එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2021 ඔක්තෝබර් 8, ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වූ අතර එහිදී පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර පරිසරයක් විශ්ව අයිතියක් ලෙස පිළිගැනීමට ඒකමතිකව ඡන්දය දුන්නේය.

මෙය සියලු දෙනා විසින් පිළිගනු ලැබුවහොත්, 1948 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය සම්මත කර ගැනීමෙන් පසු වසර 70 කටත් වැඩි කාලයකට පසු ඇති වූ පළමු වැනි අයිතිය එයයි.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) විධායක අධ්‍යක්‍ෂක ඉන්ගර් ඇන්ඩර්සන් නිවේදනයක් නිකුත් කරමින් මෙම සංවර්ධනය ගැන ප්‍රශංසා කළේය.

මහා මණ්ඩල රැස්වීමේදී එවැනිම යෝජනාවක් සලකා බලන ලෙස ඇය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් ඉල්ලා සිටියාය.

පිරිසිදු පරිසරයක් සඳහා ඇති අයිතිය 1972 ස්ටොක්හෝම් ප්‍රකාශය තුළ මුල් බැස ගත් බව ඇන්ඩර්සන් සඳහන් කළේය. දශක පහකට පසුව එය ගෝලීය මට්ටමින් විධිමත් ලෙස පිළිගැනීම දැකීම මහත් දිරිගැන්වීමක් වූ බව ඇය පැවසුවාය.

13,000 කට අධික සිවිල් සංවිධාන සහ ආදිවාසී කණ්ඩායම්, ලොව පුරා ළමුන් 90,000 කට වැඩි සංඛ්‍යාවක්, ජාතික මානව හිමිකම් ආයතනවල ගෝලීය සන්ධානය සහ පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන්, අයිතිය වෙනුවෙන් නිර්දය ලෙස උද්ඝෝෂණ කළ බව ඇන්ඩර්සන් පැවසීය.

මෙම යෝජනාවේදී “පාරිසරික මානව හිමිකම් ආරක්ෂකයින් ලෙස හැඳින්වෙන පරිසර කාරණා වලදී වැඩ කරන මානව හිමිකම් ආරක්ෂකයින්ගේ ජීවිත, නිදහස සහ ආරක්‍ෂාව” අවධාරණය කෙරේ.

ලොව පුරා පාරිසරික ආරක්ෂකයින් නිරන්තර ශාරීරික ප්‍රහාර, රඳවා තබා ගැනීම්, අත්අඩංගුවට ගැනීම්, නීතිමය ක්‍රියාමාර්ග සහ මඩ ප්‍රචාර ව්‍යාපාර වලට භාජනය වේ.

2020 දී පමණක් පරිසර ආරක්ෂකයින් 200 ක් පමණ ඝාතනය කර ඇත. ඇන්ඩර්සන් පැවසුවේ ඉදිරි මාස කිහිපය තුළදී UNEP පරිසර මානව හිමිකම් ආරක්ෂකයින් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්‍ධනය කිරීම සඳහා වූ තම කැපවීම ගැඹුරු කරන බවයි.

අලුත් සහයෝගීතාව සඳහා පොදු න්‍යාය පත්‍රයේ සැලකිය යුතු අංගයන් අනුගමනය කිරීමේදී ආණ්ඩු, ව්‍යවස්ථාදායකයින්, උසාවි සහ පුරවැසි කණ්ඩායම් ධෛර්යමත් කිරීම තම සංවිධානය බලාපොරොත්තු වන බව ඇය පැවසුවාය.

න්‍යාය පත්‍රය පසුගිය මාසයේදී ඉදිරිපත් කළේ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසිනි. ඇන්ඩර්සන් මෙම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ 2020 මානව හිමිකම් පිළිබඳ ක්‍රියාමාර්ග කැඳවීම අනුගමනය කරන ලෙසයි.

“තරුණයින්ගේ අදහස් සඳහා වැඩි ඉඩක් ඇති සෞඛ්‍ය සම්පන්න ග්‍රහලෝකයක් අප ඇති කරන බැවින් කිසිවෙකු අතහැර යෑමට ඉඩ නොදෙන්න,” ඇය පැවසුවාය.

Down to Earth කාර්යය මණ්ඩලය  විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Clean, healthy and sustainable environment a universal right: UN Human Rights Council නම් ලිපියේ සිංහල පරිවර්තනයකි