- දකුණු ආසියාව විවිධ බුල්බුල් විශේෂ 24කට නිවහන වන අතර, ගී කුරුලු පවුලට අයත් ඔවුන්ගේ නව ජාන විශ්ලේෂණයකින් පෙන්නුම් කරන්නේ පරිණාමීය ඉතිහාසය අග්නිදිග ආසියානු දූපත් සමූහය දක්වාත්, අප්‍රිකාව සහ ඉන්දියන් සාගර දූපත් දක්වාත් විහිදෙන බවයි.
- කුරුල්ලන් සිටිනා සෑම කලාපයකම, දේශගුණික සහ පාරිසරික සාධක ඔවුන්ගේ පරිණාමය හැඩගස්වා ඇති අතර, ඉන්දියාවේ සමහර විශේෂයන් ඔවුන්ගේ දකුණු ආසියාතික සගයන්ට වඩා අග්නිදිග ආසියාතික ඥාති සහෝදරයින්ට සමානකම් දක්වයි.
- බුල්බුල් පවුල් රුක් සටහනෙහි මෙම විවිධාංගීකරණය ඔවුන් අග්නිදිග ආසියාවේ සිට දකුණු ආසියාවට සංක්‍රමණය වීමෙන් පසුව නතර නොවූ අතර, ඇත්ත වශයෙන්ම ඔවුන් මැදපෙරදිග හරහා සහ අප්‍රිකාවට විසිර ගොස්, මැඩගස්කරය සහ මස්කරීන් දූපත් වෙත යනතෙක් දිගටම පැවතුනි.
ඉන්දුනීසියාව සහ මැලේසියාව සෑදී ඇති දූපත් වලද, දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ සන්ඩර්ලන්ඩ් ප්‍රදේශය දක්වාද ඔවන්ගේ විහිදීම සොයා ගත හැකි බව නව අධ්‍යයනයක් පෙන්වා දෙයි.
පලතුරු අනුභව කරන ගී කුරුල්ලන්ගේ Pycnonotidae පවුලට අයත් වන අතර ආසියාව සහ අප්‍රිකාව පුරා විශේෂ 150කට වඩා වැඩි සංඛ්‍යාවක් ඇත. ඉන් දකුණු ආසියාවේ 24ක් සිටින අතර, අඩක් කලාපයට ආවේණික වේ. ජාන විශ්ලේෂණයෙන් දැන් පෙන්නුම් කරන්නේ මෙම දකුණු ආසියාවේ ඔවුන්ගේ මූලාරම්භය සන්ඩලන්ඩ් වන අතර, අග්නිදිග ආසියාවේ ප්‍රධාන භූමිය හරහා ඉන්දියානු උපමහාද්වීපය වෙත පැමිණීම සඳහා යටත් විජිත මාර්ග කිහිපයකින් පැමිණෙන බවයි.
“බුල්බුල් ජානමය අනන්‍යතාවයන් ගෝලීය බුල්බුල් පරිණාම වෘක්ෂය මත තැබූ විට, ඒවා විවිධ ස්ථානවලට ගැළපෙන අතර, මෙම විශේෂයන් විවිධ කාල වකවානුවලදී දකුණු ආසියාව අත්පත් කරගෙන සිටි බව අඟවයි” යනුවෙන් නව අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා සහ රසායනාගාරයේ පර්යේෂක අශිෂ් ජා පැවසීය.
ජා සහ ඔහුගේ සගයන් දකුණු ආසියාවේ ජාන විද්‍යාව ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ ආසියානු ඥාති සහෝදරයන් සමඟ සංසන්දනය කළේ පරිණාමයේ වෘක්ෂයක් ප්‍රතිනිර්මාණය කිරීමට සහ ඒවායේ වෘක්ෂලතාදිය අධ්‍යයනය කිරීම සඳහා වෙනත් සාධක සිතියම්ගත කිරීමට හෝ කාලයත් සමඟ ඒවා වර්ධනය වූ ආකාරයයි. සමහර දකුණු ආසියාතික ආවේණික විශේෂ සඳහා දත්ත දැනට පවතින ගෝලීය ප්‍රදේශ වලින් අතුරුදහන් වී ඇත. එබැවින් කණ්ඩායම පවතින ජාන දත්ත භාවිතා කර ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ආවේණික විශේෂවල ජාන දත්ත සමඟ එය අතිරේක කළේය.
