2021 පළමු සුළි කුණාටුව ඇති වීමට බොහෝ ඉඩක් ඇති අතර එය තරමක සුලි කුණාටුවක් විය හැකිය. ටෝක්ටා සුළි කුණාටුව 2021 මැයි 16 දින අරාබි මුහුදේදී ඇති වීමට ඉඩ ඇත. ඒ සම්භන්ධ අනාවැකි දැඩි කිරීම සඳහා වේගවත් තීව්‍රතාවයක් සහිතව පද්ධතිය සමීපව නිරීක්ෂණය කළ යුතුය.

කුණාටුවේ වර්තමාන ලක්ෂණ පෙන්නුම් කරන්නේ වේගයෙන් තීව්‍ර වීමයි. ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) සුළි කුණාටුව පිළිබඳ සිය නවතම යාවත්කාලීනයේ සඳහන් කළේ ගිණිකොනදිග අරාබි මුහුදේ ලක්ශාද්වීප් ආසන්නයේ අඩු පීඩන ප්‍රදේශයක් මැයි 13 වනදා උදෑසන ඇති වූ බවයි.

මැයි 14 වන දින දහවල් නිකුත් කළ IMD නිවේදනයේ නවතම සුළි සුළං යාවත්කාලීනයේ සඳහන් කළේ එදිනම පාන්දර අවපාතයක් ඇති වී ඇති බවයි. කේරළයේ කන්නූර් සිට කි.මී. 360 ක් බටහිර-නිරිත දෙසින් පිහිටි මෙම අවපාතය මැයි 14 වනදා සවස්වන විටත්, මැයි 15 වනදා උදෑසනවන විටත් සුළි කුණාටුවක් දක්වා දැඩිව, අවපීඩනයකට තුඩු දෙනු ඇති.

සුළි කුණාටුවේ ගමන් පථය මැයි 14 වනදා සවස්වන තුරුම උතුරු-ඊසාන දිශාවටත් ඉන් පසුව උතුරු වයඹ දෙසටත් ගුජරාට් වෙරළ දෙසටත් ගමන් කරනු ඇතැයි IMD පුරෝකථනය කර ඇත.

මැයි 15 වනදා සවස් වන විට සුළි කුණාටුව දරුණු සුළි කුණාටුවක් බවටත්, මැයි 16වන දින සවස් වන විට පැයට කිලෝමීටර 160ට වැඩි සුළං වේගයක් සහිත ඉතා දරුණු සුළි කුණාටුවක් බවටත් පත්විය හැකි බව කාලගුණ ඒජන්සිය අනාවැකි පළ කරයි. මැයි 13 වන දින අයිඑම්ඩී. නිවේදනයේ, මැයි 16 සුළි කුණාටුව ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇත.

අරාබි මුහුදේ අසාමාන්‍ය උනුසුම් වීම හේතුවෙන් මෙම තත්වය ඉක්මන් හා අවිනිශ්චිත ආකාරයකින් වෙනස් වෙමින් පවතී. එය මානව ක්‍රියාකාරකම් වලින් හරිතාගාර වායු විමෝචනය වීමෙන් ඇති වන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රතිපලයක් විය හැකිය.

එක්සත් ජනපදයේ පාරිසරික පුරෝකථනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානවල ගෝලීය ප්‍රක්ශේපණ පද්ධති දත්ත, දෘශ්‍ය ලෙස විවිධ මාර්ගගත වේදිකා දෙකක (Earth Nullschool and Windy) නිරූපණය කර ඇති අතර, අවපාතයක් දැනටමත් ඇති වී ඇති බවත්, මැයි 14 වනදා සවස් වන විට ටෝක්ටේ සුළි කුණාටුව ඇතිවිය හැකි බවත් පෙන්නුම් කරයි.

මෙය IMD විසින් පුරෝකථනය කරන ලද කාල රාමුවට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටින අතර එය වේගවත් තීව්‍රතාවයක් සහ ආසන්න අවදානමක් ඇති බව පෙන්නුම් කරයි.

IMDහි කාලගුණ නාලිකාව වාර්තා කළේ සුළි සුළං ඇතිවීම සිකුරාදා (මැයි 14) හෝ සෙනසුරාදා (මැයි 15) සිදුවිය හැකි බවයි.

සුළි කුණාටුව පිළිබඳ IMD හි වර්තමාන පුරෝකථනය වන්නේ සුළි කුණාටුව වර්තමාන ස්ථානයේ සිට උතුරු සහ වයඹ දෙසට වන්නටවන ගුජරාට් සහ පාකිස්තාන වෙරළ තීරය දෙසට දිශානතිව ඇති බවයි. ඒජන්සිය පැවසුවේ මැයි 18 වනදා සවස්වන විට සුළි කුණාටුව තවදුරටත් ශක්තිමත් වී ගුජරාට් වෙරළට ළඟා විය හැකි බවයි.

