බැංගලෝර්හි පිහිටි ඉන්දියානු විද්‍යා ආයතනයේ (IISc) පර්යේෂකයන් විසින් කරන ලද නව අධ්‍යයනයක් මගින් දකුණු ඉන්දියාවේ කාවේරි නදියේ, ඇටසැකිලි විකෘතිතා සහ වර්ධන දෝෂ ඇති මාළුන්ගේ ශරීර තුල ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගෙන ඇත.
කර්නාටක ප්‍රාන්තයේ මන්ද්‍යා දිස්ත්‍රික්කයේ, හේමාවතී සහ ලක්ෂ්මණ තීර්ථ යන අතු ගංගා සමඟ කාවේරි ගංගාව එක්වන ස්ථානයට පහළින් පිහිටි ක්‍රිෂ්ණරාජ සාගර් වේල්ලේදී මෙම අධ්‍යයනය සිදු කරන ලදී.
පර්යේෂකයන්, විවිධ ජල ප්‍රවාහ වේගයන් සහිත විවිධ ස්ථාන තුනකින් ජල සාම්පල එකතු කර ඇත. ඒ, වේගයෙන් ගලා යන, සෙමින් ගලා යන සහ එකතැන පල්වෙන ලෙසිනි. එලෙසින් සිදුකර ඇත්තේ ජල වේගය, දූෂක සාන්ද්‍රණයට බලපාන බව දන්නා බැවිනි.
අධ්‍යයනයේ පළමු කොටසේදී, කණ්ඩායම ජල සාම්පලවල භෞතික හා රසායනික පරාමිතීන් විශ්ලේෂණය කළේය. ඒවායින් එකක් හැර අනෙක් සියල්ල නියමිත සීමාවන් තුළට වැටුණි. ව්‍යතිරේකයක් වූයේ, ඔක්සිජන් විසුරුවා හැරි පසු, සෙමින් ගලා යන සහ ස්ථිතික ස්ථාන වලින් එකතු කරන ලද සාම්පලවල ඌනතාවයෙන් යුක්ත වීමය. මෙම ස්ථාන වල ජලයෙහි Cyclops, Daphnia, Spirogyra, Spirochaeta, සහ E coli වැනි ක්ෂුද්‍ර ජීවීන් ද සිට ඇත. ඒවා ජල දූෂණය පිළිබඳ සුප්‍රසිද්ධ ජෛව දර්ශක වේ.
පර්යේෂකයන් වැඩිදුර අධ්‍යයනයන් සිදු කළහ. රමන් වර්ණාවලීක්ෂය භාවිතා කරමින්, ඔවුන් ක්ෂුද්‍ර ප්ලාස්ටික්, බොහෝ විට පියවි ඇසට නොපෙනෙන කුඩා ප්ලාස්ටික් කැබලි සහ සමහර විෂ රසායනික ද්‍රව්‍ය හඳුනා ගත්හ.
අධ්‍යයනයේ දෙවන කොටසේදී, කණ්ඩායම මත්ස්‍යයන්ට ජලයේ ඇති දූෂකවල බලපෑම විමර්ශනය කළේය. ඔවුන් ස්ථාන තුනෙන් එකතු කරන ලද ජල සාම්පල සමඟ සුප්‍රසිද්ධ ආදර්ශ ජීවියෙකු වන සීබ්රාෆිෂ් කළල වලට ප්‍රතිකාර කළ අතර, සෙමින් ගලා යන සහ එකතැන පල්වෙන ස්ථානවල ජලයට නිරාවරණය වූ අයට අස්ථි විකෘතිතා, DNA හානි, මුල් සෛල මියයාම, හෘදයාබාධ, සහ මරණ අනුපාතය වැඩි විය. ක්ෂුද්‍ර ජීවීන් පෙරීමෙන් පසුව පවා මෙම දෝෂ දක්නට ලැබුණි, එයින් ඇඟවෙන්නේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් සහ විෂ රසායන ද්‍රව්‍ය තනිවමද ගැටලු ඇති කරන බවයි.
ක්ෂුද්‍ර ප්ලාස්ටික් මිනිසුන්ගේ රුධිර ප්රවාහයට ඇතුළු විය හැකි බව පෙන්වා දී ඇති නෙදර්ලන්තයේ මෑත කාලීන අධ්‍යයනයක සන්දර්භය තුළ මෙම සොයාගැනීම් වැදගත් වේ. පර්යේෂකයන් සඳහන් කළේ ඔවුන් විසින් වාර්තා කර ඇති දූෂකවල සාන්ද්‍රණය තවමත් මිනිසුන්ට තැතිගන්වන සුළු නොවිය හැකි බවයි. කෙසේ වෙතත්, එහි දිගුකාලීන බලපෑම් බැහැර කළ නොහැක.
ප්‍රශ්නයට නිශ්චිතව පිළිතුරු දීමට ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළු වන්නේ කෙසේද සහ ධාරකයට බලපාන්නේ කෙසේද යන්න තවමත් සම්පූර්ණයෙන් වටහාගෙන නොමැති බව ඔවුන් පෙන්වා දුන්නේය. “මෙය අපි දැන් පෙන්වා දීමට කිරීමට උත්සාහ කරන දෙයක්”, විද්‍යාඥයින් උපුටා දක්වමින් ආයතනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.
අධ්‍යයනය මෙහෙයවනු ලැබුවේ අණුක ප්‍රජනනය, සංවර්ධන සහ ජාන විද්‍යා දෙපාර්තමේන්තුවේ (MRDG) මහාචාර්ය උපේන්ද්‍ර නොංතොම්බ විසිනි.
India Science Wire විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Microplastics detected in fish samples from Cauvery නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.
Comments are closed for this post.