• ඉන්දුනීසියානු රජය විසින් ගල් අඟුරු දහනය කිරීමෙන් සෑදෙන ෆ්ලයි ඈෂ් සහ බොටම් ඈෂ් අන්තරායකර අපද්‍රව්‍ය ලැයිස්තුවෙන් ඉවත් කරගෙන ඇත.
  • අන්තරායකර අපද්‍රව්‍ය කලමණාකරනය කිරීම, අන්තරායකර නොවන අපද්‍රව්‍ය කලමණාකරනය කිරීමට වඩා බැරෑරුම් හා විශාල සුවිශේෂී රෙගුලාසි මාලාවකට යටත් වේ.
  • ඉදිකිරීම් කර්මාන්ත කණ්ඩායම් වල භාවිතය සඳහා මෙම ගල් අඟුරු විකිණීමේ අවසරය ලබා දීමේ ප්‍රයත්නයක් වශයෙන් මෙම ලැයිස්තුගත කිරීම සකසා තිබේ.
  • ඉන්දුනීසීයාව, ලෝකයේ ගල් අඟුරු නිෂ්පාදකයන් අතර ඉහළ ස්ථානයක සිටින අතර රටට අවශ්‍ය විදුලි ධාරිතාවෙන් විශාලම කොටස උත්පාදනය වන්නේ පොසිල ඉන්ධන උපයෝගී කරගනිමිනි.

ජකර්තා පුවත් පවසන පරිදි, වැඩි නියාමන කර්මාන්ත ප්‍රයත්නයන් සඳහා අනුමැතිය දීම පෙරදැරිකරගෙන, රසදිය, ඊයම් සහ ආසනික් වැනි බැර ලෝහ අඩංගු වූව ද ගල් අඟුරු, තවදුරටත් අනතුරුදායක නිෂ්පාදනයක් නොවන බව ඉන්දුනීසියානු රජය ප්‍රකාශ කර ඇත.

පෙබරවාරි මස 2 වනදා නිකුත් කරන ලද නව රජයේ රෙගුලාසියක් යටතේ,  විදුලි බලාගාර හා වෙනත් කාර්මික කටයුතු ආශ්‍රිතව සිදුවන ගල් අඟුරු දහනය කිරීමෙන් ජනිත වන ෆ්ලයි ඈෂ් සහ බොටම් ඈෂ්, අන්තරායක නොවන හෝ නිෂ්ක්‍රිය අපද්‍රව්‍ය ලෙස නම් කර තිබේ. “මේ රෙගුලාසිය රැකියා උත්පාදනය පිළිබඳ සර්වබලධාරී ඊනියා නීතීයේ ව්‍යුත්පන්නයක්.. ” පසුගිය ඔක්තෝබර් මාසයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නියාමනයන් මත භේදාත්මක ලෙස විශ්ලේෂණය කරමින් ක්‍රියාකාරීන් පවසා ඇත්තේ මෙය පතල් හා “අපිරිසිඳු බලශක්ති” කර්මාන්ත අවශ්‍යතාවන් වෙනුවෙන් සේවය සපයනු ඇති බවයි.

අන්තරායකර අපද්‍රව්‍ය කලමණාකරනය කිරීම, අන්තරායකර නොවන අපද්‍රව්‍ය කලමණාකරනය කිරීමට වඩා බැරෑරුම් හා විශාල සුවිශේෂී රෙගුලාසි මාලාවකට යටත් වේ.

“ගල් අඟුරු අපද්‍රව්‍ය අන්තරායකර අපද්‍රව්‍ය ලැයිස්තුවෙන් මකා දැමීමට ගත් තීරණය ගැටළු සහගතයි. එය පරිසරයේ සහ මහජන සෞඛ්‍යයේ තිරසර පැවැත්මට ඉතා නරක ආරංචියක්”

මාර්තු මස 10 වන දින, ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, පිරිසිඳු බලශක්තිය පුළුල් ලෙස භාවිත කිරීම වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයක් වන ට්‍රෙන්ඩ් ඒෂියා සංවිධානය විසිනි.

ඔවුන් තවදුරටත් පවසන්නේ, ගල් අඟුරු අපද්‍රව්‍ය වල ආසනික්, ඊයම්, රසදිය, ක්‍රෝමියම් වැනි රසායනික සංයෝග අඩංගු බැවින් එය පරිසරයට හා මිනිසාට බෙහෙවින් විෂ සහිත වන බවයි.

වර්තමානයේ ඉන්දුනීසීයාවේ විදුලි උත්පාදනයෙන් බහුතරය සඳහා ගල් අඟුරු දායක වන අතර අවම වශයෙන් 2025 වසර තෙක් බලශක්ති මිශ්‍රණයේ ආධිපත්‍යය දැරීමට අපේක්ෂිතය.

