• ලොව නොගැඹුරු නිවර්තන කොරල්පර වල ගෝලීය අධි-විභේදන සිතියම ප්‍රථම වරට විද්‍යාඥයින් විසින් සම්පුර්ණ කරඇත.
  • ගෝලීය කොරල් විරංජනය කිරීමේ සිදුවීම් තත්‍ය කාලීනව නිරීක්ෂණය කරන ඒකාබද්ධ මෙවලමක් සමඟ සංයෝජනය කළ විට, නව සම්පත් මඟින් ගෝලීය කොරල් පර සෞඛ්‍යයේ ප්‍රවනතාවයන් සහ වෙනස්කම් පිළිබඳ සවිස්තරාත්මක දළ විස්තරයක් සපයයි.
  • සිතියම සම්පුර්ණ කිරීම ජයග්‍රහණයක් වුවද ඇලන් කොරල් ඇට්ලස් පිටුපස සිටින විද්‍යාඥයින් පවසන්නේ කොරල්පර ආරක්‍ෂාව වැඩි දියුණු කිරීම සඳහා නව සම්පත් යොදා ගැනීමට හැකි වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.
  • සාගර ආරක්‍ෂිත ප්‍රදේශ නම් කිරීම සහ සාගර අවකාශීය සැලසුම් දැනුම් දීම ඇතුළු රටවල් 30 කට වැඩි ගණනක සංරක්‍ෂණ ව්‍යාපෘති සඳහා ආධාර කිරීම සඳහා නව සිතියම්කරණ වේදිකාව දැනටමත් භාවිතා කෙරේ.

ලොව නොගැඹුරු නිවර්තන කොරල්පර වල ගෝලීය අධි-විභේදන සිතියම ප්‍රථම වරට විද්‍යාඥයින් විසින් සම්පුර්ණ කර ඇත. මෙම සිතියම ඇලන් කොරල් ඇට්ලස්හි විවෘත ප්‍රවේශය, පරිශීලක-හිතකාමී කොරල් පර අධීක්ෂණ වේදිකාවක කොටසක් වන අතර එය දැන් ලබා ගත හැකි වඩාත්ම සවිස්තරාත්මක, ස්ථාවර හා අඛණ්ඩව යාවත්කාලීන වූ සම්පත් බව සංවර්ධකයින් පවසයි.

කොරල්පර සාගර පතුලෙන් 1% ක් පමණක් ආවරණය කළත් ඒ ආශ්‍රිතව සියළුම සාගර විශේෂ වලින් හතරෙන් එකක් පමණ වාසය කරයි. මිලියන සිය ගණනක් ජනයා සඳහා වෙරළ ආරක්‍ෂාව, ආර්ථික ආරක්ෂාව සහ ආහාර ප්‍රෝටීන් ද ඔවුන් සපයයි.

කෙසේ වෙතත්, කොරල්පර ලොව වඩාත්ම තර්ජනයට ලක්ව ඇති පරිසර පද්ධති අතර වේ. ගතවූ වසර පහක පමණ කාලය තුළ සාගර තාප තරංග මඟින් මහා පරිමාණ කොරල් විරංජන සිදුවීම් තුනක් සිදු වී ඇති අතර එය සමහර ස්ථාන වල කොරල් වලින් 50% ක් අහිමි වීමට දායක වී ඇත.

මෙම වැදගත් පරිසර පද්ධති ආරක්‍ෂා කිරීම සඳහා සංරක්‍ෂණ පියවර ක්‍රියාත්මක කරන ලෙස විද්‍යාඥයින්ට, කොරල්පර කළමනාකරුවන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට බලපෑම් කිරීමත් සමගම කොරල්පර වල පිහිටීම සහ තත්ත්වය පිළිබඳ කාලෝචිත හා නිවැරදි දත්ත ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

මෙම වසර මුලදී දියත් කරන ලද සහ තත්‍ය කාලීනව කොරල් විරංජනය කිරීමේ සිද්ධීන් නිරීක්ෂණය කරන-විරංජන හඳුනාගැනීමේ මෙවලමක් ඇතුළත් නව සිතියම්කරණය ගෝලීය කොරල්පර වල සෞඛ්‍යයේ ප්‍රවනතාවයන් සහ වෙනස්වීම් පිළිබඳ පෙර නොවූ විරූ දර්‍ශනයක් ලබා දෙන බව සංවර්ධන කණ්ඩායම පවසයි. ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය (ASU), ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය, ජාතික භූගෝලීය සමාජය, ග්‍රහලෝකය සහ වුල්කන් යන විද්‍යාඥයින්, තාක්‍ෂණවේදීන් සහ දත්ත කළමනාකරුවන්ගෙන් සමන්විත වේ.

සිතියම් ගත වේදිකාව නිම කිරීම ජයග්‍රහණයක් වුවද වේදිකාව පිටුපස සිටින විද්‍යාඥයින් පවසන්නේ කොරල් පර ආරක්‍ෂාව වැඩි දියුණු කිරීම සඳහා නව සම්පත මගින් පියවර ගත යුතු යැයි තමන් බලාපොරොත්තු වන බවයි.