බොහෝ කාලගුණ ආකෘතීන් අනාවැකි පළ කරන්නේ සුළි කුණාටුවේ ධාවන පථය වෙරළට සැබවින්ම සමීප වනු ඇති බවයි. එයින් අදහස් වන්නේ කේරළ, කර්නාටක, ගෝවා සහ මහාරාෂ්ට්‍ර යන වෙරළබඩ ප්‍රදේශවලට මැයි 14 වනදා සිට සති අන්තයේ දී අධික වර්ෂාපතනයක් ලැබෙනු ඇති බවයි. .

පෞද්ගලික කාලගුණ නිරීක්ෂණ සමාගම ද අනාවැකි පළ කරන්නේ සුළි කුණාටුව දශක දෙකකට වැඩි කාලයක් තුළ ඉන්දියාවේ බටහිර වෙරළ තීරය දැක ඇති ශක්තිමත්ම එකක්වනු ඇති බවයි. දකුණු ආසියාවේ ඉහළ ජනගහනයක් සහිත නගර දෙකක්වන මුම්බායි සහ කරච්චි වෙත සති අන්තයේ සුළි කුණාටුව පිවිසෙනු ඇත.

‘පූනේ’ ඉන්දියානු නිවර්තන කාලගුණ විද්‍යා ආයතනයේ දේශගුණ විද්‍යාඥයකු සහ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන කතුවරයකු මෙන්ම වෙනස්වන දේශගුණයක් තුළ සාගර හා ක්‍රයෝස්ෆියර් පිළිබඳ විශේෂ වාර්තාවෙහි ප්‍රධාන කතෘවන රොක්සි මැතිව් කෝල්, ‘ඩවුන් ටු අර්ත්’ පැවසුවේ: අරාබි මුහුදේ සුළි සුළංවල සංඛ්‍යාතය හා තීව්‍රතාවය මෑත වසරවලදී වැඩි වී ඇති බවයි. මෙයට හේතුව බෙංගාල බොක්ක හා සසඳන විට සාපේක්ෂව අරාබි මුහුදේ සිසිලස, වේගයෙන් උණුසුම් වීම නිසා සුළි සුළං ඇතිවීමට ක්‍රියාකාරීව සහාය විය හැකි උණුසුම් තටාක කලාපයක් බවට පත්වීම බව ඔහු තවුරටත් ප්‍රකාශ කළේය.

එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය සහ එක්සත් රාජධානියේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ නැගෙනහිර ඇන්ග්ලියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් නිවර්තන සුළි සුළං සඳහා වෙනස්වන දේශගුණයක බලපෑම අවබෝධ කර ගැනීම සඳහා ඒකාබද්ධ සමාලෝචන ලිපි 90ක් විශ්ලේෂණය කරන ලදී. මෙය හරිකේන්, සයික්ලෝන් සහ ටයිපුන් සඳහා භාවිතා කරයි.

2100 වන විට ලෝකය සෙල්සියස් අංශක දෙකකින් උණුසුම් වුවහොත් උපරිම සුළි සුළං වේගය සියයට පහකින් වැඩි විය හැකි බව ඔවුහු නිගමනය කළහ. මෙම අධ්‍යයනය 2021 මාර්තු මාසයේ විද්‍යා සංක්ෂිප්ත සමාලෝචනයේ ප්‍රකාශයට පත් කරන ලදී.

කෝල් තවදුරටත් මෙසේ පැවසීය: සාගර උණුසුම් වීමද නව අභියෝග කිහිපයක් ඇති කර තිබේ. උණුසුම් සාගර ජලය ඔවුන්ට ඉන්ධන ලෙස ක්‍රියා කරන බැවින් සුළි සුළං වේගයෙන් උත්සන්න වේ. උණුසුම් සාගර තත්වයන් හේතුවෙන් ෆානි සහ ඇම්ෆාන් වැනි අතිශය දරුණු සුළි සුළං පැය 24කටත් වඩා අඩු කාලයක සිට දුර්වල තත්වයට පත්විය. අති නවීන සුළි සුළං ආකෘතිවලට සාගර ගතිකතාවයන් නිවැරදිව ඇතුළත් නොවීම නිසා මෙම වේගවත් තීව්‍රතාව තෝරා ගැනීමට නොහැකි වේ යැයි කෝල් තවදුරටත් පැවසීය.

තීව්‍රකරණය වේගවත්ව සිදුවන්නේ සුළි සුළඟක උපරිමය පැය 24ක් තුළ, අවම වශයෙන් පැයට කිලෝමීටර 55 කින් වැඩිවන විටය.

මෙම සියලු කොන්දේසි ටෝක්ටා සඳහාද සත්‍ය වේ. “එය පුරෝකථනය කළ කාලයට වඩා අඩු පීඩන පද්ධතියක් දක්වා වර්ධනය විය. මේ වන විට, මැයි 16, සුළි කුණාටුවක් බවට වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. සාගර හා වායුගෝලීය තත්වයන් දැන් වාසිදායක බැවින්, මුල් සුළි සුළං ඇතිවීමේ හා වේගයෙන් තීව්‍ර වීමේ අවදානම බැහැර කළ නොහැකිය.” කෝල් අනතුරු ඇඟවීය.

Akshit Sangomla විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Cyclone Tauktae can be among the ‘strongest’ on India’s west coast in 2 decades නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.