• සංරක්ෂකයින්, පරාගණය සහ එය සිදුකරන මී මැස්සන් වැනි ජීවීන් ගැන පමණක් සැලකිලිමත් බව පෙනෙන්නේ ඇයි?
  • බීජ ව්‍යාප්තිය සෑම අතින්ම වැදගත් වන අතර, ශ්‍රේෂ්ඨතම ශාක විවිධත්වයකින් යුත් අනාගතයක් සහතික කිරීම සඳහා එය ඉතා වැදගත් වේ. මෙම ක්‍රියාකාරකම ‘සතුන් මගින් ප්‍රචාරණය’ ලෙස සැලකෙන අතර මේ සඳහා දායක වන සත්ත්ව විශේෂ රැක ගැනීම සඳහා අපි උත්සාහය ගත යුතුයි.
  • මෙම සටහන විවරණයකි. ප්‍රකාශිත අදහස් කතුවරයාගේ අදහස් මිස මොන්ගාබේ නොවේ.

මෑතකදී සමාජය මී මැස්සන්ගෙන් පරාග ව්‍යාප්ත කිරීම සහ ශාක ජනගහනය පවත්වා ගැනීම සඳහා සපයන විශ්මය ජනක සේවාව ගැන පුදුමයට පත්වී ඇත. බෝග වගාවන් සහ ගෙවත්තේ සිට වනාන්තර දක්වාම වූ සමස්ථ ලෝකයම හරිත ලෝකයක් ලෙස තබා ගැනීමටත් අපව පෝෂණය කිරීමටත් මී මැස්සන්ගෙන් ඉටු වන්නේ විශාල සේවයකි. නමුත් පරාගණයෙන් පසු සිදු වන්නේ කුමක්දැයි සමාජය කතා කරනවා අඩුය.

අප ඇතුළුව බොහෝ සතුන්ට මෙන්ම, ශාකද තම ඉදිරි පරම්පරාවන් දෙමාපියන් සමඟ සඳහටම රැඳී සිටීම ඉවසන්නේ නැත. නමුත් ගැටලුව වන්නේ ඔවුන්ට සංචරණයට නොහැකි වීමයි. එබැවින් ඒ වෙනුවට ඔවුන් සතුන් මඟින්, සුළඟින් හෝ ජලය මඟින් ගමන් කරයි. සෞම්‍ය ශාක වලින් භාගයක පමණ සහ නිවර්තන ශාක වලින් හතරෙන් තුනක් පමණ බීජ ප්‍රචාරණය කරන්නේ සතුන් විසිනි.

ඉතිං, මේ සතුන් කවුද? සෑම කෙනෙකුම පාහේ ප්‍රියතමයන් වන්නේ වවුලන්ගේ සිට වඳුරන් දක්වා වන සතුන් අතර වෘකයන් සහ කැස්බෑවුන් පවා සෑම කෙනෙකුම ප්‍රිය කරන බැවින් ඔවුන්ද යම් ආකාරයක භූමිකාවක් ඉටු කරති. පළතුරු ආහාරයට ගැනීමෙ දී සතුන් බීජ අනුභව කරන අතර, වෙනත් තැනක මලපහ කරන විට ඒවා තැනින් තැනට යයි. එලෙස බීජ ප්‍රචාරණය සඳහා වැඩි දායකත්වයක් දක්වන සතුන් කිහිප දෙනෙක් ගැනයි මේ…

