ” දරුණු තාප තරංගවලට මුහුණ දෙනු ඇත.

සෑම දිනකම උපරිම උෂ්ණත්වය, දේශීය දින 15ක සාමාන්‍යයෙන්, ඉහළම 10% තුළ පවතින විට තාප තරංගයක් යනු දින තුනක් හෝ ඊට වැඩි ඕනෑම කාල පරිච්ඡේදයකි.

ක්‍රීඩා සහ අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා වැඩිහිටියන්ට වඩා වැඩි කාලයක් ළමුන් එළිමහනේ ගත කරන බැවින්, දීර්ඝ තාප තරංග දරුවන්ට වැඩි අවදානමක් ඇති කරයි.

2020 වන විට සාමාන්‍ය තාප තරංග සිදුවීම්, දින 4.7ක් හෝ ඊට වැඩි කාලයක් පවතින ප්‍රදේශවල, ළමුන් 4 දෙනෙකුගෙන් 1 අයෙකු පමණක් ජීවත් වේ. මෙම ප්‍රතිශතය 2050 වන විට අඩු විමෝචන තත්වයක් යටතේ ළමුන් 4 දෙනෙකුගෙන් 3 දෙනෙකුට වඩා වැඩි වනු ඇත.

දකුණු, බටහිර සහ ගිනිකොනදිග ආසියාවේ, නැගෙනහිර සහ දකුණු යුරෝපයේ සහ උතුරු අප්‍රිකාවේ ළමුන් දිගු කාලීන තාප තරංග අත්විඳිති.

“උණුසුම් අංශක 2.4කදී දකුණු ඇමරිකාවේ, මධ්‍යම අප්‍රිකාවේ, ඔස්ට්‍රේලියාවේ සහ ආසියාවේ කුඩා ප්‍රදේශ පමණක් ඉහළ තාප තරංග කාලසීමාවකට නිරාවරණය නොවුනද, අනෙකුත් කලාපයන්හි ළමුන්ගෙන් 94%ක් ඊට නිරාවරණය වනු ඇත”

දරුවන්ට තාපය බලපාන පුළුල් ආකාර දෙකකි

  • සෞඛ්‍ය සහ යහපැවැත්ම සඳහා අවදානම
  • සමාජ හා අධ්‍යාපනික අවදානම

සෞඛ්‍යයට බලපානබලපාන තාප තරංග අවදානම් – තාප ආඝාතය, තාප ආතතිය, අසාත්මිකතා, නිදන්ගත ශ්වසන තත්වයන්, ඇදුම, මදුරුවන්ගෙන් බෝවන රෝග, හෘද වාහිනී රෝග, ඌන පෝෂණය සහ පාචනය.

පශ්චාත් කම්පන, ආතති, ආබාධ සහ මානසික අවපීඩන, ළමුන් හා නව යොවුන් වියේ වැඩිවන මානසික සෞඛ්‍ය ගැටලු සඳහාද අධික උෂ්ණත්වය බලපායි.

අධික උණුසුම දරුවන්ගේ අධ්‍යාපනයට සහ අනාගත ජීවනෝපායට බලපාන බව යුනිසෙෆ් වාර්තාව පවසයි.

උෂ්ණ තරංග ළමුන් අතර දුර්වල සෞඛ්‍ය සහ පෝෂණයට හේතු වන අතර අඩු අධ්‍යයනය, කාර්ය සාධනය සහ පැමිණීමට බලපායි. අධික උෂ්ණත්වය සහ අඩු සජලනය දරුවන්ගේ අවධානය යොමු කිරීමේ හැකියාවට බලපායි.

උෂ්ණ තරංග දරුවන්ගේ ආරක්ෂාවටද තර්ජනයක් වේ. තණබිම් සහ ගෘහාශ්‍රිත උල්පත් සිඳී යන විට ආහාර හා ජල සම්පත් සෙවීමට සහ ඒ සඳහා තරඟ කිරීමට ප්‍රජාවන්ට බල කෙරේ. එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන සංක්‍රමණය, අවතැන්වීම් සහ ගැටුම් හේතුවෙන් ළමුන් බරපතල ශාරීරික හානි සහ ප්‍රචණ්ඩත්වයේ අවදානම් වලට නිරාවරණය වේ.

සිම්බාබ්වේහි 19 හැවිරිදි Nkosi Nyathi පැවසුවේ, ඔහු දැවෙන හිරු යටතේ කිලෝමීටර් 5ක් පාසැලට පයින් යන බවයි.

“වියළි, තද රස්නයක සිට විභාග ලිවීම ගැන සිතන්න? නමුත් ඔවුන්, තවමත් ඉහළින් විභාග සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ” Nkosi පැවසීය.

මෙය තමාගේ සහ තම නගරයේ සිටින දහස් සංඛ්‍යාත පාසල් සිසුන්ගේ දෛනික ජීවිතය බව ඔහු පැවසීය.

යුනිසෙෆ්, දත්ත අනුවර්තනය සහ අවම කිරීමේ උපාය මාර්ග අනුගමනය කිරීම පිළිබඳව අවධාරණය කර ඇත. අවදානමට ලක්විය හැකි අයට ඔවුන් ආරක්ෂා කිරීමට අවශ්‍ය තීරණාත්මක සමාජ සේවාවන් අනුගමනය කිරීමට සම්පත් ඇති බව සහතික කිරීම අවශ්‍ය වේ.

රටවල් විසින් කළ යුතු බවට වාර්තාවේ සඳහන් දෑ

  • සමාජ සේවා දිරිමත් කරමින් දේශගුණික විනාසයෙන් දරුවන් ආරක්ෂා කිරීම
  • දේශගුණය වෙනස් වූ ලෝකයක ජීවත් වීමට දරුවන් සූදානම් කිරීම
  • දේශගුණික, මූල්‍ය හා සම්පත් සම්බන්ධයෙන් ළමයින්ට සහ තරුණයින්ට ප්‍රමුඛත්වය දීම
  • හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමෙන් දේශගුණික ව්‍යසනයක් වැලැක්වීම

දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේදී දේශගුණික අධ්‍යාපනය ඉතා වැදගත් බව ගිනියාවේ සිට 22 හැවිරිදි ඔමොයි හවා දියලෝ පවසයි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි ළමා දේශගුණික අවදානම් දර්ශකයට අනුව ගිනියාව 4වන වැඩිම බලපෑමට ලක්වූ රට වේ. අධික වර්ෂාව නිසා ගංවතුර ඇති වන අතර, බොහෝ දරුවන්ගේ ජීවිතද අහිමි වේ.

අනෙක් අතට නියං කාලවලදී ජලය නොමැතිකම නිසා වගාවන් විනාශ වී දරුවන් මන්දපෝෂණයට ලක්වන බව ඩයලෝ පැවසීය.

27 වන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ පාර්ශ්වයන්ගේ සම්මේලනය, පාඩු හා හානි පිළිබඳ ප්‍රගතිය අගුළු හැරිය යුතු අතර, දරුවන්ගේ සහ ඔවුන්ගේ ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව, ක්‍රියාව සහ සහාය පිළිබඳ සාකච්ඡාවේ කේන්ද්‍රස්ථානයේ තැබිය යුතුය.

Susan Chacko විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Nearly every child will face frequent heatwaves by 2050: UNICEF නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.