මෑත ඉතිහාසයේදී මෙතරම් කෙටි කාලයක් තුළ මිලියන 3කට අධික ජනතාවක් කිසිදු ව්‍යසනයකින් මියගොස් නොමැත. කෝවිඩ් 19 රෝග වසංගතය වසර ගණනාවක් තිස්සේ ස්වාභාවික හා සෞඛ්‍ය ව්‍යසන වලට සාපේක්ෂව කෙටි කාලයක් තුළ වැඩිම ජීවිත ප්‍රමාණයක් බිලි ගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව 2021 අප්‍රේල් 17වන දින වනවිට කෝවිඩ්- 19 හේතුවෙන් මියගිය සංඛ්‍යාව මිලියන තුන ඉක්මවා ගියේය. මෙම සංඛ්‍යාවට ලඟා වුයේ වසරක් සහ මාස හතරක කාලයක් තුළ වීම විශේෂත්වයකි. 

වසංගතය රටවල් 219 ක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර, වැඩිම මරණ සංඛ්‍යාවක් ඇති රටවල් හතෙහි මරණ ප්‍රමාණය ගෝලීය සමස්තයෙන් (3,014,240) ආසන්න ලෙස අඩක් පමණ වේ. එම රටවල් හා මරණ ප්‍රමාණය පිළිවලින් ඇමරිකාව (579,942), බ්‍රසීලය (369,024), මෙක්සිකෝව (211,693), ඉන්දියාව (175673), එක්සත් රාජධානිය (127,225), ඉතාලිය (116,366) සහ ප්‍රංශය (100,404) වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සතිපතා වාර්තාවන ගෝලීය මරණ සංඛ්‍යාව, 2021 ජනවාරි මාසයේදී ඉහළ ගොස් ඇති අතර ඉන් පසුව එය අඩු වී තිබේ. නමුත් මාර්තු 10 සිට නැවතත් මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

එක්සත් ජාතීන්ගේ ආපදා අවදානම් අවම කිරීමේ කාර්යාලයට (UNODRR) අනුව, 2000 සහ 2019 අතර වූ ලෝකයේ මාරාන්තික ස්වාභාවික විපත් 10 හේතුවෙන් මිලියන 0.94 ක් මිය ගියේ ය. 2004 ඉන්දියන් සාගරයේ සුනාමිය, 2008 මියන්මාරයේ නාර්ගිස් සුළි කුණාටුව සහ 2010 හයිටි භූමිකම්පාව යන ව්‍යසන තුනද මෙයට ඇතුළත් ය.

ලොව පුරා මෑත කාලීන සෞඛ්‍ය අර්බුදයන්ට වඩා කෝවිඩ් -19 මිනිස් ජීවිත බිලිගත් ආකාරය, මරණ සංඛ්‍යාව සලකා බැලීමෙන් තේරුම් ගත හැකිය.

අත්පත් කරගත් ප්‍රතිශක්ති ඌණතා සින්ඩ්‍රෝමය විසින් 2017, 2018 සහ 2019 යන වසර තුන තුළ මිලියන 2.4ක ජීවිත බිලිගත් අතර කෝවිඩ් -19 හේතුවන් වසරක් සහ මාස 4කට අඩු කාලයකදී මිනිසුන් මිලියන තුනක් ජීවිතක්ෂයට පත්විය. ක්ෂය රෝගය හේතුවෙන් වසර දෙකකින් මිලියන 2.9 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය. නමුත් 2021 අප්‍රේල් 17 වන විට ඉන්දියාවේ කෝවිඩ්-19 හේතුවෙන් මිලියන 0.175 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

ඉන්දියාවේ වසංගත තත්ත්වය හේතුවෙන් අහිමි වූ මිනිස් ජිවිත සංඛ්‍යාව, මෑත දශක දෙක තුළ (2000-2019) සිදුවූ ස්වාභාවික විපත් 320ට අධික සංඛ්‍යාවේදී මියගිය මිනිස් සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වැඩිය.

2000-2019 කාලය තුළ ඉන්දියාවේ ස්වාභාවික විපත් 321ක් හේතුවෙන් පුද්ගලයින් 79,732ක් මියගොස් ඇති බව 2020දී UNODRR විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වේ.