ගුවන් නියමුවන්

පලතුරු පමණක් ආහාරයට ගන්නා කුරුල්ලන් හා වවුලන් බොහෝ දෙනෙක් මෙම කුලයට අයත් වේ. තවද, ඔවුන්ට පියාසර කිරීමට හැකි නිසාත් ඉතා කෙටි කාලයකදී ඔවුන්ට බොහෝ දුර ගමන් කළ හැකි නිසාත් මව් ශාකයන්ගෙන් ඈතට බීජ රැගෙන යයි. හොඳම උදාහරණයන්ගෙන් එකක් නම් මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ මැකෝවන්ය. ඔවුන් විශාල පක්ෂීන් බැවින් විවිධ ප්‍රමාණයේ බීජ ආහාරයට ගත හැකිය. ඔවුන් ඒවා කිලෝමීටර් 1.2ක් (සැතපුම් හතරෙන් තුනක්) දක්වා විසුරුවා හරියි. නැගෙනහිර සහ ගිණිකොනදිග ආසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ දක්නට ලැබෙන ෆ්ලයින්ග් ෆොක්ස් තවත් විශේෂයකි. මොවුන් හිවලුන් ලෙස හැඳින්වුවද ඇත්තෙන්ම වවුලන් වේ. පියාඹන හිවලුන්, බෙදාහදා ගනිමින් ආහාර ගැනීමට අකමැති සත්ත්ව විශ්ෂයක් වන අතර වෙනත් සතුන් තමන් ආහාර ගනිමින් සිටින ගසේ පලතුරු ආහාරයට ගැනීමට පැමිණියහොත් ඔවුන් පලවා හරිනු ලබයි. මෙය ශාකයට නම් ඉතා හොඳ තත්වයකි. මන්ද පියාඹන නරි සාමාන්‍යයෙන් පලතුරක් ඩැහැ ගත් වහාම ආපසු පියාඹා යයි. එවිට මව් ශාකයේ වෙනත් ස්ථානයකදී අතහරිනු බැවින් ඉතා විශාල වපසරියක් පුරා බීජ ව්‍යාප්ත වේ.

ට්‍රැපීසිය කලාකරුවන්

වඳුරන් මෙන්ම සමහරක් සත්ත්ව විශේෂ පලතුරු වලට ඇති ඇල්ම හේතුවන් පළතුරක් දුටු වාහාම ඒ පිළිබඳව තම සමීපතයන් දැනුවත් කරන අතර එම ශාක වෙත පැමිණෙන ලෙසට කැඳවීම් කරයි. ඔවුන් හට එක එක පලතුරු විශේෂ සඳහා ආවේනික වූ ශබ්දයන් ඇත. වඳුරන්, මැඩගස්කරයේ වාසය කරන ලිමරයින් සහ අප්‍රිකාව සහ ආසියාවේ වාසය කරන වානරයන් ඇතුළු සියලුම ප්‍රයිමෙටාවන් බොහෝ විට පලතුරු සහිත ගස් උඩ වාසය කරයි. දෛනිකව ඔවුන් ගමන් කරයි. ඔවුන් ප්‍රිය කරනා පලතුරු ගස් කොහේදැයි ඔවුන්ට මතක තබා ගත හැකිය. ඔරංඔටන් (ඉන්දුනීසියාවේ මහා වානරයා) වැනි සමහර විශේෂ, පලතුරු වර්ග 400 දක්වා ආහාරයට ගනී. එය වනාන්තර නඩත්තු කිරීම සඳහා ඔවුන් සපයන විශාල සේවාවකි.

අමතකවන උයන්පල්ලන් 

ඇතැම් ශාක විශේෂ සමහර සතුන්ගේ දුර්වලකම් වලින් ප්‍රයෝජන ගනී. ලේනුන් සහ අගෞතිස් (මධ්‍යම සහ දකුණු ඇමරිකාව) වැනි සතුන් දිනපතා පලතුරු හා බීජ එකතු කොට වළලමින් තම දවසම ගත කරති. නමුත් ඒවා රැගෙන යාම සඳහා පසුව පැමිණීමට ඔවුන්ට අමතකවේ. නමුත් ඔවුන්ගේ එම අමතක වීම නව ගසක් ඇති කිරීමට හේතු වේ.

පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය

අපි ඒ ගැන සිතීමට අකමැති වුවද, බීජ විසුරුවා හැරීමේ ප්‍රධාන ක්‍රමය වන්නේ සත්ත්ව මලපහය. බීජ සඳහා එය සැමවිටම හොඳ නැත. නමුත්  හවුලර් වඳුරන් (මධ්‍යම සහ දකුණු ඇමරිකාව) වැනි සමහර සතුන් බීජ සිය ගණනක් සිට දහස් ගණනක් එකම තැනට දමති. පිඟානක් තරම් කුඩා ප්‍රදේශයක බොහෝ ගස් වැඩීම කළ නොහැක. එහෙත් ගොම කුරුමිණියන් පැමිණෙන්නේ මෙම ගැටලුවට විසඳුමක් ලෙසය. ඔවුන් ගොම (බීජ ඇතුළුව) එම ස්ථානයෙන් ඉවතට රැගෙන යන අතර එමඟින් ශාක බිජ ප්‍රරෝහනය වී වැඩීමටද ඉඩක් ලැබේ.

