• අප්‍රිකාවේ ඉබෝලා සිට බ්‍රසීලයේ මැලේරියාව දක්වා මෙන්ම එක්සත් ජනපදයේ කිනිතුල්ලන්ගෙන් බෝවන රෝග දක්වාත්, කෘමින්ගෙන් බෝවන රෝග සහ සත්ව විද්‍යාත්මක රෝග පැතිරීම සම්බන්ධ කරන පොදු සාධකයක් තිබෙන බව සහ එය වනාන්තර ආවරණය උච්චාවචනයවීම බව, මෑත අධ්‍යයනයකින් පෙන්වා දී ඇත.
  • වනාන්තර විනාශය මෙන්ම හරිත ආවරණය වැඩිවීම පවා රෝග ඉහළ යෑමට හේතුවන බව පර්යේෂණයන් පෙන්වා දෙන්නේ ඔයිල් පාම් වගාවන් සහ මැලේරියාව, ඩෙංගු රෝගය පැතිරීම අතර ඇති සම්බන්ධය උපුටා දක්වමිනි.
  • 1990 සිට 2016 දක්වා කාලය තුළ කෘමින්ගෙන් බෝවන සහ සත්ව විද්‍යාත්මක රෝග සමඟ වනාන්තර ආවරණ වෙනස්වීම් අතර සම්බන්ධතාවය පිළිබඳව කල අධ්‍යනයකින් ආසාදන වර්ග දෙකේම පැතිරීම වැඩි වී ඇති බව සොයා ගන්නා ලදී.
  • නිසි මඟ පෙන්වීමක් සිදු නොවන වගාවන්හි ප්‍රතිඵලයක් ලෙස මිනිස් සෞඛ්‍යයට හානි සිදුවිය හැකි බව සාක්ෂි මඟින් පෙන්නුම් කරන්නේ, රෝග පාලනය කිරීමේදී වනාන්තරවල කාර්යභාරය පිළිබඳ වැඩි පර්යේෂණයක් අවශ්‍ය බවයි.

COVID-19 වසංගතය මගින් ලෝකයේ පිරිහෙන සෞඛ්‍යය හේතුවෙන් මිනිසාට රෝගී තත්ව ඇති වේ දැයි පිළිබඳව බොහෝ ප්‍රශ්න මතු කර තිබේ. එහි පිළිතුර ‘ඔව්’, එය රූපක ප්‍රතිචාරයක් නොවේ.

නිල් ග්‍රහලෝකයේ හරිත ආවරණය විකෘති කිරීම, ඝන වනාන්තර එළිපෙහෙළි කොට වගා කිරීම හේතුවෙන් මෙලෙස රෝග වැඩිවීමට හේතුවන බව පර්යේෂණ ආයතනයක් පෙන්වා දෙයි. ‘අප්‍රිකාවේ ඉබෝලා සිට බ්‍රසීලයේ මැලේරියාව පැතිරීම දක්වාත් එක්සත් ජනපදයේ කිනිතුල්ලන්ගෙන් බෝවන රෝග දක්වාත් පොදු සාධයක් තිබෙන බවත් එය උච්චාවචනය වන වනාන්තර ආවරණය බවත්, Frontiers in Veterinary Science හි නවතම අධ්‍යයනයකින් සොයාගෙන ඇත.

තවද නොසලකා හැර තිබු උවදුරක්වන ඔයිල් පාම් වගාවන් “ගෝලීය සෞඛ්‍යයට තර්ජනයක්” බව අධ්‍යයන කතුවරුන් විසින් හඳුනාගෙන ඇත.

COVID-19 යනු සත්ව විද්‍යාත්මක රෝගයකි, මෙය සතුන් තුළ රෝග කාරක මතු වී මිනිසුන් තුළට පැතිරෙයි. SARS-CoV-2 වෛරසය මිනිසාට පැතුරුණේ කෙසේද යන්න තවමත් විමර්ශනය කරමින් පවතී. නමුත් එක් න්‍යායකින් පෙනී යන්නේ වවුලෙකු තුල වූ කෝවිඩ් වෛරසය අතරමැදි ධාරකයෙකු හරහා මිනිස් ගහනයට ඇතුළු වූ බවයි. මෙම තත්ත්වය වනජීවී වෙළඳාම හා වාසස්ථාන ආක්‍රමණය සම්බන්ධ සෞඛ්‍ය අවධානය යොමු වීමට සමත්ව ඇත.

