ගෝලීය උෂ්ණත්වය ඉහළ යමින් පවතින වර්තමානයේ, හරිතාගාර වායූන්ගේ විමෝචනය අවම කරගැනීම සඳහා නොයෙක් රටවල් විසින් සකසන ලද අලුත් ප්‍රකාශයන් දෙස බැලූ කල පෙනෙන්නේ ප්‍රශ්නාර්ථයකි.  ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වලක්වා ගැනීමට නම් එම ප්‍රශ්න නිරාකරණය කරගනිමින් ඉක්මන් පියවර වෙත යාම අත්‍යවශ්‍ය ය.

වත්මන් ලෝකය පැමිණ සිටින්නේ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කළ යුතු යුගයකටය. ඒ නිසාම, යුරෝපීය සංගමය සහ තවත් රටවල් 47 ක් එක්ව හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීම සඳහා සකස් කරන ලද නවතම ප්‍රතිපත්ති මාලාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්  වාර්තාගත කර ඇත.

නමුත්, හරිතාගාර වායු විමෝචනයෙන් ලෝකයේ ප්‍රමුඛස්ථානයන් දෙකම හිමි කරගෙන ඇති චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය මෙම නව ප්‍රතිපත්ති මාලාව සඳහා සිය එකඟත්වය පල කර නොමැති බැව් විමතියට කරුණකි. එමෙන්ම යුරෝපා සංගමයෙන් පසුව සිටින සිව්වෙනි වායු දූෂකයා වන ඉන්දියාව ද මෙම එකතුවට ඇතුළත් වී නැත්තේ ඇයි ද යන්න තවත් ප්‍රශ්නයකි.

යුරෝපීය සංගමයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ගෝලීය උෂ්ණත්වය ඉහළ යමා පිළිබඳව පවසන්නේ මේ අයුරෙනි.

“විද්‍යාව පැහැදිළි යි. ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කින් ඉහළ යාම වළක්වා ගන්න නම් 2010ට සාපේක්ෂව 2030 වන විට  අපි 45% කින් අහිතකර ගෝලීය විමෝචන අවම කරගත යුතුයි. අද UNFCCC (දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය) ඉදිරිපත් කරපු අතුරු වාර්තාව අපේ පෘතුවියට එල්ල කරන්නෙ රතු අනතුරු ඇඟවීමක්. ඒ වගේම අතුරු වාර්තාව පෙන්නුම් කරන විදියට උෂ්ණත්ව වෙනස අංශක 1.5 කට සීමා කරන්න සහ පැරිස් ගිවිසුමේ අරමුණු සපුරාලන්න අවශ්‍ය මට්ටමට රජයන් තවමත් පැමිණ නැහැ.”

මෙම වසරේ නොවැම්බර් මාසයේ ග්ලාස්ගෝහි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට පෙර අහිතකර වායු විමෝචනයන් පිළිබඳව ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් සඳහා වඩාත් අභිලාෂික විමෝචන අඩුකරන ඉලක්ක සමඟ ඉදිරියට යා යුතු බැව් ඔහු තවදුරටත් අවධාරණය කරයි.

ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන්, එසේත් නොමැති නම් ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් නමින් හැඳින්වෙන ප්‍රතිපත්ති ඉදිරිපත් කර ඇත්තේ 2015 වසරේ පැරීසියේ පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට පෙරය. ඒ ප්‍රතිපත්ති අනුව යමින් යුරෝපා සංගමය සහ රටවල් 47 ක් විසින් 2017 වසරේදී ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 28.8% ක් යාවත්කාලීන කරගෙන ඇත.

ජාතික වශයෙන් තීරණය කරන ලද නව හෝ යාවත්කාලීන දායකත්වයන් – සටහන : ජොයිදීප් ගුප්තා / The Third Pole

එම වාර්තාවේ පෙර දැක්ම පවසන පරිදි ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් ක්‍රියාවට නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස 2025 වන විට, සමස්ත හරිතාගාර වායු විමෝචන මට්ටම මුල් මට්ටමට වඩා 0.3% කිනුත් 2030 වන විට 2.8% කිනුත් අඩු විය යුතුය.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) පවසනන්නේ 2030 වන විට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 2010 මට්ටමේ සිට 45% කින් පමණ අඩු විය යුතු බවයි. පැරිස් ගිවිසුමේ අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීමට නම් පෙර ගෝලීය උෂ්ණත්ව වැඩිවීම, අංශක 1.5 කට සීමා කිරීම (පූර්ව කාර්ම්ක මට්ටමට ඉහළින්) තබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

නමුත්, එම දින වලට වඩා වත්මන් ගෝලීය උෂ්ණත්වය අංශක 1.2 කින් ඉහළ නැංවී ඇත.

