අයෝධ්‍යා කිරිඇල්ල විසිනි

ඉර තියෙන්නෙ ශක්තියෙන් පිරිලා. ඉරේ ශක්තිය අපේ පොළවට ළඟා වෙන්නෙ හිරු එළිය විදියට. ඉරේ පිහිටීම, දවසේ වේලාව, අවුරුද්දේ වේලාව සහ කාලගුණික තත්ත්වයන් අනුව පොළවට එන හිරු එළියේ ප්‍රමාණය වෙනස් වෙනවා.

ඉර එහෙමත් නැත්තම් සූර්යයා වසර බිලියන ගණනක් තිස්සේ ශක්තිය නිපදවලා තියෙනවා. ඒ කියන්නෙ සූර්ය බලශක්තිය මිනිසුන් වසර සිය ගාණක් තිස්සේ ආහාර පිසින්ම, උණුසුම්ව තබා ගන්න ඒ වගේම ඇඳුම් වියළන්න පාවිච්චි කරලා තියෙනවා. ඒ ඉරේ ශක්තිය විදුලිය නිපදවන්නත් දැන් යොදා ගන්නවා.

සූර්ය කෝෂ සූර්යයාගේ ඉඳලා එන ආලෝකය විදුලිය බවට පරිවර්තනය කරනවා. සූර්ය කෝෂ වලට ෆොටෝ වෝල්ටීය සෛල කියලත් කියනවා. ‘ෆොටෝ’ කියන්නෙ ආලෝකයට ලතින් වලින් කියන වචනය. ‘වෝල්ටීය’ කියලා අදහස් කරන්නේ විදුලිය.

සමහර විට සූර්යාලෝකය එකතු කරලා විදුලිය ලබාගන්න සූර්ය පැනල ඔයාලගෙ ගෙදර වහලෙ සවි කරලත් ඇති. ගෙදරක වහලෙ උඩ ලොකු දිලිසෙන පැනල් ඔයා දැකලා ටියෙනවනම් ඒ ගෙදර අය සූර්ය ශක්තිය භාවිතා කරනවා. එතකොට විදුලිය අවශ්‍ය වෙන ඕනෑම දෙයක් ක්‍රියා කරවන්න සූර්ය ශක්තිය භාවිතා කරන්න පුළුවන්.

සූර්ය පැනල පාවිච්චි කරන්නෙ ගෙවල් සඳහා විතරක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම, සූර්ය පැනල විවිධ දේ බල ගැන්වීම සඳහා භාවිතා වෙනවා. ට්‍රක්, කාර්, බෝට්ටු, ගොඩනැගිලි සහ අභ්‍යාවකාශ චන්ද්‍රිකා සූර්ය පැනල පාවිච්චි කරල බලගන්වන්න පුළුවන්. සූර්ය බලයෙන් ධාවනය වන ගුවන් යානා පවා තියෙනවා.

සූර්ය ශක්තිය අපේ පෘථිවියට හිතලර ශක්ති ප්‍රභවයක්. සූර්‍ය ශක්ති ගල් අඟුරු සහ තෙල් වලින් ලැබෙන ශක්තිය වගෙ දූෂණයක් ඇති කරන්නෙ නෑ. ගල් අඟුරු සහ තෙල් වලින් විදුලිය නිපදවීම ශක්තිය නාස්ති කිරීමක්. සූර්ය බලශක්තිය භාවිතා කිරීමේදී කිසිම ශක්තියක් නාස්ති වෙන්නෙ නැහැ.

සූර්යයා තමයි අනාගතයේ අපේ ප්‍රධානම ශක්ති ප්‍රභවය වෙන්නෙ. ඒ නිසා මේ තිරසාර බලශක්ති ප්‍රභවයේ ප්‍රතිලාභ ගැන පුංචි ඔයාලා දැන ගන්නම ඕන.

ඔයාලගෙ වහලයෙත් සූර්ය පැනල් සවි කිරීමට කැමතියි නම්, ඔයාලගෙ අම්මලා තාත්තලාට කියලා බලශක්තිය ඉතුරු කරගන්න බලන්න.