ජෛව විවිධත්වය බිඳවැටීම සහ කෘමීන් ඇතුළු මිලියනයකට අධික ශාක හා සත්ත්ව විශේෂ වඳ වී යාම, මිනිසුන් ජීවත් වන්නේ කෙසේදැයි නොදන්නා ලෝකයකට තුඩු දෙනු ඇත. 2022 සැප්තැම්බර් 8 වැනි දින එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් නිකුත් කරන ලද මානව සංවර්ධන වාර්තාව (HDR) 2021-22 ට අනුව විස්තර කෙරේ.

මෑත වසරවලදී ඇන්ත්‍රොපොසීන හේතුවෙන් ඇති වූ ගින්දර, කුණාටු සහ අනෙකුත් ග්‍රහලෝක වල වෙනස්වීම් වැනි දේශගුණික අර්බුද සහිත ලෝකයකට මිනිසුන් සූදානම් නැති බව වාර්තාවේ සඳහන් වේ.

කෘමීන් බහුලව නොමැති ලෝකයක ජීවත් වන්නේ කෙසේදැයි මිනිසුන් නොදන්නා බව එහි වැඩිදුරටත් සඳහන් වේ. “කෘමි පරාග වාහකයන් බහුලව නොමැතිව, ආහාර සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන, පරිමාණයකටට වගා කිරීමේ මනස අවුල් කරන අභියෝගයට අපි මුහුණ දෙන්නෙන්නෙමු” යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.

මානව සමාජ සහ පාරිසරික පද්ධති එකිනෙකාට බලපෑම් කළ බව එහි සඳහන් විය. එහෙත් මානව සංසිද්ධිය නිසා මානව බලපෑම ඉහළ ගිය වේගය පෙර නොවූ විරූ ය.

“COVID-19 වසංගතය අපව විස්මයට පත් කර ඇති තරමට, අප සූදානම් නොවී, ඉදිරි ගමනකට මහන්සි වන අතර කෘමීන් බහුල නොවන ලෝකයක ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳ අපගේ අදහස ඊටත් වඩා අඩුය. ලොව ප්‍රථම ගොඩබිම් ශාක දර්ශකය වූ වසර මිලියන 500ක පමණ කාලයක සිට එය අත්හදා බලා නැත.

කෘමි ජෛව විවිධත්වය: විද්‍යාව සහ සමාජය යන පොත (2017) පවසන්නේ, කෘමීන් වැදගත් වන්නේ උන්ගේ විවිධත්වය, පාරිසරික භූමිකාව සහ කෘෂිකර්මය, මානව සෞඛ්‍යය සහ ස්වාභාවික සම්පත් කෙරෙහි ඇති බලපෑම නිසා බවයි.

“සියලු භූමිෂ්ඨ පරිසර පද්ධති සඳහා ජීව විද්‍යාත්මක පදනම නිර්මාණය කරන්නේ කෘමීන් විසිනි. ඔවුන් චක්‍රීය පෝෂක, පැලෑටි පරාගනය, බීජ විසුරුවා හැරීම, පාංශු ව්‍යුහය සහ සාරවත් බව පවත්වා ගැනීම, අනෙකුත් ජීවීන්ගේ ගහනය පාලනය කිරීම සහ අනෙකුත් ටැක්සා සඳහා ප්‍රධාන ආහාර ප්‍රභවයන් සපයයි”පොත සඳහන් කරයි.

 2022 ජනවාරි මාසයේ ප්‍රකාශයට පත් කරන ලද නැව්කිරන් කෞර්  සහ අමිත්පාල් සින්ග් කලෙකා විසින් ප්‍රකාශිත විවිධත්වය, වර්තමාන යුගයේ කෘමි පරාගණයේ විවිධත්වය සහ පරිහානිය යන පත්‍රිකාවේ සඳහන් වූයේ කෘමීන් වඩාත් කාර්යක්ෂම පරාග කාරකය වන අතර ඔවුන් නොමැති වුවහොත් මිනිසුන් සහ වන සතුන් කුසගින්නේ සිටින බවයි.