නව අධ්‍යයනයෙන් 1990 සිට 2016 දක්වා කාලය තුළ වනාන්තර විනාශය සහ දෛශික මගින් බෝවන හා සත්ව විද්‍යාත්මක රෝග අතර ඇති සම්බන්ධතා පරීක්ෂා කරන ලදී. මැලේරියාව, ඩෙංගු සහ ලයිම් රෝග ඇතුළු දෛශික මගින් බෝවන රෝග සම්ප්‍රේෂණය වන්නේ මදුරුවන්, කිනිතුල්ලන් හා මැක්කන් වැනි කෘමීන්ගෙනි. මෙම කාල පරිච්‌‌ඡේදය තුළ දෛශික මගින් බෝවන සහ සත්ව විද්‍යාත්මක රෝග බහුලව දක්නට ලැබුණි.

ඉහළ වනාන්තර විනාශයක් වාර්තා කරන හරිත නිවර්තන රටවල්වන බ්‍රසීලය සහ ඉන්දුනීසියාව වැනි රටවල් තුල නිරන්තරයෙන් කෘමින් මඟින් බෝවන රෝග පැතිර යන බව විශ්ලේෂණයෙන් අනාවරණය වී තිබේ. දකුණු ඇමරිකාවේ පේරු සහ බොලිවියාව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ අප්‍රිකාවේ කැමරූන්, අග්නිදිග ආසියාවේ මියන්මාරය සහ මැලේසියාව මෙම නිගමනයට සහාය දක්වයි.

2001 සිට 2015 දක්වා කාලය තුළ අහිමි වූ වනාන්තරවලින් හතරෙන් එකක් පමණම අහිමි වී ඇත්තේ හරක් මස්, සෝයා, පාම් තෙල් සහ දැව තන්තු වැනි භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා බව 2018 සිදුකරන ලද අධ්‍යයනයකට අනුව අනාවරණය වී තිබේ. මෙම භෝග. වනාන්තර වලින් පොහොසත් රටවලද විස්තාරණය වී ඇත. ලෝකයේ විශාලතම පාම් තෙල් නිෂ්පාදකයා ඉන්දුනීසියාවවන අතර බ්‍රසීලය ගෝලීය වශයෙන් සෝයා බෝංචි සැපයුමෙන් බොහොමයක් සහ හරක් මස් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි.

අග්නිදිග ආසියාවේ වනාන්තර වෙනුවට ඔයිල් පාම් වගාවන් ආදේශ කිරීම හේතුවෙන් මැලේරියාව සම්ප්‍රේෂණය කරන ඇනොෆිලස් මදුරුවාගේ බහුලත්වය වැඩි වී ඇත. මැලේසියාවේ බෝර්නියෝහි වනාන්තර වෙනුවට කෘෂිකාර්මික ඉඩම් ප්‍රතිස්තාපනයෙන් ඊඩීස් නයිවස් ගහනය අඩු වූ නමුත් ඩෙංගු රැගෙන යන මදුරුවන් හා A. albopictus හි ගහනය වැඩි විය.

වනාන්තර ආවරණයේ වෙනස්වීම් රෝග සඳහා හිතකර තත්වයන් නිර්මාණය කළද, සම්බන්ධතාවය සරල නැත. මැලේරියා විශේෂඥයින් සොයාගෙන ඇත්තේ, වනාන්තර එළි පෙහෙළි කිරීම, විශේෂයෙන් වන විනාශය හා රෝගයන් අතර සම්බන්ධයක් ඇති බවයි.

නමුත් සමහර අවස්ථාවල මැලේරියා රෝගීන්ගේ වැඩිවීම වනාන්තර විනාශය අඩුවීමට හේතු වන අතර වනාන්තරවලට පිවිසෙන්නන්හට අසනීපය ආසාදනය වී ප්‍රතිපෝෂණ වළල්ලක් නිර්මාණය වේ.

බටහිර හා මධ්‍යම අප්‍රිකාවේ ඉබෝලා රෝග පැතිරීම සිතියම් ගත කිරීමෙන් හෙළි වූයේ වනාන්තර කැබලි කිරීම ඉතා වැඩි ස්ථානවල දර්ශක අවස්ථා වැඩි වශයෙන් ඇති බවයි. සංවෘත වනාන්තර විවෘතව තැබූ විට, මිනිසුන් වන සතුන් සහ රෝග කාරක වලට නිරාවරණය වීම වැඩිවන අතර, එය සත්ත්ව විද්‍යාත්මකව ආසාදන බෝ වීමේ අවදානම වැඩි කරයි.

