එක්සත් ජාතීන්ගේ ඒජන්සියකට අනුව, හරිතාගාර වායු තුනේම (කාබන් ඩයොක්සයිඩ්, මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ්) වායුගෝලීය මට්ටම්, 2021 දී සර්වකාලීන ඉහළම මට්ටමට ළඟා විය. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ විද්‍යාඥයන් පැවසුවේ තාප උගුලට හසු කර ගන්නා වායූන්ගේ සාන්ද්‍රණය අඛණ්ඩව ඉහළ යාමෙන් අදහස් වන්නේ “අපි වැරදි දිශාවකට ගමන් කරනවා” යන්න බවයි.

2020 සිට 2021 දක්වා කාබන්ඩයොක්සයිඩ් මට්ටම්වල වැඩිවීම පසුගිය දශකය තුළ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයට වඩා වැඩි විය. මීට වසර 40 කට පමණ පෙර ක්‍රමානුකූල මිනුම් ආරම්භ වූ දා සිට, මීතේන් සාන්ද්‍රණය වසරින් වසර බැලූකල, විශාලතම පිම්ම 2021 දී දක්නට ලැබුණු බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය, හරිතාගාර වායු බුලටින් ප්‍රකාශ කළේය.

මෙම මට්ටම් 2022 දී ලොව පුරා අඛණ්ඩව ඉහළ ගිය අතර, ලෝක කාලගුණ විද්‍යා සංවිධානයෙහි වායුගෝලය නැරඹුම් ජාල මධ්‍යස්ථානයේ මිනුම් වලින් එය පෙන්වයි.

විකිරණ බල කිරීම හේතුවෙන් අපගේ දේශගුණය උණුසුම් කිරීමේ බලපෑම, දිගුකාලීන හරිතාගාර වායු මගින් 1990 මට්ටම්වලට වඩා 50% කින් පමණ ඉහළ ගියේය. එහි CO2 වැඩිවීම 80% ක් පමණ විය.

මානව ක්‍රියාකාරකම් මගින් වායුගෝලයේ ඇති මෙම වායූන්ගේ ස්වභාවික සමතුලිතතාවය කඩාකප්පල් කිරීමට පෙර මෙම අගයන්, පූර්ව කාර්මික මට්ටම් වලට සාපේක්ෂව, පිළිවෙළින් 149%ක්, 262%ක් සහ 124%ක් විය.

CO2 මට්ටම ඉහළ යාමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ ෆොසිල ඉන්ධන දහනය සහ සිමෙන්ති නිෂ්පාදනයයි. 2020 දී කොවිඩ් ආශ්‍රිත වසා දැමීම්වලින් පසු ගෝලීය විමෝචනය යළිත් ඉහළ ගොස් ඇති බව වාර්තාව පවසයි.

ගොඩබිම් පරිසර පද්ධති සහ සාගර වල “ගිලී” ක්‍රියා කිරීමට ඇති හැකියාව, අනාගතයේ දී අඩු ඵලදායි දෑ බවට පත් විය හැකි අතර, එමගින් CO2 අවශෝෂණය කර ගැනීමට සහ විශාල උෂ්ණත්ව ඉහළ යාමට එරෙහිව බෆරයක් ලෙස ක්‍රියා කිරීමට ඇති හැකියාවද අඩු වනු ඇතැයි කනස්සල්ලක් පවතී. ලෝකයේ සමහර ප්‍රදේශවල, CO2 ප්‍රභවයන් ලෙසින් ගොඩබිම ගිලී යාම දැනටමත් සිදුවෙමින් පවතී.

ගෝලීය හරිතාගාර වායු, විද්‍යා ප්‍රජාව තවමත් වායුගෝලීය මීතේන් වැඩි වීමක් ගැන විමර්ශනය කරමින් සිටින බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මාධ්‍ය නිවේදනයක දැක්වේ. විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන්නේ 2007 සිට මීතේන් නව වැඩිවීමට විශාලතම දායකත්වය තෙත්බිම් හෝ කුඹුරු වැනි ජෛවජනක ප්‍රභවයන්ගෙන් ලැබෙන බවයි.

ස්වාභාවික අන්තර්වාර්ෂික විචල්‍යතාවය නිසාද, නාටකාකාර මීතේන් ලෙස වැඩි විය හැක. 2020 සහ 2021 වර්ෂවල නිවර්තන කලාපයේ වර්ෂාපතනය වැඩි වීම හා සම්බන්ධ ලා ලීනා  සිදුවීම්ද දක්නට ලැබුණි.

“හරිතාගාර වායු විමෝචනය කපා හැරීමට සහ අනාගතයේ දී ගෝලීය උෂ්ණත්වය තවත් ඉහළ යාම වැලැක්වීමට කඩිනම් පියවර ගැනීමේ දැවැන්ත අභියෝගය සහ අවශ්‍යතාවය හරිතාගාර වායු බුලටින් යලිත් වරක් අවධාරණය කර ඇත.” ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහලේකම් පෙටෙරි ටලාස් පැවසීය.

2020 සිට 2021 දක්වා නයිට්‍රස් ඔක්සයිඩ් මට්ටම් වැඩිවීම 2019 සිට 2020 දක්වා නිරීක්ෂණය කළ ප්‍රමාණයට වඩා මඳක් වැඩි වූ අතර පසුගිය වසර 10 තුළ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයට වඩා වැඩි බව වාර්තාව පෙන්වා දෙයි.

කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කප්පාදු කිරීම, දේශගුණික විපර්යාස සහ ඒ ආශ්‍රිත ආන්තික කාලගුණයේ විශාලතම ධාවකප්‍රමුඛතාවය විය යුතු බව ටලාස් පුවත්පත් සටහනක පැවසීය. “අපි අපේ කාර්මික, බලශක්ති සහ ප්‍රවාහන පද්ධති සහ සමස්ත ජීවන රටාව පරිවර්තනය කළ යුතුයි. අවශ්‍ය වෙනස්කම් ආර්ථික වශයෙන් සහ තාක්ෂණික වශයෙන් දැරිය හැකි කාලය අවසානයි” ඔහු පැවසීය.

මීතේන් ආයු කාලය වසර 10කට වඩා අඩු බැවින් දේශගුණයට එහි බලපෑම ආපසු හැරවිය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම පිළිබඳ ගනුදෙනු කිරීමට ලෝක නායකයින් ඊජිප්තුවේ ශාර්ම් එල් ෂෙයික් හි රැස්ව නොවැම්බර් මාසයේදී COP27  එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවේදී මෙම සංඛ්‍යා ඉදිරිපත් කරනු ඇත.

Nandita Banerji විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Record greenhouse gas emissions: Time running out, warns UN නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.