 දේශගුණික විපර්යාස වලට තුඩු දෙන හරිතාගාර වායූන් අතර මූලිකයා වන්නේ වායුගෝලයට එක්වන කාබන්ඩයොක්සයිඩ් වායුවයි.

ඉලක්කයන් වෙත

වර්තමානයේදී සංවර්ධිත රටවල්  පවසන්නේ ඔවුනට 2050 වන විට “ශුද්ධ ශූන්‍ය ” කාබන් විමෝචනය කරා යා හැකි බවයි. නමුත් ඉන්දියාව හා තවත් සමහර රටවල්,  එය සලකන්නේ ශුද්ධ ශූන්‍ය කාබන් කරා යාම කල්දැමීමේ උත්සහයක් විලසිනි. ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පරිසර අමාත්‍ය ප්‍රකාශ් ජාවේද්කර් දිගින් දිගටම අවධාරණය කරන්නේ, ධනවත් රාජ්‍යයන්  ඉක්මනින්ම ඔවුනගේ හරිතාගාර වායු විමෝචන පාලනය කරගත යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ මෙම නවතම වාර්තාව නිකුත් කරමින් ගුටරෙස් පැවසුවේ, මිනිසුන්ට සහ ලෝකයට අත්‍යවශ්‍ය වන පරිවර්තනයේ දශකය දියත් කිරීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග මඟින් දිගු කාලීන බැඳීම් ඇති කරගත යුතු කාලය දැන් එළඹ ඇති බවයි.

“මෙම වාර්තාවෙන් පෙනෙන සැටියට අපේ වත්මන් දේශගුණික අභිලාෂයන් පැරිස් ගිවිසුමේ අරමුණු සපුරාලන මාවතෙන් අපව දුරස් කරලා තියෙනවා “

මෙසේ පවසන ලද්දේ UNFCCC හි විධායක ලේකම් පැට්‍රීෂියා එස්පිනෝසා විසිනි.

ඇය තවදුරටත් පැහැදිළි කරන ලද්දේ, කොවිඩ්-19 වසංගතය 2020 දෙසැම්බර් 20 දිනෙන් අවසන් කරන බවට බොහෝ රටවල් යාවත්කාලීන කළ පොරොන්දු මෙන් මෙම ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වය වාර්තාව ද සැණරුවක් මිස සම්පූර්ණ ඡායාරූපයක් නොවන බවයි. එබැවින්ම, එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මීළඟ දේශගුණික සමුළුවට පෙර දෙවන වාර්තාවක් ද නිකුත් කිරීමට නියමිත ය.

අවම කිරීමේ ඉලක්ක වර්ග සහ ඒවා ජාතික වශයෙන් නිර්ණය කරන ලද දායකත්වයන් මගින් සන්නිවේදනය කළ පාර්ශ්වයන් – සටහන : ජොයිදීප් ගුප්තා / The Third Pole

එස්පිනෝසා පෙන්වාදුන්නේ කොවිඩ් -19 හි ආර්ථික බලපෑම් වලින් හරිතමය වශයෙන් ප්‍රකෘතිමත් වීමට සියලුම රටවලට පෙර නොවූ අවස්ථාවක් ලැබී ඇති බවයි. ” මේක අපිට මඟහරින්න බැරි දුර්ලභ අවස්ථාවක්. අපි නැවත ගොඩනැඟෙද්දි  අපිට ආයෙ පරණ සාමාන්‍ය තත්වෙට පත්වෙන්න බැහැ. ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් මේ යතාර්ථය පෙන්නුම් කරමින් විමෝචන අවම කරගන්න ක්‍රියා කළ යුතුයි. ඒ වෙනුවෙන් විශේෂයෙන් G20 ජාතීන් මඟ පෙන්වීම සිදු කළ යුතුයි.”

