2021 නොවැම්බර් මාසයේ, ඉන්දියාවේ තොග උද්ධමනය 14.23% ලෙසින් දශක තුනක් තිස්සේ ඉහළම අගය වාර්තා කලේය. 2022 ජනවාරි 14 දින නිකුත් කරන ලද රජයේ දත්ත වලට අනුව එය ඊළඟ මාසයේ 13.56% දක්වා සුළු වශයෙන් අඩු විය. එහෙත් දේශපාලනික වශයෙන් වැදගත් උත්තර් ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත පහක සභා මැතිවරණයට පෙර නම් එය නරක ආරංචියකි.

තොග මිල දර්ශක (WPI) උද්ධමනය, සිල්ලර උද්ධමනය ඉහළ නැංවිය හැකි බැවින් එය සැමවිටම කනස්සල්ලට හේතු වේ. නරකම දෙය නම්, මිල ඉහළ යාම අඛණ්ඩව පැවතීම – 2021 දෙසැම්බර් යනු WPI හි ද්විත්ව ඉලක්කම් ප්‍රතිශතය වැඩිවීමේ අඛණ්ඩ නවවන මාසයයි. මෙම මූල්‍ය වර්ෂය අවසන් වන විට (2022 මාර්තු 30) තත්ත්වය එලෙසම පවතිනු ඇතැයි විශේෂඥයෝ අනාවැකි පළ කරති.

දෙසැම්බර් මාසයේ ඉහළ උද්ධමනය අනපේක්ෂිත විය. රජය ඉන්ධන මත බදු අඩු කර ඇත. එය සමස්ත උද්ධමනය සඳහා ප්‍රධාන එකතු කිරීමකි. නමුත් උද්ධමනය ඉහළ මට්ටමක පවතින්නේ ඇයි?

ආහාර උද්ධමනය මතුවන විට විශේෂයෙන්ම එළවළු සහ ධාන්‍ය කිහිපයක මිල ඉහළ යන අතර සමස්ත උද්ධමනය මෙම කථාංගයේ ධාවකයක් වී ඇත. ඉන්දියාවේ තොග මිල උද්ධමනය 2021 නොවැම්බර් මාසයේදී උච්චතම මට්ටමට පැමිණියේ ප්‍රාථමික ආහාර උද්ධමනය මාස 13 ක ඉහළම අගයට ළඟා වීම හේතුවෙනි.

බොහෝ ප්‍රාන්තවල සෘතුමය එළවළු මිල පෙර නොවූ විරූ ලෙස ඉහළ ගියේය. මෙය ආන්තික කාලගුණික සිදුවීම් නිසා වේ. මෙම ප්‍රවණතාවය ඉන්දියාවට පමණක් සීමා වූවක් නොවේ.

ලොව පුරා ආහාර උද්ධමනය ඉහළ යමින් පවතී. 2022 ජනවාරි 7වන දින, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO’s) ආහාර මිල දර්ශකය පෙන්නුම් කළේ ආහාර මිල, දශකයකින් ඉහළ මට්ටමක පවතින අතර, පෙර වසරට වඩා 28% ක සාමාන්‍ය වැඩිවීමක් ඇති බවයි. උද්ධමනයෙහි 2021 පළමු මාස ​​11 තුළ සාමාන්‍ය ආහාර මිල ගණන්, වසර 46ක් තුළ ඉහළම අගයට විය.

FAO හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ අබ්දොල් රේසා අබ්බාෂියන් පවසන්නේ, වර්තමාන ආහාර මිල ඉහළ යාමට මූලික වශයෙන් දේශගුණික තත්ත්වයන් ආරෝපණය කරන බවයි. තවද “සාමාන්‍යයෙන් ඉහළ මිල ගණන්, නිෂ්පාදනය වැඩි කිරීමට ඉඩ ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන අතර යෙදවුම්වල අධික පිරිවැය, පවතින ගෝලීය වසංගත සහ තව තවත් අවිනිශ්චිත දේශගුණික තත්ත්වයන් 2022 දී වඩාත් ස්ථාවර වෙළඳපල තත්ත්වයකට නැවත පැමිණීම පිළිබඳ ශුභවාදී හැඟීමක්ද ඇති කරයි” යැයි අබ්බාසියන් පැවසීය.

