• මාලදිවයිනේ විද්‍යාඥයකු විසින් මාලදිවයිනේ විචිත්‍රවත් ගල්පර මත්ස්‍යයෙක් විස්තර කරන ලද පළමු අවස්ථාවයි.
  • Cirrhilabrus finifenmaa මාලදිවයිනේ සමුද්‍ර පර්යේෂණ ආයතනයේ (MMRI) ජීව විද්‍යාඥයෙකු වන අහමඩ් නජීබ් විසින් “රෝස්” දේශීය වචනයෙන් නම් කර ඇත.
  • සියුම් භෞතික වෙනස්කම් සහ DNA විශ්ලේෂණයන් මගින් රෝස් වේයිල්ඩ් ෆෙයරි ව්රැස් දැනටමත් දන්නා, රෝසි ස්කේල්ස් ෆෙයරි ව්රැස් wrasse (Cirrhilabrus rubrisquamis) ගේ වෙනමම විශේෂයක් බව තහවුරු විය.
  • පර්යේෂකයන් පවසන පරිදි, අලුතින් විස්තර කරන ලද මාළු දැනටමත් මින්මැදුරු වෙළඳාම සඳහා විකුණනු ලබන අතර, එය හඳුන්වනු ලබන්නේ “මත්ස්‍යයෙකුට විද්‍යාත්මක නාමයක් පවා නොතිබීමට පෙරම වාණිජකරණයට ලක්වන බවයි.”

මාලදිවයිනේ නිල්වන් ජලයේ සහ වර්ණවත් කොරල්පර තුළ, දේදුනු පැහැති මත්ස්‍යයෙකු, මාලදිවයිනේ පර්යේෂකයෙකු විසින් නම් කොට විස්තර කරන ලද ප්‍රථම අවස්ථාව බවට මෙය පත්ව ඇත.

විද්‍යාවට අලුත්, ‘රෝස් වේල්ඩ් ෆෙයරි ව්රැස්’ (Cirrhilabrus finifenmaa) දේශීය භාෂාවෙන් නම් කර ඇත. Finifenmaa යන්නෙහි තේරුම “රෝස” වන අතර එය දූපත් වල රෝස පැහැයෙන් යුත් ජාතික පුෂ්පය මෙන්ම මාළුවාගේ වර්ණයටද උපහාරයකි. මෙම විශේෂය පිළිබඳ විස්තරයක් මෙම සතියේ ZooKeys සඟරාවේ පළ විය.

“මාලදිවයිනට ආවේණික විශේෂයන් පවා දේශීය විද්‍යාඥයින්ගේ වැඩි දායකත්වයක් නොමැතිව, මාලදිවයිනෙන් සොයා ගන්නා අතර ඒවා විස්තර කළේ විදේශීය විද්‍යාඥයින් විසිනි” යැයි පවසමින් මාලදිවයිනේ සමුද්‍ර පර්යේෂණ ආයතනයේ (MMRI) ජීව විද්‍යාඥ අහමඩ් නජීබ් ප්‍රථම වතාවට මෙම මාළුවා නම් කරන ලදී. ඔහු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “මෙවර එය වෙනස් වන අතර පළමු වතාවට යම් දෙයක කොටසක් වීමට ලැබීම ඇත්තෙන්ම සිත් ඇදගන්නා සුළුය. විශේෂයෙන් එවැනි අලංකාර විශේෂයක් පිළිබඳව ප්‍රවීන විද්‍යාඥයින් (මාළු ජීව විද්‍යාඥයින්) සමඟ වැඩ කිරීමට අවස්ථාව ලැබීමද ඉතා වටිනේය.