ඇලෙන් කොරල් ඇට්ලස් හි කළමනාකාර අධ්‍යක්‍ෂක සහ ASU හි ගෝලීය සොයා ගැනීම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ග්‍රෙග් අස්නර් සහ උසස් විභේදන සිතියම් සහ අධීක්ෂණ පද්ධතිය පදනම් කරගෙන කොරල් පර හොඳින් ආරක්ෂා කර ගැනීමට කොරල් සංරක්‍ෂකයින්ට හැකි වූ විට එම කාර්යයේ නියම වටිනාකම ලැබෙනු ඇතැයි සංරක්‍ෂණ විද්‍යාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. “අපේ දේශගුණික අර්බුදයේ හා අනෙකුත් තර්ජන වල බලපෑමෙන් කොරල් පර රැක ගැනීමට අප කටයුතු කරන බැවින් අපි මෙම මෙවලම දෙගුණ කර භාවිතා කළ යුතුයි.”

ගෝලීය සහයෝගිතාවයක්

පර්යේෂකයන් වසර තුනක් කොරල් පර සිතියම් ගත කළ අතර එම කාලය තුළ ඔවුන් අධි-විභේදන චන්ද්‍රිකා ඡායාරූප මිලියන 2 කට වැඩි සංඛ්‍යාවක් විශ්ලේෂණය කරමින් ලොව පුරා පර්යේෂණ කණ්ඩායම් 450 කට වැඩි ගණනක කොරල්පර දත්ත රැස් කළහ.

එක්සත් ජනපදය පදනම් කරගත් ‘ප්ලැනට්’ නම් රූප සමාගමේ චන්ද්‍රිකා ඡායාරූප උපයෝගී කරගනිමින්, දැනට පවතින වාසස්ථාන දත්ත, ජල ගැඹුර සහ වස්තු පදනම් කරගත් සත්‍යාපනය පර්යේෂකයන් විසින් මීටර් 10ත් 15ත් අතර ගැඹුර (අඩි 33-49) නොගැඹුරු මුහුදු ප්‍රදේශවල පුළුල් වාසස්ථාන සහ යටින් පවතින ‌භෟමිතික විද්‍යාව වර්ගීකරණය කිරීම සඳහා අර්ධ ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිතා කළහ.

සම්පුර්ණ කරන ලද සිතියම වර්ග කිලෝමීටර් 253,000ක් (වර්ග සැතපුම් 97,700) නොගැඹුරු කොරල් පර ආවරණය කරන අතර දිය යට ඇති ලක්‍ෂණ පෙර නොවූ විරූ ලෙස ග්‍රහණය කර ගනී. මුහුදු, කොරල් පර වල ප්‍රමාණය, වැලි, පාෂාණ සහ මුහුදු පැලෑටි ඇතුළුව මුහුදු වෙරළේ අනෙකුත් සංරචක 5ක් එයින් හෙළි වන අතර ගල්පර බෑවුම්, කඳු, සහ කලපු ඇතුළු නොගැඹුරු මුහුදේ ව්‍යුහාත්මක ලක්ෂණ 12 ක් නිරූපණය කෙරේ. චන්ද්‍රිකා ඡායාරූප මඟින් තරංග නිරාවරණය සහ කැලඹීම වැනි අජීවී සාධක පිළිබඳ දෘශ්‍ය නිරූපණයක්ද සපයයි.

සංරක්‍ෂණ ක්‍රමවේද වෙනස් කරන්නා

ගුවන් ඡායාරූපකරණය සහ කිමිඳුම්, ස්නෝකර්ලිං හෝ සෝනාර් තාක්ෂණ ක්‍රම උපයෝගී කරගනිමින් සාම්ප්‍රදායික සාගර නිරීක්‍ෂණය සහ සිතියම් ගත කිරීමේ ක්‍රම කාලය නාස්ති කරන අතර බොහෝ විට මිල අධික වේ. ඇලන් කොරල් ඇට්ලස් හරහා සපයන ලද ගල්පර ප්‍රදේශ වේගයෙන් තක්සේරු කිරීම, ක්‍රමවේදයෙහි වෙනසක් සිදු කරන අතර ඉන්දුනීසියාව, පිලිපීනය සහ මියන්මාරය සිට කෙන්යාව, මොසැම්බික් දක්වා රටවල් 30 කට වැඩි ගණනක සංරක්‍ෂණ ව්‍යාපෘති සඳහා ආධාර කිරීම සඳහා දැනටමත් භාවිතා කර ඇති බව පර්යේෂකයෝ පවසති.

විශේෂයෙන්, සමුද්‍රීය ආරක්‍ෂිත ප්‍රදේශ සහ සාගර අවකාශීය සැලසුම් සඳහා යෝජනා ගොඩ නැගිය හැකි පදනම් දත්ත සබැඳි සිතියම් ගත සම්පත් මඟින් ලබා ගත හැකිය. කලින් සිතියම් ගත නොකළ කලාප වල දත්ත විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.