1956 සහ 2010 අතර, ද්විත්ව ඉලක්කම් උද්ධමන කථාංග නවයක් විය. ඉන් හතක් නියඟ තත්ත්වයන් නිසා ඇති වූ බව ඉන්දීය සංචිත බැංකුව (RBI) පවසයි. පසුගිය දශක හය තුළ, ගෝලීය වශයෙන් සැලකිය යුතු ලෙස ඉහළ ගිය ආහාර මිල ගණන්වල ප්‍රධාන කථාංග තුනක් තිබේ. 1970, 2007-08 සහ 2010-14 තෙල් මිල ඉහළ යෑම, වෙළෙඳ ප්‍රතිපත්ති මැදිහත්වීම් සහ ජෛව ඉන්ධන පරිභෝජනය වැනි සාධක අනුගමනය කළ කාලගුණික කම්පන මේ සියල්ලට හේතු විය. වත්මන් කථාංගය සම්පූර්ණයෙන්ම කාලගුණ විෂමතා විසින් මෙහෙයවනු ලබන බව පෙනේ.

2019-2020 අවසානයේ, ඉහළ මිල කථාංගයට සමාන තත්වයක් ඇති විය. ආහාර ද්‍රව්‍යවල, විශේෂයෙන්ම එළවලුවල මිල ඉහළ යාම, සිල්ලර උද්ධමනය 2020 ජනවාරිහිදී, මාසික උද්ධමනය 68ක්ව 7.59% දක්වා ඉහළ යාමට හේතු විය.

උණුසුම් වන ලෝකය, උණුසුම් මිල ගණන්

උද්ධමන අගය කාගෙත් අවධානය ගත් පසුව, මෙම ආහාර මිල වැඩිවීම පිටුපස ඇති තිරසාර හේතු පිළිබඳ තීරණාත්මක විශ්ලේෂණයන් මහජන අවධානයට ලක් විය. අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා ජලයෙන් යටව බෝගවලට හානි සිදුවූ නිසා සාමාන්‍යය වෙලඳපොල වලට වසරේ එළවළු සැපයුම කඩා වැටීම සිදුවිනි.

වසරින් වසර සංසන්දනය කිරීමේ පදනම මත, 2019 ජනවාරි මාසයේ සිට එළවළු මිල ගණන් 50.19% කින් ඉහළ ගොස් ඇත. මෙම කාලසීමාව තුළ ග්‍රාමීය ප්‍රදේශවල සහ වෙලඳපොලවල ඒවා 45.56% කින් සහ නාගරික ප්‍රදේශවල 59.31% කින් වැඩි විය.

සමස්ත උද්ධමන අගය වගුගත කිරීමේදී භාවිතා කරන පරිභෝජන අයිතම කාණ්ඩ හයෙන් ආහාර සහ පාන වර්ග මිල ඉහළ යාමක් වාර්තා කළ අතර, එමගින් සමස්ත උද්ධමන අනුපාතය වැඩි විය. ඒ 2014 දී උද්ධමනය චිත්තවේගීය දේශපාලන න්‍යාය පත්‍රයක් වූ විට බැව් RBI පෙන්වා දුන්නේය.