“බොහෝ මිනිසුන්ගේ නව නිපැයුම් තිබුනද, කෘමීන් ජීව යාන්ත්‍ර විද්‍යාව සහ ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් පුදුමයට පත් කරන, සත්ව ලෝකයේ අද්විතීය ලක්ෂණ විකාශනය කර ඇත” යනුවෙන් 2017 පොත පවසයි.

අධික ගෝලීය උණුසුම වැලැක්වීමට සහ හානිකරම අවස්ථාවන් මගහරවා ගැනීමට අපට තවමත් හැකියාව ඇති අතර, අපගේ ග්‍රහලෝක පද්ධතියට මිනිසා විසින් කර ඇති වෙනස්කම් අනාගතයේදී හොඳින් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව එය වැඩිදුරටත් පවසයි. දේශගුණික විපර්යාස පිළිබඳ නවතම ජාත්‍යන්තර කමිටුව මානව වර්ගයා සඳහා රතු සංකේතයකි.

මිනිස් ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ අපගේ ආහාර ඉල්ලුම ද ඉහළ ගොස් ඇත. අපේ කෘෂිකාර්මික පද්ධති මෙයට මුහුණ දීම සඳහා අනාගතයේදී තිරසාර ලෙස වැඩි ආහාර නිෂ්පාදනයක් සිදුකරනු අවශ්‍යව ඇත. පරාග වාහකයන් මෙම පරිසර පද්ධතිවල වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර අනාගතයේදී එය දිගටම කරගෙන යනු ඇතැයි 2022 පත්‍රිකාව පවසයි.

මානව සංවර්ධන වාර්තාව 2022 ප්‍රකාශ කළේ, නව ග්‍රහලෝක අවිනිශ්චිතතාවයක්ද ඇති නිසා මිනිසුන්ට අනුවර්තනය වීමට සහ ද්‍රව්‍ය චක්‍ර ඉහළ නැංවීම වැනි වෙනස්කම් වලට මුහුණ දීමට සැබෑ මාර්ගෝපදේශයන් නොමැති බවයි.

“ඉතිහාසයේ පළමු වතාවට, කොන්ක්‍රීට් සහ ඇස්ෆල්ට් වැනි මිනිසා විසින් සාදන ලද ද්‍රව්‍ය පෘථිවි ජෛව ස්කන්ධයට වඩා වැඩි වී ඇත. ක්ෂුද්‍ර ප්ලාස්ටික් දැන් සෑම තැනකම ඇත: සාගරයේ, කුණු කසල ගොඩවල් වල, ආරක්ෂිත වනාන්තරවල සහ ඈත කඳු මුදුන්වලද, මිනිසුන්ගේ පෙණහලුවල සහ රුධිරයේද ඇත. බැවින් මහා කොරල් විරංජනය වීමද, අසාමාන්‍ය දෙයක් නොව දැන් සාමාන්‍ය දෙයකි” වාර්තාව පවසයි.

එය මානව සංහතියේ, වේගවත් මානව-ප්‍රේරිත වෙනස්කම්වලින් එකක් වුවද, මුළු මිනිස් සංහතියේම ඉරණමට බිය උපදවන සුළු නව අවිනිශ්චිතතාවයක් එක් කිරීමට ප්‍රමාණවත් බව වැඩිදුරටත් සඳහන් වේ.

නමුත් දැනට, ඒ සියල්ල, ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් හඳුන්වාදීමේ සිට ඩී  ඩී ටී සහ න්‍යෂ්ටික ව්‍යාප්තිය දක්වා එකිනෙක මත ගොඩගැසී, අනපේක්ෂිත ආකාරයෙන් අන්තර්ක්‍රියා වී, විස්තාරණයව ඇත.

මානව ඉතිහාසයේ ප්‍රථම වතාවට මානව වර්ගයා ස්වභාවික විපත්වලට වඩා මානව ක්‍රියාකාරකම් වලින් විශාල තර්ජනවලට මුහුණ දුන් බව එහි සඳහන් වේ.

Shuchita Jha විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද People do not know how to survive without insects: Human Development Report 2022 නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.