තරුෂි පිටිගල විසිනි.
සෑම වසරකම ආරම්භයේදී ජගත් පරිසර සංවිධාන එක්ව, එම වසරේදී මුළු වසර පුරාවටම පෘථිවියට නිපදවිය හැකි සියලු සම්පත්, මානව වර්ගයා පරිභෝජනය කොට අවසන් කරනු ලබන දිනය හා උපරිම ස්වභාවික සම්පත් ප්‍රමාණය ඇස්තමේන්තුගත කොට ඉදිරිපත් කරනු ලබයි. එම ඇස්තමේන්තුගත ස්වභාවික සම්පත් ප්‍රමාණයට අනුව එම වසරේ දින කොපමණ ප්‍රමාණයක් එම සම්පත් පරිභෝජනයට ගතවේද යන්න මගින්, පෘථිවි අතික්‍රමණ දිනය (Earth Overshoot Day) නම් වෙයි.
ඒ අනුව 2021 වසරේ එම දිනය ජුලි මස 29 වෙනිදාට යෙදී තිබුණු අතර එයින් අදහස් වන්නේ 2021 ජුලි 29 වනවිට මුළු වසර තුල පෘථිවියේ පුනර්ජනනය කරන ස්වභාවික සම්පත් ප්‍රමාණය මානව වර්ගයා විසින් භාවිත කොට ඇති බවයි. ඒ අනුව මානවයා හට මේ වසරේ ඉදිරි දින කිහිපය ගෙවීමට සිදුවන්නේ ණය කරුවන් ලෙසට වන අතර පරිභෝජනය කරනු ලබන ඉතිරි සම්පත් අනාගත පරම්පරාවට පරිභෝජනය කිරීමට ඇති සම්පත් වේ.
මිනිසා විසින් දැනට ස්වභාවික සම්පත් භාවිතා කරමින් සිටින්නේ පෘථිවියේ පරිසර පද්ධතිවලට ප්‍රතිනිර්මාණය කළ හැකි ප්‍රමාණයට වඩා 1.75 ගුණයක වේගයෙන් බවත් එම අගය පෘථිවි 1.75 ක් භාවිතා කිරීමට සමාන බවත් Global Foot Print නම් ආයතනය සඳහන් කොට තිබුණි.
පෘථිවි අතික්‍රමණ දිනය ගණනය කරනු ලබන්නේ ජාත්‍යන්තර පර්යේෂණ සංවිධානයක් වන Global Footprint Network ආයතනය වන අතර එය තීරණ ගන්නන්ට පෘථිවියේ පාරිසරික සීමාවන් තුළ ක්‍රියාත්මක වීමට සහ මානව ආර්ථිකයට උපකාර කිරීම සඳහා මෙවලම් මෙනුවක් සපයනු ලබයි. එක් එක් වසර සඳහා පෘථිවි අතික්‍රමණ දිනය තීරණය කිරීම Global Footprint Network විසින් එම වසරේ මනුෂ්‍ය වර්ගයාගේ පාරිසරික පිය සටහන් සඳහා ලබා දිය හැකි දින ගණන ගණනය කරනු ලබයි.
ඇස්තමේන්තූන්ට අනුව මෙම දිනය යෙදී තිබුනේ පසුගිය සෑම වසරකදීම අවසාන කාර්තුවේ වුවත් 2019 වසරේ සහ මෙම වසරේදී එය වර්ෂය මැදට ආසන්න වීම ඉතා ඛේදජනක තත්වයකි. 2020 වර්ෂයේදී එම දිනය අගෝස්තු 22 දිනටත්, 2010 වර්ෂයේ සිට 2019 දක්වා එම දිනය අගෝස්තු මාසයටත් 2000 සිට 2010 දක්වා එය අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයන් වලටත් ඊට පෙර දශකය වන 1990 සිට 2000 දක්වා එම දිනය ඔක්තෝම්බර් මාසයේත් විය. 1900ට පෙර එම දිනය නොවෙම්බර් හෝ දෙසැම්බර් ලෙස වසර අවසානයේ වීමත් විශේෂත්වයකි.
වන විනාශය, පාංශු ඛාදනය, ජෛව විවිධත්ව හායනය සහ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය, මීතේන් විමෝචනය, වායුගෝලයේ හරිතාගාර වායූන් වැඩි වීම, දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම ගෝලීය පාරිසරික අධික වියදම්වල පිරිවැය වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතී.