ග්ලාස්ගෝ සමුළුවේ සභාපති ආලෝක් ෂර්මා, මෙම වාර්තාව ඉතා හදිසි ක්‍රියාමාර්ගයක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත් සෑම රටකින්ම, විශේෂයෙන්ම ප්‍රධාන විමෝචකයන්ගෙන් අභිලාෂකාමී 2030 වෙනුවෙන් විමෝචන අඩු කිරීමේ ඉලක්ක ඉදිරිපත් කරන ලෙසත් අවධාරණය කර ඇත. එමෙන්ම ඔහුගේ මතයට අනුව, අපි අපේ පෘතුවිය ආරක්ෂා කිරීම සඳහා ඇති කවුළුව වේගයෙන් වැසෙන බැව් අප හඳුනාගත යුතුයි.

අනුවර්තනය වීම

ධනවත් රටවල් හරිතාගාර වායු විමෝචනය අවම කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. නමුත් නව ප්‍රතිපත්ති වලින් ගම්‍යමාන වන්නේ සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම ඔවුන්ගේ ක්ෂණික ප්‍රමුඛතාව ලෙස පිළිගන්නා බවයි.

බොහෝ රජයන්, නිරතුරුවම සිදුවන හා වඩා දරුණු ගංවතුර, නියඟ වැනි පුළුල් දේශගුණික විපර්යාස පිළිබඳ විස්තර ඉදිරිපත් කරමින්  ඒ සඳහා ගෝලීය උපකාර ද ඉල්ලා ඇත. එමෙන්ම, කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් දේශගුණික විපර්යාසයන්ට මිනිසුන් ගොදුරු වීමේ අවදානම වැඩි බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

නිශ්චිත අනුවර්තන සමෘද්ධිමත් ප්‍රදේශ සහ අංශ අනුව ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයේ අනුවර්තන – සටහන : ජොයිදීප් ගුප්තා / The Third Pole

එම නිසාම සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා හොඳ දේශගුණික තොරතුරු පද්ධති හා ප්‍රක්ෂේපණ මෙවලම් අවශ්‍යතාව දැඩි ලෙස පවතී.

දැනටමත් පවතින දේශගුණි අර්බුදයට මුහුණ දීම සඳහා මූල්‍ය ආධාර, තාක්ෂණ හුවමාරුව සහ ධාරිතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව වෙනත් රටවලින් ලබා ගත යුතු බවත් සංවර්ධනය වෙමින් පවතින රටවල් හඬ නඟයි.

කුඩා දූපත් රාජ්‍යයන්ගේ සංවිධානය (AOSIS) මේ පවසා ඇත්තේ මේ අයුරිනි. “මේ වාර්තාව තහවුරු කෙරෙනවා හදිසි ක්‍රියාමාර්ග වල අඩුවක්. ඒ වගේම අව්‍යාජ ක්‍රියාමාර්ග වෙනුවෙන් රටවල්වල කැපවීම ප්‍රමාණවත් නොවන බවක්.”

“දේශගුණික විපර්යාසයන්ගෙ දරුණුම බලපෑම් වලින් වැළකී සිටින මාර්ගයට අපි තාමත් ඉන්නෙ බොහොම ඈතින්. අහිතකර වායු විමෝචන වැළක්වීමට මේ වසරේ තවත් රටවල් නව හෝ යාවත්කාලීන සැලසුම් ඉදිරිපත් කළ යුතුයි. මේ සැලසුම් වල 2025 හෝ 2030 ඉලක්ක වල පුළුල් අරමුණු අඩංගු වීම අවශ්‍යයි.”

එක්සත් ජාතීන්ගේ දේශගුණික සාකච්ඡා වලදී මෙසේ පවසන ලද්දේ අවම සංවර්ධිත රටවල් සමූහයේ සභාපති භූතානයේ සෝනම් පී. විසිනි.

“දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් දැන් ක්‍රියාත්මක වීමට අපොහොසත් වීම නිසා ඉදිරියෙදි වඩාත් පිරිවැයක් දැරීමටත් විනාශකාරී බලපෑම් ඇතිවීමටත් ඉඩ තියෙනවා. මේ සියල්ල දැනෙන්නෙ අවම සංවර්ධිත රටවල්වලට. දැනටම අපි දේශගුණික අර්බුදයකට මුහුණ දීලා තියෙන්නෙ. ඒ වෙනුවෙන් අපිට පැහැදිලි ගෝලීය ප්‍රතිචාරයක් අවශ්‍යයි.”

ඇය තව දුරටත් පවසා ඇත.

දුක්ඛිත ලෙස කෙටි වන නව පොරොන්දු

“ගෝලීය විමෝචනයෙන් 75% කට වඩා නියෝජනය කරන තමන්ගෙ සැලසුම් තාමත් ඉදිරිපත් කර නැති රටවල් මේ වසරේ විශාල අභිලාෂයන් ලබා දිය යුතුයි. ඒ වගේම 2020 දී දුර්වල ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබෙන රටවල් ඒවා සංශෝධනය කළ යුතුයි. G20 රටවල් වලින් අඩකට වඩා දැන් ශුද්ධ ශූන්‍ය විමෝචන ඉලක්ක සඳහා කැපවී සිටියත් ස්වල්ප දෙනෙක් ඊට සමගාමීව 2030 සඳහා අතුරු ඉලක්ක තබා තියෙනවා.”

මෙසේ පවසන්නේ ලෝක සම්පත් ආයතනයේ දේශගුණික හා ආර්ථික විද්‍යා අංශයේ සභාපති හෙලන් මවුන්ට්ෆර්ඩ් විසිනි.

මවුන්ට්ෆර්ඩ්, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය ඔවුනගේ ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීම ගැන ප්‍රශංසා කළ ද ඕස්ට්‍රේලියාව හා රුසියාව ප්‍රතිපත්ති ශක්තිමත් කර නොමැති බවට විවේචනය කර ඇත. එමෙන්ම ඇය බ්‍රසීලයේ සහ මෙක්සිකෝවේ නව සැලසුම් පිළිබඳව පැවසුවේ මෙසේ ය.

“අවුරුදු පහකට කලින් තිබුණු ඉලක්ක වලටත් වඩා දැන් ඉදිරිපත් කර ඇති ඉලක්ක දුර්වලයි.”

අනෙක් නිරීක්ෂකයන් පෙන්වා දුන්නේ ජපානය, දකුණු කොරියාව සහ නවසීලන්තය ද ඔවුනගේ ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් වැඩිදියුණු කර නොමැති බවයි.

දේශගුණික ක්‍රියාකාරී ජාලයේ විධායක අධ්‍යක්ෂ තස්නීම් ඒසොප් පැවසුවේ, එක්සත් ජනපදය සහ චීනය තවමත් ඔවුනගේ ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් ඉදිරිපත් කර නොමැති බවකි. ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බැව් ඔහු ප්‍රකාශ කරන්ඇත. එමෙන්ම විමෝචන අවම කිරීම සහ මූල්‍යමය වශයෙන් එක්සත් ජනපදය සිය සාධාරණ කොටස ලබා දිය යුතු බව ද  අවධාරණය කරන ලදී.

එක්සත් රාජධානියේ කාර්යභාරය

2015 වර්ෂය පුරාම ප්‍රංශ රජය විසින් ඉදිරිපත් කළ තිරසාර රාජ්‍ය තාන්ත්‍රිකභාවය පැරිස් සමුළුවේදී රටවල් අතර එකඟතාවයකට පැමිණීමට හේතුවක් විය. දැන් එම කාර්යභාරය පැවරී ඇත්තේ එක්සත් රාජධානිය වෙතය. මන්දයත් මෙවර නොවැම්බර් සමුළුවේ සත්කාරක රට වන්නේ එක්සත් රාජධානියයි.

බොහෝ නිරීක්ෂකයන් පවසන පරිදි 2021 වසරේදී හරිතාගාර වායු විමෝචනය පාලනයෙන් දේශගුණික විපර්යාස වැළක්වීමේ ඉලක්කය වෙත ළඟා වීමට නම් සාමූහික රාජ්‍ය තාන්ත්‍රික උත්සහයක් අත්‍යවශ්‍ය වේ.

Joydeep Guptha විසින් The Third Pole වෙත ලියන ලද Countries come up short on carbon-cutting commitments නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.