ගිලා බැසීම් සමඟ කටයුතු කිරීම, දේශගුණික විපර්යාස සහිත මුහුදු මට්ටම ඉහළ යාම සමඟ කටයුතු කිරීමට අනුපූරකවන අතර ඒ දෙකම විසඳිය යුතු ප්‍රශ්නයන්ය.

දේශගුණය හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යාම විශාල තර්ජනයක් බව කවුරුත් දන්නා කරුණකි. එහි, එතරම් හොඳින් නොදන්නා දෙය නම් ගොඩ බිම් ගිලීයාමේ තර්ජනයයි. බොහෝ ජනාකීර්ණ වෙරළබඩ ප්‍රදේශවල මුහුදු මට්ටම ඉහළ යෑමට වඩා වේගයෙන් භූමිය ගිලෙමින් පවතී.

නිදසුනක් වශයෙන්, 20වන ශතවර්ෂයේදී ටෝකියෝවේ කොටස්, මීටර් හතරකින් ගිලී ගිය අතර ෂැංහයි, බැංකොක් සහ නිව් ඕර්ලියන්ස් මීටර් දෙකක් හෝ ඊට වැඩි අගයකින් ගිලී යාමක් වාර්තා විය. මෙම ක්‍රියාවලිය ගිලා බැසීම් ලෙස හැඳින්වේ. ගංගා ඩෙල්ටාවල මන්දගාමී ගිලා බැසීම් ස්වභාවිකවම සිදුවුවත්, භූගත ජලය, තෙල් හෝ වායු නිස්සාරණයෙන් පස ශක්තිමත් කලහැකිවන අතර එමගින් මතුපිට උන්නතාංශය නැති වේ.

ගිලා බැසීම්, මුහුදු මට්ටම ඉහළ යාමට සාපේක්ෂව හේතු වේ (මුහුදු මට්ටම ඉහළ යාම/ ගොඩබිම ගිලීම). එය බෝග වගාවන් සඳහාවන පසෙහි ලුණු ගතිය වැඩි කිරීම, ගොඩනැගිලි වලට හානි කිරීම, පුළුල් ගංවතුරක් ඇති කිරීම සහ සමස්ත වෙරළබඩ ප්‍රදේශ අහිමි කිරීමට පවා හේතුවේ.

මුහුදු මට්ටම ඉහළ යෑමට වඩා බොහෝ දුරට පහත් බිම්, ගංවතුර තර්ජනයට ලක්වීම සිදුවිය හැකි නමුත් විද්‍යාඥයින් මේ වනවිට සිදුකර ඇත්තේ වෙරළබඩ නගර සම්බන්ධව ඇතිවන තර්ජනයේ ගෝලීය ඇඟවීම් අවබෝධ කර ගැනීම පමනි.

ඇත්ත වශයෙන්ම, සාමාන්‍ය වෙරළබඩ ප්‍රදේශ වසරකට මිලිමීටර 3කට වඩා අඩු මුහුදු මට්ටම් ඉහළ යාමක් අත්විඳින අතර, සාමාන්‍ය වෙරළබඩ පදිංචිකරුවෙකුට වසරකට මිලිමීටර 8 සිට 10 දක්වා ඉහළ යාමක් අත්විඳීමට සිදුවේ. මෙයට හේතුව ඩෙල්ටා ආසන්න නගරයන්හි ජන ඝනත්වය ඉතා ඉහළ වීමය.

ජනගහනය අනුව බලන විට, මුහුදු මට්ටම ඉහළ යාම දරුණුම වන්නේ ගිනිකොනදිග ආසියාවේ වන අතර, ඉන් පසුව පිළිවලින් දකුණු හා නැගෙනහිර ආසියාව සහ දකුණු මධ්‍යධරණි වේ. Nicholls et alCC BY-SA/ Down to Earth

අපගේ නව පර්යේෂණයේ ප්‍රධාන සොයා ගැනීම එයයි. එහිදී අපි ලොව පුරා නගර කෙතරම් වේගයෙන් ගිලා බහිමින් පවතිනවාද යන්න විශ්ලේෂණය කළ අතර ඒවා අඩු ජනාකීර්ණ වෙරළ තීරයන් ඇතුළු ගෝලීය ගිලා බැසීම් දත්ත සමඟද සංසන්දනය කළෙමු.