විශේෂිත දේශගුණික සහ පාරිසරික තත්ත්වයන්ට ප්‍රතිචාර වශයෙන් පරිණාමය වූ කලාපයට ආවේණික බුල්බුල් විශේෂවල මූලයන් කෙරෙහි පර්යේෂකයන් විශේෂ අවධානයක් යොමු කළහ.
“මුළු ඉන්දියානු අර්ධද්වීපයම තෙත් සහ තෙතමනය සහිත වනාන්තරවලින් වැසී ගිය නමුත් වසර මිලියන 12 කට පමණ පෙර පශ්චාත් මයෝසීන් යුගයේදී එය වියළී යාමට පටන් ගත්තේය,” ජා මොන්ගාබේ වෙත පැවසීය. “මෙම ශීඝ්‍ර ශුෂ්ක භාවය කලාපයේ වැසි වනාන්තර බොහෝ දුරට උස් ප්‍රදේශවලට සීමා කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ස්ථානවල හුදකලා වූ ප්‍රදේශ වල සාමාජිකයින් වෙනම විශේෂයන් ලෙස පරිණාමය විය.”
අණුක කාල නිර්ණය මගින් පෙන්නුම් කරන්නේ දකුණු ආසියාවේ පැරණිතමයා හිමාලයානු ඉරි කොණ්ඩයා (Pycnonotus striatus)) සහ කඳුකර කොණ්ඩයා (Ixos mcclellandii) සහ කහ-ගෙලැසි කොණ්ඩයා (P. xantholaemus), සහ බැම සුදු කොණ්ඩයා (P. luteolus)ය. එය මයෝසීන අගභාගයේදී (වසර මිලියන 11.63 සිට මිලියන 5.33 දක්වා) අපසරනය විය. මීට වසර මිලියන 5.33 සිට මිලියන 2.58 කට පමණ පෙර ප්ලියෝසීන යුගයේදී ඉන්දියාවේ බටහිර ඝාට්ස් වලට ආවේණික විශේෂ ඔවුන්ගේ සහෝදර විශේෂවලින් අපසරනය විය.
අර්ධද්වීප කලාපයේ පැරණිතම ආවේණික විශේෂය වන්නේ ඉන්දියාවේ ඩෙකෑන් කලාපයේ කහ ගෙලැසි විශේෂය සහ ශ්‍රී ලංකාවේ කහ කන් කොණ්ඩයා (P. penicillatus) ය. “මෙම විශේෂ දෙකටම සමීපව සම්බන්ධ සහෝදර ටැක්සා නොමැත. එබැවින් ඒවා පරිණාම රුක් සටහනෙහි අද්විතීය වේ,” ජා පැවසීය.
අප්‍රිකානු සම්බන්ධය
Pycnonotus කුලයට අයත් දකුණු ආසියානු කොණ්ඩයා අරාබි අර්ධද්වීපය සහ මැදපෙරදිග හරහා ගමන් කරමින් Pliocene සමයේදී අප්‍රිකාව යටත් විජිතයක් බවට පත් කළ බව අධ්‍යයනයෙන් තහවුරු වූ අතර Hypsipetes කුලයට අයත් අය මැඩගස්කරයට සහ මස්කරීන් දූපත්වලටද විසිර ගියහ. ඒ මුල් ප්ලයිස්ටොසීන්, වසර මිලියන 2.58 සිට 12,000 කට පමණ පෙරය.