තෙවන ප්‍රමුඛ හේතුව

එක්සත් ජනපදයේ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ ස්වාධීන ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයක්වන සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් ආයතනයේ (IHME) මෑත ඇස්තමේන්තු වලට අනුව, හෘදයාබාධ හා ආඝාතයෙන් පසු ගෝලීය වශයෙන් වැඩිම මරණය ප්‍රමාණයක් සිදුවන තුන්වන ප්‍රධාන හේතුව ලෙස කෝවිඩ් – 19 සැලකේ.

වසර පුරා කෝවිඩ් නොවන හේතු නිසා ඒකාකාරව මිය යන බවට උපකල්පනය කර මරණ සඳහා ප්‍රධාන හේතු අතර COVID-19 ශ්‍රේණිගත කිරීම: මුලාශ්‍රය :IHME 2021 අප්‍රේල් 15/Down To Earth

2020 සැප්තැම්බර් සිට 2021 පෙබරවාරි මැද භාගය දක්වා ඉන්දියාවේ දෛනික කෝවිඩ් -19 රෝගීන් සහ මරණ සංඛ්‍යාව අඩුවීමෙන් පසුව, මෙම ප්‍රවණතාවයේ ආපසු හැරීමක් සිදුව තිබේ.

අසාදිත රෝගීන් සංඛ්‍යාව පිළිබඳව කනස්සල්ලට පත්ව සිටියද, මෑතදී සිදු වූ මරණ සංඛ්‍යාව වැඩිවීම ඊටත් වඩා කනස්සල්ලට කරුණකි. 

2021 අප්‍රේල් 16වන විට රෝගීන් 1,338ක් මිය යාමත් සමඟ වසංගතය මාරාන්තික බවට පත්වෙමින් තිබේ.

කෝවිඩ් -19 හේතුවෙන් සතියක් වැනි කෙටි කාලයක් තුළ (2021 අප්‍රේල් 10-16) නව මරණ සංඛ්‍යාව 60%කින් පමණ වැඩිව තිබේ.

දිනයදෛනික නව මරණදෛනික වැඩිවීම (%)
සතියක් තුළ දෛනික නව මරණ 60% කින් වැඩි විය
අප්‍රේල් 108388.41
අප්‍රේල් 119047.88
අප්‍රේල් 12880-2.65
අප්‍රේල් 13102616.59
අප්‍රේල් 1410371.07
අප්‍රේල් 15118314.08
අප්‍රේල් 16133813.10
කෝවිඩ් -19 හේතුවෙන් සතියක් තුළ (2021 අප්‍රේල් 10-16) නව මරණ සංඛ්‍යාව. වගුව: Down To Earth

2021 මාර්තු මස අවසානයේදී, දිනකට සාමාන්‍ය මරණ 530ක් වනවිට කොවිඩ්- 19 ඊට හේතුවක්ව, 15වන ස්ථානයේ තිබුණි. 2021 අප්‍රේල් 10-17 අතර දිනපතා සිදුවන නව මරණ දෙස සමීපව බැලීමෙන් පෙනී යන්නේ දිනකට සාමාන්‍යයෙන් දහසකට අධික පිරිසක් මිය යන බවයි. මෙම අගය ඊට පෙර සතියට වඩා වැඩි වීමකි. 2021 අප්‍රේල් 3-10 තුළ සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයින් 618 ක් මිය ගියේය. 

2021 මාර්තු 31වන විට ඉන්දියාව සඳහා IHME ඇස්තමේන්තු සලකා බැලුවහොත්, කෝවිඩ්-19 දියවැඩියාව ඉක්මවා මරණයන්ගේ අටවන ප්‍රධාන හේතුව බවට පත්විය හැකිය.

පසුගිය දින හතරේ ප්‍රවණතා සලකා බැලීමේදී, ක්ෂය රෝගය ප්‍රතිස්ථාපනය කරමින් මරණ සඳහා හත්වන හේතුව කොවිඩ්-19 වීමටද ඉතා ආසන්නය.

Kiran Pandey විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද COVID-19 killed more people in 16 months than natural disasters in 20 years නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.