පෘථිවි අතික්‍රමණ දිනය සෑම වසරකම දින 5 ක් පසුපසට ගෙන යාමෙන් 2050 ට පෙර මානව වර්ගයාට එක් ග්‍රහලෝක ගැළපුමකට ළඟා වීමට ඉඩ සලසයි. එය “MoveTheDate” ලෙස නම් කොට ඇත. පරිසරයට හිතකර මානව ක්‍රියාකාරකම් සඳහා මාරු වීම මගින් පෘථිවි අතික්‍රමණ දිනය, වසරේ කොපමණ දින ප්‍රමාණයකට ආපසු ගෙන යා හැකිද යන්න පිළිබඳව ඇස්තමේන්තු ගත වාර්තාවක් Global Footprint Networkහි මුල පිරුමක් වන Earth Overshoot Day නිල වෙබ් අඩවියේ සඳහන් වේ.
ඒ අනුව ෆොසිල ඉන්ධන දහනයෙන් CO2 විමෝචනය 50% කින් අඩු කිරීම මගින් මෙම දිනය දින 93 කින් පසුපසට ගෙන යා හැක. එමෙන්ම පෘථිවියේ සිටින සියලුම මානව වර්ගයා මාංශ පරිභෝජනය අවම කිරීමෙන් සහ ආහාර නාස්තිය අවම කිරීම මගින් මෙම දිනය, දින 38කින් පසු පසට ගෙන ය හැක. එමෙන්ම හෙක්ටයාර මිලියන 350ක වනාන්තර නැවත ස්ථාපනය මගින් පෘථිවි අතික්‍රමණ දිනය, දින 8කින් සහ අපගේ ගොඩනැගිලිවලින් අඩක් හරිත වහලවල් වලින් ආවරණය කිරීම පෘථිවි දින 1.6 කින් පසු පසුපසටත් ගෙන යනු ඇත. ගොඩබිමට ආසන්න මුහුදේ සුළං ටර්බයින භාවිතා කිරීමෙන් 2050 වන විට පෘථිවි අතික්‍රමණ දිනය, දින 1.2 කින් සහ වෙරළ තීරයේ සුළං ටර්බයින භාවිතා කිරීම මගින් පෘථිවි අතික්‍රමණ දිනය, දින 10කින් ගෙන යනු ඇත.
ස්මාට් නගර ගොඩනැගිලි, කාර්මික ක්‍රියාවලීන් සහ විදුලිය බෙදා හැරීම සඳහා පවතින තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නා අතර බලශක්ති දැඩි ප්‍රවාහනය මත යැපීම කපා හැරේ. මෙය ලොව පුරා ක්‍රියාත්මක කළහොත් පෘථිවි අතික්‍රමණ දිනය, දින 29 කින් පසු පසට ගෙන යා හැකිය. ලොව පුරා මීතේන් විමෝචනය කරන ගල් අඟුරු පතල් 3,000 න් 50% ක් මීතේන් ග්‍රහණය කර විනාශ කිරීමේ තාක්ෂණය ක්‍රියාත්මක කළේ නම්, අපට පෘථිවි අතික්‍රමණ දිනය, දින 2 – 4.5 කින් පසුපසට ගෙන යා හැකිය.
වඩා හොඳ පාපැදි පහසුකම් මගින් බයිසිකල් සංචාරවල අනුපාතය සියලුම සංචාරවලින් 35% දක්වා වැඩි කළ හැකි අතර, පෘථිවි අතික්‍රමණ දිනය, දින 9 කින් පසු පසට ගෙන යා හැකි අතර ෆොසිල ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන වාහනවලින් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන වෙත මාරු වීම වාතයේ ගුණාත්මක භාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරන අතර කාබන් විමෝචනය අඩු කරයි, වත්මන් විදුලි මිශ්‍රණය යටතේ පෘථිවි අතික්‍රමණ දිනය, දින 2.5 කට වඩා වැඩි කාලයක් පසු පසට ගෙන යයි. පිරිසිදු විදුලිය සමඟ ඒකාබද්ධව, දින ගණන ඊටත් වඩා විශාල වනු ඇත.
එමෙන්ම 50% කින් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අඩු කළහොත්, අපට පෘථිවි අතික්‍රමණ දිනය, දින 22 කින් පසු පසට ගෙන යා හැකිය.
ප්‍රවේශමෙන් සැලසුම් කිරීම සහ නිර්භීත ක්‍රියාවන් තුළින් තිරසාරත්වය ළඟා කර ගැනීම සඳහා නගර, ශක්ති, ආහාර, ජනගහනය සහ ලෝකය යන මුලික අංශ පහක් Global Footprint Network විසින් නම් කොට ඇති අතර පුනර්ජනනීය බල ශක්ති භාවිතය මෙන්ම හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සහ වනාන්තර සංරක්ෂණය මුලික කොට ගනිමින් තිරසාරත්වයට ලඟා වීමේ අවශ්‍යතාව පිළිබඳවත් Global Footprint Network ආයතනය විසින් ප්‍රකාශ කොට ඇත.
Comments are closed for this post.