තරුෂි පිටිගල විසිනි.
මෙරටට ආවේණික කොටි උප විශේෂය වන පැන්තෙරා පාඩස් කොටියා හා ලොව සිටින අනෙකුත් උප විශේෂ වෙනුවෙන් මැයි මස 03 වනදාට යෙදි ඇති ‘ලෝක කොටි දිනය’ වෙනුවෙනි.
කොටියා, දිවියා හා ව්‍යාඝ්‍රයා සම්බන්ධව විවිධාකාරවූ මතයන් ඉදිරිපත් වුවත් ඇතැමුන් තවමත් මෙම පටලැවිල්ල ලිහාගත නොහැකිව සිටී. මේ, නම් පැටලැවිල්ල ඉතා ඈත ඉතිහාසයක් දක්වාම දිව යන්නක් වේ.
ඇතැමුන් සලකන්නේ tiger ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ කොටියා බවත් leopard ලෙස හඳුන්වන්නේ දිවියා බවත්ය. නමුත් සැබැවින්ම tiger ලෙස හඳුන්වන්නේ ව්යාඝ්රයන්වන අතර ඔවුන්ගේ ශරීරයේ සිරස් අතට වැටුණු ඉරි පිහිටයි. ඔවුන් අයත් වන්නේ Panthera tigris නම් විශේෂයටයි. Panthera tigris විශේෂයේ උප විශේෂ හයක් ලෝකයේ දැකගත හැක. නමුත් ශ්‍රී ලංකාවේ වනාන්තර තුල මොවුන් ජිවත් නොවන අතර Bengal royal tiger හෙවත් රාජකීය බෙංගාලි ව්‍යාඝ්‍රයා ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානයේදී දැකගත හැකිය.
Leopard ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් හා පුල්ලි ලෙස දෙමළ බසින් හදුන්වන්නේ කොටියාවේ. ඇතැමුන් මොවුන් දිවියා ලෙස හඳුන්වයි. මොවුන් පැන්තෙරා පාඩස් විශේෂයට අයත් ශ්‍රී ලංකාවේ වාසය කරන උප විශේෂයකි. පැන්තෙරා පාඩස් විශේෂයට අයත් උප විශේෂ නමයක් ලෝකයේ දැකිය හැකිවන අතර Panthera padus kotiya ශ්‍රී ලංකාවට ආවේණික උප විශේෂය වේ. විද්‍යාත්මක නාමකරණයේදී ශ්‍රී ලංකාවේ උප විශේෂය, Panthera padus kotiya ලෙස නම් කරන ලද්දේ සත්ත්වවේදී පී.ඊ.පී. දැරණියගල මහතා විසිනි. මෙහි දී උප විශේෂ නාමය ‘කොටියා’ ලෙස නම් කොට ඇත. ශ්‍රී ලංකාවේ බිළාල පවුලේ සිටින විශාලතම සමාජිකයවන ඌ, ඈත අතීතයේ සිටම ‘කොටියා’ ලෙස තනි නමකින් හැඳින් වූ බවට ඉතිහාසයේ බොහෝ සාක්ෂීන් ඇත. ‘කැලේ මාරු උනත් කොටියාගෙ පුල්ලි මාරු වෙන්නෑ’, ‘කොටි වලිගෙ අල්ලගත්තා’ වැනි ප්‍රස්තා පිරුළු මෙන්ම කොටියාගල, කොටියාකුඹුර වැනි නම්, ගම් හැඳින්වීම්ද, වනාන්තර ආශ්‍රිතව ජීවත්වන ජනයා විසින් කොටි හපුවා ලෙසත් සාමාන්‍ය සමාජයේ කොටියා ලෙසත් භාවිතාකොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා දිවියා ලෙස හඳුන්වන්නේ කොටියාම වේ.
දිවියා ලෙස හදුන්වන්නෙ කොටියාට අමතරව ශ්‍රී ලංකාවේ වාසය කරනුයේ හඳුන් දිවියා (Prionailurus viverrinus) හා කොල දිවියා (Prionailurus rubiginosus) යන දෙවර්ගයයි.
IUCN රතු දත්ත වාර්තාවට අනුව පැන්තෙරා පාඩස් විශේෂය වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින අතර ශ්‍රී ලංකාවට අවේණික උප විශේෂයවන කොටියා අන්තරායට ලක් වූ විශේෂයක් ලෙස එහි සඳහන්වේ.
Panthera padus kotiya ගේ ශරීරය රස්ටික් කහ පැහැයකින් යුක්තවන අතර ශරීරය පුරා කළු පැහැ පුල්ලි රටාවක් දැකිය හැකිය. මොහු විලෝපික ක්ෂීරපායි සත්ත්වයෙකි. නිශාචර දඩයම්කරුවෙකු ලෙස හැඳින්වූවත් කොටියා දහවල් කාලයේ දඩයම් කරන අවස්ථාද ඇත. බොහෝ අවස්ථාවන්හි අල්ලා ගත් ගොදුර ගසකට නැඟ භුක්ති විඳීමට කැමැත්තක් දක්වයි. මුවන්, ගෝනුන්, ගවයින් මෙන්ම කුඩා ක්ෂීරපායි සතුන්ද කොටියා ආහාරයට ගනී.
පර්යේෂණ වාර්තාවනට අනුව ශ්‍රී ලංකාවේ කොටි ගහනය 800-900 අතර වේ. ශ්‍රී ලංකාවේ වැඩිම කොටි ගහනයක් වාර්තා වන්නේ යාල වනෝද්‍යානයෙන් බවට වාර්තා ඇත. විල්පත්තු ජාතික වනෝද්‍යානය මෙන්ම හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතවද මොවුන් බහුලව වාසය කරයි.
සාමාන්‍යයෙන් මෙරට වසන කොටියකුගේ වර්ධනය, වැඩිහිටි ගැහැණු සතකුගේ මුලු දිග (මුව සිට වලිගය දක්වා) අඩි 2 ½ සිට අඩි 3 ½ දක්වාත්, වැඩිහිටි පිරිමි සතකුගේ දිග අඩි 3 සිට අඩි 5 ½ දක්වාත් පමණ වේ. බොහෝ දුරට ඔවුන්ගේ බර, ගැහැණු – කිලෝග්‍රෑම් 25-35ත් අතරද පිරිමි – කිලෝග්‍රෑම් 55-75ත් අතරද ය.
කැලෑ එළිපෙහෙළි කිරීම සහ වතු වගා ආශ්රිත ජනතාවන් අතින් ඔවුන් දඩයම් වීමද, හම පිණිස දඩයම් වීමද හේතුවෙන් කොටින්, දැඩි තර්ජනයකට ලක් වී සිටින ලාංකීය සත්ව සම්පතකි.
Comments are closed for this post.