මාලදිවයිනේ සමුද්‍ර පර්යේෂණ ආයතනයේ ජීව විද්‍යාඥ අහමඩ් නජීබ් දේශීය ජලයෙන් හමුවන නව මත්ස්‍ය විශේෂයක් නම් කර විස්තර කළ පළමු මාලදිවයින් විද්‍යාඥයා වේ. ඡායාරූපය: ක්ලෝඩියා රෝචර්/ California Academy of Sciences/ Mongabay
මාලදිවයිනේ සිට පිරිමි රෝස පැහැ සුරංගනාවියක් (Cirrhilabrus finifenmaa). ‘ෆිනිෆෙන්මා’ යන විශේෂ නාමයේ තේරුම දේශීය ධිවේහි භාෂාවෙන් ‘රෝස’ යන්නයි, එහි රෝස පැහැය සහ මාලදිවයිනේ ජාතික පුෂ්පය යන දෙකටම භාවිතා වේ. ඡායාරූපය: යි කායි ටී/  California Academy of Sciences/ Mongabay 
මෙම මනරම් පිරිමි මත්ස්‍යයා ඔහුගේ රෝස පැහැය සහකරුවන් ආකර්ෂණය කරගැනීම සඳහා භාවිතා කරන අතර ඉක්මන් වර්ණ වෙනස් කිරීමක් සිදු කරයි.යි කායි ටී/  California Academy of Sciences/ Mongabay 

පර්යේෂකයන් විසින් පුළුල්ව පැතිරී ඇති එක් මත්ස්‍ය විශේෂයක් වන Cirrhilabrus rubrisquamis වඩාත් සමීපව පරීක්‍ෂා කළ විට, එකිනෙකට වෙනස් විශේෂ දෙකක් හමුවිය. නව, රේන්බෝ හියුඩ් මත්ස්‍යයා ආලෝකයට අලංකාරය. මෙම විශේෂ දෙක අතර ඇති වෙනස්කම්, කොඳු ඇට පෙළේ උස සහ විවිධ ශරීර කොටස්වල කොරපොතු ගණන වැනි සියුම් ඒවාය. නමුත් DNA විශ්ලේෂණයන් විසින් එය සොයා ගැනීම තහවුරු කර ඇත.

දැන්, විශේෂ දෙකෙහිම දන්නා පරාසය ඉතා කුඩා වන අතර, සංරක්ෂණය සඳහා සැලසුම් සකස් කිරීමේදී තිබිය යුතු වැදගත් තොරතුරු වේ. “නව විශේෂ විස්තර කිරීම සහ පොදුවේ වර්ගීකරණය, සංරක්ෂණය සහ ජෛව විවිධත්ව කළමනාකරණය සඳහා වැදගත් වන්නේ මන්දැයි නිදර්ශනය කරයි” යනුවෙන් ප්‍රධාන කතුවරයා සහ සිඩ්නි විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි ශිෂ්‍ය යි කායි ටී පැවසීය.

ඉන්දියන් සාගරයේ ඉන්දියාවට දකුණින් පිහිටි දූපත් දාමයක් වන මාලදිවයිනෙහි ගුවනින් ලබාගත් ඡායාරුපයක්: ඡායාරූපය: ඉෂාන් හසන්/ Ocean Image Bank.
මෑතදී ‘Hope for Reefs’ පර්යේෂණ ගවේෂණ චාරිකාවකදී මාලදිවයිනේ වෙරළට ඔබ්බෙන් ඡායාරූප ගත් මත්ස්‍යයාගේ ඡායාරූපයක්.ඡායාරූපය: ලුසී රෝචර්/ California Academy of Sciences/ Mongabay

මාලදිවයින යනු ඉන්දියාවේ සිට දකුණට කිලෝමීටර් 800 (සැතපුම් 500) පමණ දුරින් පිහිටි කුඩා දූපත් වලින් සමන්විත රටකි. දූපත් දාමය පෘථිවියේ හත්වන විශාලතම කොරල්පර පද්ධතිය ගැන පුරසාරම් දොඩයි. මේ වසර මුල වනතුරුම, සාගර මතුපිටින් මීටර් 30-150 (අඩි 100-500) පමණ පහළින් පිහිටි මාලදිවයිනේ ගල්පරවල මෙසොෆොටික් කලාපය විද්‍යාඥයන් විසින් ගවේෂණය කර නොතිබුණි. ජනවාරි මාසයේදී, මුහුදු මට්ටමේ සිට මීටර් 122 (අඩි 100 සිට 500 දක්වා) දක්වා වූ ගවේෂණයකින් අවම වශයෙන් නව විශේෂ අටක්වත් අනාවරණය විය.

