නව අධ්‍යයනයකට අනුව ලොව පුරා සිටින 555ක් පමණ වන රැප්ටර් කුරුළු විශේෂ වලින් 30%ක් පමණ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත. ඒ අතරින් විශේෂ 18ක් වඳවීයාමේ උග්‍ර තර්ජනයට ලක්ව ඇති අතර විශේෂ 25ක් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත. තවද විශේෂ 57ක් අවදානමට ලක්විය හැකි අතර විශේෂ 66ක් පමණ අවදානමට අත්‍යාසන්න තර්ජනයට ලක්ව ඇත.
කිසියම් හෝ තර්ජනයකට මුහුණ දී සිටින විශේෂ 166 අතර පිලිපීන රාජාලියා, කොණ්ඩ ගිජුලිහිණියා සහ ඇනෝබෝන් බකමූණන් සිටින බව අධ්‍යයනයෙන් සොයාගෙන ඇත. මෙම ගොදුරු පක්ෂීන් විශාල පෘෂ්ඨවංශීන් දඩයම් කර ඔවුන්ගේ මාංශ ආහාරයට ගනිති.
ස්වභාව ධර්මය සංරක්ෂණය කිරීම සඳහා වූ ජාත්‍යන්තර එකමුතුව (IUCN) සහ ලාභ නොලබමින් කුරුල්ලන් සහ වන සතුන් රැක ගැනීම සඳහා වූ ගෝලීය මුලපිරීමක් වන බර්ඩ් ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් කරන ලද නව විශ්ලේෂණය 2021 අගෝස්තු 30 වන දින ජාතික විද්‍යා ඇකඩමියේ ක්‍රියාදාම සඟරාවේ පළ විය.
පර්යේෂකයන් විසින් එම පක්ෂි විශේෂයන්ගේ ආවේණිකත්වය, භූගෝලීය ව්‍යාප්තිය, සංරක්ෂණ තත්ත්වය සහ ගහන ප්‍රවණතාව මත පදනම්ව සෑම විශේෂ 557හිම බෙදා හැරීමේ පරාසය හඳුනා ගත්හ. බර්ඩ්ලයිෆ් ජාත්‍යන්තර දත්ත ගබඩාවෙන් 2012 දත්ත සහ 2015 හි IUCN දත්ත ගබඩාවෙන් දත්ත විශ්ලේෂණය කිරීමෙන් එම ප්‍රතිඵල ලබා ගන්නා ලදී.
වාර්තාවට අනුව කුරුල්ලන්ට ඇති තර්ජන බොහොමයක් වාසස්ථාන අහිමි වීම, පරිසර දූෂණය, මානව-වනජීවී ගැටුම් සහ දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිඵල වේ.
වැඩිම රැප්ටර් විශේෂයන් ඇත්තේ ඉන්දුනීසියාවේ වන අතර ඉන් පසුව කොලොම්බියාව, ඉක්වදෝරය සහ පේරු පිළිවලින් වේ.
ලොව විශාලතම රාජාලීන් ප්‍රභේදය වූ පිලිපීන රාජාලීන්ගේ ගහනය පසුගිය දශක කිහිපය තුළ දී සීඝ්රයෙන් අඩුවීම පුළුල් වනාන්තර විනාශය හේතුවෙන් සිදු විය.
ස්ටෙරොයිඩ් නොවන ඖෂධයක් වන ඩික්ලොෆෙනැක් බහුලව භාවිතා කිරීම හේතුවෙන් ඉන්දියාව වැනි ආසියාතික රටවල සමහර උකුසු ගහණයන් 95% කටත් වඩා අඩු වී ඇත.
අප්‍රිකාවේ, විශේෂයෙන් බටහිර අප්‍රිකාවේ, ඩික්ලොෆෙනැක් යොදා ගනිමින් ප්‍රතිකාර කළ පශු සම්පත් ගොදුරු විෂ වීමෙන් සහ වෙඩි තැබීම්වල ප්‍රතිඵලයක් ලෙස ගතවූ අවුරුදු 30 තුළ ග්‍රාමීය ප්‍රදේශවල ගිජුලිහිණියන් ගහනය සාමාන්‍යයෙන් 95%කින් අඩු වී ඇතැයි අධ්‍යයනයෙන් සොයාගෙන ඇත.
250ට අඩු ගහනයක් සිටින ඇනෝබන් බකමුණන්, බටහිර අප්‍රිකාවට ඔබ්බෙන් ඇති ඇනෝබන් දූපතට සීමා වී ඇති අතර වේගවත්ව, වාසස්ථාන අහිමි වීම හා පිරිහීම හේතුවෙන් මෑතකදී ‘දැඩි තර්ජනයට ලක් වූ’ ලෙස වර්ගීකරණය කරන ලදි.
රැප්ටර් විශේෂ පුළුල් පරාසයක පෘෂ්ඨවංශීන් ගොදුරු කර ගන්නා අතර එමඟින් දිගු දුර බීජ විසුරුවා හැරීමට පහසුකම් සලසයි. මෙය වක්‍රව බීජ නිෂ්පාදනය හා පළිබෝධ පාලනය වැඩි කරයි.

Madhumita Paul විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Raptor attention: 160 species of birds of prey endangered worldwide නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.
Comments are closed for this post.