• කොවිඩ්-19 වසංගතය හේතුවෙන් නවතා දමා තිබූ, දිවයිනේ මුහුදු ප්‍රදේශයේ සිටින එක් එක් මුහුදු කැස්බෑවන් හඳුනා ගැනීමේ උත්සාහය නැවත පටන් ගැනීමට අදහසක් ඇත.
  • කැස්බෑවුන් හැඳුනා ගැනීමේ ව්‍යාපෘතිය මගින් කැස්බෑවුන්ගේ අද්විතීය මුහුණු රටා පදනම් කරගෙන දත්ත සමුදායක් තැනීම සඳහා විනෝදාංශ කිමිදුම්කරුවන් විසින් ගන්නා ලද ඡායාරූප භාවිතා කරයි.
  • මෙම මුලපිරීම, 2019 අගෝස්තු මාසයේදී ආරම්භ කරන ලද නමුත් 2020 මුල් භාගයේදී පනවා තිබූ වසා දැමීමේ කාලය හේතුවෙන් අනෙකුත් සංචාරක ව්‍යාපාර අතර, කිමිඳුම් මධ්‍යස්ථාන වසා දැමීම නිසා ඉක්මනින් නතර විය.

ටොන් ගණන් ප්ලාස්ටික් පබළු සහ විෂ සහිත රසායනික ද්‍රව්‍ය වලින් පිරී තිබූ එක්ස්-ප්‍රෙස් පර්ල් නැව ජුනි මාසයේදී මුහුදුබත් වීම හා සම්බන්ධ කැස්බෑවන් මරණ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මුහුදු කැස්බෑ සංරක්‍ෂණය පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ.

මාතර, පොල්හේන ගල්පර සහ ඒ අවට නොගැඹුරු මුහුදේ වසර පුරා රැඳී සිටින මුහුදු කැස්බෑවන් ගණනාවක් වෙති. පොල්හේන කිමිදුම් මධ්‍යස්ථානයේ කළමනාකරණ සහකරුවන රන්දුනු ඩිමේශාන්, ඔහුගේ කිමිදුම් සේවාදායකයින් සමඟ නිතර එම ප්‍රදේශයේ පිහිනන අතර, ඔවුනට තුවාල හෝ කැළැල් වැනි එකම සුවිශේෂී ලක්ෂණ සහිත කැස්බෑවුන් නිතර නිතර හමුව ඇති අතර එම කැස්බෑවන් කිහිප දෙනෙකු වෙන වෙනම හඳුනා ගැනීමටද හැකි විය.

මේ අතර, සාගර සංරක්‍ෂණ හා අධ්‍යාපන සන්ධානයේ (OCEA) සාගර ජීව විද්‍යාඥවරියක වන චතුරිකා මුණසිංහ මෑතකදී මාලදිවයිනේ පර්යේෂණ ව්‍යාපෘතියකින් පසු ඡායාරූප හඳුනා ගැනීම මත මුහුදු කැස්බෑවන් හඳුනා ගැනීම සඳහා විශේෂ දැනුමකින් හා කුසලතාවයකින් සන්නද්ධව ආපසු පැමිණියාය.

මුහුදු පතුල පිරිසිදු කිරීම් පිළිබඳ සාකච්ඡාවකදී ඩිමේශාන්හට, මුණසිංහ මුණ ගැසුණු අතර, ඒහා සමගාමීවම පුරා-විද්‍යා මුලපිරීමක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමේ අදහස ඇති වී ඇත. ඉන් පසු මෙම දෙදෙනා COVID-19 වසංගතය ඇති වීමට මාස කිහිපයකට පෙර 2019 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා කැස්බෑ හැඳුනුම් ව්‍යාපෘතිය ආරම්භ කළහ.

“කැස්බෑවුන් හට එක එකාගේ ආවේණික මුහුණු පරිමාණ රටාවන් තිබෙනවා. මිනිසුන්ගේ ඇඟිලි සලකුණු මෙන්, මුහුණේ පරිමාණ රටාවන් කැස්බෑවන් හඳුනා ගැනීමට භාවිතා කරන්නට හැකියි.” මුණසිංහ මොංගාබේ වෙත පැවසුවාය. 

