පසුගිය 27 වන දා සිට නේපාලයේ ගන්දක් ගඟේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන්  වාල්මිකි කොටි රක්ෂිතයේ පහත් බිම්වලට ගංවතුර තත්වයක් ඇතිව ඇත.

බිහාර් ප්‍රාන්තයේ වාල්මිකි කොටි රක්ෂිතයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කොටි ඇතුළු සතුන් සිය ගණනක් නේපාලයෙන් පහළට ගලා එන ගංවතුරෙන් රක්ෂිතයේ පහත් බිම්වලට ඇතුළු වීමෙන් තර්ජනයට ලක්ව ඇත.
මෙය කලබල වීමට තරම් දෙයක් නොවන බව වාල්මිකි කොටි රක්ෂිතයේ නිලධාරීන් සහතික වී ඇති මුත්  රාජ්‍ය නිලධාරීහු මේ පිළිබඳ දැඩි විමසිල්ලෙන් සිටිති.

කෙසේ වෙතත් ගන්දක් සහ එහි අතු ගංගා  වාල්මිකි කොටි රක්ෂිතයේ වාල්මිකි නගර් සහ මදන්පූර් වනාන්තර පරාසය විශාල ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබේ. තත්වය නිරීක්ෂණය කිරීම සඳහා වාල්මිකි කොටි රක්ෂිතයේ විසින් මෙම ආරක්‍ෂිත පරාසය තුළ බෝට්ටු සමඟ වන ආරක්ෂකයින් ද යොදවා ඇත.

සතුන් උස් බිම් සොයමින් පලා යාවි. නැතිනම් ගංවතුර නේවාසික ප්‍රදේශවලට තල්ලු කර යවාවි. මේක හැම අවුරුද්දකම මෝසම් කාලයේදී  සිදුවෙන සාමාන්‍ය සංසිද්ධියක් ”
යැයි වාල්මිකි කොටි රක්ෂිතයේ  උසස් නිලධාරියෙක් පවසා ඇත.

ගංවතුරෙන් සමහර වනජීවී වාසස්ථාන සහ  ඉදිකර ඇති යටිතල පහසුකම් වලට හානි සිදුවී ඇති බව ඔහු  තවදුරටත් පවසා ඇත.
.
වාල්මිකි කොටි රක්ෂිතයේ ප්‍රාදේශීය වන නිලධාරී නීරජ් නාරායන් Down to Earth වෙත පවසා ඇත්තේ ගංවතුර පහත් රක්ෂිත ප්‍රදේශයකට ඇතුළු වූ නමුත් එය ක්ෂණික ගංවතුරක් නොවන හෙයින් අවදානම වැඩි නොවන බවයි.

“හැම අවුරුද්දකම ගන්දක් සහ අතු ගංගා වලින් වාල්මිකි කොටි රක්ෂිතයේ ගංවතුර ප්‍රදේශ ජලයෙන් යට වෙනවා. අවශ්‍ය නම් වන ජීවීන් බේරා ගැනීමට පුරුදු නිලධාරීන් යෙදවීම ඇතුළුව අප පියවර අරගෙන තියෙනවා “
නාරායන් පවසා ඇත.

වනජීවී වාසස්ථාන වලට කිසිදු හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බව ඔහු පැවසීය. නමුත් සෑම වසරකම ගංවතුර හේතුවෙන් නේපාලයේ සිට රයිනෝසිරස් සතුන් වැනි සමහර වන ජීවීන් වාල්මිකි කොටි රක්ෂිතය වෙත ළඟා වූ බව ඔහු සිහිපත් කර ඇත.

මදන්පූර් වනාන්තර සීමාවේ වන නිලධාරියෙකු වන අමිතා රාජ් පැවසුවේ වනජීවි කණ්ඩායම් එම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටින අතර බෝට්ටු සමඟ පිහිනන්නන් වන ජීවීන් නිරීක්ෂණය කරන බවයි.

බිහාර්හි එකම කොටි රක්ෂිතය වාල්මිකි කොටි රක්ෂිතය වන අතර එය බටහිර චම්පරන් දිස්ත්‍රික්කයේ ඉන්දු-නේපාල මායිම අසල වර්ග කිලෝමීටර් 899 ක් පමණ ව්‍යාප්ත වී ඇත. නිල වාර්තාවකට අනුව එහි වැඩිහිටි කොටි 31 ක් සහ පැටවු 12 ක් ඇතුළුව කොටි 40 කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙති.

ගංගා, බග්මති, ගන්දක් සහ බුර්හි ගන්දක් වැනි ප්‍රධාන ගංගාවල ජල මට්ටම 2021 අගෝස්තු 27 දින ඉහළ ගිය බව ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වර්ෂාපතනයේ නැවත නැවතත් ඇති වූ ගංවතුර හේතුවෙන් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 15 ක ජීවිත 43 ක් ජීවිතක්‍ෂයට පත් වූ අතර මිලියන තුනකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත් වූ බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

Mohd Imran Khan විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Floods threaten wildlife at VTR, Bihar’s sole tiger reserve report නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.