ට්‍රෙන්ඩ් ඒෂියා සංවිධානය අවධාරණය කරන්නේ රජය, අනතුරුදායක අපද්‍රව්‍ය ලැයිස්තුවෙන් ෆ්ලයි ඈෂ් සහ බොටම් ඈෂ් ඉවත් කිරීමේ තීරණය ගෙන ඇත්තේ 2020 වසරේ ජුනි මාසයේ දී කර්මාන්ත සංගම් විසින් සිදු කරන ලද ඉල්ලීමකට බවයි. එම කණ්ඩායම් බලාපොරොත්තු වන්නේ පදික වේදිකා ගල් සහ කොන්ක්‍රිට් සෑදීමටත් වෙනත් ඉදිකිරීම් ද්‍රව්‍ය සමඟ මිශ්‍ර කිරීමටත්, මෙම අළු වර්ග අමුද්‍රව්‍යක් ලෙස භාවිත කිරීමටයි. මන්දයත් ජනපති ජෙලෝ විඩෝඩෝගේ ප්‍රමුඛතා අතරට රට පුරා යටිතල පහසිකම් සංවර්ධනය වීම ඇතුළත් වී ඇත.

ඉන්දුනීසියානු ගල් අඟුරු කැණීම් සංගමය, ඉන්දුනීසියානු පාම් තෙල් සංගමය, ඉන්දුනීසියානු පල්ප සහ කඩදාසි සංගමය සහ ඉන්දුනීසියානු රෙදිපිළි සංගමය ඇතුළු කර්මාන්ත සංගම් කිහිපයක්, මෙම ෆ්ලයි ඈෂ් හා බොටම් ඈෂ් නැවතත් වර්ගීකරණය කරන ලෙස ඉල්ලා ඇත. මෙම සංගම් වලින් සමහරක් පවසා ඇත්තේ ගල් අඟුරු අළු අනතුරුදායක යැයි වර්ගීකරණය කිරීමෙන් අපද්‍රව්‍ය නැවත භාවිතය සඳහා විකිණීමේ උත්සහයට බාධා ඇතිවන බවයි. එමෙන්ම එහි ප්‍රතිඵලය ලෙස වාර්ෂිකව අඟුරු අළු මෙට්‍රික් ටොන් 10 ක් පමණ ගොඩගැසීමට ඉඩ ඇති බවත් ඔවුන් පෙන්වා දේ.

2016 වසරේදී සිදුකරන ලද  අධ්‍යනයක් මඟින් ග්‍රීන්පීස් අනතුරු අඟවන්නේ, ගල් අඟුරු බලාගාරයන් වලින් විමෝචනය වන PM2.5 නමින් හැඳින්වෙන අන්වීක්ෂීය අංශු වලට නිරාවරණය වීමෙන්, ඉන්දුනීසියාව පුරා මිලියන 3 ක ජනතාවක් ලෝක සෞඛ්‍යය සංවිධානයෙ මාර්ගෝපදේශයන් ඉක්මවා යන මට්ටමකට ළඟා විට හැකි බවයි. එවැනි අංශු වලට දිගු කාලීනව නිරාවරණය වීම, උග්‍ර ශ්වසන ආසාදන හා හෘද වාහිනී රෝග වැළඳීමේ හැකියාව වැඩි කරයි.

ඉන්දුනීසීයාව, ගල් අඟුරු මත යැපීම ආර්ථික හා පාරිසරික වශයෙන් ගැටළු සහගත තත්වයක් ඇති කර ඇත. අපේක්ෂිත ප්‍රමාණයට වඩා විදුලි ඉල්ලුම අවම වීම, ඉහළ යන පිරිවැය හා මූල්‍ය බැඳීම් රජයට අයත් විදුලි උපයෝගීතාවත් මුදල් ප්‍රමාණයත් අසීරු අවස්ථා වෙත ගෙන යනු ලබයි. ගල් අඟුරු ආකරනය මඟින් මෙම දූපත් සමූහයේ සමහරක් වැසි වනාන්තර විනාශ වී බොහෝ ජීවිත සංඛ්‍යාවක් ද බිලිගෙන ඇති අතර ගල් අඟුරු බලාගාර වලින් සිදුවන දූෂණය, මිලියන ගණනකගේ  සෞඛ්‍යයට මහත් තර්ජනයක් වී තිබේ.

Basten Gokkon විසින් Mongabay  වෙත ලියන ලද Never mind the mercury: Indonesia says coal ash isn’t hazardous නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.