මෙම කැස්බෑවන්ගේ දත්ත ගබඩාව ගොඩ නැගීම සඳහා පර්යේෂකයන්හට කැස්බෑවන්ගේ ඡායාරූප අවශ්‍ය විය. ඔවුන් කිමිදුම් මධ්‍යස්ථාන සමඟ වැඩ කළ අතර, කිමිඳුම්කරුවන්ගේ සේවාදායකයින්ට කිමිඳුම් වලදී මුහුණේ දෙපස පැහැදිලි ඡායාරූප සහ විකල්ප වශයෙන් කවචයේ ඡායාරූප ලබා ගැනීමට හැකි විය. මෙම ඡායාරූප කැස්බෑවුන් හැඳුනුම් ව්‍යාපෘති වෙබ් අඩවියට උඩුගත කළ හැකි අතර, විශේෂ මෘදුකාංගයකට මුහුණේ රටා තෝරා දත්ත ගබඩාවේ ගබඩා කර ඇති හඳුනාගත් කැස්බෑවන්ගේ රටා සමඟ සංසන්දනය කළ හැකිය. මුහුණේ රටාව අලුත් නම්, ඡායාරූපය සපයන්නාට නව කැස්බෑවා නම් කිරීමට අවස්ථාව ලබා දේ.

මුහුණේ ලක්ෂණ හඳුනා ගැනීම

කැස්බෑ හඳුනා ගැනීමේ ව්‍යාපෘතිය මඟින් මේ වන විට පොතු කැස්බෑවන් 18 දෙනෙකු (Eretmochelys imbricata) සහ ගල් කැස්බෑවන්/ කොළ කැස්බෑවන් තිදෙනෙකු (Chelonia mydas) හඳුනාගෙන ඇති අතර ඒ සියල්ලම ගැහැණු සතුන් ය. ලොව පුරා දක්නට ලැබෙන මුහුදු කැස්බෑ විශේෂ 7න් 5ක්ම ශ්‍රී ලංකා මුහුදු තීරයේ නිරීක්ෂණය කළ හැකිය. බටු කැස්බෑවන් (Lepidochelys olivacea) බහුලව දක්නට ලැබෙන නමුත් මොවුන් බොහෝ දුරට විවෘත සාගරයේ දක්නට ලැබේ.

“පොතු කැස්බෑවන් කොරල් පර වලට සමීපව රැඳී සිටින්නේ කොරල් පර ආශ්‍රිතව වැඩිපුර දක්නට ලැබෙන ස්පොන්ජ් මත පෝෂණය කිරීමට කැමති නිසා” මුණසිංහ පැවසීය. පර්යේෂකයින් සහ විනෝදාත්මක සංචාරකයින් වැඩි දෙනෙක් කිමිදෙන ප්‍රදේශ මෙය බැවින් පොතු කැස්බෑවන් හමුවීමට ඇති ඉඩ වැඩිය.

හඳුනාගත් සෑම කැස්බෑ මුහුණක් සඳහාම ඔවුන් නමක් තබා ඇති බව ඩිමේශාන් පැවසීය. ව්‍යාපෘති ආරම්භකයින්ගේ අන්‍යෝන්‍ය මිත්‍රයෙකුගේ අන්වර්ථ නාමයෙන් නම් කල මෙහි මුල්ම නම වූයේ ‘ටැමී’ය. අනෙක් සමහර ඒවා නම් ඇලිස්, ඇවන්ඩ්ස්ටර්, ෂෙලා, පොලි, කීරා, ඔලියා සහ චූටාය.