දිගු දුර දුවන්නන්

මුවන් සහ අලි ඇතුන් වැනි සමහර විශේෂයන්ට දිනකට කිලෝමීටර් දස දහස් ගණනක් ගමන් කළ හැකිය. ඔවුන් හරහා බීජ විශාල ප්‍රමාණයක් විශාල ප්‍රදේශ පුරා ප්‍රචාරණය කල හැක.

දැන්, මෙම සතුන් කරන්නේ කුමක්දැයි අප දන්නා බැවින්, මී මැස්සන් මෙන් මොවුන්ගේ වැඩ කටයුතු වැදගත් නොවන්නේ ඇයිදැයි යන්න ගැටලුවකි.

තම මව් ශාක යට වැටී සිරවී සිටින බීජ වලට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන අතර ඒවා නොනැසී පැවතිය නොහැක. මව් ශාක මඟින් කුඩා පැල වෙත ලෙඩ රෝග බෝ කරයි. මව් ශාක වලින් කොළ බොහෝමයක් ආහාරයට ගැනීමට පැමිණෙන ශාක භක්‍ෂකයින්ට පහසුවෙන් සම්පූර්ණ පැළයක්ම ආහාරයට ගත හැකි වේ. එපමණක් නොව ආලෝකයද ආවරණය වී වර්ධනයට බාදා ඇති වේ.

පරාගණය වැදගත් වීමට එක් හේතුවක් නම් ශාක ජනගහනයට ජානමය වශයෙන් විවිධත්වයන් පැවතීම නිසා ඔවුන්ගේ පරිසරයේ සිදුවන වෙනස්කම් වලට ඔරොත්තු දීමේ හැකියාව ඇති වීමයි. නමුත් අවට ඇති සියලුම ශාක සම්බන්ධව නම්, මී මැස්සන්ට උපකාර කළ හැක්කේ යම් ප්‍රමාණයක් පමණි.

මේ වන විට අපි සිටින්නේ 6 වන මහා වඳවීමේ අවධියේ ය. වේගයෙන් වඳ වී යන සත්ත්ව විශේෂ පහසුවෙන් දඩයම් කළ හැකි විශේෂ වේ. අවාසනාවකට මෙන්, බීජ ප්‍රමාණයෙන් සෑම ප්‍රමාණයක්ම ආහාරයට ගත හැකි මෙන්ම සෑම දුරකටම බිජ විසුරුවා හැරිය හැකි හොඳම බීජ විසුරුවා හරින්නන් ඔවුන්ය.

ඔවුන් නොමැතිව අපේ වනාන්තර වලට කුමක් සිදුවේද? අවාසනාවකට මෙන්, කුඩා බීජ සහිත පැලෑටි වල වෙනස්කම් අප දැකීමට පටන් ගත්තද, අලිගැට පේර වලට ආදරය කරන සෑම කෙනෙකුටම එය නරකය. නමුත් අප තවමත් එය හරියටම නොදනිමු.

මෙම සත්වයින්ගේ සංරක්‍ෂණයට සහයෝගය දැක්වීම තුළින්, ඔවුන් සපයන මෙම අත්‍යවශ්‍ය සේවාව රැක ගැනීමට ඔබ සහයෝගය දක්වයි.

ඇරික් නෝර්ෆර්ඩ් යනු කොලොම්බියාවේ ඇන්ඩීස් කඳු පාමුල ක්ෂීරපායින් ප්‍රජාවන්ට වාසස්ථාන අහිමි වීමේ හා ඛණ්ඩනය වීමේ හා බීජ ව්‍යාප්තියේ බලපෑම අධ්‍යයනය කරන ස්ටෝනි බෘක් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරිනියකි.

Ariek Norford විසින් Mongabay  වෙත ලියන ලද Seed dispersal is just as important as pollination (commentary) නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.