අද දකුණු ආසියාවේ Hypsipetes විශේෂ දෙකක් ඇත: හිමාලයානු කළු කොණ්ඩයා (Hypsipetes leucocephalus) සහ බටහිර ඝාට්ස් සහ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කලු කොණ්ඩයාය. (H. ganeesa).
හිමාලයානු විශේෂය බටහිර ඝාට්ස් සහ ශ්‍රී ලංකාවේ හතරැස් වල්ග කොණ්ඩයාගේ සහෝදර විශේෂයක් යැයි බොහෝ දෙනෙක් උපකල්පනය කරනු ඇත, නමුත් එය ඇත්ත වශයෙන්ම පිලිපීන විශේෂයට සම්බන්ධය. [H. philippinus], හතරැස් වලිග සහිත විශේෂය මැඩගස්කර කොණ්ඩයාට සමීපව සම්බන්ධ වී ඇති බව සොයා ගන්නා ලදී [H. madagascariensis],” Jha Mongabay වෙත පැවසීය.
“බල්බුල් පවුල තුළ ඇති මෙම වෙනස්කම්, දේශගුණය සහ භූ විද්‍යාත්මක වෙනස්කම් සමඟ සම්බන්ධ දිගුකාලීන බලපෑම් අධ්‍යයනය කරන අතරම දේශීය මෙන්ම කලාපීය විවිධත්වය අවබෝධ කර ගැනීමට ඔවුන් ඉතා හොඳ ආදර්ශයක් බව පෙන්වයි” යනුවෙන් අධ්‍යයනයේ සම කර්තෘ සම්පත් සෙනෙවිරත්න පැවසීය.
නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවේ, කහ කන් කොණ්ඩයා මධ්‍යම කඳුකරයේ ගෙවතු සහ නාගරික ප්‍රදේශවල පවා බහුලව දක්නට ලැබෙන පක්ෂියා විය හැකිය. නමුත් මීටර් 1,200 (අඩි 4,000) ට වඩා අඩු උන්නතාංශවලදී, උන් පෙනෙන්නට නැත. එසේම, හතරැස් වල්ග විශේෂය වැසි වනාන්තරවල බහුලව දක්නට ලැබෙන අතර සමහර විට ගෙවතුවල දක්නට ලැබේ, නමුත් වැසි වනාන්තර නොමැති ප්‍රදේශවල දක්නට නොලැබේ. ඊට හාත්පසින්ම වෙනස්වන, ශ්‍රී ලංකාවේ වඩාත් පුලුල්ව පැතිරුනු ඇති පක්ෂියා වන්නේ රතු-නිතඹ සහිත කොණ්ඩයා (P. cafer) වන අතර එය මහල් නිවාස, බැල්කනි කූඩු කරගනිමින් නාගරික වටපිටාවේ වාසය කරයි.
මෑත කාලීන බොහෝ විද්‍යා ප්‍රකාශන මගින් වසර මිලියන ගණනකට පෙර සිදු වූ වේගවත් ශුෂ්කකරණය සහ අනෙකුත් පාරිසරික සාධක අද දකුණු ආසියාවේ ජෛව විවිධත්වයේ ජනපදකරණයට සහ පරිණාමයට දායක වී ඇත්තේ කෙසේදැයි සොයා බලා ඇත.
“ඓතිහාසික දේශගුණික හා පාරිසරික වෙනස්කම් වලට විවිධ සත්ව කණ්ඩායම් ප්‍රතිචාර දක්වන ආකාරය අධ්‍යයනය කිරීම සිත්ගන්නා කරුණකි,” සෙනෙවිරත්න පැවසුවේ, “මෙය සමාන වෙනස්කම් සිදු වුවහොත් අනාගතයේදී කුමක් සිදුවේද යන්න තේරුම් ගැනීමට මෙය උපකාරී වනු ඇත.”
Malaka Rodrigo විසින් Mongabay වෙත ලියන ලද New study reveals globe-trotting pedigree of South Asian songbirds නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.
Comments are closed for this post.