සෑම විශේෂයකම ජනගහනයේ ප්‍රමාණය තක්සේරු කිරීම සඳහා මුහුදු කැස්බෑවන් පිළිබඳ දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණයි. සමහර කැස්බෑවන්,  ශී‍්‍ර ලංකාවේ ජලය, විශේෂයෙන් ගල්පර බහුල ප්‍රදේශයන් පෝෂක භූමියක් ලෙස භාවිතා කරන බැවින්, ගල්පර ආශ්‍රිතව පෝෂණය චර්යයා හා ප්‍රජනන චර්යයා අධ්‍යනය සඳහා එම දත්ත භාවිතා කරන ආකාරය ඉගෙන ගැනීම තවත් අරමුණකි. දිගු කාලීනව කැස්බෑ සංක්‍රමණික රටාවන් පිළිබඳව දත්ත සමුදාය යම් පිහිටක් වනු ඇතැයිද කණ්ඩායම බලාපොරොත්තු වේ.

මාලදිවයින මීට මුලපිරීමේ මුල්ම අත්දැකීම මෙම අදහසට අනුබල දුන් බව මුණසිංහ පැවසුවාය. එහිදී 2011 වසරේ ආරම්භ කරන ලද මෙවන්ම ව්‍යාපෘතියක් සඳහා මේ දක්වා කැස්බෑවන් 1,270 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා සම්පාදනය කර ඇති බව එම ව්‍යාපාරය මෙහෙයවන කණ්ඩායම වන මැරීන් සේවර්ස් පවසයි. එහි ප්‍රතිඵල අනුව මාලදිවයින් පොතු කැස්බෑවන් වසර පුරාම සිය ගල්පර වල රැඳී සිටින අතර කිලෝමීටර් 2 ක් (සැතපුම් 1.2) ට වඩා අඩු පරතරයන් අතර පමණක් ගමන් කරයි. නමුත් කොළ කැස්බෑවුන් පෝෂණය කිරීම සඳහා ගල්පර කිහිපයක්ම භාවිතා කිරීමට නැඹුරු වේ.

“ශ්‍රී ලංකාවේ දත්ත වලින් පෙනී යන්නේ අපි ප්‍රධාන වශයෙන් ගැහැනු හා බාලවයස් කැස්බෑවුන් ගල්පර වල නිරීක්‍ෂණය කරන බවයි, අපේ පර්යේෂකයන් විසින් විශේෂ දෙකක පිරිමි ස්වල්පයක් සොයා ගත්තා.” මුණසිංහ පැවසීය.

මුහුණේ රටාවන් පදනම් කරගත් හඳුනා ගැනීමේ තාක්‍ෂණය හඳුන්වා දෙනු ලැබුවේ සාගර කැස්බෑවන් පිළිබඳ විශේෂිත වූ නිරීක්ෂණාගාරයක් වන ඉන්දියානු සාගරයේ රයුනියන් දූපතේ කොලෝනියා මින්මැදුරේ ප්‍රංශ විද්‍යාඥ ක්ලෙයාර් ජීන් විසිනි.

ඊට පෙර, මුහුදු කැස්බෑ ජනගහනය පිළිබඳ බොහෝ අධ්‍යයන සිදු වූයේ සතුන් අල්ලා ගැනීම සහ ඒවා ෆ්ලිපර් ටැග් හෝ සම්ප්‍රේෂකය වැනි සලකුනකින් ටැග් කිරීම මතවන අතර එය මිල අධික විය. කැස්බෑවුන් හට ටැග් දැමීම ද දුෂ්කරය. මන්ද ඔවුන් කැදැලි සඳහා මුහුදු වෙරළට නොඑන්නේ නම් කවරකුට හෝ මුණ නොගැහෙනු ඇත. එබැවින් බොහෝ භෞතික ටැග් සාමාන්‍යයෙන් යොදන්නේ කැදලි සඳහා පැමිණෙන ගැහැණු සතුන් සඳහා ය. ඡායාරූප හඳුනා ගැනීමේ ක්‍රමය වඩා ලාභදායී වන අතර එමඟින් සතුන් කිසිදු පීඩනයකට ලක් වීම වළක්වා ගත හැකි බවත් 2010 දී ජීන් පැවසීය.

කැස්බෑවන් ආවේණික නාමයන් ලබා ගනී.

