වාහන වලින් ජනනය වන ශබ්දයෙන් ගැහැණු ගෙම්බන්ගේ අවධානය වෙනතකට යොමු වී වැරදි පිරිමි සතුන්  තෝරා ගැනීම සිදු වේ. මෙය මිනිසාගේ ආධිපත්‍යය ඇති නාගරික වාසස්ථාන වල ජීවත් වන ගෙම්බන් විශේෂයන්ගේ ප්‍රජනනය හා ඔවුන්ගේ ගහනය, පැවැත්ම කෙරෙහි බරපතල ප්‍රතිවිපාක ගෙන දිය හැකි බව නවතම අධ්‍යයනයකින් සොයාගෙන ඇත.

ඕස්ට්‍රේලියාවේ සන්ෂයින් කෝස්ට් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් ගැහැණු ගෙම්බන් ‘ආකර්ෂණීය වන’ සහ ‘ආකර්ශණීය නොවන’ පිරිමි ගෙම්බන්ගේ ශබ්ද විකාශනය කළේය.

නැනැගෙනහිර රොඩු ගෙම්බන් උතුරු ක්වීන්ස්ලන්තයේ සිට දකුණු නිව් සවුත් වේල්ස් දක්වා විහිදී ඇති උප නාගරික පොකුණු වල දක්නට ලැබෙන බව විශ්ව විද්‍යාලයේ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එහිදී පසුබිමේ වාහන තදබදයක් ඇති වූ විට ආකර්ශණීය නොවන ඇමතුම් දෙසට කාන්තාවන් යොමු වූ බව පර්යේෂකයෝ සොයා ගත්හ.

ගෙම්බාගේ පැටවුන්ගේ ගුණාත්මකභාවය නිවැරදි සහකරු තෝරා ගැනීම මත රඳා පවතින බැවින් මෙය විශේෂයෙන් කනස්සල්ලට කරුණක් වී ඇති බව ඔවුහු පැවසූහ. නැගෙනහිර සෙල් ගෙම්බා සම්බන්ධයෙන් ගත් කල, ගැහැනු සතා මෙය කළේ ඉහළ ශබ්දයක් සහ වේගවත් ශබ්දයක් ඇති පිරිමි තෝරා ගැනීමෙනි. මේ සඳහා පිරිමින්ට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තිබීම සහ හොඳම ජාන තිබීම අවශ්‍ය වේ.

නැගෙනහිර රොඩු ගැහැණු ගෙම්බන් විසින් දුර්වල ලෙස තෝරා ගැනීමට හේතු පැහැදිලි නැති බව පර්යේෂකයෝ පැවසූහ. නමුත් වාහන ශබ්දය හේතුවෙන් ඇති වූ ආතතිය වැඩි වීම නිසා එසේ සිදුවන්නට ඉඩ තිබෙන්නට ඇත. මෙය හොඳින් සංසර්ගයේ යෙදීමේ තීරණ ගැනීමට කාන්තාවන්ගේ හැකියාව බලපාන්නට ඇතැයි විද්‍යාඥයා පැවසීය.

නමුත් ගෙම්බන්ගේ සංසර්ගයේ සාර්ථකත්වය ශබ්ද විකාශන වෙනස් කිරීම වැනි මානව ජීවී සාධක මත රඳා පවතින්නේ කෙසේ වේදැයි දැන ගැනීමට වැඩි පර්යේෂණ අවශ්‍ය බව පර්යේෂකයෝ පැවසූහ.

ලෙඩ රෝග, වාසස්ථාන අහිමි වීම සහ වෙනත් සාධක හේතුවෙන් ගෙම්බන් ගෝලීය වශයෙන් දැනටමත් දැඩි පීඩනයකට මුහුණ දී සිටියහ.

මෑත වසර කිහිපය තුළදී, උභයජීවීන් හට බලපාන චයිට්‍රිඩ් දිලීරය ගෙම්බන් විශේෂ කිහිපයකට බලපා තිබේ. එය උභයජීවීන්ගේ සමට පහර දෙන අතර එමඟින් එය හුස්ම ගැනීම, පානය කිරීම සහ වෙනත් කාර්යයන් ගණනාවකට බාදා පමුණුවයි. 

මෙම අධ්‍යයනය 2021 අගෝස්තු 5 වන දින ඇක්ටා එතොලොජිකා නම් විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී.

Down to Earth කාර්යය මණ්ඩලය විසින් Down to Earth වෙබ් අඩවියවෙත ලියන ලද Traffic noise can distract female frogs, lead them to select wrong mates: Study නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.