“ලෝකයේ ගල්පර වල සිතියමක් නැති රටවල්, සංවිධාන සහ රාජ්‍ය ආයතන තිබේ. එබැවින් මෙම සිතියම් මඟින් මිනිසුන්ට උපකාර කළ යුතු අතර පියවර ගත යුතු ස්ථාන හොඳින් තක්සේරු කිරීමට මූලික පදනමක් ලබා දෙනු ඇත” යනුවෙන් ප්‍රධාන සිතියම් පරීක්ෂක සහ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥය ක්රිස් රෝල්ෆ්සේමා මොංගාබේ වෙත පැවසීය. “සාගර ආරක්‍ෂිත ප්‍රදේශ සඳහා අපට වඩා හොඳින් සැලසුම් සකස් කළ හැකිය, නැතහොත් මත්ස්‍ය ජෛව ස්කන්ධය උපුටා දැමීම හෝ කාබන් සංචිත සහ මේ දක්වා කළ නොහැකි වූ එවැනි දේ දෙස බැලීමට අපට පුළුවන.”

සුළි කුණාටු හෝ නැව් ගොඩබෑම වැනි උග්‍ර සිදුවීම් වලින් පසුව දූෂණය සහ ගලා යන ප්‍රභවයන් සහ විනාශය ඇතුළු පුළුල් පීඩන හඳුනා ගැනීමට ද මෙම නව වේදිකාව උපකාරී වේ.

මෙම වසර මුලදී වේදිකාවේ කොටසක් ලෙස දියත් කරන ලද කොරල් විරංජනය කිරීම් හඳුනා ගැනීමේ පද්ධතිය සමඟ ඒකාබද්ධව ඇලන් කොරල් ඇට්ලස් සිතියම් මඟින් විද්‍යාඥයින්ට සහ ගල්පර කළමනාකරුවන්ට විරංජන වීම කොතැනද සහ කොතෙක් දුරට සිදුවිය හැකිද යන්න මෙන්ම, විරංජනය නොවන්නේද යන්න බැලීමට ඉඩ සලසයි. තර්ජනයට ලක්ව සිටින ගල්පර මත විනෝදාත්මක කිමිදීම් සහ වාණිජමය වශයෙන් මසුන් ඇල්ලීම වැනි කටයුතු ලිහිල් කිරීමට සහ ප්‍රතිස්ථාපන කටයුතු සඳහා භාවිතා කළ හැකි තාප ප්‍රතිරෝධී කොරල් සහිත වඩාත් ප්‍රත්‍යාස්ථ ගල්පර හඳුනා ගැනීමටද මෙය උපකාරී වේ.

මෙම විරංජන නිරීක්ෂණ ලක්‍ෂණය මඟින් දේශගුණික විපර්යාස හමුවේ කොරල්පර වල ඛේදවාචකය ඉස්මතු කරයි. දේශගුණික විපර්යාස සහ අනෙකුත් මානව පීඩන බලපෑම් අවම කිරීමට අපි පියවර නොගන්නේ නම් ඉදිරි දශක තුන තුළදී ලෝකයේ කොරල් පර වලින් 70-90% ක් අතුරුදහන් වනු ඇතැයි ආකෘති පුරෝකථනය කරමින් කොරල් වල සෞඛ්‍ය ගැන පරිශීලකයින් දැනුවත් කරන සිතියම් වලට විශ්ව ප්‍රවේශය වේ වැදගත් අංගයකි.

“අපි කොරල් පර සෑම පැත්තකින්ම ආරක්ෂා කළ යුතුයි,” රොයිල්ෆ්සෙමා පැවසීය. මුහුදු ආරක්‍ෂිත ප්‍රදේශ උපයෝගී කරගනිමින් හානිකර ක්‍රියාකාරකම් අඩු කිරීම සහ පුනරුත්ථාපනය සඳහා ආධාර කිරීම සඳහා මෙය ප්‍රාදේශීයකරණය කළ කළමනාකරණයෙන් ආරම්භ කළ යුතුය. අපි සැවොම සාගරයට හා ගල්පර වලට සම්බන්ධයි. දේශගුණික විපර්යාස මෙම ගල්පර වලට බලපාන අතර අප සැම දේශගුණික විපර්යාස කෙරෙහි බලපෑම් කරමින් සිටිමු. ”

ලොව පුරා මිනිසුන් කොරල්පර විද්‍යාවට සම්බන්ධ කර ගැනීමට ඇලන් කොරල් ඇට්ලස් සතු හැකියාව, අවසානයේ පරිසර පද්ධතියේ දිගුකාලීන පැවැත්ම සහතික කිරීමට උපකාරී වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව රොයෙල්ෆ්සෙමා පවසයි. “ඔබ මිනිසුන් සම්බන්ධ කරගත් පසු, ඔවුන් එය හොඳින් තේරුම් ගත් පසුව, එය රැකබලා ගැනීමට ඉගෙන ගනී.”

Carolyn Cowan විසින් Mongabay  වෙත ලියන ලද The first complete map of the world’s shallow tropical coral reefs is here නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.