මීමැස්සන්, සමනලුන්, කුරුල්ලන්, වවුලන් වැනි පරාග වාහකයන් අඩු වීමෙන් ලෝකයේ ජෛව විවිධත්වය අවදානමට මුහුණ දෙමින් සිටින බව අප දන්නා කාරණයකි. නමුත් අප්‍රිකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල එය අවදානමෙන් වැඩි බව පෙනේ.

පරාග වාහකයන්ගේ සීඝ්‍ර පහත වැටීමට හේතු සහ බලපෑම් පිළිබඳ සිදුකල ගෝලීය අවදානම් අධ්‍යයනයක් විසින් අප්‍රිකාව, ආසියා පැසිෆික් සහ ලතින් ඇමරිකාවට මේ පිළිබඳව අනතුරු ඇඟවීම් සිදු කොට තිබේ.

මෙය එදිනෙදා ජිවන තත්වයන් කෙරෙහිද බලපාමින් පවතී. මන්ද අඩු ආදායම් ලබන රටවල ග්‍රාමීය ජනයා වනාන්තර ආශ්‍රිතව වැඩෙන ආහාර මත පෝෂණය වේ. පරාග වාහකයන් නොමැති වීමෙන් වල් පැලෑටි හා පලතුරු ශාක වෙත අවදානම් ඇතිවේ.

විශේෂයෙන් දකුණු අර්ධගෝලයේ මිලියන ගණනකට ආහාර සහ යහපැවැත්ම වැනි ‘පරිසර පද්ධති සේවා’ සහ ඩොලර් බිලියන ගණනක බෝග ඵලදායිතාව මෙම පහත වැටෙන ප්‍රවණතාවයෙන් තර්ජනයට ලක්ව ඇති බව අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.

එම පත්‍රයට අනුව යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ අවදානම ‘මධ්‍යස්ථ’ වේ. එයට හේතුව නම්, පරාගණය මත යැපෙන බෝග එතරම් පුළුල් ලෙස වර්ධනය නොවන අතර මෙම කලාප වල සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදනයට අඩු වැදගත්කමක් ඇති බව ය.

ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණය 2021 අගෝස්තු 16 වන දින ‘නේචර් ඉකොලොජි ඇන්ඩ් ඉවෝලුශන්’ සඟරාවේ පළ විය.

විවේචනාත්මක පැවැත්ම

ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වාර්තාවකට අනුව,  මීමැස්සන් සහ සමනලුන් වැනි අපෘෂ්ඨවංශික පරාගකාරක  විශේෂයන්ගෙන් සියයට 40ක් පමණම, ලොව පුරා වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටී.

අධ්‍යනයෙන් ආවරණය වූ කලාප හය තුළම පරාග වාහක විවිධත්වය නැති වීම සහ බෝග පරාග හිඟය බරපතලම අවදානම ලෙස හඳුනාගෙන ඇත.

මෙම තත්ත්වය පරාගනය වන භෝග, සැලකිය යුතු පෝෂණයක් මෙන්ම ජීවනෝපාය හා යහපැවැත්ම සඳහා මෙන්ම ආර්ථික වශයෙන් වැදගත් වන අප්‍රිකාව සහ ආසියා පැසිෆික් කලාපය සඳහා බලපා ඇත.

ලතින් ඇමරිකාවේ මී පැණි සහ වල් පලතුරු වැනි දැව නොවන නිෂ්පාදන පහත වැටීම කලාපය අවදානමට ලක් කරයි. එපණක් නොව යැපුම් කෘෂිකර්මාන්තය සහ ස්වාභාවික සම්පත් මත යැපෙන ආදිවාසීන් විශාල ප්‍රමාණයක් ද එහි සිටී.

මිනිසුන් සහ අනෙකුත් සතුන් සඳහා පෝෂණය සපයාදීම ඇතුළුව බොහෝ ප්‍රධාන භූමිකාවන් රැසක් මෙම කුඩා ජීවීන් ලෝකයේ පරිසර පද්ධති වෙත ඉටු කරනවා. ඔවුන් නැති වී ගියහොත් අපි දැඩි අසීරුතාවයකට පත් විය හැකි යැයි අධ්‍යයනයට නායකත්වය දුන් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ ලින් ඩික්ස් පැවසුවේය.

මෙම සොයා ගැනීම් වඩාත් වැදගත් වන්නේ ජෛව විවිධත්ව හා පරිසර පද්ධති සේවා පිළිබඳ අන්තර් රාජ්‍ය විද්‍යා ප්‍රතිපත්ති වේදිකාවේ 2016 තක්සේරු වාර්තාවට අනුව, පසුගිය අඩ සියවස තුළ පරාග වාහක මත යැපෙන ආහාර නිෂ්පාදනය සියයට 300 කින් ඉහළ ගිය බැවිනි.

පරාග වාහකයන් නැතිවීමේ ප්‍රතිඵලයක් ලෙස නිපදවිය හැකි ආහාර, තන්තු, හෝ බීජ ප්‍රමාණයෙන් හෝ ගුණාත්මක භාවයෙන් අඩු වීම අධ්‍යයනයේදී අවධාරණය කෙරෙන තවත් ගෝලීය අවදානමකි.

දේශගුණික විපර්යාස 

වාසස්ථාන විනාශ කිරීම, නුසුදුසු ඉඩම් භාවිතය, තෘණ වගාව, පොහොර යෙදීම සහ ගොවිතැන් බෝග වගා කිරීම සහ ඉහළ පළිබෝධනාශක භාවිතය සමඟ පරාග නාශක අඩු වීමට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත.

සපුෂ්ප ශාක, ඒවායේ පරාගකාරක සහ දේශගුණික විපර්යාස අතර සම්බන්ධයක් තහවුරු කරන විද්‍යාත්මක සාධක ඇත.

පරාග වාහකයන් අඩුවීම පිටුපස ඇති සිව්වන හේතුව වන්නේ දේශගුණික විපර්යාසයි. කෙසේ වෙතත්, මේ පිළිබඳ දත්ත සීමිත බව පර්යේෂකයන් විසින් ප්‍රකාශ කර ඇත.

අධික වර්ෂාපතනය, දේශගුණික විපර්යාස සහ උෂ්ණත්වය වැනි අයහපත් කාලගුණික තත්ත්වයන් දැනටමත් වගාවන්ට තර්ජනයක් වී ඇත. පරාග කාරක නැතිවීම පවතින අර්බුදයට තවදුරටත් දරුණු කරන බව ඩික්ස් පැවසීය.

අධ්‍යයනයට අනුව  පෙන්වා දෙන්නේ ඉදිරි දශක කිහිපය තුළ දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම වැඩි වන අතර පරාග වාහක පරිහානියේ අනෙකුත් ධාවකයන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

විද්‍යාඥයින් කියා සිටියේ දේශගුණ විපර්යාස අවම කිරීම සහ පරාග වාහක අනුවර්තනය වීම් පිලිබඳ පර්යේෂණ හා සංරක්‍ෂණ ක්‍රමෝපායන් කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.

Kiran Pandey විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Why the Global South needs birds and bees more than the North නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.