හානිකර බලපෑම් ඇතිවන්නේ වනාන්තර විනාශයෙන් පමණක් නොවන බවද මෙම පර්යේෂණයෙන් සොයාගෙන ඇති අතර රෝග පැතිරීම නුසුදුසුවන වගාව සමඟද මෙය සම්බන්ධ වේ. එවැනි උත්සාහයන් මගින් ජෛව විවිධත්වය ප්‍රවර්ධනය කිරීමට සහ කාබන් අනුපිළිවෙලට ප්‍රතිලාභ ලැබිය හැකි වුවද, ඒවා අනපේක්ෂිත ප්‍රතිවිපාකද ඇති කළ හැකිය. නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදයේ, ගස් සිටුවීම සහ හරිත ආවරණය වැඩි කිරීම මුව ගහනය නැවත නැගී ඒමට සහාය වූ අතර එය කිනිතුල්ලන්ගේ ජනගහනය වැඩි කිරිමටද හේතු විය.

වනාන්තර ආවරණය අඩු සෞම්‍ය කලාපීය රටවල් සම්බන්ධයෙන් මෙය සත්‍යයක් වේ. එහෙත් චීනය, වියට්නාමය වැනි රටවලද මෙම රටාව පර්යේෂකයන් දුටුවේ දැඩි වනාන්තර විනාශය සඳහා හේතු වන බවයි. කෙසේ වෙතත්, කතුවරුන් අනතුරු අඟවන්නේ හරිත ආවරණය වැඩිවීම පිළිබඳ ඔවුන්ගේ දත්ත වෙළඳ වතු, වන වගාව හෝ අතහැර දමා ඇති කෘෂිකාර්මික ඉඩම් අතර වෙනසක් නොවන බවයි.

චන්ද්‍රිකා නිරූපණවල සීමාවන් ගැටලුවේ එක් කොටසක් පමණි. වනාන්තරයක් බවට පත් වන්නේ කුමක් ද යන්න පිළිබඳ සම්මුතියක් නොමැත.

වනාන්තර සඳහා කැප වූ ගෝලීය ගිවිසුමක් නොමැත. අන්තර්ජාතික නිවර්තන දැව ගිවිසුම වනාන්තර සමඟ කෙලින්ම ගනුදෙනු කරන එකම ගෝලීය ගිවිසුමවන නමුත් එය තිරසාර දැව වෙළඳාම කෙරෙහි පමණක් අවධානය යොමු කරයි. 2030වන විට හෙක්ටයාර මිලියන 350 ක් (අක්කර මිලියන 865 ක්) යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගත් බොන් අභියෝගය සහ වන විනාශය නැවැත්වීම සඳහා නිව්යෝර්ක් ප්‍රකාශය යන දෙකම පරිහානියට පත් ඉඩම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන ස්වේච්ඡා කැපවීමෙන් වේ.

මෙම අරමුණු පිළිපැදීමෙන් දැවැන්ත ගස් සිටුවීමේ ධාවකයන් දියත් කිරීමට රටවල් දිරිගැන්වූ අතර තෘණ බිම්, වැදගත් පරිසර පද්ධති තමන්ගේම අතින් වනාන්තර බවට පරිවර්තනය කිරීමට හේතු විය. ‌ෛඑතිහාසිකව වනාන්තර නොවූ ප්‍රදේශවල වනාන්තර ව්‍යාප්ත කිරීම ප්‍රවර්ධනය නොකිරීමට කතුවරුන් වනාන්තරයක් පිළිබඳ FAO හි අර්ථ දැක්වීම යාවත්කාලීන කරන ලෙස ඉල්ලා සිටී.

නොමඟ ගිය වන වගාව හෝ වතුකරයේ ප්‍රතිව්‍යුහයක් ලෙස පවා මිනිස් සෞඛ්‍යයට හානි සිදුවිය හැකි බවට සාක්ෂි පෙන්නුම් කරන්නේ රෝග පාලනය කිරීමේදී වනාන්තරවල කාර්යභාරය පිළිබඳව වැඩි පර්යේෂණ අවශ්‍ය බවයි.

උපුටා දැක්වීම

Morand, S., & Lajaunie, C. (2021). Outbreaks of vector-borne and zoonotic diseases are associated with changes in forest cover and oil palm expansion at global scale. Frontiers in Veterinary Science, 8. doi:10.3389/fvets.2021.661063

Curtis, P. G., Slay, C. M., Harris, N. L., Tyukavina, A., & Hansen, M. C. (2018). Classifying drivers of global forest loss. Science, 361(6407), 1108-1111. doi:10.1126/science.aau3445

MacDonald, A. J., & Mordecai, E. A. (2019). Amazon deforestation drives malaria transmission, and malaria burden reduces forest clearing: A retrospective study. The Lancet Planetary Health, 3. doi:10.1016/s2542-5196(19)30156-1