ශ්‍රී ලංකා කැස්බෑවුන් හැඳුනුම් ව්‍යාපෘතිය විසින් කැස්බෑවන් හඳුනා ගැනීමට, කැස්බෑවන් හඳුනා ගැනීමේ මෘදුකාංගය වන I3S pattern භාවිතා කරයි. එහි ක්‍රියාවලිය සරල එකකි. යොමු ලක්ෂ්‍යයන් මුලින්ම ගනු ලබන්නේ නාසයේ අග, ඇසේ අභ්‍යන්තර දාරය සහ දුරම පරිමාණයෙනි. මෙම මෘදුකාංගය මඟින් අනෙකුත් හඳුනා ගැනීමේ කලාප විස්තර කරන අතර ස්වයංක්‍රීයව හඳුනාගැනීමේ ලකුණු වශයෙන් කලාප තුළ ඇති ලකුණු 35 තෝරා ගනී. මෙය අවසන් වූ පසු, හඳුනා ගැනීමේ ලකුණු මත පදනම්ව කුමන කැස්බෑවන් සමීපතම ගැලපීම ඇති දැයි වැඩසටහන මඟින් පෙන්වන අතර පරිශීලකයෙකුට එය කලින් හඳුනාගත් කැස්බෑවා හෝ නව කැස්බෑවකු ලෙසටද සලකුණු කළ හැකිය.

තල්මසුන්, මෝරුන් ඇතුළු වෙනත් විශේෂයන්ගේ හඳුනා ගැනීම් වලටද එම තාක්‍ෂණයම යොදා ගත හැකිය. මෙම තාක්‍ෂණයට විශාල මඩුවන් හඳුනා ගැනීමේ හැකියාවක් ඇතැයි ද සැලකේ.

මුණසිංහ සහ දිමේෂාන් යන පර්යේෂකයින් විසින්විනෝදාංශ කිමිදුම්කරුවන් සඳහාම වන වැඩසටහන් හඳුන්වාදීමේ සැසි කිහිපයකට නායකත්වය දී ඇති අතර ඔවුන්ගේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ඡායාරූප හැඳුනුම් ව්‍යාපෘතියට සහයෝගය දැක්වීම සඳහා කිමිදුම් මධ්‍යස්ථාන ලබා ගැනීමයි.

නමුත් කැස්බෑ හැඳුනුම්පත ව්‍යාපෘතිය ආරම්භ වූයේ මාස කිහිපයකට පසු COVID-19 ආරම්භ වීමත් සමඟ ය. ශ්‍රී ලංකාවේ රජය විසින් 2020 මුලදී රටපුරා අගුලු දැමීමක් සිදු කළ අතර කිමිදුම් මධ්‍යස්ථාන වසා දැමීමත් සමඟ කැස්බෑ හැඳුනුම් ව්‍යාපෘතියට බාධා විය. එතැන් සිට වසර එකහමාරක පමණ කාලය තුළ පොදුවේ සාගර පර්යේෂණ නතර වී ඇත.

කෙසේ වෙතත්, මෑත මාසවලදී, ජුනි මස මුලදී දිවයිනේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ එම්වී එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් පසු, ශ්‍රී ලංකාවේ කැස්බෑවන් සංරක්ෂණය පිළිබඳ දැඩි අවධානයක් යොමු විය. නෞකාවේ නයිට්‍රික් අම්ලය සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළු භාණ්ඩ සහ බංකර ඉන්ධන මෙට්‍රික් ටොන් 378 ක් තිබුණි. එය ගිලා බැස මාස කිහිපය තුළ මුහුදු කැස්බෑවන් 200 කට වැඩි ප්‍රමාණයක් මුහුදු වෙරළේ සහ ඒ අවට මුහුදේදී මිය ගොස් ඇත.

කැස්බෑ සංරක්‍ෂණ ප්‍රයත්නයන් සඳහා දායක වීමේ අදහසින් ඉක්මනින් කිමිදීමට සහ දත්ත සමුදාය යාවත්කාලීන කිරීමට තමා බලාපොරොත්තු වන බව මුණසිංහ පැවසුවාය.

Malaka Rodrigo  විසින් Mongabay  වෙත ලියන ලද In Sri Lanka, biologists and divers build a Facebook for sea turtles නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.