වායුගෝලීය CO2 මට්ටම් 2021 පෙබරවාරි සහ මාර්තු යන මාසයන්හි දින කිහිපයක, මිලියනයකට කොටස් 417 ඉක්මවා ඇත. එය පූර්ව කාර්මික මට්ටම් වලට වඩා මිලියනයකට කොටස් 278කින් වැඩිය. හවායි දූපතේ වායුගෝල පාදක ස්ථානයක්වන ‘මෞනා ලෝවා’ නිරීක්ෂණාගාරයෙදී මෙම දත්ත, ඉතාම මෑතකදී ලබා ගන්නා ලදී.

මේවන විට වායුගෝලීය CO2 මට්ටම විශාල ලෙස ඉහළ යමින් පවතී. 2021 වසරේ CO2 මට්ටම්, පූර්ව කාර්මික මට්ටම් වලට වඩා 50%කින් වැඩි අතර එය ඉතිහාසයේ, වාර්තාගත පළමු වසර වනු ඇතැයිද අපේක්ෂා කෙරේ. තවද එය දින කිහිපයකට වඩා වැඩි කාලයක් පවතිනුද ඇත.

CO2 සාන්ද්‍රණය පසුගිය මාස දෙකේ දින කිහිපයක් තුල මෙම මට්ටමට වඩා ඉහළ අගයක පැවතුනි. මිනුම් වලට අනුව මෙම අගයන් දල සීමාවට ඉහළින් මාස තුනක් පමණ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් රාජධානියේ ජාතික කාලගුණ සේවාවවන කාලගුණ විද්‍යා කාර්යාලය, ජනවාරි මුලදී දන්වා තිබුනේ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයේ CO2 සාන්ද්‍රණය, මෙම වසරේ කාර්මික විප්ලවයට පෙර 50%කින් ඉහළ යන බවය. 

1700 සිට 2021 දක්වා ගෝලීය වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය. මූලාශ්‍රය: කාලගුණ විද්‍යා කාර්යාලය

වාර්ෂික CO2 සාන්ද්‍රණයේ සාමාන්‍යය වසරින් වසර වැඩි වෙමින් පවතී. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ වනාන්තර විනාශය සහ පොසිල ඉන්ධන දහනයයි.

කාලගුණ බලපෑම් පිළිබඳ පර්යේෂණ අංශයේ ප්‍රධානී ‘රිචඩ් බෙට්ස්’ පවසන පරිදි, 18වන සියවස අවසානයේදී මිනිසුන් විශාල ප්‍රමාණයෙන් පොසිල ඉන්ධන දහනය කිරීම පටන්ගත් අතර, ඉන් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය 25%කින් ඉහළ යාමට, වසර 200කට ආසන්න කාලයක් ගතවූ නමුත්, මෙම වසරේ එම ප්‍රතිශතයටට ළඟා වීමට, තව වසර 35කවත් වේගයක් අවශ්‍යවනු ඇති බවය. සැබවින්ම එය ඉතා කණගාටුදායක, 50% ක වැඩිවීමකි.

‘මෞනා ලෝආ’හි දල මාසික CO2 ප්‍රමාණය මැයි මස වනවිට මිලියනයකට කොටස් 419.5 දක්වා ඉහළ යනු ඇති අතර, පසුව එය ජූලි මස අග සිට තාවකාලිකව මිලියනයකට කොටස් 417ට වඩා පහත වැටෙනු ඇතැයි කාලගුණ විද්‍යා කාර්යාලය පවසයි. නමුත් වසර අවසානයේදී එය නැවත මිලියනයකට කොටස් 417කට පැමිණෙනු ඇතැයිද පුරෝකථනය කර ඇත.
කාලගුණ විද්‍යා කාර්යාල ඇස්තමේන්තු වලට අනුව 2021 සඳහා ‘දල වාර්ෂික CO2 සාන්ද්‍රණය’ මිලියනයකට කොටස් 416.3ක් පමණ විය හැකිය. එය වාර්ෂිකව මිලියනයකට කොටස් 2.5ක් පමණ ඉහළ යා හැකි අතර, පූර්ව කාර්මික මට්ටමට වඩා 50%ක වැඩිවීමක් සහිත ‘දල වාර්ෂික CO2 මට්ටමක්’ පවතින ඉතිහාසයේ පළමු වසර බවට 2021 පත්වනු ඇති බවටද ඇස්තමේන්තු කර ඇත.

 DTE කාර්යය මණ්ඩලය විසින් Down to Earth වෙත ලියන ලද Atmospheric CO2 levels may rise 50% higher than pre-industrial levels: Recent estimates නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.