මෙම ගවේෂණය කැලිෆෝනියා විද්‍යා ඇකඩමියේ ගල්පර සඳහා වූ ව්‍යාපෘතියේ කොටසක් වූ අතර MMRI, සිඩ්නි විශ්ව විද්‍යාලය සහ චිකාගෝ ක්ෂේත්‍ර කෞතුකාගාරයේ පර්යේෂකයන් ද ඇතුළත් විය.

CAS හි මත්ස්‍ය විද්‍යාඥ භාරකරු සහ ‘Hope for Reefs’ මුලපිරීමේ සම අධ්‍යක්ෂක ලුස් රෝචා පැවසුවේ “මාලදිවයින් වැසියන්ට වඩා මෙම ජලය කිසිවෙකු හොඳින් දන්නේ නැත. “අපගේ පර්යේෂණ දේශීය පර්යේෂකයන් සහ කිමිදුම්කරුවන් සමඟ සහයෝගයෙන් සිදු කරන විට එය ශක්තිමත් වේ.”

වර්ණවත් සහ ආකර්ෂණීය Cirrhilabrus මාළු සහ රෝස් වේයිල්ඩ් ෆෙයරි ව්රැස් දැනටමත් මින්මැදුරේ මාළු ලෙස වෙළඳාම් කර ඇති බව, රොචා පැවසීය. මින්මැදුරට යන බොහෝ සාගර මත්ස්‍යයන් මත්ස්‍ය ලෝලීන් සහ ෆිෂ්කීපිං වර්ල්ඩ් හි හිමිකරුවෙකු වන රොබට් වුඩ්ස් පවසන පරිදි, ඔබ මින්මැදුරේ මාළු සදාචාරාත්මකව මිලදී ගන්නා බවට සහතික කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව 2019 මොන්ගාබේ සඳහා කළ විවරණයක සඳහන් කරන පරිදි, මින්මැදුරේ ඇති කරන ලද හෝ සදාචාර විරෝධී ලෙස අල්ලා ගනු ලැබේ.

මාලදිවයිනේ සමුද්‍ර පර්යේෂණ ආයතනයේ ජීව විද්‍යාඥ අහමඩ් නජීබ් (වමේ) සහ මාලදිවයිනේ අල්ලා ගත් මාළු නිදර්ශක සමඟ මත්ස්‍ය විද්‍යා ඇකඩමි භාරකරු ලුයිස් රෝචා/ California Academy of Sciences
මාලදිවයිනෙයිහි කොරල් පරයක්. ඡායාරූපය: සිමොන් හිබෝර්න්/Ocean Image Bank./Mongabay

“විශේෂය තරමක් බහුල වන අතර එබැවින් දැනට අධික ලෙස සූරාකෑමේ අවදානමක් නොතිබුණද, මාළුවෙකුට විද්‍යාත්මක නාමයක් ලැබීමට පෙර දැනටමත් වාණිජකරණය වෙමින් පවතින විට එය තවමත් නොසන්සුන් වේ” යැයි රොචා පැවසීය. “කොරල්පර පරිසර පද්ධති වලින් විස්තර කිරීමට තවමත් කොපමණ ජෛව විවිධත්වයක් ඉතිරිව තිබේද යන්න එය සැක මතුමතු කරයි.”

Liz Kimbrough විසින් Mongabay වෙත ලියන ලද Spectacular new fish species is first to be named by Maldivian scientist නම් ලිපියේ සිංහල පරිවර්තනයකි