වඩාත් බලපෑමට ලක්වූ නගර කිහිපයක් නම්;

ජකර්තා 

ඉන්දුනීසියාවේ අගනුවරවන ජකර්තාහි මිලියන 10ක ජනතාවක් වාසය කරන අතර එය ඉදිකර ඇත්තේ මුහුදට යාබද පහත් බිම්වලය. භූගත ජලය නිස්සාරණය වීම නිසා 1947 සිට 2010 දක්වා, නගරය මීටර 3කට වඩා ගිලා බැස ඇති අතර නගරයේ බොහෝ ප්‍රදේශ තවමත්, සෑම වසරකම පාහේ සෙන්ටිමීටර 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ගිලා බසිමින් පවතී.

එම ගිලා බැසීම් ඒකාකාරීව සිදු නොවන අතර, එබැවින් නාගරික සැලසුම්කරණය දුෂ්කරව අවදානමට තුඩු දෙයි. තවද එහි ගොඩනැගිලි දැන් ජලයෙන් යටව ඇති අතර යටිතල පහසුකම් ඉරිතැලී ගොස්ය.

ජකර්තාහි ගිලා බැසීම් මැඩ පවත්වා ගැනීම සඳහා උස් මුහුදු බිත්ති ඉදිකර ඇත. නමුත් භූගත ජලය පොම්ප කිරීම අඛණ්ඩව සිදුවන හෙයින්, මෙම ගිලා බැසීම් යළි යළිත් සිදුව නැවත වරක් එම ගැටළුවම ඇති වීමට ඉඩ ඇත. කෙසේ‌ හෝ පානීය ජලය සඳහා භූගත ජලය භාවිතා කිරීමට සිදුවන බැවින් එය පොම්ප කිරීම අත්‍යාවශ්‍ය වේ. එමගින් අවසානයේ සිදුවනුයේ මිනිසුන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමෙන්, මිනිසුන්ම ජලයෙන් යටවී යාමයි.

මේ හේතූන් නිසාවෙන් ජකර්තා සිට කිලෝමීටර 1000කට එපිටින් පිහිටි බෝර්නියෝ දූපත වෙත, තම අගනගරය රැගෙන යාමට ඉන්දුනීසියානු රජය 2019දී යෝජනා කල අතර එ සමඟින්ම  ගිලා බැසීම් වලට එරෙහි සටනද කෙමෙන් කෙමෙන් පහව ගියේය.

ෂැංහයි

පසුගිය දශක කිහිපය තුළ වේගයෙන් සංවර්ධනය වෙමින්, දැනට මිලියන 26ක ජනතාවක් සිටින ෂැංහයි, තවත් ගිලෙනා නගරවලින් එකකි. එහි උපරිම ගිලා බැසීම් අනුපාතය වසරකට සෙන්ටිමීටර 2.5ක් පමණ වේ. මෙය බොහෝ දුරට සිදුවන්නේ භූගත ජල මට්ටම පහත යාමෙනි. නමුදු මෙම අවස්ථාවේදීද අහස උසට ගොඩනැගිලි, මෙට්‍රෝ මාර්ග සහ මහා මාර්ග ඉදිකිරීම සඳහා ජලාප්‍රවාහනය සිදුවෙමින් පවතී. (නිදසුනක් ලෙස 1990 දශකයේ ඉදිකරන ලද මෙට්‍රෝ ලයින් 1 වේගවත් ගිලා බැසීමක් ඇති කළේය).

අමතර ආරක්ෂාවක් නොමැති නම්, 2100වන විට මෙම ගිලා බැසීමේ වේගය සහ මුහුදු මට්ටම ඉහළ යාමෙන් නගරයෙන් 15%ක් පමණ ජලයෙන් යටවිය හැකි බව විද්වතුන් පවසයි.

නිව් ඕර්ලියන්ස්

නිව් ඕර්ලියන්ස්හි, ශතවර්ෂ ගණනාවක් පැරණි අමුණු සහ ඇලමාර්ග නිෂ්පලව සිඳී ගොස්, නගරය මුහුදු මට්ටමෙන් අඩකට වඩා පහත් විය. නමුදු එහි වැඩි කොටසක් මුහුදු මට්ටමට වඩා පහළින් තිබූ අතර එමගින් මුහුදු බිත්ති වියළිව පැවතීමට ඉඩ සැලැස්වුවේය.

