ගෝලීය කාබන් ඩයොක්සයිඩ් (CO2) මට්ටම ඉහළ යාමත් සමඟ දකුණු ආසියානු මෝසම් වැසි හේතුවෙන් අනාගතයේ දී වර්ෂාපතනය ඉහළ යනු ඇතැයි එක්සත් ජනපදයේ බ්‍රවුන් විශ්ව විද්‍යාලය විසින් කරන ලද නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
අධ්‍යයනයෙන් ලබාගත් නිගමන දේශගුණික ආකෘති අනාවැකි මගින් ඉහළ යන CO2 සහ ඉහළ ගෝලීය උෂ්ණත්වය හේතුවෙන් ශක්තිමත් මෝසම් වැසි ඇතිවනු ඇතැයි පුරෝකථනය කරයි.
2014 වසරේ නොවැම්බරයේදී බෙංගාල බොක්ක මුහුදු වෙරළට යටින් අවසාදිත හර, සාම්පල පර්යේෂකයන් විසින් සොයා ගන්නා ලදී. මෙම සාම්පල අවසාදිත හා පොසිල වලින් සමන්විත විය. ඔවුන් වසර මිලියන ගණනක් පුරා මෝසම් ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවන් ආරක්ෂා කරයි.
පසුගිය වසර 900,000 තුළ මෝසම් වර්ෂාපතනයේ තීව්‍රතාවයේ වරින් වර සිදුවූ වෙනස්කම් වායුගෝලීය CO2හි උච්චාවචනයන්, මහාද්වීපික අයිස් පරිමාව සහ දකුණු අර්ධගෝලයේ ඉන්දියානු සාගරයෙන් ලැබෙන තෙතමනය සමඟ සම්බන්ධව ඇති බව අධ්‍යයනයෙන් අනාවරණය විය.
වඩාත් තීව්ර මෝසම් සුළං හා වර්ෂාපතන කාලයන් වායුගෝලීය CO2 හි උපරිම අගයන් සහ ගෝලීය අයිස් පරිමාවේ අවම අගයන් අනුගමනය කරන බව ඔවුන් සොයා ගත්හ.
“ගෝලීය උණුසුම වැඩිවන විට වායුගෝලයේ වැඩි ජල වාෂ්ප ප්‍රමාණයක් ඇතිවනු ඇති බව ආකෘති මඟින් අපහට පවසනවා” යැයි බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා (පර්යේෂණ) මහාචාර්යවරයෙක් සහ අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයාවන ස්ටීවන් ක්ලෙමන්ස් මහතා පැවසුවේය.
“පොදුවේ ගත් කල, දැනටමත් විශාල වර්ෂාවක් ලැබෙන ප්‍රදේශවලට අනාගතයේ මීටත් වැඩි වර්ෂාවක් ලැබෙනු ඇත. දකුණු ආසියානුවන්ගේ මෝසම් වැසි සම්බන්ධයෙන් ගත් කල, එය මෙම අධ්‍යයනයේ දී අප දකින දෙයට සම්පූර්ණයෙන්ම අනුරූප වෙනවා ”යැයි ක්ලෙමන්ස් පැවසීය.
දකුණු ආසියානු මෝසම, පෘථිවියේ වර්ෂාපතනය සම්බන්ධ ප්රබලතම ප්රකාශනය බව ඔහු පැවසීය. සමහර ස්ථානවල සෑම ගිම්හානයකම මීටර් කිහිපයක් වැසි ලැබුණි.
කලාපයේ කෘෂිකර්මාන්තයට හා ආර්ථිකයට වර්ෂාව ඉතා වැදගත්වන නමුත් වර්ෂාපතනය ඉතා වැඩි වන විට වසර ගණනාව තුළ ගංවතුර හා බෝග කඩාකප්පල් වීම්ද සිදුවිය හැක.
බිලියන 1.4කට ආසන්න ජනතාවගේ ජීවිතවල මෝසම් වැසි මෙතරම් විශාල කාර්යභාරයක් ඉටු කළ නිසා දේශගුණික විපර්යාස ඔවුන්ට බලපාන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම ඉතා වැදගත් බව ක්ලෙමන්ස් පැවසීය.
Down to Earth කාර්යය මණ්ඩලය විසින් Down to Earth වෙත ලියන ලද South Asia’s monsoon rains will intensify due to increase in CO2: Study නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.
Comments are closed for this post.