ආහාර මිල ඉහළ යාම සඳහා සාම්ප්‍රදායික පැහැදිලි කිරීම් වලින් එකක් වන්නේ නියඟය හෝ ගංවතුර නිසාවෙන් යන්නය. වර්තමාන ගෝලීය ආහාර උද්ධමනය ප්‍රධාන වශයෙන් තිරිඟු වෙත බලපාන අතර, ප්‍රධාන නිෂ්පාදන රටවල නියඟය සහ අධික උෂ්ණත්වය හේතුවෙන් එම මිල ඉහළ යාම වාර්තා වේ. 2021 දී, විවිධ වෙළඳ වාර්තා පෙන්වා දෙන පරිදි, වසන්තයේ තිරිඟු නිෂ්පාදනය එක්සත් ජනපදයේ 40% කින් අඩුව ඇත. ලොව විශාලතම තිරිඟු අපනයනකරු වන රුසියාවද අඩු අස්වැන්නක් ලබා ගත් අතර දේශීය පරිභෝජනය සඳහා ප්‍රමාණවත් තොගයක් සහතික කිරීමට තිරිඟු අපනයනය සඳහා බද්දක් පනවා ඇත. 2021 ජූලි මාසයේදී බ්‍රසීලයේ කෝපි, බෝංචි නිපදවන ප්‍රදේශවල නිෂ්පාදනය අසාමාන්‍ය ලෙස 10% දක්වා පහත වැටී ඇත.

ජාත්‍යන්තර කෝපි සංවිධානයේ පුරෝකථනයට අනුව, ලෝකයේ ඉහළම කෝපි නිෂ්පාදකයාට, දේශගුණික බලපෑම ඉදිරි වසර දෙක සඳහා මිල ඉහළ යාමට තුඩු දෙනු ඇත.

“නමුත් අවධානය යොමු කළ යුතු දෙයක් නම්, 2000 වසරේ සිට අනපේක්ෂිත සහ අහිතකර කාලගුණය, අස්වැන්න අඩුවීමට හේතුව බව FAO විසින් වාර්තා කොට තිබුනද කාලගුණයෙන් පීඩාවට පත් වීම හේතුවෙන් අස්වැන්න නිෂ්පාදනය අඩුවී ඇති බව එක්සත් රාජධානියේ වෝර්වික් විශ්ව විද්‍යාලයේ ගෝලීය තිරසාර සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඉගැන්වීමේ සාමාජිකයා ඇලෙස්ටෙයාර් ස්මිත් 2021 සැප්තැම්බර් මාසයේ ලිවීය.

ඔහු FAO හි උද්ධමනය ගැලපුම් කළ ආහාර මිල දර්ශකය විශ්ලේෂණය කළ අතර, ලිබියාවේ සහ ඊජිප්තුවේ ආන්ඩු පෙරලා දැමීමට ආහාර කැරලි දායක වූ 2011 ට වඩා සැබෑ ගෝලීය ආහාර මිල ගණන් වැඩි බව සොයා ගත්තේය. සැබෑ මිල ගණන් මත පදනම්ව, එක්සත් ජාතීන්ගේ වාර්තා තබා ගැනීම 1961 සිට ආරම්භ වූ සෑම වසරකම පාහේ ජාත්‍යන්තර වෙළඳපොලේ ආහාර මිලට පවත්වා ගැනීම දුෂ්කර විය. 

ලාභ නොලබන ඔක්ස්ෆෑම් සංවිධානය ආහාර මිල කෙරෙහි අහිතකර දේශගුණික තත්ත්වයන්ගේ බලපෑම අඟවන ලදී. එහි 2012 ඇස්තමේන්තුවලින් පෙන්නුම් කරන්නේ තිරිඟු සඳහා සාමාන්‍ය ලෝක වෙළෙඳපොළ අපනයන මිල 2010 හා සසඳන විට 2030හි 120% කින් ඉහළ යනු ඇති බවයි. සැකසූ සහල් සඳහා සංඛ්‍යා 107% ක් වන අතර බඩ ඉරිඟු සඳහා 177%කි. වර්ෂාව සහ එහි ව්‍යාප්තිය වෙනස් වීම සහ දේශගුණික විපර්යාස කෘෂිකර්මාන්තයේ වෙනස් කම් සඳහා සෘජු ලෙසම දායක වේ.

විශ්වාස කළ නොහැකි අහිතකර කාලගුණික තත්ත්වයන් කෘෂිකර්මාන්තයට හානියක් වන අතර ඉන් ලොවපුරා ආහාර මිල ඉහල යනු ඇත.

Richard Mahapatra විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Climate and food price rise: Extreme weather events triggering unprecedented food inflation නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.