ව් ඕර්ලියන්ස් හි වැඩි කොටසක් මුහුදු මට්ටමට වඩා පහළින් වේ (රතු). වියළී සිටීමට මුහුදු බිත්ති මත රඳා පවතී. දත්ත මධ්‍යස්ථානය, නිව් ඕර්ලියන්ස්, සීසී. බී. වයි. එස්. ඒ./ Down to Earth

2005 වසරේ කැත්‍රිනා සුළි කුණාටුව ඇතිවීම සමඟ ඔ්ර්ලියන්ස්හි පැවැත්ම බිඳවැටුනි. සුළි කුණාටුවෙන් අවම, ඇමරිකානු ඩොලර් බිලියන 40කවත් හානියක් වූ අතර එය විශේෂයෙන්ම නගරයේ වෙසෙන අප්‍රිකා-ඇමරිකානු ප්‍රජාවට බලපෑවේය. ඒ හැරුනුකොට ලුසියානා ප්‍රාන්තයෙහි 1570කට වැඩි පිරිසක්ද මිය ගියහ. 

නමුදු නගරය ගිලාබැස නොතිබුනේ නම් හානිය විශාල වශයෙන් අඩුව ජීවිත බේරා ගැනීමට ඉඩ තිබුණි. එමගින්, දශක ගණනාවක් හෝ ඊට වැඩි කාලයකට ඉහත ගනු ලැබූ තීරණ, අද සිදුවන ව්‍යසනයන් සඳහා මාවත සකසා ඇති අයුරුත් අනාගතයේදී අපහට පැහැදෙනු ඇති.

ඊට සරල විසඳුම් නොමැත. ඉතින් කුමක් කළ හැකිද?

මුහුදු පවුරක් හෝ වේල්ලක් තැනීම එක් තාක්ෂණික විසඳුමකි. මෙය ඇත්ත වශයෙන්ම ජලය පැමිණීම නවත්වන නමුත් මුහුදු පවුරද ගිලෙනු ඇති. එබැවින් දිගු කාලීනව ඵලදායී වීමට එය ඉතා විශාල විය යුතුය. නමුදු නාගරික ප්‍රදේශවල ඉංජිනේරුවන්හට, පහසුවෙන් එම බිම් මට්ටම් ඉහළ නැංවිය නොහැක. මන්දයත් ඒ සමඟ ගොඩනැගිලි සහ යටිතල පහසුකම්ද අලුත් කිරීමට සිදුවීම නිසා, ඊට දශක ගණනාවක් ගත විය හැකි නිසාවෙනි. ඉන් පැවසෙන පරිදි මෙයට සරල විසඳුමක් නොමැති අතර මහා පරිමාණ නාගරික ගිලා බැසීම් බොහෝ දුරට ආපසු හැරවිය නොහැක.

නමුත් සමහර නගරවල මීට ‘විසඳුම්’ සොයාගෙන ඇත. උදාහරණයක් ලෙස ටෝකියෝව, 1960 සිට පමණ ජලය පොම්ප කිරීම පිළිබඳ දැඩි රෙගුලාසි පැනවීය. නමුත් නගරයේ සමහර කොටස් මුහුදු මට්ටමට වඩා පහළ මට්ටමක පවතින නිසාත්, වාසයට සුදුසු වේලි සහ පොම්ප මත යැපෙන නිසාත් සමස්ත අවදානමෙන් මිදීමට නොහැකිය. ඉන්දුනීසියාවේ අගනගරය වෙන තැනකට රැගෙය ගිය පරිදි ගෙනයාමේ නිර්භීත යෝජනාව මීට අවසාන විසඳුමද විය හැකිය.

විශේෂයෙන් ඩෙල්ටා ප්‍රදේශවල නාගරීකරණය වැඩිවීම සහ මිරිදිය සඳහා ඇති ඉල්ලුම යන්නෙන් අදහස් වන්නේ ගිලා බැසීම්, ඉදිරි දශක කිහිපය තුළ දැවැන්ත ගැටලුවක් වනු නියත බවය. එබැවින් ගිලා බැසීම් සමඟ කටයුතු කිරීම, දේශගුණික විපර්යාස සහිත මුහුදු මට්ටම ඉහළ යාම සමඟ කටයුතු කිරීමට අනුපූරකවන අතර ඒ දෙක කෙරෙහිම අවධානය යොමු කළ යුතුය. ඉහළ යන මුහුද හා ගිලෙන ඉඩම්වල එකතුව, වෙරළබඩ නගර වැඩි අවදානයෙන් පසුවන බව පෙන්වයි.

සංවාදය: විද්‍යාඥ සාලි බ්‍රවුන්, බෝර්මන්මූත් විශ්ව විද්‍යාලය සහ රොබට් ජේම්ස් නිකල්ස් නැගෙනහිර ඇන්ග්ලියා විශ්ව විද්‍යාලයේ දේශගුණික අනුවර්තනය පිළිබඳ මහාචාර්ය

 Sally Brown, Robert James Nicholls  විසින් Down to Earth වෙත ලියන ලද Sea levels are rising fastest in big cities – here’s why නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.